IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඓතිහාසික අත්වැරැද්ද

මාඕ ත්සේතුං 194

 

විප්ලවිය ජයග්‍රහණයෙන් පසු හමුදාව සහ බහුතර ජනයා තුළ විප්ලවීය ජවය හිනවීම මාවෝ තුළ පැවති ලොකුම කනස්සල්ල විය. භෞතික ලෝකය වෙනස් වෙනවාට වඩා මිනිසාගේ චින්තනය වෙනස්වීම මාවෝ වඩාත් කැමැත්තක් දැක්වු කරුණකි. කවියෙකුගේ එක් කියමනක් වූවේ ‘අවුරුදු දහසක් බොහෝ දිගු වැඩිය. එක් පැයකින් දවස ගෙවමු.’ යන්නයි. මාවෝ යථාර්ථවාදී නොවුණු ඒවගේම චීනය බාර ගන්න සූදානම් නැති කරුණු ගණනාවක් කරන්නට උත්සාහ ගත්තේය. “මහා ඉදිරි පිම්ම” මෙන්ම ග්‍රාමිය ජනයා වෙනුවෙන් ඉදිරිපත් කළ ‘කොමියුන’ ව්‍යාපාරය ද එවැනි දේවල්ය.


මෙහිදි මේ සම්බන්ධයෙන් මගේ මතයත් ඉදිරිපත් කිරිමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. තවත් බොහෝ කරුණු කාරණාත් සමග සම්බන්ධ කරනවිට “සංස්කෘතික විප්ලවය” දියත් කිරිම මාවෝ ගත් වැරදිම තීන්දුවක් සේ මම දකිමි. සංස්කෘතික විප්ලවය සමයේ සිදුවුණ දෑ දෙස බලද්දි ඉන් ජනතාවට සිදුවුණු අහිතකර බලපෑම් මොනවට ප්‍රදර්ශනය විය. මාවෝ ගේ ජීවිතකාලය තුළ ඔහු අතින් සිදිවුණු නරකම වැරැද්ද එයම විය. කෙසේ හෝ මාවෝ අතින් එවන් වැරැද්දක් සිදුවුවද “හතරදෙනාගේ කල්ලිය” විසින් සිදුකරණ ලද අපරාධ ඊට වඩා බොහෝ වෙනස්ය. “සංස්කෘතික විප්ලවය” සම්බන්ධයෙන් මාවෝ ගේ අභිප්‍රාය ඉතා ගෞරවනීය එකකි. ඔහුට උවමනා කළේ කොමියුනිස්ට් පක්ෂය නිලධාරිවාදය, දූෂණය වැනි දේවලින් ඈත් කිරීමය.


මාවෝ නිලධාරිවාදයට සහ දූෂණයට එරෙහි මාරාන්තික සතුරෙකු විය. 1950 මුල් කාලයේදී නිලධාරිවාදය, නාස්තිය හා දූෂණයට එරෙහිව දියත් කළ ව්‍යාපාරයේදි අවස්ථා ගණනාවකදීම දැඩි හඬින් ඔහු මට කියු දේවල් මට තවමත් මතකය. “ඔබ ආණ්ඩුවේ සල්ලි සාක්කුවේ දාගෙන තියෙනවද?.” “ඔබට අතීතයක් නැත්නම් අනාගතයක් තියේවිද?.” ඒත් සමග ඔහු මට අවධාරණයෙන් මතක් කළ දෙයක් වුවේ “සීනි තැවරූ වෙඩි උණ්ඩවලට ගොදුරුවෙන්න එපා.” යන්නයි. “ඔබ වැඩකරන්නෙ මා වෙනුවෙනුයි. පෙලඹවීම් වලින් වැළකී සිටීම වඩාත්ම වැදගත් වන්නේ අන්න ඒ නිසයි. කිසිදිනක ඔවුන් ඉදිරියේ වැඳ වැටෙන්න එපා.” “අපි දෙන්නා ඉතාම කුලුපග මිතුරෝ. නමුත් දූෂණයට සම්බන්ධ වුනොත් ඔබ මගේ සතුරෙක් වෙනවා.” “ඔබ මගේ ශරීර ආරක්ෂකයා. ඒක පහළ නිලයක් වුණත් ඉන්නේ ඉහළ තැනක. මේ ඉහළ තැනට ඉතා අනතුරුදායක ලෙස ලෙහෙසියෙන්ම පෞද්ගලික වරප්‍රසාද සොයාගෙන යන්න පුළුවනි. එනිසා වඩාත් ප්‍රවේශම් වෙන්න. වඩාත් නිහතමානි වෙන්න.” “ඔබ දූෂණයකට සම්බන්ධ නොවුණත් නාස්තිකාර යමක් කරලා තියෙනවද? නාස්තිය කියන්නෙ මහා අහිතකර දෙයක්. එය දූෂණයේ පළමු පියවරයි.” “සකසුරුවම් ලෙස ඔබේ චර්යාවන් සකස්කර ගන්න.”


මාවෝ ට රහස්‍ය ලේකම්වරයෙක් සිටියේය. වසර දොළහක පමණ කාලයක් මාවෝ ට සේවය කිරිමෙන් අනතුරුව ඔහු එම සේවයෙන් ඉවත්විය. සේවයෙන් අස්වි යන දිනයේ ඔහුගේ පෞද්ගලික බඩුමුට්ටු ගෙන යන්නට ඔහුට උවමනා කළේ එක් ජීප් රථයක් පමණකි. ඔහු පිරිසුදු වෙන්න පු`එවන් උපරිමයෙන්ම පිරිසුදු වූ අයෙකි. මාවෝ ඔහුත් ඔහුගේ පවුලේ පිරිසත් සමග පිංතූරයකට පෙනි සිටියේය. දෙදෙනා අතට අත දෙන විට මාවෝ මෙසේ කිවේය. “ඔබ අවංක මිනිහෙක්. ඔබ නැති පාඩුව මට දැනේවි.”


ආර්ථික ප්‍රශ්න වලින් වෙළී ගිය වසර තුන ගෙවීගොස් වැඩි කාලයක් ගතවෙන්නට පෙර අලුත් ශරීර ආරක්ෂකයෙක් අප හා සේවයට එක්විය. මාවෝගේ ශරීර ආරක්ෂකයෙකුවීමට බලාපොරොත්තු වුණේ ඇයිදැයි දිනක් ඔහු අනිත් අය සමඟ පැවසුවේය. “මා එක්වරම සිතුවේ සභාපතිතුමාගේ ශරීර ආරක්ෂකයෙක් වුණාම මට උවමනා ඕනෑම දෙයක් කන්න පුළුවන් කියලයි.”


මාවෝ අපට කීවේ මෙයයි. “මා වෙනුවෙන් වැඩකරලා ආණ්ඩුවේ ලොකු තනතුරු හරි ලොකු සල්ලි හරි බලාපොරොත්තු වෙන්න එපා. ඔබලාගේ වැඩ තුළින් මා බලාපොරොත්තු වෙන්නෙ ලොකු කැපකිරීමකුයි.” තමන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයට එක්වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුගෙන් මාවෝ නිතරම ඇසු දෙයක් නම්, “ඔබ මා වෙනුවෙන් සේවය කරන්න කැමතිද?” යන්නයි.


තමන් අනෙක් අයගෙන් බලාපොරාත්තුවන්නේ මොනවාද යන්න ගැන මාවෝ අන් අයට ආදර්ශයක් ලබා දුන්නේය. මේ පිරිස් මාවෝ සමඟ දිගු කාලයක් වැඩකර නැවත සාමාන්‍ය සමාජයට ගියවිට පාසලකට අලුතින් ඇතුළු වූ ළමයෙකුට එක්වරම ඒ පරිසරයට හුරුවීමට අපහසුවන්නාක් මෙන් සමාජගතවීමේ අපහසුවක්ද පැවතුණි. ඔහු සමාජයෙන් බැටකන පුද්ගලයෙක් බවට පත්විය. මේ සංකීර්ණත්වය පිළිබඳ මාවෝ තුළ එතරම් දැනීමක් නොවිණි. ඔහුගේ ශරීර ආරක්ෂකයින් ඔහුගේ සේවයෙන් ඉවත්ව යන විට ඔහු ඔවුනට සිහිපත් කළ ප්‍රධානතම කරුණු දෙක නම් “නිහතමානී වෙන්න. විප්ලවීය ජවය නැති නොකරගෙන, එය පහළ වැටෙන්නට ඉඩ නොදී, විප්ලවයට සත්‍යවාදියෙකු වෙන්න.” යන්නයි.


මාවෝ විසින් බිහිකරණ ලද කොමියුනිස්ට් පක්ෂයෙන් හෝ ජාතියෙන් ඔහු අපේක්ෂා කළ හැම දෙයක්ම ඉටුවූවේ නැත. එනිසා ඒ අඩුපාඩු නිවැරදිකර ගැනීම සඳහා යම් යම් දේවල් කරන්නට ඔහුට සිදුවිය. මගේ අදහසේ හැටියට “සංස්කෘතික විප්ලවය” ඔහු ඇරඹුවේද එනිසා විය හැකිය. ඔහු කළ මේ දෙය අවාසනාවකට චීන ජාතියට දසවසරක මහා ව්‍යසනයක් වීමට තරම් වැරැද්දක්බවට පත්විය. මාවෝ ගේ මෙන්ම ඉතිහාසයේත් අසීමිත පසුතැවිල්ල වූවේ මෙයයි.

 


අවසානයි.

 

 

ආරියනන්ද දොඹගහවත්ත



අදහස් (0)

ඓතිහාසික අත්වැරැද්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 617 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17576 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site