IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


බිඳුණු යුගදිවිය

 

විප්ලවය ජය ගැනීමෙන් පසුව ජියැන්ග් ලෙහෙසියෙන් සතුටට පත්කළ නොහැකි අයෙක් බවට පත්විය. හැම උදෑසනකම වාගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇයට අනිවාර්යයෙන්ම සුබ පැතිය යුතුවිය. “ජියැන්ග් කුයින් සහෝදරිය ඊයේ රාත්‍රියේ හොඳින් නිදා ගත්තද?” කවුරුන් හෝ ආරක්ෂකයෙක් ඇගෙන් එලෙස ඇසීමට අමතක කළහොත් ඒ දවසේ ඉතිරි කොටස ඔහුට ගතකරන්නට සිදුවන්නේ නොසලකා හැරි අයෙකු විලසිනි.


ජියැන්ග් සාමාන්‍යයෙන් ඇගේ උදේ ආහාරය ගත්තේ ඇඳේ සිටමය. ඇගේ ඇඳේ එක් කෙළවරක ඇයට වාඩිවිය හැකි ලෙසට උස්ව සකසා තිබුණි. උදෑසන අවදිවී තෙත තුවායකින් මුහුණ පිසදාගෙන මුව සෝදාගත් පසු ආහාර තැබු කුඩා fමිසයක් ඇය ඉදිරියේ තබයි. සමහර දෙනෙක් මෙලෙස ආහාර ගන්න අයුරු ඇතැම් ඉංග්‍රීසි චිත්‍රපට වල මම දැක ඇත්තෙමි.


අසනීප තත්ත්වයෙන් පසු නොවුණ හැම අවස්ථාවකදිම ජියැන්ග් හොඳින් කෑම කෑවාය. පාන්, හුමාලයෙන් රත්කළ බනිස්, බටර්, තැම්බූ එළව`එ, ලුණු දමා තම්බන ලද ඇට වර්ග වලින් ඇගේ උදේ කෑම වේල සමන්විතවිය. ඇතැම් අවස්ථාවලදි ඇය මුදවන ලද සෝයා කිරි ද ඉල්ලීය. ඇය කිරි පානය කළේ කලාතුරකිනි. මුදු කෑමක් ලෙස ඇය බත් කැඳ ආහාරයට එක්කර ගත්තාය.


ඇගේ මධ්‍යහ්න ආහාර වේල ස්ථිර කෑම වර්ග කිහිපයකින් සමන්විත විය. ඊට අයත් ඇගේ ප්‍රියතම ආහාර වූවේ සිහින් කටු සහිත මාළු සහ මස්ය. තුනපහ දැමු කාප් මාළුවලටද ඇය ප්‍රිය කළාය. මැකරල් මාළු ඇය කැමති කෑමක් වුව ද ඒවා ස්ථිර කෑම වට්ටෝරුවට අයත් නෙවිණි. වඩාත් වියදම් අධික ෂාඞ් කෑම වර්ගය ද ඇය නිතරම පාහේ ආහාරයට ගත්තාය. ජියැන්ගේ දිවා හා රාත්‍රී ආහාර වේල් සඳහා අනිවාර්යයෙන්ම මාළු ඇතුළත්යුතු විය.


පරවියෙකුට වඩා ලොකු නොවූ කුකුල් පැටවුන්ගේ මස් ජියැන් තවත් ප්‍රියකළ ආහාරයක් විය. ඌරු ඉල ඇට යොදා සැදූ සුප් හෝ මාළු සුප් ඇගේ ආහාරයට ඇතුළත් විනි. නිවිති, අබ කොළ සහ අමරනාත් ඇය කැමතිම කොළවර්ග විය. ඇය අසනීප තත්ත්වයෙන් පසුවුවහොත් ආහාරයට ගැනීමේ පහසුව තකා ඒවා පිළියෙල කළේ තලප ලෙසිනි. ඌරු තෙල් වලට ඇය කැමති නොවීය. ඇගේ ආහාර පිසුවේ එළව`එ තෙල් වලිනි. සිහින්ව ලියන ලද මස් හා හතු බිම්මල් ද ඇතැම්විට ඇගේ ආහාරයට ඇතුළත් විය.


ඇගේ තත්ත්වයේ සිටින කාන්තාවන් අනුව බැලුව හොත් ජියැන්ගේ දිනපතා කෑම වට්ටෝරුව සීමාව ඉක්මවා නොගිය එකකි. ඇතැම්විට එය බොහෝ සරල විය. ප්‍රශ්නය වුවේ මේ කිසිවක් නොව, ඇය පිනවන ලෙස කෑම පිළියෙල කිරිමය. ඇගේ රස නහර තෘප්තිමත් කිරිම කිසිදු කෝකියෙකුට කළ නොහැකිවු අතර එය කළ හැකි වුවේ මාවෝ ගේ කෝකියා වු ලියෝ බින්ග්ෆූ ට පමණකි.
පෙනුන හැටියට ජියැන්ග් පෝෂණ විද්‍යාව පිළිබඳ බොහෝ දේ කියවා තිබුණි. මේ අනුව ඇය තමාගේ ආහාර ගැන වඩාත් උනන්දුවක් දැක්වුවා සේම මාවෝ ගේ ආහාර වට්ටෝරුව වෙනස් කිරිමට ද සෑහෙන වෙහෙසක් දැරුවාය. නමුත් මාවෝ මෙම කාරණයේදි අනුගමනය කළේ ඉක්මනින් වෙනස් නොවන ප්‍රතිපත්තියකි. ඔහු ඇයට පමණක් නොව ඔහුගේ වෛද්‍යවරයාට පවා සවන්දීම ප්‍රතික්ෂේප කළේය. ඔහු වඩාත් කැමති වූවේ ජියැන්ග් වඩාත් අකමැතිදේටය. ඔහු උණුසුම්, ලුණු සහිත කෑම ප්‍රිය කළේය.

ඔහු කැමති ඉස්ටු දැමු ඌරුමස් තෙල් සහිත විය යුතුය. මේ කාරණයේදි ජියැන්ගේ වැරැද්දක් කිව නොහැකිය. මාවෝ ගේ මේ කෑම සම්බන්ධයෙන් ඇගේ බලකිරිම, මාවෝ ඇය සමග එක හැළියේ කෑම නතරකිරිමට හේතු කාරණයක් වු බව මා සිහිපත් කරන්නේ කනගාටුවෙනි. (මේ සම්බන්ධයෙන් මිට පෙර මෙම ලිපි පෙළේ විස්තර සඳහන්කර තිබුණි.) විවාහක යුවළක් මෙලෙස එකිනෙකාගේ ආහාර බෙදා හදා ගැනිම ප්‍රතික්ෂේප කිරිම යනු ඔවුන්ගේ විවාහය බිඳ වැටීමේ ලකුණකි.


මා කලින් සඳහන් කළ පරිදි ජියැන්ග් නොවෙනස්වන පුරුදු සහිත හැසිරිම් රටාවකට ඇබ්බැහි වු කෙනෙක් පරිදි, ප්‍රධාන හමුදා මෙහෙයුම් තුනක් අතරතුරදි පවා ඇගේ වැඩ සැලැස්මේ සහ විවේකයන්හි කිසිදු වෙනසක් කිසිදා සිදු නොකළාය. මාවෝ සිටියේ මිට වඩා වෙනස්ම වැඩසටහනකය. එනම් ඔහුගේ වැඩදිනය දිනකට පැය විසි අටකි. එහි ප්‍රතිඵලය වූවේ මාවෝ වැඩකරන විට ජියැන්ග් නින්දේ පසුවීමය. ජියැන්ග් අවදිවන වේලාව මාවෝ ගේ සන්ධ්‍යා ආහාර ගන්නා වේලාවය. එකම වේලාවක ඔවුන් නිදාගත්තේ කලාතුරකිනි. මාවෝ ට යම් වැඩක් යෙදී තිබුණහොත් ඔහු නිදි නොලබා දින කිහිපයක්ම එක දිගට වැඩ කළේය.


ආරියනන්ද දොඹගහවත්ත



අදහස් (0)

බිඳුණු යුගදිවිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 617 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17575 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site