IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සිංහල-දෙම​ළ කවියෙන් මැති සබය රසවත් කළ - අස්වර්

හිටපු ඇමැතිවරයකු වූ අල්හාජ් ඒ.එච්.එම්. අස්වර් මහතා අභාවප්‍රාප්තවී අදට (30) වසර හතරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1932.08.02 වැනිදා මහරගමදී උපන් අස්වර් මහතා ආචාර්ය ටී.බී. ජයා මහතා කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කරන කාලයේදී ඔහුගේ මගපෙන්වීම යටතේ ශිල්ප ලැබුවේය.
අස්වර් මහතා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ලේක්හවුස් ආයතනයේ නුගේගොඩ වාර්තාකරු වශයෙනි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වූ පසුව ඔහු නිතර එස්කින් මේ මහතාගේ ලේඛන උපුටා දක්වමින් කථා කළ විට ඔහුගේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මවිතයට පත්වූහ.

ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, රොබට් ගුණවර්ධන වැනි වාමාංශික නායකයන්ගේ කථාවලට ආකර්ෂණය වූ අස්වර් මහතා ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වී දේශපාලන පන්නරය ලබාගත්තේය.

වසර 1950 දී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ අස්වර් මහතා, පසුකාලීනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන්ද මුස්ලිම් ආගමික කටයුතු හා පාර්ලිමේන්තු කටයුතු රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළේය. ප්‍රේමදාස රජයේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාව තුළ හෙතෙම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ ආගමික සංස්කෘතික දියුණුව සඳහා විවිධ වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කළේය.

දිස්ත්‍රික් මට්ටමින් නබි නායක ජන්මදින උත්සව වාර්ෂිකව පවත්වමින්, ඒ ඒ දිස්ත්‍රික්කවල මුස්ලිම්වරුන්ගේ අතිශය පැරණි ඉතිහාසය ග්‍රන්ථාරූඪ කිරීමටද ඔහු මුලපිරුවේය.

මුස්ලිම් කලාකරුවන්ට ජීවත්ව සිටියදීම උපහාර දැක්වීම අස්වර් මහතා විසින් ආරම්භ කරන ලද්දේ මුදල් පරිත්‍යාග හා නම්බුනාම ද ප්‍රදානය කරමිනි. මේ හරහා කලාකරුවන් 135 දෙනෙකුට උපහාර දක්වා ඇත.

ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමට පෙර, ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත් කථානායකවරුන් වන එම්.ඒ. බාකීර් මාකර් සහ එම්.එච්. මොහොමඩ් යන මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ලේකම්වරයකු වශයෙන් ඔහු කටයුතු කළේය.

මාධ්‍යවේදියකු, සාහිත්‍යකරුවකු මෙන්ම කවියකු වශයෙන් ද අස්වර් මහතා ප්‍රචලිතව සිටියේය. පාර්ලිමේන්තුවේ ඇතැම් විවාදවල දී සිංහල මෙන්ම දෙමළ බසින් කවි ගයමින් තම අදහස් ප්‍රකාශ කළේය.
අස්වර් මහතා කිසිදු මැතිවරණයකට මුහුණ නොදුන්නද, පස්වරක්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූයේය.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මනා දැනුමක් සහිත වූ අස්වර් මහතා රටේ දේශපාලන නායකයන්ගේ කථා පරිවර්තකයෙකු වශයෙන් ද කටයුතු කළේය.

2008 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධව රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වූයේය. මිය යන තෙක්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනය හා ඒකාත්මිකව සිටි අස්වර් මහතාගේ සහයෝගය යහපාලන රජය කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉල්ලා සිටියේය. එම ආරාධනය පිළිගත්තේ නම් පදවි තානාන්තර ලබන්නට අවස්ථාව තිබුණද, මහින්ද රාජපක්ෂ මහතා සමග මුස්ලිම්වරුන් සිටිය යුතුය යන ස්ථාවරය මත මොහු ජීවිතයේ අවසානය දක්වාම මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූවේය.
මාධ්‍යවේදීන් සමග ඉතා සමීපව කටයුතු කළ ඒ මහතා කලක් පොදුජන එක්සත් පෙරමුණු රජයේ මාධ්‍ය ඔම්බුඩ්ස්මන්වරයා ලෙසද කටයුතු කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ මන්ත්‍රී කණ්ඩායමට 2014 වසරේදී නැගෙනහිර පළාතෙන් මුස්ලිම් මන්ත්‍රීවරයෙකු පත් කළ යුතු අවශ්‍යතාවක් පැනනැගුණු විට, අස්වර් මහතා නායකත්වයේ ඉල්ලීම පරිදි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වූයේය.

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ අස්වර් මහතා ගුවන්විදුලියේ හා රූපවාහිනියේ ක්‍රිකට් තරග විස්තර ප්‍රකාශකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.


(*** එන්.එම්. අමීන්)



අදහස් (2)

සිංහල-දෙම​ළ කවියෙන් මැති සබය රසවත් කළ - අස්වර්

jayasekara Monday, 30 August 2021 12:11 PM

ජාතිය කුමක් වුවත් ආසම කරන මුස්ලිම් දේශපාලන මහතෙක් .කවදාවත් ජාති භේද ඇවිස්සුවේ නැති සිංහල භාෂාව වියත් ලෙස හසුරවපු ,රටේ බහුතර සංස්කෘතිය හඳුනාගත් පරිනත ශ්‍රී ලාංකිකයෙක් .දැන් ඉන්න ය ඒකේ අනික් පැත්ත

:       3       9

ganegoda Monday, 30 August 2021 07:12 PM

ගුටිනොකා බේරුණා ඇති...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 499 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site