IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අහඹු මරණයක් උරුම වූ පිලිපීනයේ මාධ්‍ය සගයා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 22

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. යතුරුපැදිකරුවකුගේ වෙඩි පහරට ලක්ව මියගිය පිලිපීනයේ ඩෙනිස් ඩෙනෝරා ද එවැනි මාධ්‍යවේදියෙකි.


පුවත්පත් තීරු ලිපි රචකයෙක්, ගුවන්විදුලි සන්නිවේදකයෙක්, ප්‍රකාශකවරයෙක් ලෙස ජනප්‍රිය වූ හැට හත් හැවිරිදි ඩෙනොරා, ඩැවායෝ ඩෙල් නෝර්ටේ පළාතේ පිහිටවූ මාධ්‍ය සංවිධානයේ ද ප්‍රබලයෙකි. පිලිපීනයේ තගුම් නගරය පාදක කර ගනිමින් විකාශය කළ ගුවන්විදුලි වැඩසටහන හරහා ද ජනප්‍රිය වූ ඔහු, වඩවඩාත් බලපෑම් සහගත මාධ්‍ය චරිතයක් වූයේ ඩැවායෝ ඩෙල් නෝර්ටේ පළාතේ ඇතිවූ ගැටලු සම්බන්ධයෙන් රචනා කරන ලද ලිපි හේතුවෙනි.  


 

විශේෂයෙන් තමන් විසින් සතිපතා ගෙන ගිය ඉංග්‍රීසි පුවත්පතක් වන ඔරුබාි ්බා ඔසපැි හරහා එහි පවතින ගැටලු සම්බන්ධයෙන් විවේචනාත්මක දේශපාලනයක් ඉදිරියට රැගෙන ගිය ඩෙනෝරා, ඔහුගේ මෝටර් රථය තුළදී කුරිරු ලෙස ඝාතනයට ලක්වන අතර ඒ 2018 වසරේ ජුනි මස 07 වැනිදා පස්වරු 1.10ට පැනෝබා නගරයේ දී ය. 


මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ රියැදුරු වන මැයොනිටො රිවේරා ද තුවාල ලැබූ නමුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ පවත්වන ඡයසකසචචසබැ ෂබුමසරුර බලධාරීන් පැවසුවේ ඩෙනොරාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බවත්, ඒ අනුව මෙම ඝාතනය සඳහා ඔහුගේ මාධ්‍ය කටයුතු බලපා ඇත්ද යන්නද සොයා බැලෙන බවත්ය. එහෙත් පැනාබෝ නගරයේ වැඩබලන ප්‍රධාන පොලිස් පරීක්ෂක ෆෙඩි්‍රක් ඩෙලෙස් පැවසුවේ ඩෙනෝරාගේ ජීවිතයට තර්ජනයක් වූ එදිරිවාදීන් හෝ තර්ජන පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවකි. 


කෙසේ වෙතත් ජනාධිපති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ජොයෙල් එග්කෝ පැවසුවේ මෙම ඝාතනය පිටුපස අතිශය සූක්ෂම ලෙස ඝාතනය සැලැසුම් කළ දේශපාලනඥයෙකු ද සිටිය හැකි බවයි. එය ඩෙනෝරාගේ දේශපාලනයට එකඟ නොවූ පිරිසකගේ ඝාතනයක් විය හැකි බවද, ඒ සම්බන්ධ තොරතුරු මේ වන විට ලැබෙමින් පවතින බවද එග්කෝ පැවසූ අතර, ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙකුගේ බලය සහිත කලාපයක ඩෙනොරාගේ මාධ්‍ය භාවිතය සිදුවීම ද මෙම ඝාතනයට හේතුවක් විය හැකි බව ද ඔහු දෙසැම්බර් මස 10 වැනිදා පැවසුවේය. එහෙත් නිවැරදි තොරතුරු නොමැතිව එවැනි මතයක් ප්‍රකාශය කළ නොහැකි බවද ඔහු එකල පැවසුවේ පොලිස් විමර්ශන සිදුවෙමින් පැවතුණු බැවිනි.


කෙසේ නමුත් පසුගිය වසරේ ජනවාරි 23 වැනිදා වන විට මෙම සියලු කාරණා වෙනස් වූයේ ඩෙනෝරාගේ ඝාතනය සම්බන්ධයෙන් රිචඞ් පොසාස් බොලාස්ටිග් නමැත්තාට එරෙහිව නඩුවක් ගොනුවීමත් සමගය. ඒ අනුව මෙම ඝාතනයට හේතුව මාධ්‍යකරණයේ දී ඩෙනෝරා දැක්වූ දක්ෂතාවය බව අනාවරණය වූ අතර පිලිපීන මාධ්‍යවේදීන්ගේ සංගමය ද කියා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඩෙනෝරා ක්‍රියාත්මක කරමින් සිටි මාධ්‍ය මෙහෙයුම මෙම ඝාතනයට දැඩිව බලපෑ බවයි. ඔවුන් ඩෙනෝරා වෙනුවෙන් ඉටිපන්දම් රැගත් උද්ඝෝෂණයක් සංවිධානය කළේද මේ හේතුවෙනි. 


මියයාමට පෙර ඩෙනෝරා එක්තරා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සමග දුරකථනය හරහා ඇති කර ගත් ආරවුලක් මෙම මරණයට හේතු වී ඇති බවටද මේ වන විට ඔහුගේ හඬපට ඔස්සේ අනාවරණය වී ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් සැක කෙරෙන ප්‍රධාන දේශපාලනඥයෙකු වන පැන්ටාලියොන් ඇල්වාරෙස්ට එරෙහිව පවා මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත්තේ ඔහු ඩෙනෝරාට එරෙහිව අපහාස නඩුවක් පවා ගොනු කර තිබියදීමය. එබැවින් ඇල්වාරෙස් පවා දිගින් දිගටම පැවසුවේ තමා මෙම ඝාතනයට සම්බන්ධ නොමැති බවත්, ඒ වන විට තමා සිටියේ විදේශගතව බවත් ය. 


තත්ත්වය මෙසේ වුවද ඩෙනෝරාගේ ඝාතනයත් සමග ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන සිදුවන පිලිපීනය දෙස ජාත්‍යන්තර අවධානය යොමුවූ අතර ඒ පසුගිය දශක කිහිපය තුළ යතුරුපැදි හරහා මාධ්‍යවේදීන් ඝාතනය කළ මාධ්‍යවේදීන් සිය ගණනක් පිළිබඳ තොරතුරු පිලිපීනයෙන් වාර්තා වූ බැවිනි. එම ඝාතනවලින් බොහොමයක් නොවිසඳුණු ඝාතන බව ද වාර්තා වේ. යතුරුපැදිකරුවන් හඳුනාගත හැකි ලෙස සියලු යතුරුපැදිවලට ස්ටිකර ඇලවීමට ද පිලිපීන පොලිස් විධායක අධ්‍යක්ෂ ජනරාල් ඔස්කාර් ඇල්බෙයාල්ඬේ යෝජනා කළේ මේ හෙයිනි. පවතින රජය වෙතින් වර්ණවත් යතුරුපැදි හෙල්මට තහනම් කර තුවක්කු සම්බන්ධ නීති දැඩි කරන ලෙසද ඩෙනෝරාගේ මාධ්‍ය සගයන් සහ හිතමිතුරන් ඉල්ලීමක් කළේ මේ හෙයිනි. නමුත් මෙතෙක් ඔහු මේ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් නොමැති අතර 2016 වසරේදී පත්වූ පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටර්ගෙන් පසුව ඝාතනයට ලක්වූ හයවැනි පිලිපීන මාධ්‍යවේදියා ලෙස පමණක් ඩෙනෝරාගේ නම අදට ද නොමැකෙන ලෙස සටහන්ව තිබේ.

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

අහඹු මරණයක් උරුම වූ පිලිපීනයේ මාධ්‍ය සගයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site