IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘ඔහු හැමදෙනෙක්ම මරා දමන නායකයෙක් ’’

ටෘහිලෝ උපායශීලිව සිය හමුද_ා ප‍්‍රධානියා මරණයට පත් කළ අන්දම අසා සිටි මම මෙසේ ඔහු ආරක්ෂා කිරීමට වෑයම් කළෙමි.
‘සමහරවිට ටෘහිලෝ හිතන්න ඇති ජෙනරාල්වරයා වෙන කෙනෙකුගෙ බිරියක් එක්ක ඒ වගේ පටලැවිල්ලක් හදාගත්තු එකක වැරදියි කියලා’ සිනිටා සුසුම් හෙළනු මට ඇසිණ. තීරණයක් ගන්න කලින් තව ටිකක් ඉවසන්න යි ඈ පැවසුවාය.


ටෘහිලෝ හමුදා ප‍්‍රධානියා වීමෙන් පසුව ඔහු පැරණි ජනාධිපතිවරයාට අකමැති මිනිසුන් කිහිප දෙනෙකු හා කතා කරන්නට පටන් ගෙන ඇත. එක් රාත‍්‍රියක මෙම මිනිසුන් මාලිගාව වටලා මහලූ ජනාධිපතිවරයාට ඉවත්ව යන ලෙස පවසා තිබේ. මහලූ ජනාධිපතිවරයා සිනාසී ඔහුගේ යහපත් මිත‍්‍රයා, යුද හමුදා ප‍්‍රධානියා කැඳවා ඇත. නමුත් ටෘහිලෝ පැමිණ නැත. මහලූ ජනාධිපතිවරයා හිටපු ජනාධිපති වී ගුවන් යානයක නැඟී පුවටෝරිකෝව බලා යන තුරුම ටෘහිලෝ පැමිණ නැත. අනතුරුව මාලිගය වටකර සිටි මිනිසුන් විමතියට පත් කරමින් තමා ජනාධිපති වන බව ටෘහිලෝ ප‍්‍රකාශ කර තිබේ. ‘එය නිවැරදි නැති බව කවුරුත් ඔහුට කියල නැද්ද?’ මා විමසුවේ දැන ගැනීමටය.
‘ලොකුවට කට ඇරපු කාටවත් වැඩිකල් ජීවත් වෙන්න ඉඩ ලැබුණෙ නැහැ’ සිනිටා පැවසුවාය. මං ඔයාට කියාපු මගේ මාමලාට වුණේ ඒකයි. ඊළඟට තවත් මාමලා දෙන්නෙක් ඊළඟට මගෙ තාත්තා’ සිනිටා යළි වැලපෙන්නට වූවාය. ‘ඊළඟට පසුගිය සරත් කාලෙදි ඔවුන් මගේ සහෝදරයා මරා දැමුවා’

 

 

මගේ උදරයේ රිදුම යළි ඇරඹුණි. සමහර විට එය එලෙසම තිබෙන්නට ඇති නමුත් සිනිටා සැනසීමට වෑයම් කිරීමේ දී මට එය අමතකව තිබිණ.


‘නවත්වන්න කෝ’ මම ඇයට ආයාචනා කළෙමි ‘මට දැනෙන්නෙ මාව උඩ විසිවෙන්න යනව වගේ’


‘මට බැහැ’ යි ඈ පැවසුවාය.


සිනිටාගේ කතාව පිටතට වැහිරුණේ කැපුමකින් රුධිරය වෑහෙන අයුරිනි.


මෙම ගෙවී ගිය සරත් සමයේ ඉරු දිනක ඇගේ පවුල දේවස්ථානය කරා යමින් සිටියහ ඇගේ මුළු පවුලම යන්නෙන් අදහස් වූයේ සිනිටාගේ වැන්දඹු නැන්දණියන් හා ඇගේ මවත්. ඥාති සොයුරියන් පිරිසක්ය. මේ මුළු පවුලටම සිටි එකම පිරිමි දරුවා සිනිටාගේ සොහොයුරා වූ ජොසේ ලූවිස්ය. ඔවුන් යන හැමතැනකම ගැහැනු ළමෝ ඔහු වටකරගෙන ගමන් කළහ. තම පියා හා මාමාවරුන් මැරූ පළිය ගන්නා බවට ඔහු කියන්නට පටන් ගෙන තිබූ අතර ටෘහිලෝ ඔහු පසු පස එන බවට නගරය පුරා කටකතා පැතිරුණි.


 

ජූලියා අල්වාරෙස් :න්‍මකස් ්කර්රු‘* නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද ෂබ එයැ එසපැ දෙ ඉමඑඑැරසෙැි කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000* ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැුබල් සොයුරියක් ඇසුරින් ෂබ එසපැ දෙ ඊමඑඑැරසෙැි කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි‍්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ.

පස්වැනි කොටස.

 



ඔවුන් දේවස්ථාන චතුරශ‍්‍රය වෙත ළඟා වත්ම ඔවුන්ට ලොතරැුයි ටිකට් පතක් විකිණීම සඳහා වෙළෙන්දෙක් පැමිණියේය. ඔහු හැමවිටම ටිකට් පත් ලබාගත් මිට්ටා වූයෙන් ඔවුහු ඔහු ගැන විශ්වාසය තැබුහ.  ඕ. මං ඔහු දැකල තියෙනවා. යි මම කීවෙමි. විටෙක අපි කරත්තයෙන් සැන් ෆ‍්‍රැන්සිස්කෝ යන විට චතුරශ‍්‍රය පසුකරද්දී ඔහු එහි සිටියේය. වැඩුණු මිනිසෙකු වුවද ඔහු දොළොස් හැවිරිදි වියේ සිටි මට වැඩියෙන් උස් නොවූ අයෙකු වුණි. අම්මා කිසිවිටක ඔහුගෙන් මිලදී නොගත්තාය. ඈ පැවසුවේ ලොතරැුයි සූදුවක් බවත්, ජේසුතුමා අපට සුදුවට නොයන්නැයි කී බවත්ය. නමුත් මා තාත්තා හා තනිව යන විට ඔහු ලොතරැුයි පොදියක්ම මිලදී ගත්තේ එය හොඳ ආයෝජනයක් බව කියමිනි.


ජොසේ ලූවිස් වාසනාවන්ත අංකයක් කීවේය. මිට්ටා ඔහුට ටිකට් පතක් දෙනවිට ඔහුගේ අතේ රිදී පාටින් යමක් දිලිසුණි. සිනිටා දුටුවේ එපමණකි. අනතුරුව ජොසේ ලූ_විස් බිහිසුණු ලෙස විලාප දෙන්නට වූ අතර ඇගේ මව හා නැන්දලා වෛද්‍යවරයෙකු ඉල්ලා කෑ ගසන්නට වූහ. තම සොහොයුරා දෙස බැලූ සිනිටා දුටුවේ ඔහුගේ සුදුපාට කමිසය ලෙයින් නැහැවී ඇති බවය. මට හැඬුම් ආ නමුත් මම එය වළකා ගන්නට අත කෙනිත්තුවෙමි. මා කළ යුතු වූයේ සිනිටා දිරිමත් කිරීමය.


‘අපි එයාව තාත්තා ළඟින්ම භූමිදානය කෙරුවා. එදායින් පස්සෙ මගේ අම්මා කලින් හිටිය වගේ වුණේ නැහැ. මගේ පවුල ගැන හොඳින් දන්නා ඇසුන්සන් කන්‍යා සොහොයුරිය මාව කන්‍යාරාමයට එක්ක ඇවිත් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න ඉදිරිපත් වුණා.


මගේ උදරය ඇඹරී යන අයුරින් වේදනාවක් දැනුණි. ඒ අන්දමට සේ¥ රෙද්දක් ඇඹරුවේ නම් එහි වතුර බින්දුවක්වත් ඉතිරි නොවනු ඇත.
‘මං ඔයාගෙ සහෝදරයා වෙනුවෙන් යාඥා කරන්නම්’ මම ඇයට පොරොන්දු වුණෙමි.


‘නමුත් සිනිටා, තවත් දෙයක් තියෙනවා. මේ ටෘහිලෝගේ රහස මොකක්ද?


‘ඔයාට තවම ඒ ගැන තේරුණේ නැද්ද මිනර්වා? ටෘහිලෝ හැම දෙනාම මරාදාන වර්ගයේ නායකයෙක්.


මා එම රැුයෙන් වැඩි හරියක් නොනිදා සිටියේ සිනිටාගේ සහෝදරයාද, ඇගේ මාමලා හා ඇගේ පියාද සිනිටා පමණක් දැන සිටි බව පෙනුණ ටෘහිලෝගේ රහස ගැන ද කල්පනා කළෙමි. පහළ සාලයේ තිබූ ඔරලෝසුව පැයක් පාසා නාදවන අන්දම මට ඇසිණ. මා නින්දට වැටෙන විට කාමරයට එළිය වැටෙන්නට පටන් ගෙන තිබිණ. උදෑසන සිනිටා මා සොලවමින් අවදි කළාය.


‘ඉක්මන් කරන්න’ යි ඈ කියමින් සිටියාය.


‘ඔයාට ප‍්‍රමාද වෙයි’ කාමරය පුරා නිදිමත බාලිකාවෝ රබර් සෙරෙප්පු හඬවමින් තදබද වූ නාන කාමර දෙසට ගමන් කරමින් සිටියහ. සනිටා ඇගේ තුවාය හා සබන් බඳුන රැුගෙන ඔවුනට එක්වූවාය.


මා මුළුමනින්ම අවදි වූ විට මා යටින් වූ ඇතිරිල්ල තෙත්ව ඇති බව මට දැනිණ. ‘අපොයි නැහැ’ යි මම සිතුවෙමි මා මගේ ඇඳ තෙමාගෙනය. මිලාග‍්‍රස් කන්‍යා සොයුරියට මගේ ඇතිරිල්ල යටට අමතර කැන්වස් උවමනා නැතැයි මා දැන් වූ පසුව එසේ සිදුව තිබිණ.
මම ඇඳ රෙදි ඔසවා බැලූවෙමි. යටම ඇතිරිල්ලේ තිබූ අඳුරු පැල්ලම ගැන මට අවබෝධයක් නොවීය. මම මා පරීක්ෂා කිරීමෙන් අනතුරැුව අත ඔසවා බැලූවෙමි. නිසැකවම මගේ විපත්තිය ආරම්භ වී තිබිණ.

 

 

 

පරිවර්තනය :
මානෙල් ජයන්ති ගුණසේකර



අදහස් (0)

‘‘ඔහු හැමදෙනෙක්ම මරා දමන නායකයෙක් ’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 538 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site