IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගෙන් සැබෑ වෙනසක්

 

තමන්ගේ ජනපති ගැන ඇමෙරිකානුවන්ට ආඩම්බර විය හැකි පරිදි ධුරයේ කටයුතු කරන බවද ට්‍රම්ප් සිය ධූරය බාර ගනිමින් සිදු කළ පළමු කතාවේදී කීවේ සැබෑ වෙනසක් කිරීමට සූදානම් බව ඉඟි කරමිනි. ලෝක ප්‍රජාවට ඔහු ලබාදුන් පණිවිඩයද වැදගත්ය. 
සෑම ජාතියක් සමගම සමානව කටයුතු කිරීමට, ගැටුම් ඇතිකර නොගෙන ක්‍රියා කිරීමට ඇමෙරිකාව සූදානම් බව ඔහුගේ අදහසය. මෙතෙක් අප වැනි රටවල් සම්බන්ධයෙන් මානව හිමිකම් ආදී කාරණා මුල්කරගනිමින් ඇමෙරිකාව බැලූ දෘෂ්ටිකෝණය ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ යම් වෙනසකට බඳුන් වේ යැයි අපේක්ෂා කළ හැකිය.

 


වෙනසක් ඇතිකිරීම
රිපබ්ලිකන්, ඩිමොක්‍රටික් පක්ෂ දෙකෙන් කවරක් බලයට පත්වූවද අමෙරිකානු දේශපාලනයේ හෝ ඔවුන්ගේ ආරක්ෂක විදේශ ප්‍රතිපත්තීන්ගේ විශාල වෙනසක් සිදුවන්නේ නැත. එහෙත්, දේශපාලනඥයකු නොවන ට්‍රම්ප්ට අවශ්‍යනම් යම් වෙනසක් කළ හැකිය. ඔබාමාගේ වෙනස මෙන්ම ට්‍රම්ප්ගේ වෙනස ද වචන ගොඩක් පමණක් වේ දැයි ඉදිරි වසර දෙක, තුන තුළ දැකගත හැකියි.
ට්‍රම්ප් 2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම ආරම්භ කළ නමුත් පසුව එයින් ඉවත් විය. කෙසේ වුවත් 2015 ජූනි 16 දින ට්‍රම්ප් විසින් තමා 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් ලෝක දේශපාලන කරළිය තුළ කථාබහට ලක්වන චරිතයක් බවට පත්විය.


ට්‍රම්ප් පිළිබඳ බොහෝ දෙනා අවධානය යොමු කරන ලද්දේ ඔහුගේ ඇතැම් මතභේදාත්මක අදහස් හේතුවෙනි.


එනම් භ්ත්‍ඕ සහ ඔඡඡ වැනි වෙළඳ ගිවිසුම්වලට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීම, එක්සත් ජනපද හා මෙක්සිකෝ මායිම ඔස්සේ ප්‍රාකාරයක් ඉදිකිරීම මඟින් ආගමනය බලාත්මක කිරීම, භ්ත්‍ඕ සහ එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ ගිවිසුම් සාධාරණ ලෙස නැවත ගිවිස ගැනීම, සෙබළු‍න්ට සත්කාර කිරීමේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීම, ඡඡ්ක්‍් නැමැති සෞඛ්‍ය සත්කාර සම්බන්ධ ෆෙඩරල් ආඥාපනත අහෝසි කර ඒ වෙනුවට වෙනත් සෞඛ්‍ය ආඥපනතක් ගෙන ඒම මෙන්ම බදු කප්පාදු කිරීම වැනි ආන්දෝලනාත්මක අදහස් හේතුවෙන් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාරය ජනතාව අතර වඩාත් අවධානයට ලක්විය. එසේම ෂීෂී සංවිධානය වහා පරාජයට කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවද ඔහු විසින් අවධාරණය කරන ලදි.


එමෙන්ම මුස්ලිම් ජාතිකයින් පිළිබඳ ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශ ද බොහෝ මතභේදයට ලක්විය. ඒ අනුව මුස්ලිම් ජාතිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණීම වහාම නතර කළයුතු බවට ට්‍රම්ප් විසින් සිදු කළ ප්‍රකාශය එවැන්නකි. කෙසේ වුවත් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සාධාරණීකරණය කරන ලද්දේ මුස්ලිම්වරුන්ගෙන් වැඩි පිරිසක් අමෙරිකාව කෙරෙහි වෛරී ආකල්පයක් දරන බැවින් ඇමරිකානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුස්ලිම් ජාතිකයන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කළ යුතු බවය.


එහෙත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ ධවල මන්දිරය නිවේදනය කරනු ලැබුවේ එම ප්‍රකාශය අමෙරිකානු ජනතාවගේ සිතුම් පැතුම්වලට මුළුමනින්ම ප්‍රතිවිරෝධී අදහසක් වන බවය. එමෙන්ම මෙවැනි මුස්ලිම් විරෝධී ප්‍රකාශ හේතුවෙන් ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම්වල අපේක්ෂාවන්වලට සුබවාදී ඔසවා තැබීමක් ලැබෙන බව පෙන්ටගනය විසින් ද අවධාරණය කරන ලදි. මේ පිළිබඳ ප්‍රකාශ වූ අදහස් අනුව මෙම ප්‍රකාශය රිපබ්ලිකන් පක්ෂයේ අදහසක් නොවන බව ද ප්‍රකාශ විය.


ට්‍රම්ප්ගේ ආන්දෝලනාත්මක ක්‍රියාකලාපය හේතුවෙන් බි්‍රතාන්‍යය තුළ පවා ඔහු දෝෂ දර්ශනයට ලක් විය. ඒ අනුව ට්‍රම්ප්ට එරටට ඇතුළුවීමට අවසර නොදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සමකට බි්‍රතාන්‍යයේ එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් අත්සන් තබා තිබුණි. එසේම බි්‍රතාන්‍ය දේශපාලනය තුළ කැපී පෙනෙන උග්‍ර දක්ෂිණාංශිකයෙකු වන නයිජල් ෆෙරාජ් පවසා තිබුණේ ඩොනල්ඞ් සීමාවන් ඉක්මවා ගොස් ඇති බවය.


කෙසේ වුවත් කවර විරෝධතා පැමිණිය ද ට්‍රම්ප් හිලරි ක්ලිංටන් පරාජයට පත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරණය ජය ගෙන සිය ජීවිතයේ වඩාත් තීරණාත්මක කාල පරිච්ඡේදයට අවතීර්ණ වී තිබේ. 


සමස්ත ලෝකයේම අවධානය ඇමරිකාව වෙත එල්ල වී ඇති මෙම අවස්ථාව අමෙරිකානු දේශපාලනය තුළ මෙන්ම ලෝක දේශපාලනයේ ද අතිශය තීරණාත්මක අවස්ථාවක් වන බව පැවසිය හැකිය. එබැවින් ට්‍රම්ප් සැබැවින්ම අමෙරිකාව හා ලෝකය උඩුයටිකුරු කරනු ලබන චරිතයක් බවට පත් වේවිද යන්න තීරණය කිරීමට කාලයට ඉඩදී බලා සිටිය යුතුය.


ට්‍රම්ප් ගේ ලෝකයෙන් තවත් කොටසක් ලබන සතියට....

තිළිණි ද සිල්වා



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් සැබෑ වෙනසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 617 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17575 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site