
ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මත ගැටුමක් නිර්මාණය වී තිබේ. විසිවැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කරන අතරේ අගමැතිවරයාගේ බලතල කප්පාදු කර ඇතැයි ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන්නට පටන් ගත්තේය. මේ අතර තවත් පිරිසක් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ද විරෝධතා දක්වන්නට වූහ.
ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෙබවීමේ අයිතිය දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහිමි කර තිබිණ. එහෙත් යෝජිත විසිවැනි සංශෝධනයෙන් එම අහෝසිය ඉවත් කර තිබේ. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ගැටලුව ද විසිවැනි සංශෝධනය පිළිබඳ මත ගැටුමට මුල් වූයේය. මීට අමතරව විගණන කොමිසම අහෝසි කිරීම, ජනාධිපති හා අගමැතිවරයාගේ කාර්යාල විගණනයට යටත් නොවීම ආදී කරුණු සම්බන්ධයෙන් ද විවේචන එල්ල වන්නට විය. එම නිසා අග්‍රාමාත්‍යවරයා නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර විස්සට එකතු කළ යුතු සංශෝධන ඉදිරිපත් කිරීම එම කමිටුවට බාර කළේය. ඒ අනුව කමිටුව මගින් යෝජනා කළ සංශෝධන ඉකුත් අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේය. එහෙත් එම සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සිදුනොවූ අතර ආණ්ඩුවේ ඇමැතිවරුන් ප්‍රකාශ කළේ ලබන අඟහරුවාදා විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. පනත් කෙටුම්පත විවාදයට ගන්නා අවස්ථාවෙන් පසුව එනම් කමිටු අවස්ථාවේ දී යෝජිත සංශෝධන ඇතුළත් කරන බව ද ඇමැතිවරු කීහ. කෙසේ වෙතත් යෝජිත සංශෝධනය ගැන ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ ආණ්ඩුවට සහාය ලබාදුන් සිවිල් සංවිධානවල ද විවිධ අදහස් පළ වෙමින් තිබෙන බවක් දක්නට ලැබේ.
ජනාධිපතිවරයා ඉකුත්දා තවත් තීරණයක් ගත්තේය. ඒ මහජන දිනය සඳුදාට පැවැත්වීමටය. සාමාන්‍යයෙන් මීට ඉහත දී මහජන දිනය ලෙස නම් කර තිබුණේ බදාදාය. එහෙත් බදාදා මැති ඇමැතිවරුන්ට කාර්යබහුල දිනයකි. පාර්ලිමේන්තු රැස්වීම් බදාදා දිනයේ පැවැත්වේ. මීට අමතරව කැබිනට් මණ්ඩලය රැස්වන්නේ ද අඟහරුවාදා හෝ බදාදාය. මේ කරුණු හේතුවෙන් සඳුදා මහජනතාව හමුවීමට සුදුසුම දිනය ලෙස වෙන් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
රජයේ ආයතනවලට පැමිණෙන ජනතාවට අදාළ නිලධාරීන් මුණ ගැසීමටත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩදීම සඳහා අනිවාර්යයෙන්ම සඳුදා දිනයේ නිලධාරීන් කාර්යාලවල සිටිය යුතු බව ද ජනාධිපති ලේකම්වරයා සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දුන්නේය.
මේ අතර ආණ්ඩුව ඉකුත්දා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අවවාදයක් ද කළේය. රජය සහ පක්ෂය ගනු ලබන ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් තම තමන්ගේ පෞද්ගලික මත මාධ්‍යවලට ප්‍රකාශ නොකරන්නැයි ආණ්ඩුව කීවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් එම පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට හා පළාත් පාලන නියෝජිතවරුන්ට ඒ බව ලිඛිතව දැනුම් දුන්නේය. රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගනු ලබන තීන්දු තීරණවලට පටහැනිව මැති ඇමැතිවරුන් ප්‍රකාශ නිකුත් කිරීම නිසා පක්ෂයටත් රජයේ ඉදිරි ක්‍රියාමාර්ගවලටත් දැඩි හානියක් සිදුවන බව ද ප්‍රධාන ලේකම්වරයාගේ ලිපියෙන් පේනවා දී තිබිණ පක්ෂය හා රජය තුළ කල්ලි හා කණ්ඩායම් ගොඩනැගී තිබීම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට බාධාවක් බව ද විනය කඩ කරන මැති ඇමැතිවරුන්ට එරෙහිව පියවර ගන්නා බව ද පොදුජන පෙරමුණේ ලේකම්වරයා දන්වා තිබුණේය.
පළාත් සභා සම්බන්ධයෙන් සොයා බැලීමට ද කමිටුවක් පත්කර තිබේ. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති අතර කමිටුවට පවරා දී ඇත්තේ රටට පළාත් සභා අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධ කරුණු සොයා බැලීමටය. කමිටුවේ සභාපති මහාචාර්ය පීරිස් භූගෝල විද්‍යාව සම්බන්ධ විද්වතෙකි. ඔහු භූගෝල විද්‍යාව සම්බන්ධ ග්‍රන්ථ රාශියක් ද ලියා තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහණ ව්‍යාප්තිය, ඉඩම් බෙදීයාම ආදී කරුණු සම්බන්ධයෙන් හෙතෙම ගැඹුරින් අධ්‍යයනය කර ඇති විද්වතෙකි. ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ පළාත් සභා ක්‍රමය ගැන එම විද්වත් මණ්ඩලයෙන් යෝජනා ලබා ගැනීමටය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය මේ වනවිට යම් දුරකට විසඳී තිබේ. පක්ෂයේ නායකත්වය ලැබීමට පෙර නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කර තිබිය යුතු යැයි යන කොන්දේසිය මත ඉකුත්දා එජාපයට නියෝජ්‍ය නායකයකු තෝරා ගත්තේය. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැවැති රහස් ඡන්දයෙන් රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකත්වයට පත් වූයේය. ප්‍රතිවාදී රවි කරුණානායක අභිබවා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට රුවන් විජයවර්ධන සමත් වූයේය. ‘තමා එජාපයේ නායකත්වය ලබා ගැනීමට සූදානම් බවත් සියලු කණ්ඩායම් එක්රැස් කර පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට තමන්ට අවශ්‍ය බවත් රුවන් කීවේය. මේ අතර කරු ජයසූරියගේ පාර්ශ්වයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහට යම් විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. කරු ජයසුරිය ද එජාපයේ නායකත්වය බලාපොරොත්තුවෙන් පසු වූයේය. එජාප නායකත්වය අපේක්ෂා කළ අනෙක් දේශපාලනඥයා නවීන් දිසානායකය. නවීන් ඒ සම්බන්ධයෙන් ඉකුත් දිනවල අදහස් පළ කරමින් සිටියේය.
සමගි ජන බලවේගයේ අපේක්ෂව වී තිබුණේ එජාපයේ බලය ඇල්ලීමය. ඒ සඳහා මන්ත්‍රීවරුන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් ඉතා සූක්ෂම වැඩපිළිවෙළක් දියත් කළේය. මහ මැතිවරණයේ දී එජාපය අන්ත පරාජයකට පත්වීම නිසා සමගි ජන බලවේගයේ පිරිසට සිරිකොත බලය අල්ලා ගත හැකි වනු ඇතැයි ද පසුව සමගි ජන බලවේගය එජාපය බවට පරිවර්තනය විය යුතු බව ද සමගි ජන බලවේගයේ නායකයෝ ඉකුත් දිනවල පැවසූහ. එහෙත් නායක රනිල් වික්‍රමසිංහ ඊට දේශපාලන ගැටයක් ගැසුවේය. ඔහු සිය පක්ෂයට නියෝජ්‍ය නායකයකු පත් කිරීමටත් පක්ෂයට නව නායකයකු පත්කිරීම ලබන වසරට කල් තැබීමට තීරණය කිරීම ආදී කරුණු හේතුවෙන් සමගි ජන බලවේගයේ අපේක්ෂා සුන්වී ඇතැයි ද දේශපාලන විචාරකයෝ මත පළ කරති. මේ අතර සමගි ජන බලවේගය පක්ෂය මගින් ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් ද දියත් කර තිබේ. ඒ යෝජිත විසිවැනි සංශෝධනයට එරෙහිවීමට සහ එහි ඇති අහිතකර කරුණු පිළිබඳව ජනතාවට කරුණු කීමටය. අනෙක් අතට දහනව වැනි සංශෝධනය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය බව ද සමගි ජන බලවේගය පක්ෂය හා එම පක්ෂයට සම්බන්ධ සිවිල් සංවිධාන සඳහන් කරති. හිටපු කතානායක කරු ජයසූරිය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායකත්වය බාර ගත්තේය. ඔහු ඉකුත්දා එම ව්‍යාපාරයේ සභාපතිධුරයට පත් වූයේය. විසිවැනි සංශෝධනයට එරෙහිවීම, දහනව වැනි සංශෝධනයේ හරවත් දේ ආරක්ෂා කර ගැනීම මෙන්ම ස්වාධීන කොමිෂන් සභා ආරක්ෂා කරගැනීම ආදී කටයුතු වෙනුවෙන් තමා කැප වී කටයුතු කරන බවද කරු ජයසූරිය කීවේය.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හරහා තවත් සිවිල් සංවිධාන ඒකරාශී කරගනිමින් කරු ජයසූරිය ඉදිරි ගමනකට සූදානම් වන බවය.
නොවැම්බර් 02 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දි පැවැත්වෙන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ 04 වන සංවත්සර සමුළුව පිළිබදව දිස්ත්‍රික් මට්ටමින් මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාව නෙළුම් මාවත කාර්යාලයේදී පහුගිය සතියේ පැවැත්වුණේ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවල සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැඳවූ බැසිල් ඔවුන්ට කළ යුතු දේ පැහැදිලි කළේය. මේ සියලු රැස්වීම්වලට ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරුන් දෙදෙනා සහභාගී කර ගැනීම අත්‍යවශ්‍ය බව බැසිල් සිය කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබුණේ සමුළුව හා ඊට අදාළ අනුබද්ධ සංවිධාන සමුළු සංවිධානය කිරීමේ වගකීම පවරා තිබුණේ ඔවුන්ට නිසාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ට අදාළ මෙම දැනුවත් කිරීමේ රැස්වීම සංවිධාන කර තිබුණේ පහුගිය ඉරිදාය. ඉරිදා සවස 04.00ට පැවති මේ රැස්වීමට දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග සහභාගී වුණේ නැත. මෙවැනි රැස්වීම් කිසිසේත් මග නොහරින ප්‍රසන්න එදින රැස්වීමට සහභාගී නොවන බව බැසිල්ට කලින්ම දන්වා තිබුණි. රැස්වීමේ දී බැසිල් සමුළුව ගැන පැහැදිලි කළේය.
“වයස අඩු වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ වෙනකොට ලංකාවේ ප්‍රබලම පක්ෂය. වසර 04 ක් තුළ අපි මේ රටේ ප්‍රධානතම මැතිවරණ 03 කින් ජයග්‍රහණය කළා. ඒ හැමදේටම කැප වුණ හැමෝටම ස්තූතියි. මේ නිසා, මේ පාර සමුළුව අපි වෙනදා වගේම උත්කර්ෂවත් ලෙස පැවැත්විය යුතුයි. ඒකට හැමෝම සහාය දෙන්න.” බැසිල් කීවේය.
රැස්වීම අවසානයේ දී නැගී සිටියේ මන්ත්‍රී මිලාන් ජයතිලකය.
“බැසිල් ඇමැතිතුමා තමයි අපිට පක්ෂයක් නැති වෙලාවේ මේ ජයග්‍රහණ ලබන්න පක්ෂයක් හදලා දුන්නේ. ඒ වෙනුවෙන් ගම්පහ අපි හැමෝම ඔබතුමාට විශේෂ ස්තූතියක් කරනවා. ඒ වගේම අද මේ රැස්වීම මනමාලයා නැති මගුල් ගෙදර වගේ. මැතිවරණයෙන් පස්සේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන පළමු රැස්වීම මේක. අපේ දිස්ත්‍රික් නායකතුමා මෙතන නැති වුණත් එතුමා තමයි ගම්පහ මේ ජයග්‍රහණයේ පිටුපස හිටියේ.” මිලාන් කීවේය.
“ඔව් ඔව් ප්‍රසන්න හැමෝම එකතු කරගෙන ගම්පහින් අපිට ලොකු ජයග්‍රහණයක් අරන් දුන්නා. 2010 යුද්දෙ දිනපු වෙලාවේ මම දිස්ත්‍රික්කයට නායකත්වය දෙන වෙලාවෙත් ගම්පහින් ගන්න පුළුවන් වුණේ මන්ත්‍රීධූර 12යි. මේ පාර 13 ක් ගන්න පුළුවන් වුණා. ඒක ගැනනම් මටත් පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා...” බැසිල් කීවේ සියලු දෙනා සිනාගන්වමිනි.
පහුගිය අඟහරුවාදා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණේ ඇමැති ප්‍රසන්නගේ ද සහභාගීත්වයෙනි. පහුගිය දිනවල පැවති පොඩි වැස්සකටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් යටවීම ගැන මෙහි දී කතාබහක් ඇතිවිය.
“මේකට හේතුව අනවසර ගොඩකිරීම්. ගම්පහ වතුරෙන් යටවුණාම මිනිස්සු බනින්නේ අපිට. මිනුවන්ගොඩ අඹගහවත්ත පන්සල ළඟ ඉදන් දිගටම වෙළ ගොඩ කරලා. ඒකට මිනිස්සු බනින්නේ මට. හැබැයි අපි ඒවාට සම්බන්ධ නෑ. කවුද මේවාට අවසර දුන්නේ...? ”. ප්‍රසන්න ඇසුවේය. එහෙත් කිසිවෙකු ඊට උත්තර දුන්නේ නැත.
“අපි එපා කියද්දිත් මේවාට අවසර දීලා මිනිස්සු අපිට බනින්නේ. පාතාලයයි, සල්ලිකාරයොයි සමහර නිලධාරීන්ව අල්ලගෙන මේවා කරපුවාම මිනිස්සු බනින්නේ අපිට. වහාම මේ අනවසර ගොඩකිරීම් ඉවත් කරන්න.” ප්‍රසන්න කීවේය.
මේ අතර මිනුවන්ගොඩ මාරපොළ පාසල අසල ජලයෙන් යටවෙන ස්ථානයක් වසර 03 ක් තිස්සේ පිළිසකර නොකිරීමේ සිද්ධියක් ද මෙහිදී මතුවිය. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීනිය කීවේ දැන් එය පිළිසකර කිරීමට අවශ්‍ය බඩු ගෙනවිත් දමා ඇති බවයි.
“එතැන බඩු ගෙනල්ලා තියා හිතලවත් නෑ. බොරු කියන්න එපා.” ප්‍රසන්න කීවේය.
“නෑ. නෑ ඇමැතිතුමා, බඩු ගෙනල්ලා තියෙන්නේ.” නිලධාරිනිය කීවාය.
“අනේ නෝනා මහත්තයා ඔය කතා කරන්නේ මගේ ආසනේ මගේ අල්ලපු ගම ගැන. මම නිතර ඔතනින් යනවා එනවා.” ප්‍රසන්න කීවේය.
“බඩු ටික තියෙන්නේ මිනුවන්ගොඩ ඩිපෝවේ.” නිලධාරිනිය සෙමින් කීවාය. එහෙත් එය ප්‍රසන්නට ඇසුණි.
“ඒකනේ මම කිව්වේ. කරුණාකරලා බොරු කියලා අපිව අන්දවන්න හදන්න එපා. අපි බබ්බු නෙමෙයි. දැන් අවුරුදු 03 ක් තිස්සේ ඔය උත්තරේමයි කියන්නේ. පහුගිය කාලේ නම් ආණ්ඩුව වැඩක් කළේ නෑනේ. දැන් එහෙම නෑ. මේක වැඩ කරන ආණ්ඩුවක්. ඒ නිසා ඊළග රැස්වීමට කලින් වැඩ පටන් අරන් ඉක්මණින් ඉවර කරන්න.” ප්‍රසන්න කීවේය.
(*** කස්තුරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 සම්මත කරගන්න මෙච්චර හදිස්සියක් මොකද? හේතුව නොවැම්බර් මාසේ තියෙන ඇමරිකන් ජනාධිපතිවරණය. ට්‍රම්ප්ට ඕනේ ඊට කලින් එම්සීසී ගිවිසුම අත්සන් කරන්න. මේ දවස්වල ට්‍රම්ප් දිගට හරහට ගිවිසුම් අත්සන් කරනවා. ඊශ්‍රාලය එක්ක මේ සතියේ ගිවිසුමක් අත්සන් කළා. ඊශ්‍රාලය, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලව්වා ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කෙරෙව්වා. මැද පෙරදිගට සාමය ගෙනාවේ එයා කියලා කියන්න. තව මෙතන මාලදිවයින එක්ක ගිවිසුමක් අත්සන් කළා. ට්‍රම්ප් හිතනවා මේවායින් එයාගේ ප්‍රතිරූපය නංවා ගෙන නැවත ජනාධිපති වෙන්න. ඇමරිකාව දිගට හරහට මේවාට වියදම් කරනවා. හැබැයි ලංකාව එක්ක අත්සන් කරන එම්සීසී ගිවිසුම ඓතිහාසිකයි. හේතුව ලංකාව වගේ මහා නිධානයක් ඩොලර් මිලියන සොච්චමකට ගන්නවා කියන්නේ ලෝකයම අල්ලා ගත්තට හා සමානයි.
20න් කරන්නේ එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරන්න තියෙන බාධක එකින් එක නැති කරන එක. පළවෙනි බාධකය වන ජනාධිපතිට විධායක බලතල නැති එකට විසඳුම විදිහට ඔහුට නැවත විධායක බලතල අරන් දෙනවා. ඊළඟට රාජ්‍ය සමාගම් විගණනය නවත්තනවා. උදාහරණයක් විදිහට රාජ්‍ය වැවිලි සංස්ථාවට පුළුවන් තමන්ගේ ඉඩම් ඇමරිකන් සමාගම්වලට විකුණන්න වුණත්. එම්සීසී ගිවිසුම යටතේ පිහිටුවන සමාගම් සියල්ල විගණනයෙන් නිදහස්. වසන්ත බණ්ඩාර කියනවා එම්සීසී අත්සන් කළාම හදන්න නියමිත "එම්සීඒ ශ්‍රී ලංකා" නමැති ශ්‍රී ලංකා සමාගම් පනත යටතේ ලියාපදිංචි කළයුතු සමාගම ලංකා නීතිය අනුව විගණනය කරන්න බැරි නිසා, 20 වෙනි සංශෝධනයෙන් රාජ්‍ය සමාගම් විගණනයෙන් නිදහස් කරනවා කියලා. ඊළඟට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න බැරි වගන්තිය ඉවත් කරනවා. මහින්ද වගේ සිංහලයෙක් එක්ක ඇමරිකාවට එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරන්න බැහැ. ඒකට බැසිල් වගේ ඇමරිකන් පුරවැසියෙක් ඕනේ. අනික ගෝඨාභයටත් මහින්ද එක්ක මුකුත් කරන්න බැහැ. ඒ හින්දා මහින්දවයි, පාර්ලිමේන්තුවයි පාලනය කරන්න බැසිල්ව ගේනවා.
විශ්වාස කරනවද, 20 වෙනි සංශෝධනයෙන් කරලා තියෙන ලොකුම පාවා දීම තමයි "ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 53 වන වගන්තියේ ඇති රටේ ඒකීයභාවය සුරකින බවට වූ වගන්තිය, නව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොකිරීම." මම නෙමෙයි මේක කියන්නේ, පොහොට්ටු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත. ඊට පස්සේ පොහොට්ටුව ඔහුට මුඛ දණ්ඩනයක් පැනෙව්වා. ගම්මන්පිල කියනව මේ වගේ "අඩුපාඩු" කාරක සභා රැස්වීමේදී හරි ගස්සන්න පුළුවන්ලු. මේක අඩුපාඩුවක්ද? මේක හිතාමතාම කල මඟ හැරීමක්. "ඒකීය" වචනය හලන්නේ නැතුව එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරන්න බැහැ. ජේ ආර් ගේ තීක්ෂණ මොලෙන් හදපු 1978 ව්‍යවස්ථාව හුඟක් බලගතු ව්‍යවස්ථාවක්. ඒකේ වගන්ති වෙනස් කරන්නේ නැතුව රට පාවාදෙන ගිවිසුම් කිසිවක් ක්‍රියාත්මක කරන්න බැහැ. 20න් පාර ක්ලියර් කරලා දෙන්නේ එම්සීසී ගිවිසුමට විතරක් නෙමේ එට්කා ගිවිසුමටත්. රනිලුත් "ඒකීය" වචනය ඉවත් කරන්න හැදුවා. නමුත් ජනතා විරෝධය හමුවේ අකුලා ගත්තා. අපි දේශද්‍රෝහි, ජාතිද්‍රෝහි කියපු රනිල්වත් නොකරපු පාවාදීමක්නේ අද කරන්නේ...
ප්‍රභාකරන් අවුරුදු 34ක් තිස්සේ යුද්ධ කරලා වෙනස් කරගන්න බැරි වුණු, ටීඑන්ඒ එක, දෙමළ ඩයස්පෝරාව, ඉන්දියාව දශක ගාණක් තිස්සේ උත්සාහ කරලා බැරිවුණු, රනිල් මෛත්‍රී බලයට ගෙනැල්ලා ජාත්‍යන්තරයටත් කරගන්න බැරි වුණු, අපේ ව්‍යවස්ථාවේ තියෙන බලගතුම වචනය "ඒකීය භාවය" කියන වචනය 20 වෙනි සංශෝධනය හරහා වෙනස් කරන්නේ, සිංහල බෞද්ධයන් එකා වගේ එකතු වෙලා රට රකින විරුවා කියලා ගෙනාපු ගෝඨාභය. ඒ විතරක්ද, 20වෙනි සංශෝධනයෙන් පාර හදාගෙන එම්සීසී අත්සන් කරලා ගෝඨාභය කරන්න හදන රාජද්‍රෝහී ක්‍රියාවට එරෙහිව කිසිදවසක ඔහුට නඩු පවරන්න බැරි වෙන්න 20න් ඔහුට මුක්තියකුත් හදාගෙන තියෙනවා. එම්සීසී ගිවිසුම අත්සන් කරන එකත් "treason" තමයි. ඒ හින්දා ඊට හිමි දඬුවම ලැබිය යුතුයි. හැබැයි 20 වෙනි සංශෝධනයෙන් ඒක අවහිර කරගෙන තමන් ආරක්ෂා වෙලා තියෙනවා.
20 වෙනි සංශෝධනයේ භයානක කරුණු දිහා බලපුවාම තේරෙනවා. මේක හදන්න මුල් වෙලා තියෙන්නේ ඉන්දියාව, ඇමරිකාව සහ එන්ජීඕ කියලා. සිංහලයන් වටහා ගතයුතු කාරණයක් තියෙනවා. ලංකාව සම්බන්ධ ඉන්දියානු, ඇමරිකානු ඇජෙන්ඩා එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ ඒ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කරන්න ඔවුන් තෝරා ගන්න ඉත්තන් විතරයි. කාලෙන් කාලෙට ඔවුන් වෙනස් වෙනස් ඉත්තන් පාවිච්චි කරනවා. රනිල්, මෛත්‍රී බලයට ගෙනැල්ලා කරගන්න බැරි වුණු දේ කරගන්න ඔවුන් ඇමරිකන් පුරවැසියෙක් බලයට ගෙනාවා. වැඩේ හිතුවට වඩා ලේසියි. හේතුව ගෝඨාභය සිංහලයෙක් නෙමෙයි. ඇමරිකන් පුරවැසියෙක්. ඔහු සිංහලයෙක් නම් කිසිදවසක 20න් මේ තියෙන සංශෝධන ගේන්නේත් නැහැ.. රටම විරුද්ධ එම්සීසී එක ගැන කමිටු පත් කරන්නෙත් නැහැ. බලයට ආපු ගමන් ඒක ප්‍රතික්ෂේප කරනවා මිසක්. ඔහුටම හරියන්න අධිකරණ ඇමැතිත් සිංහලයෙක් නෙමෙයි. ඊළඟ අගවිනිසුරුත් සිංහලයෙක් නොවෙන්න හොඳටම ඉඩ තියෙනවා. දැනටමත් කෙනෙක්ව ගෙනැත් තියෙනවා. අපිට හැමදාම මෙහෙම වෙන්නේ ඇයි? සිංහලයන් සීමාවක් නැතුව මිනිස්සු විශ්වාස කරන නිසා. හැම පාලකයාම බලයට ආවට පස්සේ ජනතා විශ්වාසය කඩ කරනවා. හැබැයි මේ පාර විශ්වාසය කඩ කිරීම නම් අන්තිම නින්දිතයි...
ලංකාව පුරාම මහා වේගයකින් රක්ෂිත එළිකරනවා. ගිනි තියනවා. තෙත්බිම් වලත් ගස් කපනවා. ආණ්ඩුව නොදුටුවා වගේ ඉන්නවා. ඇයි ආණ්ඩුවට මේක ඕනේ එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරන්න නම්... එකපාරට මෙහෙම වුනේ කොහොමද? එම්සීසී ගිවිසුම අනුව සියලු ඉඩම් වලට ඔප්පු ඕනේ,... ඒවා නියාමනය කළ යුතුයි. නැත්නම් ඇමරිකන් සමාගම් වලට ඉඩම් ටික අත්පත් කරගන්න බැහැ. රටේ සියයට 80ක් විතර ඉඩම් අයිති ආණ්ඩුවට. ඒවා කෙලින්ම දුන්නොත් ප්‍රශ්නයක් ඒ හින්දා වනාන්තර වල තෙත්බිම් වල ගස් කපා දමලා එළි කරලා බලෙන් අල්ලා ගන්න ඉඩදෙනවා. ඒ මොකොද කිව්වා නම් ආණ්ඩුවේ ඉඩම් අල්ලන් ඉන්න පුද්ගලයන්ට ඒ ඉඩම් වලට ආණ්ඩුවෙන් ඔප්පු හදලා දෙන නිසා. අනුරාධපුරේ ඉඩම් අක්කර ලක්ෂයක් ඇමරිකන් සමාගමකට කෝමාරිකා වවන්න දෙන සැලසුමක් තියෙනවා. අක්කර ලක්ෂයක් කියන්නේ මහා විශාල බිමක්. එතකොට ඒ පැත්ත වට කර ගන්නවා. කාටවත් යන්න බැහැ. කොටින්ම 20 සම්මත වුණොත්, සිංහරාජය ගිනි තිබ්බත් කිසි දෙයක් කරන්න බැහැ. කුරුණෑගල රාජ සභාව, සිංහරාජය, ආනවිලුන්දාව, වනාතවිල්ලුව ගැන ජනාධිපතිගේ ප්‍රතිචාරය බලපුවහම පෙනෙනවා.. පරිසරයට, සතා සීපාවට, අපේ උරුමයට ආදරයක් නැහැයි කියලා.. අපිට කරන්නම දෙයක් නැත්ද? තියෙනවා.
තමන්වත් නොදන්නා දේවල් කතා නොකර හිටියොත් හොඳයි නේද? නීතීඥයෝ කරන කියන දේවල් අපි පත්තරේ දකිනවා.