IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ අලුත් පිම්ම

 

“මට බය වෙන්න එපා,මට බය මං කවුරුදැයි නොදන්න අයයි.. මං පැවසූ බොහෝ දේවල්, බොහෝ අය වැරදියට තේරුම් අරගෙන, ඇමෙරිකාව දෙකඩ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ.” මේ නපුරු පුද්ගලයෙකුගේ හෝ රාස්සයෙකු ගේ හඬ නොවෙයි. මේ අපේ කථානායකයාගේ හඬයි.


ඔහු ජනාධිපති අපේක්ෂ්කත්වය දිනනු ඇතැයි කිසිවෙකුවත් අපේක්ෂා කළේ නැත. එහෙත් ඔහු එය දිනාගත්තේය. ඔහු කිසිවිටෙකවත් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වනු ඇතැයි අපේක්ෂා නොකළ නමුදු “ලෝකයටම ලොක්කා” යැයි විරුදාවලිය ලත් ඇමෙරිකා එක්සත් ජනපදයේ හතළිස් පස්වැනි ජනාධිපතිවරයා  වශයෙන් තේරී පත්වූයේය.


වරෙක ඔහු විචක්ෂණශීලි ව්‍යාපාරිකයෙකි. වරෙක පෙරළිකාර සමාජ චරිතයකි.වරෙක කලා ශිල්පියෙකි. මේ සියල්ල මැද්දේ ඔහුගේ නවතම නවාතැන්පොළ වී ඇත්තේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම ඵල භුක්ති විඳින ධවල මන්දිරය හෙවත් ඇමෙරිකා ජනාධිපති නිල මැදුරය. මේ සියල්ල විවිධ කැපකිරීම් මැද ලබා ගත් ඔහු නමින් ඩොනල්ඞ් ජෝන් ට්‍රම්ප් ය.


සියලු ජනමත විමසුම්කරුවන් හා අනාවැකිකරුවන්ගේ ප්‍රකාශයන් බිඳ දමමින් ලොව බලවත්ම පුටුවට පැමිණි ඔහුට එම තනතුරේ කටයුතු කිරීමේ පෙර පුහුණුවක් නොවීම ඔහුට එම ගමනට කිසිදු බාධාවක් නොවීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සියලු ආර්ථික හා දේශපාලන බලවේගයන් හි අවශ්‍යතාව ඔහු නොවන අවස්ථාවක ලොව බලසම්පන්න නායකත්වයට හැත්තෑ හැවිරිදි මේ වයෝවෘද්ධ “තරුණයා”ගේ ආගමනය මවිතයක් ගෙන දෙන්නක්ම විය.


මන්ද ඔවුන්ගේ අපේක්ෂාව වූයේ වසර හතළිහකට වැඩි දේශපාලන පළපුරුද්දක් ඇති හිලරි ක්ලින්ටන් හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම්වරිය වන ක්ලින්ටන් මහත්මිය එරට ඩිමොක්‍රටික් පක්ෂයෙන්  ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය කරවන්නටය. ලොව සමස්ත “ලිබරල්” රටවල් හි අපේක්ෂාව වූයේ ඇයමය. මේ සියලු බලවේග වලට දැන් තමන් කිසිසේත්ම අපේක්ෂා නොකළ පුද්ගලයෙකු ලොව ප්‍රබල රාජ්‍ය නායකයා බවට පත්වීමේ අහඹුව ඇමෙරිකාව මෙන්ම සමස්ත ලෝකයම අත්විඳිමින් සිටින්නේය.


ඩොනල්ඞ් ට්‍රම්ප් නැමැති අතිශූර ව්‍යාපාරිකයා ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා බවට පත්වීමේ පශ්චාත් මරණ පරීක්ෂණයන් පැවැත්වෙමින් තිබෙන්නේ අති පාරිශුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි කියන ඇමෙරිකාවේ බහුතරයක් දෙනා ට්‍රම්ප් විරෝධීන් ලෙස පාරට බැසීමත් සමඟය. සිදුව ඇත්තේ දැඩි වෙනසකි. සමහරුන්ට එය බියකරු හැඟීමකි. එහෙත් ඇමෙරිකා ජාතිකයින් හා  ලෝකයා යථාර්ථයට මුහුණදිය යුතු කාලය එළැඹ ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරණය ගැන පළ වූ බොහෝ ජනමත සමීක්ෂණ වාර්තා බොරු කරමින් සහ මීළඟ ජනාධිපති කාන්තාවක බවට බොහෝ ජනමාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු විවිධ ප්‍රවාදයන් බිඳ දමමින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ජෝන් ට්‍රම්ප් ජයග්‍රහණය කළේය. 


ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා වශයෙන් එලැඹෙන ජනවාරි මාසයේදී ඔහු රාජකාරි ඇරඹීමට නියමිතය. ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂිතම කාරණය වන්නේ ඔහු දේශපාලනඥයකු නොවීමය. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර දේශපාලනය හෝ පරිපාලන තන්ත්‍රය පිළිබඳ ඔහුට කිසිදු අත්දැකීමක් නොතිබීමද මැතිවරණ ව්‍යාපාරයේදී ක්ලිටන් මහත්මිය ප්‍රමුඛ ප්‍රතිවාදීන් මතු කළ කාරණයකි.


එහෙත් දේශපාලනයේ මෙන්ම පරිපාලන තන්ත්‍රයේ යේද අත්දැකීම් බහුල හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙනුවට අමෙරිකානු ජනතාව තෝරා ගත්තේ ඩොනල්ඞ් ට්්‍රම්ප්ය. ඇතැම් දේශපාලන විචාරකයන් පවා පවසන අන්දමට මේ ප්‍රතිඵලය නැතහොත් මේ තෝරාගැනීම විශ්මය ජනකය, අනපේක්ෂිතය. එහෙත් මෙම ප්‍රතිඵලය මඟින් ඇමෙරිකානුවන් තමන් තුළ වසර ගණනාවක් තිස්සේ කැකෑරෙමින් පැවැති පීඩනය සහ කෝපය මුදාහැර ඇති බව පැහැදිලිය.


ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට පත්වූයේ ආසන 288ක් හිමි කර ගනිමිනි. ප්‍රතිවාදි ක්ලින්ටන් මහත්මියට හිමිවූයේ ආසන 215ක් පමණි. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ 277 ආසන සංඛ්‍යාවද ඉක්මවා දිනා ගත්තද අවසාන මොහොත වනතුරුත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අවිනිශ්චිත වූයේය. පෙන්සිල්වේනියා ජනපදය රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් ට්‍රම්ප් ගේ ජය තහවුරු විය.


ඇමෙරිකාවේ ව්‍යවස්ථාදායකය සෙනෙට් මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දෙකෙහිද බහුතර බලය දැන් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුය.


තම අභිමානය පෙරදැරි කරගනිමින්, ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨත්වයට පත් කරලීමේ අරමුණෙන් ඇමෙරිකානුවන් විසින් තෝරා ගත් සිය ජනාධිපතිවරයා වන ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇත්තේ මහත් අභියෝග රැසකි.


ජනාධිපති සිහිනය සැබෑ කර ගැනීමට මත්තෙන් පැවති මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී බදු වංචාකාරයෙක්, කාන්තාවන්ට නිගරු කරන්නෙක්, ගැහැනු සොඬෙක් යැයි පබැඳුණු ට්‍රම්ප් සිය දැක්මෙන් ලෝකෙට ලොක්කා වූ ඇමෙරිකාව මෙහෙයවන්නේ කෙසේදැයි ලොවම බලාහිඳී.


සමස්ත අමෙරිකාව පුරා පවතින අර්බුද රැසක් හා බරපතළ කලකිරීම් මැද ඉකුත්දා පැවති එරට ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණ ළංකර ගත් ඒ අතිශූර ඇමෙරිකා ව්‍යාපාරිකයාගේ ධවල මන්දිරය කරා ගිය ගමන තීරණය කරනුයේ එරට වැසියන්ම වීම ට්‍රම්ප්ද අමතක නොකළ යුතුයි.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

ට්‍රම්ප්ගේ අලුත් පිම්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site