අභාවප්‍රාප්ත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 25 වැනි ගුණ සැමරුව අදට (16) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1956 වසරේ මනමේ නාටකය නිෂ්පාදනය වූ දා සිට මේ දක්වා කාලය වසර පනහකි. ඉතා පැරණි ඉතිහාසයක් ඇති සිංහල නාට්‍ය කලාවේ වසර හැට පහක ගමන් මඟ විමසීමට අප සැරසෙන්නේ නියත වශයෙන්ම සිංහල නාට්‍ය කලාවේ සන්ධිස්ථානය මනමේ නාටකයෙන් ඇරඹුණු බව කවුරුත් පිළිගත් නිසාය.
1914 ජූනි මස 2 වැනිදා දකුණු පළාතේ ගාලු දිසාවේ රත්ගම නම් ග්‍රාමයේ ජන්ම ලාභය ලද එතුමා වැදිතන්ත්‍රිගේ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා නමින් හැඳින්වූ අතර පසු කාලීනව වැදිතන්ත්‍රිගේ එදිරිවීර සරච්චන්ද්‍ර නමින් ප්‍රකට විය.. ගාල්ල රිච්මන්ඩ්, පානදුර ශාන්ත ජෝන්, ගල්කිස්ස ශාන්ත තෝමස් ආදී පාසල් වලින් අධ්‍යාපනය ලැබූවද එතුමන් සිංහල, පාලි සංස්කෘත, ලතින්, ඉංග්‍රීසි ආදී භාෂා පිළිබඳවද ප්‍රාමාණික වියතෙක් ලෙසද ප්‍රසිද්ධ විය. කොළඹ යුනිවසිට් කොලීජියට ඇතුළත් වූ එතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් උසස් ලෙස සමත්ව 1936 දී ගෞරව උපාධියක් හිමි කර ගත්තේය.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක් තිබූ එතුමා ‘සිලෝන් ඩේලිනිවුස්’ පුවත් පතේ සේවය කොට 1939 වසරේදී භාරතයේ රවීන්ද්‍රනාත් තාගෝර් යටතේ ශාන්ති නිකේතනයේදී භාරතීය දර්ශනය හා සංගීතය පුළුල් ලෙස හැදෑරුවේය. කෙටිකලක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළ එතුමා කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාල සේවයට එක් වූයේය. එමෙන්ම පෙරදිග දර්ශනය පිළිබඳ “ශාස්ත්‍රපති” උපාධිය ලබා ගත් එතුමා පෙර්දෙණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා පීඨයේ පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධුරයට පත් වූයේය.
නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණ කළ එතුමා ජපානයේ නෝ, කබුකි නාට්‍ය පිළිබඳව පුළුල් ලෙස හැදැරීම් කරන ලදි. 1943 දී Modern Sinhalese fiction නමින් ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් සම්පාදනය කරන ලදි. එහි සිංහල කෙටි කතා හා නව කතා පිළිබඳ ඉතා විශිෂ්ට විචාරයක් ඇතුළත්ව තිබිණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී දිගින් දිගටම නාට්‍ය කලාව පිළිබඳ පර්යේෂණ කල සච්චන්ද්‍රයන් විසින් The Sinhalese folk play සිංහල ගැමි නාටකය නමින් විශිෂ්ට පර්යේෂණ ග්‍රන්ථයක් ලියා පළ කරන ලදි. එය ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස අදටත් භාවිත කෙරෙයි.
සිංහල නාට්‍ය වංශ කථාවේ පෙර ගමන්කරු හෙවත් ප්‍රදීපස්ථම්භය ලෙස විරුදාවලි ලත් සච්චන්ද්‍රයන් නාඩගම්, කෝලම්, වැදි නැටුම් මේ සියල්ල මැනවින් හදාරා රෂොමන් කථව චුල්ලධනුග්ගහ ජාතකය ද ඇසුරු කරගෙන 1956 වසරේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය අනු මණ්ඩලය මගින් කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී ප්‍රථම වරට මනමේ නාටකය රඟ දක්වන ලදි. ශ්‍යාමන් ජයසිංහ, බෙනඩික් සිරිමාන්න, එඩ්මන් විජේසිංහ, ට්‍රිලීෂියා අබේකෝන් පසුව ට්‍රිලිෂියා ගුණවර්ධන ආදීන් හා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේද සමගින් එක්ව ලාංකීය නාට්‍ය නව මාතකට යොමු කරවන ලදි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය ලුඩොවයික් සමග ඉංග්‍රීසි නාට්‍ය කිහිපයක් සිංහලට පරිවර්තනය කොට රඟ දක්වන ලදි. මුදලාලිගේ පෙරළිය, කපුවා කපෝති, වලහා, බහින කලාව, සංස්කෘතික කොමසාරිස්ගේ සත්ව කරුණාව, තරුණ ලේඛකයා ආදිය ඉන් ප්‍රධාන වේ. සිංහල නාට්‍ය වංශය වෙනත් මඟකට යොමු කළ අද්විතීය නිර්මාණයකි. 1961 වසරේ සරච්චන්ද්‍රයන් නිෂ්පාදිත සිංහබාහු නාටකය ප්‍රථම වරට පේරාදෙණිය සරසවියේදී රඟදැක්වූ අතර එය ලාංකීය ජාතිකයන් අතර මෙන්ම ලෝක ප්‍රසිද්ධ අද්විතීය නිර්මාණයක් ලෙස ප්‍රකට විය.
ලේඛකයකු වූ සරච්චන්ද්‍රයන් විසින් කෙටි කතා, නව කතා, නාට්‍ය මෙන්ම ශාස්ත්‍රීය ග්‍රන්ථද රාශියක් ලියා පළ කොට තිබේ. කාලයාගේ ඇවෑමෙන් (1969) මායා රූපය, (1974) රූප සුන්දරී, (1984) ගෘහනිය උපාසිකාව හා මිඩිය (1994) යනු එතුමාගේ කෙටි කතා අතරින් කිහිපයකි. මලගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදු දා (1959), වල්මත් වී හසරක් නුදුටීමි (1962), ලොකු පුතා නොහොත් බන්දුලගේ පරාවර්තනය හෙට එච්චර කළුවර නෑ (1975), විලාසිනියකගේ ප්‍රේමය නම් චම්පු කාව්‍ය (1988), Form Upon The Stream (1987), Land Marks of Sinhalese Literature (1950), With The Begging Bowl (1986), Carfe and a Full Moon (1978) එතුමාගේ නව කතා අතර ප්‍රධාන වේ.
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය අතර මනමේ, සිංහබාහු, පබාවතී, බහින කලාව හා තවත් නාට්‍ය, වඳින්න ගිය දේවාලය, එලොව ගිහින් මෙලොව ආව, කදා වළලු, හස්ති කාන්ත මන්තරේ, ගීතාංග නාටකය, මහාසාර, පෙමතෝ ජයාතී සොකෝ, භව කඩතුරාව, ලෝමහංස, මඟුල් ප්‍රස්ථාව, රත්තරං, ඒකට මට හිනා හිනා, වල ඉහගෙන කෑම, වෙල්ලවැහුම්, වට පුළුවේ ගෙවල් බිඳලා, කිරි මුට්ටිය ගඟේ ගියා ආදී නාට්‍ය ප්‍රමාණයක් එතුමා විසින් නිෂ්පාදනය කරන ලදි.
ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් ලියා පළ කළ එතුමා ‘අපේ විත්ති , සාහිත්‍ය විද්‍යාව, සිංහල නවකතාව, කල්පනා ලෝකය, නාට්‍ය ගවේෂණ, අසම්පූර්ණ චාරිකා සටහන්, සිංහල ගැමි නාටකය, වෙස් මුහුණද සැබෑ මුහුණද, ධාර්මිෂ්ඨ සමාජය’ ආදී සිංහල ග්‍රන්ථ මෙන්ම Buddhist Psychology of perception, The Sinhalese Novel, The Sinhalese Folk Play එතුමන්ගේ ඉංග්‍රීසි ශාස්ත්‍රීය ග්‍රන්ථ ද ප්‍රධාන වේ. ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි.
මෙරට බිහිවූ අග්‍රගණ්‍ය විද්වතෙකුවූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් බිහි කළ සිසු පරපුර ඉතා විශාල වේ. ඇවිදින පුස්තකාලයක් බඳු එතුමෝ පිංවතෙකි. 1965 දී ලලිතා පෙරේරා මහත්මිය සමග විවාහ වූ එතුමා සිව්දරු පියෙකි. සුනේත්‍රා සරච්චන්ද්‍ර, කිසාගෝතමී සරච්චන්ද්‍ර, යශෝධරා සරච්චන්ද්‍ර හා රංසි සරච්චන්ද්‍ර එතුමන්ගේ දරුවන් වේ.
ලාංකීය විශ්වවිද්‍යාල කිහිපයකින්ම සාහිත්‍ය සූරී උපාධියෙන් පිදුම් ලද එතුමා භාරත දේශයෙන් පිරිනමන කුමාරන් අශාන් සම්මානයෙන්ද, පිලිපීනයේ රාමෝන් මැග්සෙසේ ජාත්‍යන්තර සම්මානයෙන්ද සම්මානිතය. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය එදා මෙන්ම අද ද අද මෙන්ම හෙටද ලොව පුරා රාව ප්‍රතිරාව දෙනු ඇත. මනමේ, සිංහබාහු නාට්‍ය ඉංග්‍රීසි, දෙමළ මෙන්ම භාෂාවන් ගණනාවකටම පරිවර්ථනය කොට තිබීම සුවිශේෂීත්වයකි. එතුමා විසින් රචිත මනමේ, සිංහබාහු, කදාවළලු, පෙමතෝ ජායතී සොකෝ, වෙල්ලවැහුම්, එළොව ගිහින් මෙලොව ආවා නාට්‍ය කෘතීන්ද මලගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදු දා ආදී කෘතීන්ද පාසල් පිරිවෙන් විෂය නිර්දේශයන්ට මෙන්ම විශ්වවිද්‍යාල උපාධි සඳහා නිර්දිෂ්ඨ ග්‍රන්ථ වේ.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, ජයන්ත අරවින්ද, වසන්ත කුමාර, මිරැන්ඩා හේමලතා, සුගතපාල ද සිල්වා ආදීන් සමග නාට්‍ය වංශ කථාව ජාත්‍යන්තර වශයෙන්ද ව්‍යාප්ත කිරීමට සරච්චන්ද්‍රයන් සමත් වූහ. දෙඅසූ වසක් ආයු විඳි මහැදුරු සරච්චන්ද්‍රයෝ 1996 වැන්නේ නිකිණි මස 16 වන දින නටුවෙන් ගිලිහී ගිය මලක් සේ අටවක අඳුරෙහි ගිලී ගියහ.
(***)
කල්පිටිය අන්තර් සමුද්‍ද පරිවේනාධිපති
මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සරා සඳ බැස ගොස් විසිපස් වසරයි
mahinda Monday, 16 August 2021 12:00 PM
මේ විශ්ව බුද්ධිමතාට සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී එ: ජා:ප: ජාතික සේවක සංගම් මැරයන් විසින් අමානුශිකව පහර දී බිම දිගේ ඇදගෙන යාමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට පවා සිදුවිය. මේ තුඡ්ච් අමානුශික මිලේඡ්ච ප්‍රහාරය මෙහෙයවූ ජා: සේ: සංගම් ප්‍රබලයකු ලෙස එදා විරුද්ධ පක්ෂයේ චෝදනා වට ලක්වූ මැර ප්‍රහාරයේ නියමුවකු අද ඒ විරුද්ධ පක්ෂයේ රාජ්‍යක් යටතේ ගරු ඇමති කම් දරයි.
ගුප්ත Monday, 16 August 2021 03:44 PM
මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා වගේ හර සුන් නිර්මාණත් එතුමාගේ නිර්මාණ අතර තිබුණා. 60 දශකයෙන් පසු රටේ සිදුවූ නරක සමාජ ප්‍රවනතා වලට එතුමාගේ නිර්මාණත් හේතුවක්.