IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


හරි පාර මැකියාවෙලි කියන පාර

එක්සත් ජාතික පක්‍ෂයේ විධායක මට්ටමේ තනතුරු දරන සමහර ඉහළ පෙළේ සාමාජිකයන්ගේ හැසිරීම සහ කියුම් කෙරුම් දෙස බලන විට පැහැදිලිවම පෙනී යන්නේ ඔවුන් කිසිවකු පක්‍ෂයේ ව්‍යවස්ථාව අධ්‍යයනය කර නොමැති බවය. ඔවුන් පක්‍ෂ ව්‍යවස්ථාව අධ්‍යයනය කර තිබුණා නම් සහ ඒ අනුව වැඩ කටයුතු කළා නම් ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු නම් කිරීම සම්බන්ධයෙන් අද එක්සත් ජාතික පක්‍ෂය මුහුණ දී තිබෙන අර්බුදය කිසිසේත්ම ඇතිවීමට ඉඩ නොතිබුණ බව අමුතුවෙන් කිවයුතු නැත.

පුදුමයට හේතුව මෙසේ පක්‍ෂ ව්‍යවස්ථාවට ගරු නොකරමින්, එය අමු අමුවේ උල්ලංඝනය කරමින්, පක්‍ෂ විනය බරපතළ ලෙස කඩකරමින් හිතුවක්කාරී සහ දඩබ්බර ලෙස හැසිරෙන්නේ පක්‍ෂයේ පහළ මට්ටමේ සාමාන්‍ය සාමාජිකයන් නොව පක්‍ෂයේ නිලබල යාන්ත්‍රණයේ ඉහළම මට්ටමේ තනතුරු දරන්නන් වීමය.

ඉහළ මට්ටමේ අය මෙයාකාරයට ඉවක් බවක් නැතිව අවිචාරවත් ලෙස හැසිරෙන විට සහ ක්‍රියාකරන විට පක්‍ෂයේ පහළ මට්ටමේ සාමාජිකයන්ගෙන් විනයානුකූල හැසිරීමක් කිසිසේත්ම අපේක්‍ෂා කළහැකි නොවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ සාමාජිකයන් මත පවත්වාගෙන යන පක්‍ෂයේ පාලනය ගිලිහී ගොස් සාමාජිකයන් තම තමන්ට ඕනෑ ආකාරයට අයාලේ හැසිරීමට පටන් ගැනීිමය. මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ අනධිකාරී තත්ත්වයක් ලෙසය. එනම් පාලනයක් නොමැති තත්ත්වයක් ලෙසය. මෙවැනි තත්ත්වයකට දේශපාලන පක්‍ෂයක් මුහුණ දුන්විට එම පක්‍ෂය දේශපාලන ක්‍ෂේත්‍රයෙන් වියැකීයාම වැළැක්විය හැකි නොවේ. වෙනත් ආකාරයකට කියනවා නම් ස්වයං විනාශයක් කරා පක්‍ෂය ගමන් කිරීම නොවැළැක්විය හැකි බවය. අද එක්සත් ජාතික පක්‍ෂය මුහුණ දී තිබෙන්නේ මෙම අන්තරායකාරී තත්ත්වයටය.
 
මෙම අර්බුදයෙන් පක්‍ෂය ගොඩ ගන්නේ කෙසේද? ඒ සඳහා ඇත්තේ විසඳුම් දෙකකි. මෙයින් එකක් වන්නේ වහාම පක්‍ෂ සම්මේලනයක් කැඳවා යෝජනාවක් ස්ථිරකොට පක්‍ෂය විසුරුවා හැරීමය. එහෙත් මෙවැන්නක් කිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ. හේතුව වසර 73ට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ එක්සත් ජාතික පක්‍ෂය රඟ දක්වා ඇති සහ රඟ දක්වමින් සිටින දැවැන්ත භූමිකාවය. වයස අතින් ගෙන බලන විට 1946 වර්ෂයේදී පිහිටුවූ එක්සත් ජාතික පක්‍ෂයට මේ වනවිට අවුරුදු 73ක් වන අතර එය වයසින් බාල වන්නේ 1935 වර්ෂයේදී පිහිටුවූ ලංකා සමසමාජ පක්‍ෂයට පමණි. සාමාජිකත්වය අතින් බලන විට අද ලංකාවේ ලියාපදිංචි වී ඇති 70ට ආසන්න දේශපාලන පක්‍ෂ අතුරින් වැඩිම සාමාජිකත්වයක් සහිත බලවත්ම පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි. එමෙන්ම ලංකාවේ දේශපාලන පක්‍ෂ අතුරින් පුද්ගලයා සහ පුද්ගල නිදහස මුල් කරගෙන ගොඩනැඟී තිබෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය යන දේශපාලන හා ආර්ථික මතවාදය පදනම් කරගෙන ගොඩනඟා තිබෙන එකම දේශපාලන පක්‍ෂය වන්නේ ද එක්සත් ජාතික පක්‍ෂයයි.

සමාජයීය වශයෙන් සලකා බලන විට ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය තුළ පවතින සමාජ බහුවිධතාව පිළිගෙන වාර්ගික, ආගමික හා භාෂා භේදවලින් තොරව සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම සමාන පුරවැසියන් හා සමාන ඉඩප්‍රස්ථා යන සිද්ධාන්තය මත සියලු දෙනාටම සමානව සැලකීම පෙරටු කරගෙන පිහිටුවා තිබෙන එකම දේශපාලන පක්‍ෂය වන්නේ ද එක්සත් ජාතික පක්‍ෂයයි. එමෙන්ම 1948 වර්ෂයේදී බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබාගත් අවස්ථාවේ සිට 1948-1956, 1965-1970 සහ 1977-1994 යන කාලවලදී රට පාලනය කළේ එක්සත් ජාතික පක්‍ෂයයි. 2015 වර්ෂයේ සිට අද දක්වාම ආණ්ඩුවේ විධායක බලය හැසිරවීමේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස රාජ්‍ය පාලන බලතල හසුරුවන්නේ ද එක්සත් ජාතික පක්‍ෂයයි.

මෙයින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සමග එක්සත් ජාතික පක්‍ෂය කොතරම් කිට්ටුවෙන් බද්ධ වී තිබෙනවා ද යන්නය. නිදහසින් පසු මේ දක්වා ගෙවී ගොස් ඇති අවුරුදු 71ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කථා  කරන්නකුට එක්සත් ජාතික පක්‍ෂය පසෙකලා කතා කළ නොහැකි වීමෙන් පෙනී යන්නේ එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකාවේ දේශපාලනය අතර පවතින මෙම කිට්ටු සම්බන්ධතාවයි. එවැනි දැවැන්ත කාරයභාරයක් ඉටුකර ඇති සහ දැනටත් ඉටුකරමින් සිටින දේශපාලන පක්‍ෂයක් විනාශ වී යාමට ඉඩ හැරියහොත් එයින් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයට සිදුවිය හැකි හානිය මෙතරම්යැයි කිවහැකි නොවේ.

මෙයින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්‍ෂය අද මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පක්‍ෂය ඉදිරියේ තිබෙන පළමු විකල්ප විසඳුම ප්‍රායෝගික වශයෙන් කිසිසේත්ම ක්‍රියාවට නැංවිය නොහැකි හුදු මනෝමූලික සිතිවිල්ලකට පමණක් සීමාවන දෙයක් බවය. එසේනම් මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පක්‍ෂය ඉදිරියේ ඇති දෙවන විකල්පය කුමක්ද? එය වූ කලී වෙනත් කිසිදු දෙයක් නොව පක්‍ෂයට ද්‍රෝහිකම් කරන, පක්‍ෂ ව්‍යවස්ථාවේ නියමයන් හා පිළිගැනීම් නොසලකා හරිමින් හිතුවක්කාරී සහ අවිචාරවත් ලෙස හැසිරෙන සෑම පක්‍ෂ සාමාජිකයකුටම එරෙහිව ඔවුන්ගේ උස් මිටිකම් නොසලකා හරිමින් පක්‍ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට ඉතාම දැඩි ලෙස විනය පියවර ගැනීමය.

මෙසේ කිරීමේදී සමහර විට සමහර පක්‍ෂ සාමාජිකයන් පක්‍ෂයෙන් පළවා හැරීමට සිදුවිය හැක. සමහර පක්‍ෂ සාමාජිකයන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට සිදුවනු ඇත. තවත් සමහර පක්‍ෂ සාමාජිකයන් තමන් දරන තනතුරුවලින් ඉවත් කිරීමට සිදුවනු ඇත. මෙසේ විනයානුකූල පියවර ගැනීම සමහරවිට අතිශය වේදනාකාරී දෙයක් වනු ඇත. එසේ කිරීම සඳහා හිත හදාගැනීම සමහරවිට විනය බලධාරීන්ට අපහසු කාර්යයක් වනු ඇත. එහෙත් පක්‍ෂයේ පැවැත්ම සඳහා එසේ දැඩි පියවර ගැනීම අවශ්‍ය වන්නේ නම් හොඳ නරක නොසලකා, පව් පින් නොසලකා, දුක සතුට නොසලකා, යාළු මිත්‍රකම් නොසලකා කළ යුතු දෙය කළ යුතුම වන්නේය. මෙම බරපතළ කාර්යය පිළිබඳව අවසාන තීන්දු තීරණ ගැනීමේ වගකීම පැවරෙන්නේ පක්‍ෂ නායකත්වයටය. එබැවින් පක්‍ෂ නායකයා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම නොබියව සහ නොපැකිලිව කළ යුතුය. එමෙන්ම ගතයුතු තීන්දු තීරණ අප්‍රමාදව ගත යුතුය. තීන්දු තීරණ ගැනීමේදී පක්‍ෂ නායකයා සැලකිල්ලට ගත යුත්තේ පක්‍ෂ සාමාජිකයන්ගේ උස්මිටිකම් නොව සමස්ත පක්‍ෂයේ පැවැත්මය. මෙහිදී නායකයා ක්‍රියා කළ යුත්තේ මැකියාවෙලීගේ බල දේශපාලන මූලධර්ම අනුව මිස සතුරාට රාජ්‍ය පාලනය පමණක් නොව තමන්ගේ හිස ද දන්දීමට සිදුවූ සිරිසඟබෝ න්‍යාය අනුව නොවේ.

මැකියාවෙලී පෙන්වා දෙන ආකාරයට බල තරගයේදී මිනිසුන් අතර හට ගැනෙන ප්‍රශ්න විසඳීමේ ක්‍රම දෙකක් තිබේ. එයින් එකක් වන්නේ නීතියට අනුව ප්‍රශ්න විසඳීමය. දෙවැන්න වන්නේ බලය යොදවා ප්‍රශ්න විසඳීමය. මෙයින් පළමු ක්‍රමය අදාළ වන්නේ මිනිසුන්ටය. දෙවන ක්‍රමය අදාළ වන්නේ තිරිසනුන්ටය. මිනිසුන් අතර ඇතිවන ප්‍රශ්න මිනිසුන්ට අදාළ වන නීතිය මගින් විසඳීමට නොහැකි නම් මීළඟට කළ යුත්තේ තිරිසනුන්ට අදාළ වන ක්‍රමය වූ බලය යොදවා ප්‍රශ්න විසඳීමේ ක්‍රමය අනුගමනය කිරීමය. බලය යොදවා ප්‍රශ්න විසඳීම යහපත් දෙයක් නොවූවද එසේ කිරීම අවශ්‍ය වන්නේ නම් එය කළයුතුම වේ.

අද එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය පක්‍ෂය මුහුණ දී තිබෙන අර්බුදය විසඳීම සඳහා අනුගමනය කළ යුත්තේ මැකියාවෙලීගේ බලය යොදවා ප්‍රශ්න විසඳීමේ න්‍යායයි. හේතුව පක්‍ෂය තුළ ඇති වී තිබෙන අර්බුදය මිනිසුන්ට අදාළ වන නීතිය මගින් විසඳා ගැනීමේ සීමාව ඉක්මවා ගොස් තිබෙන තත්ත්වයක් පෙන්නුම් කරන බැවිනි. පැහැදිලිවම පෙනී යන්නේ තිරිසනුන් අතර ඇතිවන ප්‍රශ්න විසඳීමේ ක්‍රමය අනුගමනය නොකර අද පක්‍ෂය මුහුණ දී තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා වෙනත් ක්‍රමයක් නොමැති බවය. එක්සත් ජාතික පක්‍ෂය කුඹුරක් ලෙස සලකනවා නම් අද එය වල් පැළෑටි වර්ධනය වීම හේතුවෙන් විනාශ වී යන තත්ත්වයකට පත්ව ඇති බවයි පක්‍ෂය තුළ පැනනැඟී තිබෙන අර්බුදයෙන් පෙනී යන්නේ. එසේ නම් කුඹුර බේරාගෙන සරුසාර අස්වැන්නක් ලබා ගැනීම සඳහා වල් පැළෑටි ගලවා දමා විනාශ කළ යුතුය. පක්‍ෂ නායකයා කුඹුරු හිමියා ලෙස සලකනවා නම් පක්‍ෂ නායකයාගේ කාර්යය වන්නේ පක්‍ෂය විනාශ කරන්නාවූ වල් පැළෑටි ගලවා විනාශ කර දැමීමය. මෙසේ කිරීම හේතුවෙන් පක්‍ෂ නායකයා නරක පුද්ගලයකු ලෙස සලකන්නේ නැත. හේතුව තමන් එසේ කරන්නේ තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය උදෙසා නොව ලක්‍ෂ සංඛ්‍යාත සාමාජික සංඛ්‍යාවකගෙන් යුක්ත වූ ලංකාවේ තිබෙන දැවැන්තම දේශපාලනය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණෙන් වන බැවිනි. අරමුණ හොඳ නම් ඒ සඳහා යන මාර්ගය කුමක් වුවද කම් නැත යන මැකියාවෙලීගේ න්‍යාය මෙහිදී එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා සිහියට ගත යුතුය.
   
ඉහතින් ද දැක්වූ පරිදි යළිත් වරක් කිව යුත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදයට හේතුව පක්‍ෂ ව්‍යවස්ථාව පිළිබඳව පක්‍ෂ සාමාජිකයන්ට දැනුම හා අවබෝධය නොමැති වීම බවය. මෙයින් පෙනී යන්නේ දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් පක්‍ෂ සාමාජිකයන්ට නොමැති බවය. යම් අයකු දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය ලබා ගැනීම යන්නෙන් කරුණු කිහිපයක් අදහස් වේ. පක්‍ෂයේ දේශපාලන, ආර්ථික හා සමාජ මතවාදය පිළිගැනීමත් එය ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීමත් එයින් එක් කරුණක් වේ. පක්‍ෂ මතවාදය සමාජගත කරමින් හැකිතාක් පක්‍ෂයේ සාමාජිකත්වය පුළුල් කිරීම සඳහා ක්‍රියා කිරීම දෙවන කරුණ වේ.

පක්‍ෂ සාමාජික අරමුදල් නිසිපරිදි කලට වේලාවට ගෙවමින් සාමාජිකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තුන්වන කරුණ වේ. පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන වශයෙන් හැසිරීමට සහ ක්‍රියා කිරීමට එකඟ වීම සිව්වැනි කරුණ වේ. මේ හා බැඳුන අනෙක් කොන්දේසිය වන්නේ පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු නොකිරීම සහ එසේ කළහොත් දඬුවම් කිරීමට යටත් වන බව පිළිගැනීමය. මෙම සියලුම වගකීම් පිළිබඳව සාමාජිකයන්ට මූලික දැනුම හා අවබෝධය ලැබෙන්නේ පක්‍ෂ ව්‍යවස්ථාව විධිමත්ව අධ්‍යයනය කිරීමෙන් පමණි. එහෙත් එවැන්නක් කරා සාමාජිකයන් යොමු නොකිරීම ලංකාවේ සෑම දේශපාලන පක්‍ෂයක් ආශ්‍රිතවම දැකිය හැකි පොදු ලක්‍ෂණයක් වේ. දේශපාලන පක්‍ෂ තුළ වල් පැළෑටි බිහිවන්නේ මෙම හේතුව නිසාය. එහෙත් වර්ධනය වූ  පසු වල් පැළෑටි ගලවා දමා පක්‍ෂය පිරිසුදු කිරීමේ බෙහෙවින්ම අමාරු කාර්යභාරය පැවරෙන්නේ පක්‍ෂ නායකයාටය. පක්‍ෂ දේශපාලනයේදී සෑම දේශපාලන පක්‍ෂයකම නායකයන් මුහුණ දෙන බරපතළම නායකත්ව අර්බුදය වන්නේ මෙයයි. එබැවින් වල් පැළෑටි ගලවා දැමීම පක්‍ෂ නායකයා අප්‍රමාදව කළ යුතුය. නැතිනම් වල් පැළෑටි විසින් නායකයා විනාශ කර දමනු ඇත.

අද එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය මුහුණ දී තිබෙන්නේ මෙම අර්බුදයටය. තෝමස් හොබ්ස් නමැති ඉංග්‍රීසි ජාතික දේශපාලන චින්තකයා ප්‍රකාශ කළ පරිදි සතුරා මට පහර දී මා විනාශ කර දමන තෙක් මා බලා නොසිටිය යුතුය. මා කළ යුත්තේ සතුරා මට පහර දීමට ප්‍රථමයෙන් සතුරාට පහර දී සතුරා විනාශකොට මා ආරක්‍ෂා වීමය. පක්‍ෂය මුහුණ දී තිබෙන අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට මෙයට වඩා හොඳ වෙනත් විකල්පයක් නොමැති බව අවසාන වශයෙන් කිව යුතුය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ
හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද සොයිසා



අදහස් (5)

හරි පාර මැකියාවෙලි කියන පාර

සෙනෙවි Friday, 20 September 2019 04:17 PM

සොයිසා ලොක්කට දිරච්ච ලණු දෙන්න එපා..

:       25       380

de silva Saturday, 21 September 2019 01:32 AM

එජාපයට සිටින ලොකුම සතුරා රනිල්, ඔහු බල ලෝභයෙන් පක්ෂය බදාගෙන සිටින නිසා... පක්ෂය පිහිනාගත නොහැකිව දියේ ගිලි මියයමින් පවතී. දැන් කළයුතු එකම දෙය මොහු පක්ෂයෙන් ගලවා දමන එක...

:       35       803

Nimal Tuesday, 24 September 2019 02:20 PM

ඕකට හරියන්නේ නිකලෝයි මැකියාවෙලිගේ න්‍යාය නෙමෙයි ධාතුසේන රජ්ජුරුවන්ගේ මිගාර සෙනෙවියගේ න්‍යාය...

:       0       0

DD Tuesday, 24 September 2019 03:36 PM

කොහොමද මම එහෙම කරන්නනේ, මමත් අවංක නැති කොට

:       0       0

රෝහණ පෙරේරා Wednesday, 25 September 2019 05:06 AM

මහාචාර්යතුමාගේ අදහස නිවැරදි වන්නේ පක්ෂ නායකයා නිවැරදිව,අවංකව,පක්ෂයේ බහුතරයගේ කැමැත්තට ඇහුම්කන් දෙමින් කටයුතු කරන්නේ නම් පමණි.එසේ නොවන සෑමවිටම මෙවැනි තත්වයන් ඇතිවීම ස්වාභාවිකය.පක්ෂයේ නිළයන් යනු පාක්ෂික නියෝජනයයි.පාක්ෂිකයාගේ මතය ප්‍රකාශනය පක්ෂ නිළය තුලින් සිදුවිය යුතුය.එයට කන් නොදෙන කළ පක්ෂ නායකයාට හා ඔහු වටා සිටින අනෙකුත් නිළයන් වෙතට ද මෙවැනි ආකාරයෙන් සිදු වීම හා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය වීමද වැලැක්විය නොහැක.එහි සාධාරණ අසාධාරණභාවය නිගමනය වන්නේ නායක කාරකාදීන්ගේ ක්‍රියාකලාපය හා පාක්ෂිකයාගේ අභිමතය මතයි.අද එක්සත් ජාතික පක්ෂයටද වී ඇත්තේ එයයි.මෙයට ප්‍රධානම වගකිවයුත්තා වන්නේ වර්තමාන නායකයායි.ඔහු තම බලය මතම පිහිටා පක්ෂයේ මුල් පුටු සඳහා කළ පත්කිරීම් ද සැමදා තමන්ට වාසි පිණිසම යොදා ගැනීමට නොහැකි බව මෙයින්ම ගම්‍ය වේ.මෙයම මහින්ද රාජපක්ෂ මහතාට ද වූයේ ඉහත කාරණා නිසාය.එබැවින් මැකියාවලී තියරිය වර්තමානයට නොගැළපේ.ඒ මත පිහිටා කටයුතු කිරීම පිළිබඳව වර්තමාන පාලකයින් මෙන්ම අනාගත නායයින් වීමට සිතන අයද සිතට ගත යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 201 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 279 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 225 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 945 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 56 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 617 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site