IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


විසඳුමට සහායදීම විපක්ෂයේ වගකීමක්

අද දවසේ මේ රටට ජාත්‍යන්තරය තුළ පවතින්නේ කවර තත්ත්වයන්ද? ඊට හේතු හා ඒවා සමනය කර ගැනීමේ මඟ කුමක්ද? හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමගේ මතවාදයයි මේ.   ප‍්‍රශ්නය:- කොටි ත‍්‍රස්තවාදය යුදමය සේ පරදවන මෙහෙයුම් යන කාලේ එනම් අසීරුම යුගයේ විදේශ ඇමැතිකම කළේ ඔබයි. ලංකාවේ අවි යුද්ධය තිබුණත් ඔළුවෙන් කළ යුතු අසීරු හා දැවැන්තම යුද්ධය තිබුණේ ජාත්‍යන්තරයේයි. ඒ යුද්ධය ජයගත් ඔබට මේ ආණ්ඩුව නිසි වටිනාකමක් නොදෙන්නේ ඇයි? පිළිතුර:- ආණ්ඩුවේ වගකීම ජනාධිපතිතුමා හා ඇමැතිවරුයි ඉටු කරන්නේ. හොඳ පාක්ෂිකයකු හා සංවිධායකයකු ලෙස අපට කරන්න තියෙන්නේ ඒ අයගේ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ දීලා අවශ්‍ය සහාය ලබාදීමයි. ජනාධිපතිතුමා වෙනුවෙන් මම ඒක ඉටුකරමිනුයි ඉන්නේ.   ප‍්‍රශ්නය:- ඔබ ඇඟ බේරාගන්න මල්ලෙ පොල් උත්තරයක් දුන්නේ. ඔබට ආණ්ඩුවෙන් වටිනාකමක් නොලැබෙන්නේ ඇයි කියලයි මම අහන්නෙ? පිළිතුර:- හරි නම් ඒක මගෙන් නෙවෙයි නේද අහන්න  ඕනෑ. දේශපාලනයේදී කළගුණ දැක්වීම හා යුතුකම් ආදිය ගැන වැඩිපුර තකන්න නරකයි. මොකද එහෙම ඒවා දේශපාලනයේ නෑ. මේවා ගැන විවිධ නිර්වචන තියෙන්නේ. මට වටිනාකම් ලබා ගැනීමේ හඹායාමක් මා තුළ ඇත්තෙත් නෑ. අපි අවංකව කළ හැකි දේ කිරීමයි එකම අරමුණ කරගත යුත්තේ.   ප‍්‍රශ්නය:- ඒ ප‍්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දෙන්න ඔබ සූදානම් නැති හැඩයි. යුද්ධය යන කාලේ ඔබ ඇත්ත හෝ බොරු කියමින් ලෝකය ගැට ගහගෙන ලෝකයෙන් එන ගැටලූ හා අපවාද මර්දනය කරගෙන ඉදිරියට ගියා. යුද්ධය දිනුවත් අප ලෝකය තුළ තනිවී හිරවී හුස්ම ගන්නවත් බැරි තත්ත්වයට වැටීම ගැන ඔබට තිබෙන විග‍්‍රහය කුමක්ද? මෙය ආණ්ඩුව විසින්ම කැඳවාගත් තත්ත්වයක් බව පිළිගන්නවාද? පිළිතුර:- ආරක්‍ෂක අංශ ලැබුවේ ජාතියේ ජයග‍්‍රහණයයි. ලංකාවේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුම් යුද්ධය මැද ගේන්නේ කොහොමද කියලා ලෝක ප‍්‍රජාව එදා යම් නම්‍යශීලී බවක් දැක්වූවා. ඒත් දැන් යුද්ධය ඉවර නිසා කඩිනම් විසඳුමක් හා යුද්ධය යන කාලේ සිදුවූ දේවල් ගැනත් ඔවුන් අවධානය දක්වනවා. මන්ද මහින්ද චින්තනයෙන් එදා අපි කිව්වේ ත‍්‍රස්තවාදය නැති කරලා විසඳුමකට යන බවයි. මම යුද්ධය යන කාලේ ලෝකයට කිව්වේත් එයයි. ත‍්‍රස්තවාදය මඬින්න ලෝක සහාය අපට ලැබුණෙත් ඒ පසුබිම තුළයි.   ප‍්‍රශ්නය:- ත‍්‍රස්තවාදය මර්දනය කර විසඳුමක් දෙන බවට ඔබ ලෝකයට කිව්වේ ආණ්ඩුවේ අදහස ද නැත්නම් ඔබේ පෞද්ගලික මතයක් ලෙසින්ද? පිළිතුර:- ඒක තමයි ආණ්ඩුවේ මතය වුණේ. අනික ඒක අලූත් මතයකුත් නෙවෙයි. ත‍්‍රස්තවාදය පැරදවීම ආණ්ඩුවේ මතයයි. ජනතාවත් ඊට වරම දුන්නා. ඉන්පසු අපි විසඳුමක් දෙන බවත් වේදිකාවල පවා කිව්වා. ජනතාව ඇතුළු කවුරුත් මේවා දන්නවා. ඒකීය රටක් තුළ මේවා කිරීම අපේ අරමුණ වුණා. මහින්ද චින්තනයේ තිබුණෙත් ඒක තමයි. සමහරුන්ට මේවා අමතකයි. එහෙම වැඩ කරන්න අමාරුයි. නමුත් මේ ආණ්ඩුව යුද්ධය ඉවර වෙලා ගත වූ මාස 36 තුළ යළි පදිංචි කිරීම, යටිතල ඇති කිරීම, ඒ පළාත් සංවර්ධනය ආදිය කරගෙන යන කොට විසඳුමක් ගැන අවධානය දක්වන කොට ජාත්‍යන්තරයේ යම් කොටස් වලට ඇතිවෙලා තියෙන හදිසිය ගැන අපට සෑහීමකට පත් වෙන්න අමාරුයි. නිසි දේශපාලන විසඳුමක් ලබාදීමට අපට යම් කාල පරාසයක් අවශ්‍යයි. දේශීය න්‍යාය පත‍්‍රයක් තුළ එය ගොඩනඟා ගැනීමට කාලය හා සහාය ලබාදීමයි ජාත්‍යන්තරය කළ යුත්තේ. එහෙම නැතුව අපට බලපෑම් කරන්න අප හිරකරන්න අපහසුතාවට ලක්කරන්නට හුදකලා කරන්නට යමෙක් උත්සාහ කරයි නම් අපි එය හෙළා දකිනවා. කරුණු 02 ක් ගැන ලෝකය හා අප අතර එකඟත්වයක් තියෙනවා. ලංකාව තුළ සියලූ ජාතීන් අතර සහජීවනයක් සඳහා අප එක්ව කටයුතු කළ යුතුවෙනවා. ඊට අදාළ කටයුතු සියලූ අමාත්‍යාංශ හරහා ආණ්ඩුව දැන් ක‍්‍රියාත්මක කරනවා. ඊළඟ කරුණ නම් හැමදාම කියපු 13 වන සංශෝධනය ගැන කතා කිරීමයි.   ප‍්‍රශ්නය:- ආණ්ඩුව අන්තිමට 13 නෙවෙයි 13+ කියල නේද ඉන්නේ? පිළිතුර:- 13+  වෙන්නෙත් 13 මත පදනම්ව නිසා අපි මුලින් 13 ගැනයි කතා කළ යුත්තේ. මේ ගැන අද ජනාධිපතිතුමාත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මීට අදාළ ඉදිරි පියවර තීන්දු කරමු කියලයි. මොකද යම් විසඳුමක් ජනාධිපතිතුමා යෝජනා කලත් ඒක පාර්ලිමේන්තු වේ අනුමැතිය හා එකඟත්වය තුළත් කි‍්‍රයාවට නැංවිය යුතු වෙනවා. එතැනදී ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වෙන්නෙත් පාර්ලිමේන්තුවටයි. මොකද අද මධ්‍යම රජයට පළාත් සභාවට මෙන්ම දෙකටම අයිති බලතල තිබෙනවා. ඒ නිසා විසඳුමක් දිය යුතු බව පිළිගන්නා ගමන්ම ඊට අදාළව ආණ්ඩුව කරගෙන යන ක‍්‍රියාදාමය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා සිදුවිය යුතු බව අපි කියන්නේ ඒකයි. එහෙම පසුබිමක ජාත්‍යන්තර හිරකිරීම්  සාධාරණ නෑ. විපක්‍ෂ නායකයාගේ මතය පවා වන්නේ තේරීම් කාරක සභාවට එක්විය යුතු බවයි. එහෙම එකේ ලංකාව කොටු කරන්න ලෝකය කරන උත්සාහය නිසයි අප අතර අනවශ්‍ය විරසකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නොගැලපෙන තැන හඳුනාගෙන එය ලෝකයට කීම අපේ වගකීමයි. අපට යම් විරෝධයක් දක්වන රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනමතය හොඳට  හඳුනන අයයි. ඒ රටවල් ඒකාධිපති නෑ. වසර 30-40න් නෙවෙයි වසර 5-6 ට වරක් නායකයො මාරුවෙන රටවල්. ඒ රටවල් වලට රාජ්‍ය තාන්ත‍්‍රිකව හරියට මේවා තේරුම් කරදීම අපේ වගකීමයි. එහෙම නැතුව ගමේ ගොඬේ ප‍්‍රශ්න විසඳන තාලෙට මේවා කරන්න බෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් හමුවේ ගෞරවනීය ලෙසයි අපි ක‍්‍රියා කළ යුත්තේ.   ප‍්‍රශ්නය:- යුද්ධයෙන් පසු විසඳුමක් දීමට නම් තේරීම් කාරක සභාව හරහා ක‍්‍රියා කරන බව ආණ්ඩුව ලෝකයට කිව්වත් ආණ්ඩුවේ අතීත භාවිතාව බොරුවෙන් රැුවටිල්ලෙන් පිරුණු එකක් නේද? 2009 දී ජිනීවා ඡුන්දය දිනන්නට ආණ්ඩුව වෙනුවෙන් ඔබ හා ඇමැති මහින්ද සමරසිංහත් ලෝකයට දුන් ප‍්‍රතිඥා පවා කඩ කළා මිසක් ඉටු කළාද? සර්ව පාක්‍ෂික කමිටු හදලා කෝපි බිබී පාන් කකා ජනතා මුදල් වැය කරලා රැස්වීම් 100 කට වඩා තියලා හදපු තිස්ස විතාරණ වාර්තාව කුණු කූඩයට දැම්මෙ නැද්ද? ඒ තුළ මෙවර ආණ්ඩුව කරන උත්සාහය අවංක බවට ඇති සහතිකය මොකද්ද? පිළිතුර:- ඒ පසුබිම පිළිගන්න අමාරුයි. අපි ඇමැතිවරු ලෙස ලෝකයට කරන ප‍්‍රකාශ රට හා ජනතාව වෙනුවෙන් වග කීමෙනුයි කරන්නේ. ඒ රටවලූත් ඒවා බාරගත්තේ ඒ පදනමෙනුයි. ලෝකයට රටේ යථාර්ථය කියනවා විනා ව්‍යාජ ප‍්‍රකාශ දෙන්න බැහැ. ඒ නිසා මම විදේශ ඇමැති ලෙසත් මහින්ද සමරසිංහ ඇමැතිතුමාවත් ව්‍යාජ දේ කියල ලෝකය නොමඟ යවන්න හැදුවෙ නෑ. 13+ 13- හා 13 දෙන්නෙම නැති බවත් සමහරු අර්ථ කථන දෙනවා. අපි තේරුම් ගත යුතු දේ තමයි 13 දැනට ව්‍යවස්ථාවේ තිබෙන බව. ඒක පුළුල් කරනවා විනා හකුලන්න පුළුවන්ද? සංවාදය හා තර්ක එන්නේ එතැනදීයි. දෙමළ ජනතාව නියෝජනය කරමින් දෙමළ සන්ධානය තමයි මෙතැනදී විසඳුමක් ගැන වැඩියෙන් කතා කරන්නේ. ඉල්ලීම් කරන ගමන් ඒ ඉල්ලීම් ක‍්‍රියාත්මක කරන්න ක‍්‍රමවේදයකුත් එක්කයි පැමිණිය යුත්තේ. නැතුව දෙමළ ඩයස් පෝරාව සතුටු කිරීමට හා ආණ්ඩුවක් අපහසුතාවට පත් කිරීමට හෝ සටන් පාඨයක් ලෙස පමණක් දෙමළ සන්ධානය මේක කරල තේරුමක් නෑ. ඔවුන් මේකට ඇතුළු විය හැකි තේරීම් කාරක සභාව කියන වාහනයට නගින්න  ඕනෑ.   ප‍්‍රශ්නය:- ඔය අලූත් තේරීම් කාරක සභාවක් 2009 දී ජිනීවාවලදී ආණ්ඩුව ලෝක ප‍්‍රජාවට ලබාදුන් ව්‍යාජ ප‍්‍රතිඥා හා රැස්වීම් සියගණනක් පවත්වමින් කෝපි බොමින් පාන් කමින් පවත්වා අන්තිමට කුණු බක්කියට දැමූ සර්ව පාක්ෂික සමුළු වාර්තාව වගේම එකක් නොවේවිද? පිළිතුර:- ඒ ගැන සහතික වෙන්න මේ රටේ ජනතාවට පුළුවන්. ආණ්ඩුව නියෝජනය කරන්නේ ජනතාවයි. ජාත්‍යන්තරය හා සුහදව සිටීමයි රටේ ජනතාවට පිළිතුරු දීමයි යනු කරුණු 02 ක්. ආණ්ඩුවකට තමන්ගේ ජනතාව පාවා දෙන්න ජනතා මතයට පිටින් යන්න බැහැ. ජනමතයට පිටින් ගිහින් ජාත්‍යන්තර අවශ්‍යතා ඉටු කරන්න බැහැ. මේ තේරීම් කාරක සභාව ආණ්ඩුවේ හා විපක්‍ෂයේ සියලූ පක්‍ෂ නියෝජනය කරන එනම් රටේ සමස්ත ජනතාවම නියෝජනය කරන තැනක් කරන්නයි ජනාධිපතිතුමා සියලූ පක්‍ෂ වලට ඒකට ආරාධනා කරන්නේ. ඒ ජනතා නියෝජිතයන් ගන්නා සාමුහික තීන්දුවයි අපි ක‍්‍රියාත්මක කළ යුත්තේ. ඒ ගැන සැක ඇති කරගෙන මේවා කරන්න බැහැ.   ප‍්‍රශ්නය:- ඔබ හා ආණ්ඩුවේ අය අද පවතින දේශපාලනය ගැන ආණ්ඩුව ආවරණය කරමින් යථාර්ථයට ඇතැම්විට පිටුපාමින් කුමක් කතා කළ ද පවතින යථාර්ථයට සමීපව කතා කරන ඇමැතිවරුන් දැන් එළියට එනවා. ලෝකය තුළ මේ ආණ්ඩුව වරද්දා ගත් අයුරු යථාර්ථවාදීව විමර්ශනය කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ඔවුන් කියනවා. ඔබේ මතය? පිළිතුර:- ඔව්. ඉතිං අතීතය ගැන පොළොවේ පය ගහලා විමර්ශනයක් කිරීම නරක දෙයක් නෙවෙයි. 2009 දී ජිනීවා වලදී අපට එරෙහිව ආපු යෝජනාව දිනපු අපි 2012 දී පැරදුණා. ඒවා ගැන විමර්ශනය කිරීම වටිනවා. වසර 03 යි ගත වුණේ. ඒ කෙටි කාලය තුළ සියලූ දේ ඉටුකළ හැකිද? සියලූ ගැටලූවලට විසඳුම් දිය හැකිදැයි හිතල බලන්න. 2009 ජිනීවා සටන දිනුවට පසු මේ රටේ ප‍්‍රධාන ඡුන්ද තිබුණා. ඊට පසු තාම ගත වුණේ වසර 02 යි. මැතිවරණවලින් පසුව ඉටුකරන වැඩ පිළිවෙල ජනාධිපතිතුමා එළිදක්වා තිබෙනවා. උගත් පාඩම් කොමිෂන් වාර්තාව එළියට ආවා. ඒක  හමස් පෙට්ටියට දාලා  ඕනනම් නිකම් ඉන්න තිබුණා. ඒත් එතුමා මේක පාර්ලිමේන්තුවට දාලා ලෝකයටත් යැව්වා. ඒ අනුවයි දැන් අපට යම් වගවීමක් කරන්න වෙලා තියෙන්නේ. අපි විනිවිදව ඒ කටයුතු කරගෙන යනවා. සියලූ දෙනා අතර සමගිය තහවුරු කරන්නත් කැප වෙනවා.   ප‍්‍රශ්නය:- ආණ්ඩුව සියල්ල විනිවිදව කරන බව ඔබ කිව්වත් උගත් පාඩම් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම විදේශ ඇමැති ජී.එල්. රහසේ ගොස් ඇමෙරිකාවට දුන්නේ ඇයි? පිළිතුර:- රාජ්‍යතාන්ති‍්‍රක කි‍්‍රයාවලදී රහස් වැඩ හා ගිවිසුම් නෑ. ඒත් රටවල් දෙකක් අතර උපක‍්‍රමශීලීව එනම් ආරක්‍ෂක වගේ දේකදී එවැනි සබඳතා ඇතිවිය හැකියි. ඒත් උගත් පාඩම් ක‍්‍රියාත්මක කිරීම එහෙම දෙයක් නොවන නිසා ලංකාව හා ඇමෙරිකාව අතර ඊට අදාළ රහස් එකඟතා නෑ.   ප‍්‍රශ්නය:- එදා ජේ.ආර්. මෙන්ම අද රාජපක්‍ෂලාත් ඉන්දියාව වරද්දා ගෙන තිබෙනවා. එය ඉතා භයානක බව ඔබ පිළිගන්නවාද? පිළිතුර:- ඉන්දියාව අපි වරද්දා ගත්තාද ඔවුන් හා තිබූ සබැඳියාව ලංකාවට අදාළ දේශපාලන විසඳුම ගැන තහවුරු නොවීමක්ද කියලා අපි හොඳින් තේරුම්ගන්න  ඕනෑ. වරද්දා ගැනීමක් සදාකාලිකයි. ඒත් මෙතන ඇත්තේ සබැඳියාව තහවුරු නොවීමක්. ඒක තහවුරු කරගැනීම ලංකාවේ විශාල වගකීමක්. ඒක කඩිනමින් කළ යුතුයි. ඒ සඳහා කඩිනම් දේශපාලන විසඳුමක් කරාත් යා යුතු වෙනවා. විපක්‍ෂය ආණ්ඩුව වෙනුවෙන් නාන්න සූදානම් නැතත් විපක්‍ෂයට වගකීමක් තිබෙනවා විසඳුමට සහාය දෙන්න.   ප‍්‍රශ්නය:- ෆොන්සේකා මහතා දේශපාලන පළි ගැනීමක් තුළ හිරකළ බවට මතවාද තිබුණත් අන්තිමේ ඔහුගේ අතපය බැඳලා ආණ්ඩුව ඔහු එළියට දැම්මේ විපක්‍ෂය තුළ තවත් බෙදීම් ඇති කරන්න වුවත් එය සාර්ථක නොවන බවට පවතින මතවාද ගැන ඔබේ ප‍්‍රතිචාර? පිළිතුර:- එතුමා හිරේ ගියේ අධිකරණ කි‍්‍රයා තුළයි. ඔහුට තම නිර්දෝශී බව ඔප්පු කරන්න බැරි වුණා. ඒකයි වුණේ. අන්තිමට ආණ්ඩුවෙන් දුන් සමාවත් අරන් තමා ඉදිරිපත් කර තිබූ ඇපැල් පත‍්‍රත් ඔහුම අයින් කර ගත්තා. එයාම ඒ වැරදි අන්තිමට පිළිගැනීමක් නේද ඒ කළේ. එජාපය හා ජවිපෙ ඔහු වෙනුවෙන් ලොකු උද්ඝෝෂණ රැල්ලක් රට පුරා කළා. එජාපය මේ ප‍්‍රශ්නය ලෝකයටත් ගෙනිච්චා. එජාප නායකයා දැන් කියන්නේ ඔහුට සම්පූර්ණ නිදහස් ලැබිල නෑ කියලයි. ඒ ගැන කතා කළ අය මේ ව්‍යාජ නිදහස දෙන්න ද කතා කළේ කියලත් අහල තිබුණා. හිරේ හිටපු කාලය අඩුවුණාට ඔහුට පූර්ණ නිදහසක් ලැබිලා නෑ. සිවිල් අයිතීනුත් නෑ. ඡන්දය ඉල්ලන්නත් බෑ. එහෙම නිදහසක් ඔහු පිළිගත්තේ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. මම හිතුවෙ ඔහු උත්සාහ කළේ නිර්දෝශී කෙනෙක් ලෙස එළියට එන්න කියලයි. ඒ අතින් බලන කොට විපක්‍ෂ නායකයා කියන කතාව ඇත්ත. ෆොන්සේකා යුද්ධය දිනීමේදී රටට ලොකු සේවයක් කළා. ඒත් දේශපාලකයෙකු ලෙස ඔහු එදා වගේම අදත් පරිණත බවක් පළ කරන්නෙ නෑ. කෙනෙකුගේ චරිතය මේ රටේ දේශපාලනයට ලොකු බලපෑමක් කරන්නෙ නෑ. පේ‍්‍රමදාසට විරුද්ධව දෝෂාභියෝගය ආවාම එතුමා කිව්වේ මට මේ පක්‍ෂය  ඕනෑ බවයි. මොකද මේ පක්‍ෂය නොතිබුණොත් මට ඡන්ද 5000 ක් හොයා ගන්න අමාරු වේවි කියලයි ඔහු කිව්වේ. එදා චන්ද්‍රිකා පක්‍ෂයක් හැදුවා. අනාථ වුණා. ශ්‍රීලනිපයට ඇවිත් අවුරුදු 02 න් ජනාධිපති වුණා. අද මේ රටේ තියෙන ලොකුම පක්ෂය එජාපයයි. ෆොන්සේකා එතැන නෑ. අනික් ප‍්‍රබලම පක්‍ෂය ශ්‍රීලනිපයයි. ඔහු එතනන් නෑ. අලූත් පක්‍ෂයක් හදල මේ රටේ මේ කපේදි බලය අල්ලන්න බෑ. ඒ නිසා ෆොන්සේකාට දේශපාලන අනාගතයක්  ඕනෑ නම් ප‍්‍රධාන පක්‍ෂ දෙකින් එකකට යන්නම වෙනවා. ඒත් අද ඔහු වටේ ඉන්න අය ඔහුගේ පහනින් එළිය බලනවා විනා ෆොන්සේකාට දේශපාලන ලෙස ගොඩ එන්න ඉඩ නොදෙන බවයි මට පේන්නේ. ඔහු යන තැන්වලට රැස්වෙන හැමෝම තනියම ආවොත් ඔහුට ඡන්දය දෙන්නේ නෑ. ඒත් ප‍්‍රධාන පක්‍ෂ දෙකින් එකකින් ආවොත් ඡන්දය දේවි. යථාර්ථය ඒකයි. අද ෆොන්සේකා වටේ ඉන්නේ ජනතාව පිළිගන්නා අය බවක් පේන්නෙ නෑ. තමාගේ නිර්දෝෂී බව වෙනුවෙන්වත් ඍජුව කි‍්‍රයා නොකළ ඔහුට රටකට නායකත්වයක් දෙන්න පුළුවන් වේවිද කියන එකයි දැන් ජනතාව හිතනවා ඇත්තේ.

හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

විසඳුමට සහායදීම විපක්ෂයේ වගකීමක්

ඕසධ Saturday, 16 June 2012 05:35 PM

මෙයා රටට ආදරේ නැත්තේමත් නෑ

:       0       0

ඔසාද Saturday, 16 June 2012 07:05 PM

මෙයාට මුදල් වංචා චෝදනාවක් තිබ්බ නේද?

:       0       0

ගජන් Wednesday, 13 June 2012 08:59 PM

යනවා අනේ නිකන් යන්න

:       0       0

ජගත් Tuesday, 12 June 2012 12:13 PM

අනේ නිකන් යනවා යන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 261 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 302 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 236 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1074 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 59 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 624 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site