IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කොළොම්බියාවේ අලුත් තරුව ඉවාන් ඩුකේ

දශක හයකට ආසන්න කාලයක් තිස්සේ ගරිල්ලා කැරලිකරුවන් සමඟ නොවිසඳුණ අර්බුදයක් රටපුරා වෙළා ගනිමින් සිටියදීත්, රටේ දූෂණ වංචා නැවැත්වීමටත්, දිළිඳු බව නැති කිරීමටත් දායකවන බව පවසමින් රටේ බහුතර අභිමතයෙන්  කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉවාන් ඩුකේ ඉකුත් අගෝස්තු 8 දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීමත් සමඟ එරට එදා මෙදා තුර බිහිවූ ළාබාලතම ජනාධිපතිවරයා වන්නේ තවමත් 41 හැවිරිදි වියේ පසුවන ඩූකේය.


කොලොම්බියාවේ, බොගෝටාහි බොලීවියා චතුරස්‍රයේ පැවති ඒ දිවුරුම් දීමේ උත්සවයේ දී  ඩූකේ රට එක්සත් කිරීමට හා ආර්ථික වර්ධනයට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබා දුන්නේය. පසුගිය ජුනි මස පැවැති ජනාධිපතිවරණයේ දී වාමාංශික අපේක්ෂක ගුස්ටාවෝ පෙට්රෝ සමග තියුණු තරගයකින් පසුව හෙතෙම කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් විය.


පසුගිය ජුනි මාසයේ දී පැවති මැතිවරණයෙන් සියයට 54ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් නව කොළොම්බියා ජනාධිපතිවරයා ෆාක් කැරලි කණ්ඩායම සමඟ ඇතිකරගෙන තිබෙන සාම ගිවිසුම වෙනස් කිරීමට කටයුතු කරන බවට එහිදී පොරොන්දු විය.


රටේ දූෂණ වංචා නැවැත්වීමටත්, දිළිඳුබව නැති කිරීමටත්, ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දිවුරුම් දීමෙන් පසු ජාතිය අමතමින් ඩූකේ ප්‍රතිඥා දුන්නේය. ජනාධිපති ඩූකේ නියෝජනය කරනු ලබන්නේ එරට ඩිමොක්‍රටික් පක්ෂයයි. ජනාධිපතිවරණයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ වාමාංශික අපේක්ෂක ගුස්ටාෆ් පෙට්රෝය. වෘත්තීයෙන් නීතිඥවරයෙකු වූ ඉවාන් ඩූකේ ෆාක් ගරිල්ලන් සමඟ පවතින අර්බුදයට දේශපාලනමය සාම විසඳුමක් ලබා දීමට පොරොන්දු වී ඇත. දශක හයක දරුණු අවි ගැටුම්වලින් පසු 2016 වසරේ සිට තවමත් ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියා රජය අතරේ මේ වනවිට සාකච්ඡා පැවැත්වීම එසේ පැවසීමට හේතු වී ඇත.


මේ දශක ගණනාවක පසුව ඇතිවූ සාම සාකච්ඡා සඳහා ගරිල්ලන් කැමැති කර ගත්තේ ධුරයෙන් ඉවත් වුණු ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ය. සැන්ටෝස්ට ඒ වෙනුවෙන් එම වසරේ නොබෙල් සාම ත්‍යාගය ද හිමිවිය. ධුරයෙන් සමුදෙන අවස්ථාවේ දී සැන්ටෝන්, නව ජනාධිපති ඩූකේගෙන් ඉල්ලීමක් කළේ එම සාම ගිවිසුමට ගරු කරන ලෙසය.


බලයට පත් වූ වහා ඩූකේ මහත් අර්බුදයකට මුහුණ පෑවේය. ඒ අල්ලපු රටේ නායකයාගේ ක්‍රියාවක් නිසාවෙනි. වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ ඝාතන තැතක් පසුගියදා සිදුවිය. ඒ පුපුරණ ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා යොදා ගනිමිනි. එම ඝාතන සැලැස්ම අසාර්ථක විය. තමා ඝාතනය කිරීමට උත්සාහ ගත්තේ වෙනිසියුලා විපක්ෂ ක්‍රියාකාරීන් යැයි ජනාධිපති මදුරෝ චෝදනා කළේය. එම විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දෙන්නේ කොළොම්බියාව සහ කොලොම්බියා ජනාධිපති බවත්  ජනාධිපති මදුරෝ චෝදනා කරයි.


42 හැවිරිදි වියෙහි පසුවන ඩූකේ දරු තිදෙනකුගේ පියෙකි. ඔහු බිරිඳ යුලියානා රුවීස් සහ දියණියන් දෙදෙනා සහ පුතු සමඟ නිල ඡායාරූපයකට ද පෙනී සිටියේය. එම නිල ඡායාරූපය මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.


 

කොළොම්බියාවේ ජනපති ධුරයට පත්වුණු ළාබාලතම තැනැත්තා ලෙස සැලකෙන්නේ ද ඩූකේය. ඩූකේ සමඟ ඔහුගේ පක්ෂයෙන් ජනපතිවරණයට පිවිසි මාර්තා ලුසියා රමීරේස් උප ජනපති ධුරයේ දිවුරුම් දුන්නාය. කොලොම්බියාවේ උප ජනාධිපති ධුරයට කාන්තාවක තේරී පත් වුණු පළමු අවස්ථාව මෙයයි.


පසුගිය ජුනි මස නව ජනාධිපතිවරයා ලෙස තේරුණු ඉවාන් ඩියුකේ ඊයේ සිය ධූරයේ දිවුරුම්දීමෙන් පසුව පවසා ඇත්තේ එක්සත් කොළොම්බියාව ගොඩනැගීමටත් ආර්ථික සංවර්ධනය ළඟාකිරීමටත් සිය ධූරයේ කාලය කැප කරන බවය.


හිටපු ජනාධිපතිවරයෙකු වන ඇල්වරෝ උරුබිගේ අනුප්‍රාප්තිකයකු ලෙස කටයුතු කළ  ඉවාන් දක්ශිණාංශික දේශපාලනඥයෙකි. බලයෙන් ඉවත්ව යන හිටපු ජනාධිපති ජුවාන් සැන්ටෝස් හා කොලොම්බියානු ගරිල්ලා සංවිධානය වන ෆාර්ක් සංවිධානය අතර සාම ගිවිසුමක් අත්සන් කළ ද ඉවාන් ඩියුකේ එයට එරෙහිව කටයුතු කළ අයෙකි.


එම සාම ගිවිසුම පිළිබඳව පැවැති ජනමත විචාරණය ද පරාජයට පත්වීම හේතුවෙන් සාම ක්‍රියාවලිය පිළිබඳව ද අවිනිශ්චිත තත්ත්වයක් උදාවී තිබෙන බව දේශපාලන විචාරකයන් අදහස් පළකරති.


ෆාක් ගරිල්ලන් සමඟ පවතින අර්බුදයට දේශපාලනමය සාම විසඳුමක් ලබා දීමට ඉවාන් ඩූකේ පොරොන්දු වී ඇත. දශක 6 ක දරුණු අවි ගැටුම්වලින් පසු 2016 වසරේ සිට තවමත් ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියා රජය අතරේ සාකච්ඡා පැවැත්වෙයි.


ඩූකේ එම ඉල්ලීමට ගරු කරාවිද නැත්ද? යන්න ගැන දැන ගැනීමට හැකි වන්නේ ඉදිරි පස් වසරක කාලය තුළ දීය.

 

 


තිළිණි ද සිල්වා


ඡායාරූප : අන්තර්ජාලයෙනි.



අදහස් (1)

කොළොම්බියාවේ අලුත් තරුව ඉවාන් ඩුකේ

amila Friday, 21 September 2018 01:42 PM

මගේ උණුසුම් සුබ පැතුම්. ලස්සන පවුලක්

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site