IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


හසරැල් සොඳුරු කතාබහෙන් අඳුනාගත හැකිද මිනිස් නොමිනිස්කම්

 14-pg10d-taks--pgs

 

අනිකාට හිතවත් බව අඟවමින් වචනයෙන් කරගනු ලබන අකුසලය “ලපනා” යන වචනයෙන් බණ පොතේ විස්තර කරනු ලබයි. ලපනා යන  වචනය ද මුල් ත්‍රිපිටක ග්‍රන්ථවල අපට හමුවන්නේ කුහක සූත්‍රයෙහි ය. කුහක සූත්‍රයෙහි දක්නට ඇති එම වචනය වඩාත් විග්‍රහාත්මක ව පැහැදිලි කරනු ලබන්නේ ථෙරවාද ධර්මය විග්‍රහ කළ ග්‍රන්ථයක් වූ විසුද්ධි මාර්ගයේදී ය. එම කෘතියෙහි එම පැහැදිලි කිරීම කරනු ලබන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවන් වහන්සේ විසින් ය.
විසුද්ධි මාර්ගයෙහිදී ලපනා යන වචනය විස්තර කරනු ලබන්නේ මෙසේ ය. “ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වන්නාවූ පුද්ගලයා අනුන් පිළිබඳ යම් 1.ආලපනාවක්,2. ලපනාවක්,3. සල්ලපනාවක්, 4.උල්ලපනාවක්.5. සමුල්ලපනාවක්,6. උන්නහනාවක්.7. සමුන්නහනාවක්,8. උක්කාචනාවක්,9. සමුක්කාචනාවක් 10.අනුප්පියභාණිතාවක්,11. චාටුකම්‍යතාවක්,12. මුග්ගසුපත්‍යතාවක්13. පරිහට්ටතාවක් වේද එය ලපනා යයි කියනු ලැබේ. 


කාලීන සමාජ අවශ්‍යතාවන් අනුව ඒ ධර්ම කරුණු මෙසේ විස්තර කොට දැක්විය හැකි ය.

5
01. ආලපනාව - කෙනෙකු සමග පළමුව කතාකොට තමා ඔහුට හෝ ඇයට හිතවත් බව ඇඟවීම.     තමා රටේ සමාජයේ ලොකු ලොකු අය, මැති ඇමතිවරු අඳුනන බව කීම, ඕනෑම වැඩක් ඒ අයගෙන්     තමන්ට කරවා ගත හැකි බව කීම, අවශ්‍ය ඕනෑ දෙයක් ඒ අය ලවා කරවා දිය හැකි බව කීම,     අනුන්ට උදව් උපකාර කිරීම තමාගේ සාමාන්‍ය ගති ස්වභාවය බව කීම. තමන් අන් අයගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී තමා අනුන්ට උදව් කරන බව කීම, ඔබ දුටුවිට ඔබට උදව් කළයුතු යැයි මට හිතුණා ආදී වශයෙන් කීම. ඔබට උදව් කරන්න හිතුණේ සංසාරගත පුරුද්දක් නිසා විය හැකි යයි කීම යනාදී වශයෙන් ව්‍යාජව මනසේ තබාගෙන අව්‍යාජ බව පෙන්වමින් අන්‍යයන්ගේ හිත ඇද බැඳගෙන තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා කතා කිරීම කුහකකමයි. එය මුඛයෙන් කරන නිසා ලපනා නම් එහි මෙය ආලපනා නමැති අකුසලයට     අහුවෙයි.

 

02. ලපනාව - යනු තමා සමග පළමු ව කතා බහ කළ කෙනෙකුට ආලපනාවෙහි දැක්වූ ආකාරයෙන් ව්‍යාජ බව මනසේ තබාගෙන අව්‍යාජ ලෙස අදහස් ප්‍රකාශ කිරීමයි.

 

03. සල්ලපනාව - අන්‍යයා තමා සමග අමනාප වුව හොත් මේ කිසිවක් කරගත නොහැකි යයි සිතා     අන්‍යයාටත් අදහස් කතා කිරීමේ අවස්ථාව ලබා දෙමින් ව්‍යාජ මනසින් අව්‍යාජ ලෙස කතා කිරිම.

 

04. උල්ලපනාව - ඔබ හරි දක්ෂයෙකි, ඔබ නායකයෙකි, ඔබ සල්ලිකාරයෙකි, ඔබ හරි ලස්සන     කෙනෙකි ආදී වශයෙන් අනිකා ඉහළ තලයේ තබා ව්‍යාජව මනසේ තබාගෙන අව්‍යාජ බව     අඟවමින් කතා කිරීම.

 

05. සමුල්ලපනාව - සම්පූර්ණ වශයෙන් ම අනිකා ඉහළ අසුනේ තබා  ගරුසරු පෙන්වා තමා     දෙවැනියා වී ව්‍යාජය මනසේ තබාගෙන අව්‍යාජ බව අඟවමින් අනිකා සමග කතාකිරීම.

 

06. උන්නහනාව - - අනිකා සතුව තිබෙන දෙය තමාට ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් කරන මියුරු කතාබහ සෘජු වශයෙන් ම අවශ්‍යතාව නොකියා ඇඟවීම.

 

07. සමුන්නහනාව - - අසන්නාගේ හිත සහ තිබුණු අදහස් සම්පූර්ණයෙන්ම අවුල් සහගත වන ලෙස කතා කිරීම.

 

08. උක්කාචනාව - මාගේ ගුණ සම්පන්න බව හා බල සම්පන්න බව නිවැරදිව දනිත් නම් ඔබ සැම ඕවා මට ම ලබා දෙන්නේය ආදී වශයෙන් උද්දීපනය වන ලෙස කතා කිරීම.

 

09. සමුක්කාවනාව - සර්වප්‍රකාරයෙන් ම එසේ උද්දීපනය වන ලෙස කතා කිරිම.

 

10. අනුප්පියභාණීතාව - සත්‍යානූකූල බව හෝ ධර්මානුකූල බව නොබලා නැවත නැවත ප්‍රිය කතා     කිරීම.


11. චාටුකම්‍යතාව - තමා අනිකාට වඩා පහත් කෙනෙක් ලෙස ඇඟවීම චාටුවයි. 


12. මුග්ගසුූප්‍යතාව - මුං ඇට තැම්බූ කල්හි කොටසක් නොපැසී කොටසක් පැසී තිබෙන්නා සේ යමෙක් කතා කරන විට කොටසක් සත්‍ය ඒවා ද තව කොටසක් අසත්‍ය ඒවා ද වශයෙන් මිශ්‍ර වී තිබීම. 


13. පාරිහට්ටතාව - කිරි මව්වරු සේ දරුවන් වඩා ගැනීම.
මේ වගේ කතා බහ සහිත පුද්ගලයන් අපට සමාජයේ මිනිසුන් ඇසුරු කිරීමේදී     හමුවෙයි. ඔවුන් කරන කතාබහේ දී බාහිරව කෙනෙකුට ඔහුගේ වරදක් ඇතැම් විට නොදැනෙන්නට පිළිවන. එයට හේතුව ඔහුගේ මනසෙහි වීමයි.


එය එකවර බාහිර සමාජයේ කෙනෙකුට දැක ගැනීමට හෝ දැන ගැනීමට අපහසු තරම්ය. ඔහු කාලයක් ඇසුරු කිරීමෙන් ම ඒ ගති ස්වභාවයන් දැනගත හැකිය. ඇතැම් විට එසේ ද දැනගත නොහැකිය. වඩාත් සූක්‍ෂම කුහකයාගේ ගති ස්වභාවය කෙටි කාලීන ඇසුරකින් වුව ද විමසිලිමත්ව නොසිටිය හොත් දැන ගැනීමට අපහසුය.


කෙනෙකු දුටු පමණින් සමීප ඇසුරක් නොගත යුතු ය. යනුවෙන් අදහසක් බුදු දහමේ කියවෙයි. එහි අදහස වන්නේ ඇසුරට ආ පුද්ගලයා ඉතා ඉක්මනින් විශ්වාස කෙනෙකු තරම් සමීපයට නොගත යුතු ය යන්නයි. තමාට කිසියම් අවශ්‍යතාවක් හෝ අපේක්‍ෂාවක් පවතින විට එය ඉටුකර දීමට ඉදිරිපත් වන පුද්ගලයා සමග දැඩි සමීපතාවයකින් බැඳීම ස්වාභාවික ය. නමුත් ඒ අවශ්‍යතාව ඉටුකර දීමට පැමිණි පුද්ගලයාට ද වෙනත් අවශ්‍යතාවයන්  තිබිය හැක. ඔහු බලන්නේ තමාගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමටයි. එනිසා ඇතැම් අය සෘජුව ම තම අවශ්‍යතාව ද, ඇතැම් අය මුල් අවශ්‍යතාව ඉටුකරදී වඩාත් පහසු ලෙසින් තම අවශ්‍යතාවය ද, ඉටුකර ගනු ලබන ආකාරය බොහෝවිට සමාජ අත්දැකීම් වලින් වුව ද ඔබට  වටහා ගත හැකි ය.තමාට උපකාර කිරීම සඳහා ම යැයි කියමින් ඔබ වෙත පැමීණි පුද්ගලයාටත් ඔබට උදවු උපකාර කිරීමට අමතරව ඔබෙන් ඉටුකර ගැනීමට කිසියම් අවශ්‍යතාවක් තිබී ඇතැයි ඔබට ද වැටහෙන්නේ ඇතැම් විට සිද්ධිදාමය අවසන් වූවාටත් පසුව ය.කූහකයාගේ ගති ස්වභාවය එයයි. 

m



අදහස් (0)

හසරැල් සොඳුරු කතාබහෙන් අඳුනාගත හැකිද මිනිස් නොමිනිස්කම්

අශෝක Friday, 27 May 2016 05:11 PM

එකම බඩවැලකින් උපන්නත්, එකම කෑමත් දෙදෙනා කෑවත්, හැඳිනිය හැකිද මිනිසා? මොහොතකින් වෙනස්වන සිතක් ඇති මිනිසා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 295 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 231 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 145 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 282 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 449 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1077 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1072 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 377 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site