ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි. මේ විහාරයේ ඉතිහාසය සොයා බලද්දී අනුරාධපුර යුගයේ මුල් සමයට නෑකම් කියන විහාරයක් හැටියට පැහැදිලිව හඳුනා ගත හැකිය. විහාරයේ සුවිසල් වූ ගිරි ශිඛරය පාදක කොට ගෙන පිහිටි පර්වත ලිපි දෙක, ලෙන් ලිපි දෙක හා කටාරම් කෙටූ ගල්ලෙන් ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් දුරාතීතයට අයත් යැයි විශ්වාස කෙරේ. ඇතැම් ලෙන් ලිපි කාලයත් සමග විනාශව ගොස් ඇතත් ලෙන් ලිපිවල ඉතිරිව පවත්නා කොටස් කියැවීමෙන් යම්තාක් දුරකට අර්ථ විග‍්‍රහයකට යෙදිය හැකිය. එවැනි එක් ලෙන්ලිපියක සඳහන් වන්නේ තිස්ස ගෝත‍්‍රයට අයත් භික්ෂුවක විසින් මේ ලෙස පුදන ලද බවය. තවත් ලෙන් ලිපියක සඳහන් වන්නේ ප‍්‍රමුඛ උත්තියගේ පුත‍්‍ර ප‍්‍රමුඛශුම විසින් ලෙන් පූජාව සිදු කරන ලද ඇති බවය. කෙසේ නමුත් මේ තොරතුරු ගවේෂණයේ යෙදෙන විට පැහැදිලි වන්නේ ලක්දිවට බුදුසසුන පැමිණි මුල් සමයේම ආඬිගල විහාරය කීර්තිමත් සිද්ධස්ථානයක් හැටියට පවතින්නට ඇති බවය. ආඬිගල විහාරයේ ලෙන් විහාරය ඉදිරිපිට පර්වතයේ පවත්නා සෙල් ලිපියක ”කළඳගවින” යන අකුරු කීපය පමණක් ඉතිරිවී ඇති මේ ලිපිය පිළිබඳව සෙනරත් පරණවිතාන මහතාද අදහසක් ඉදිරිපත් කොට තිබේ. පුරා විද්‍යාඥයන් විසින් සඳහන් කරන ලද මත වලට අනුව කලා ඔයට නුදුරුව අතීතයේ පැවැති දියුණු වෙළෙඳ නගරයක් හැටියට මෙම ප‍්‍රදේශය පැවැතී ඇත. එදා කාල දීඝවාපී ද්වාර විහාරය ලෙස හඳුන්වා ඇත්තේ මේ ආඬිගල රාජමහා විහාරයයි. එසේම කලකදී අහලිපවත විහාරය හැටියටත්, මේ විහාරය හඳුන්වා තිබේ. එදා මේ ප‍්‍රදේශයේ විසූ අහල නම් ඇමැතියා කරවූ ”අහල වැව” අද ”අංගමු වැව” යැයි විශ්වාස කරනු ලැබේ. මේ අහල වැවේ ජල බද්ද පූජාකර ඇත්තේ අහලිපවත චේතියටයි. සෙල්ලිපිගත තොරතුරු ගැඹුරින් පිරික්සා බලද්දී මේ ආඬිගල රාජමහා විහාරය හත්ථදාඨ මහ රජු විසින් කරවන ලද බවට තොරතුරු හමුවේ. විහාරයේ ගල් පර්වතය තරණය කිරීමට ගලේ කෙටූ ඉතා රමණීය ගල් පඬි පෙළකි. මේ ගල් පඩිපෙළ ආඬිගල විහාරයේ මනස්කාන්තම හා වටිනාම නිර්මාණය යැයි අපිදු විශ්වාස කරමු. ගල්පඩි නැඟ පර්වතය මුදුනට ගියවිට විශාල තැනිතලාවක් හමුවේ. ගල මුදුනෙහි ඉපැරණි දාගැබක නටබුන් දැකිය හැකිය. අඩි හයක් පමණ දිග ශෛලමය රූපය මේ දාගැබ අසලම දැකිය හැකිය මේ දාගැබ ආසන්නයේ කවාකාර ගොඩනැගිල්ලක්ද තිබී ඇත. මේ ඉපැරණි චේතිය අසේල වෛත්‍ය (අහලිපවත චේත) ලෙසද හඳුන්වනු ලැබේ. එය අසේල ඇමතිවරයා කරවූ නිසා මේ නමින් හඳුන්වන බව සිතිය හැකිය. ගල මුදුනේ ලංකාවේ හැඩයට සමාන ස්වභාවික පොකුණක්ද දක්නට ලැබේ. එසේම ගල මුදුනේ සිට අවට බලද්දී ප‍්‍රදේශයේ සිරි අසිරිය අපූරුවට විඳ ගැනීමට පුළුවන. නිල්වන් කෙත් යාය, තුඹුල්ලේ වැව, අංගමුව වැව රාජාංගනය අවට සශ‍්‍රීකත්වය, කදිමට කියාපාන සොබාදහම් සිත්තම්ය. මේ ගල් පර්වතයේ තැන් කිහිපයක ස්වභාවික පොකුණු කිහිපයක් දැකගත හැකිය. පර්වතය පාමුල ඉපැරණි විහාර ගෙයක් දක්නට ලැබේ. එහි අංගනය කැටගලින් සාදා තිබේ මේ විහාර ගෙයි තිබූ බුදු පිළිමය හා විෂ්ණු රූපය විනාශ කර දමා ඇති අතර ඒ අවට ඉපැරණි නටබුන් බොහෝ දැකිය හැකිය. විහාර ගිරි ශිඛරය පාමුල බෝධීන් වහන්සේ අභියස ඉපැරණි සෙල් ලිපියක කොටසක්ද, කාන්තා පිළිරුවක හිස කොටසද පාද ලාංජන ශිලා ඵලකයක්ද ඒකරාශි කර තිබෙනු දක්නට ලැබේ. රාජාංගනය ව්‍යාපාරය අවට පිහිටි ප්‍රෞඨ ඉතිහාසයකට නෑකම් කියන ආඬිගල රාජමහා විහාරය 1969 වසරේදී පහළගම ගුණරත්න නාහිමියන් විසින් සොයාගනු ලැබ මෑත කාලීන විහාර දියුණුවට කටයුතු සම්පාදනය කරන ලදහ. දැනට විහාරයේ ක‍්‍රියාකාරී සංවර්ධන කටයුතු කැටකාලේ උපරතන හිමිගේ අනුශාසනා පරිදි සිදුවේ. ඉතිහාසය, සොබා සුන්දරත්වය, අපූරු ලෙස එකට එකතු වූ අපේ රටේ පිහිටි ඓතිහාසික පුද බිමක් හැටියට ආඬිගල රාජමහා විහාරය හඳුනාගත හැකිය. මේ සුන්දර පින්බිම දැකබලා ගන්නට, ගවේෂණය කරන්නට ඔබටත් අවස්ථාව උදාවේවා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය
සුසීම Tuesday, 01 May 2012 09:06 PM
වැස්සට අධිපති දෙවියන්ට පිදූ විහාරයක් බවට ඉදිරපත් කර ඇති විස්තර මදි නේද?
මාලනී Tuesday, 03 January 2012 03:09 PM
මේවා තමයි අපේ සම්පත්. හැමදෙනාම ආරක්ෂා කළ යුතු වටින දේවල්
කුමුදුමලි Monday, 11 June 2012 05:08 PM
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි
කුමුදුමලී Monday, 02 July 2012 10:37 AM
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.
කීසා Monday, 11 June 2012 04:38 PM
අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න... ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා
ධම්මික Friday, 22 June 2012 02:13 PM
අපේ රටේ ඉන්නේ බටහිර ටයිප් එකේ කට්ටියනේ.ඒකයි මේවාල අගයක් නැත්තේ
ජයසිරි විජේරත්න Thursday, 12 January 2012 08:36 AM
මෙම ගිනිපෙට්ටි පාලම ඉතාමත් අලංකාර ඉදිකිරීමක්.
සුනන්ද Monday, 06 February 2012 12:57 PM
ලස්සනයි ශාන්තයි. ඇයි මේවා ගරා වැටෙන්න දෙන්නෙ. මතු පරපුර වෙනුවෙන් මේවා රැකගන්න රටේ හැමෝම එකතු වෙන්න ඕනා