IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ලොව පෙර පාසල් අධ්‍යාපනයට පුරෝගාමී මෙහෙවරක් කළ මරියා මොන්ටිසෝරි

පෙර පාසල් අධ්‍යාපනයේ පුරෝගාමී වෛද්‍ය මරියා මොන්ටිසෝරි මැතිනියගේ 150 වැනි ජන්ම සංවත්සරය ඉකුත් අගෝස්තු 31 වැනිදාට යෙදුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 ලොව කීර්තිමත් අධ්‍යාපනඥවරියක සහ වෛද්‍යවරියක  වූ ඉතාලි ජාතික මරියා මොන්ටිසෝරි විසින් ලොවට හඳුන්වා දෙනු ලැබූ මොන්ටිසෝරි ළමා අධ්‍යාපන ක්‍රමවේදය අදටත් ලොවම පිළිගත් ළමයින්ට වඩාත් උචිත අධ්‍යාපන ක්‍රමවේදය ලෙස පිළිගෙන ඇත.

ඇය ශ්‍රී ලංකාවට පැමිණ මෙම අධ්‍යාපන ක්‍රමවේදය මෙරට ප්‍රචලිත කිරීමට ගුරු පරපුරක් බිහි කිරීමට මූලිකත්වය ගෙන මේ වන විට වසර 76ක් සපිරේ

වර්ෂ 1906 දී වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය ලොවට හඳුන්වා දුන් AMI නොහොත් Association Montessori International  ළමා අධ්‍යාපන ක්‍රමවේදය, 1944 වසරේදී යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන්ගේ කතෝලික නිකායට බාර දෙනු ලැබුවේ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට ය.

අද වන විට යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන යනු ලබන යහපත්  එඬේර මරියා මොන්ටිසෝරි ගුරු පුහුණු මධ්‍යස්ථානය (AMI Good Shepherd Maria Montessori Training Centre) ලොව ඕනෑම රටක පිළිගනු ලබන පෙර පාසල් පාඨමාලාවක් වන අතර මෙහි පුහුණුව ලැබූ ගුරුවරු ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකාව සහ කැනඩාව වැනි දියුණු රටවල සේවය කරති.

1935 වර්ෂයේදී වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය සිය  Association Montessori International මූලස්ථානය නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නුවර ආරම්භ කළාය. ශ්‍රී ලංකාවේ මෙම AMI මූලස්ථානයට අනුබද්ධ එකම ශ්‍රී ලාංකික පෙර පාසල් ගුරු අධ්‍යාපන පාඨමාලාව සහ ආයතනය යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන යනු ලබන එකම ගුඩ් ශෙෆර්ඩ් මාරියා මොන්ටිසෝරි (Good Shepherd Maria Montessori) පුහුණු මධ්‍යස්ථානයයි.

1944 වසර ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ කඩඉමක් සටහන් කළ වසරකි. ලංකා ගුරු සංගමයේ (Ceylon Teachers Association) ආරාධනය පරිදි වෛද්‍ය මොන්ටිසෝරි මැතිනිය ඇයගේ පුතා මාරියෝ සමග ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙරට පළමු පෙර පාසල් ගුරු පුහුණුව පැවැත්වීමටය.

මොන්ටිසෝරි මැතිනිය ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ ගුරු පුහුණු වැඩසටහනක් අවසන් කිරීමෙන් පසුවය. එම පුහුණුවට ශ්‍රී ලාංකිකයන් වන ජෝයිස් ගුණසේකර සහ ලීනා වික්‍රමරත්නද සහභාගි වූ අතර මොවුහු පසුව ලංකාවේ පෙර පාසල් මොන්ටිසෝරි අධ්‍යාපනයේ ප්‍රමුඛයෝ වූහ.

මොන්ටිසෝරි මැතිනිය විසින් කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ පවත්වන ලද පාඨමාලාවට ජෝයිස් සහ ලීනා සහය වූ අතර පසුකාලීනව මොවුන් දෙදෙනා තම ජීවිතයම ශ්‍රී ලංකාවේ මොන්ටිසෝරි අධ්‍යාපනය නගා සිටුවීමට කැප කළහ.

පාඨමාලාව අවසන් කළ මොන්ටිසෝරි මැතිනිය ශ්‍රී ලංකාවෙන් පිටත්වන විට මෙම නවමු පෙර පාසල් අධ්‍යාපන ක්‍රමවේදය එවකට යහපත් එඬේරාගේ කන්‍යා සොහොයුරියන්ගේ නිකායේ ශ්‍රේෂ්ඨාධිපතිනිය වෙත බාරදුන් අතර එදා සිට කන්‍යා සොහොයුරියන්ගේ නිකාය අන්තර්ජාතිකව ව්‍යාප්තව පවතින AMI පවුලේ සාමාජිකයකු බවට පත්විය

ශ්‍රී ලංකාවේ ප්‍රථම පෙර  පාසල නොහොත් ‘මොන්ටිසෝරිය’  1944 දී කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ආරම්භ කළ අතර, එහි ප්‍රථම පාලිකා තනතුරට පත්වූයේ ඊටා ක්ලීරි (Sr. Ita Cleery)  කන්‍යා  සොහොයුරියයි. එම වසරේම ලීනා වික්‍රමරත්න විසින් කොල්ලුපිටියේ ළමා නිවාස (House of Children) ආරම්භ කරන ලද  පසුව එය ඇයගේ උපන්ගම වන නුවරට ගෙනයනු ලැබුවාය.

ශ්‍රී ලංකාවේ මෙම අගනා අධ්‍යාපන පුනරුදයට මුලපිරූ මොන්ටිසෝරි මැතිනිය පිහිට වූ AMI මූලස්ථානය පිහිටි නෙදර්ලන්තය බලා  පිටත් වූ අතර 1952 මැයි මස 6 වැනිදා මියගියාය. ජෝන් බොස්කෝ සහ ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරියෝ 1963 වසරේ දී මාරියා මොන්ටිසෝරි මැතිනියගේ පුත්වූ මාරියෝ මුණගැසී මොන්ටිසෝරි මැතිනිය විසින් රචිත (The Secret of Childhood) නමැති ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීමට අවසර ඉල්ලීය.

මේ ගමනින් පසුව ස්ටනිස්ලෝස් වාස් කන්‍යා සොහොයුරිය ඉන්දියාවේ කල්කටා නුවර වැඩිදුර ගුරු පුහුණුව සඳහා නැවතුණු අතර නැවත 1964 යහපත් එඬේරා පුහුණු මධ්‍යස්ථානයට සම්බන්ධව මෙරට ප්‍රථම පෙර පාසල් ගුරු පුහුණුව සිංහල බසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14ක ගෙන් ආරම්භ කළාය. මෙය ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ද කඩඉමක් විය.

ශ්‍රී ලංකා අධ්‍යාපන සේවය සහ රජය විසින් මරියා මොන්ටිසෝරි විසින් හඳුන්වාදුන් මෙම විශේෂිත අධ්‍යාපන ක්‍රමවේදය කිහිප විටක් ගෞරවයට පාත්‍ර කළ අතර වසර 2000 දී වෛද්‍ය මරියා මොන්ටිසෝරිගේ 130 වැනි ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සමරු මුද්දරයක් ද නිකුත් කළේය.


(*** විශේෂ ලියුම්කරුවකු විසිනි)



අදහස් (5)

ලොව පෙර පාසල් අධ්‍යාපනයට පුරෝගාමී මෙහෙවරක් කළ මරියා මොන්ටිසෝරි

vidya Saturday, 05 September 2020 02:27 AM

මිනිස් වෙසින් ලොවට පහළවුණු දෙවඟනන්...

:       1       3

Mahesh Sunday, 06 September 2020 05:24 AM

ස්තුතියි... මීට පෙර මම මේ ගැන කිසිදෙයක් දැනගෙන හිටියේ නැහැ.

:       0       1

dhamneth Tuesday, 08 September 2020 05:59 AM

කුඩා දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් මෙන්ම ලොව පුරා ලක්ෂ ගණනකට රැකියා මෙතුමිය ලොවට ලබාදී ඇත.

:       0       1

SANJU Wednesday, 09 September 2020 03:59 AM

මම ටිකක් දැනගෙන හිටියා මේ ගැන නමුත් මෙච්චර විස්තරයක් දන්නේ නැහැ

:       0       0

අරෝෂා භක්තී සිල්වා Monday, 19 October 2020 01:24 PM

පළමුවෙන්ම කිවයුතුයි මේ ගැන ලියු ඔබට ගොඩක් පින්. මෙපමණ කාලයක් මේ ගැන ලීවේ AMI මේ ගැන ආදරයක්, කරුණාවක් තිබෙන කෙනෙක්. අපි ආචාර්ය මරියා මොන්ටිසෝරි මැතිණියට කොපමණ ආදරය කරත් එතුමියගේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගුරුවරියන්ව පුහුණු කරත් අපේ මොන්ටිසෝරි පාසල් වල නිවැරදිව ලෙස ඇයගේ වටිනා ක්‍රියාකාරකම් උපයෝගී කරගෙන දරුවන්ව යහමගට ගෙනියන්න උත්සාහ කරත් අපිට බනින්නයි කට්ටිය බලාගෙන හිටියේ මා අපේ රටට කෝවිඩ් 19 බලපාපු කාලයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය මගින් නොමිලේ අපේ රටේ සෑම ප්‍රදේශයකම කැමති ගුරුවරියට මේ වටිනා මොන්ටිසෝරි ක්‍රමවේදය කියා දෙන්න පටන් ගත්තා තවමත් මා කිසිම මුදලක් අය නොකර එය කරගෙන යනවා. මම ඒ අයට ආරාධනා කරා අගෝස්තු 29 පිළියන්දලට ආචාර්ය මරියා මොන්ටිසෝරි මැතිණියගේ 159වැනි ජන්ම දිනය සිහි කරන්න. මා අදටත් මේ මගේ දැනුම බෙදාදෙන්නේ ඇයට පිංසිදුවන්නට.. දැන්වත් අපේ රටේ බලධාරින්ගේ ඇස් ඇරෙනවා නම් හොඳයි දරුවෙකුට දෙන්න පුලුවන් පහසුම අධ්‍යාපන ක්‍රමවේදය මෙයයි හිතන්නට... නැවත වාරයක් ඔබට ස්තුතියි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 370 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 221 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 772 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 591 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 174 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 48 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 304 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 82 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site