IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය නිරීක්ෂණයට

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය බදාදා (15) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිරීක්ෂණයට ලක්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය කාලනුරූපි නිරීක්ෂණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම විසින් මෙලෙස ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය විමසා බැලීමට නියමිතය.

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය එම කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වන්නේ තෙවැනි වරටය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය කාලනුරූපි නිරීක්ෂණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සැසිවාර පසුගිය 6 වැනිදා ආරම්භ වූ අතර ලබන 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවට අමතරව රටවල් 14ක් මානව හිමිකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් මෙම සැසිවාරවලදී විමසා බැලෙනු ඇත. පළමු වරට ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය මෙම කමිටුවේ විමසීමට ලක්වූයේ 2008 වසරේ මැයි මාසයේදීය. එම ක්‍රියාකාරී කණ්ඩායම දෙවැනි වරට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය විමසා බැලුවේ 2012 වසරේ නොවැම්බර් මාසයේදීය.

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලබාදුන් වාර්තා, මානව හිමිකම් ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහ කණ්ඩායම් ලබාදුන් තොරතුරු  ඇතුළත් වාර්තා, එක්සත් ජාතීන්ගේ සංවිධාන, මානව හිමිකම් සංවිධාන ආදිය ලබාදුන් වාර්තා, මෙරට මානව හිමිකම් කොමිසම ද ඇතුළත් රජයේ පාර්ශව, මෙරට සිවිල් සංවිධාන හා කලාපීය සංවිධාන ලබාදෙන ලද වාර්තා ආදිය මෙහිදි විමසා බැලේ.

බලහත්කාරයෙන් කරන ලද අතුරුදන් කිරීම්, විපතට පත්වූවන් හා ඔවුන්ගේ ඥාතීන්ට කරන ලද ගෙවීම්, වරදකරුවන් අධිකරණය ඉදිරියට පැමිණවීම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාවට නැංවීම, සත්‍ය හා සංහිඳියා කොමිෂන් සභාව ස්ථාපිත කිරීමට පියවර ගැනීම, සෑම ප්‍රජාවකටම අධිකරණ ක්‍රියාවලියට ප්‍රවේශවීම සුරක්ෂිත කිරීම, නීතිය හා සාමය ස්ථාපිත කරන ආයතන (පොලිසිය) කරන ලද අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා වදහිංසා පැමිණවීම් පිළිබඳ වාර්තා, වෛරි කතාව හා ප්‍රචණ්ඩත්වයට අනුබල දීමේ සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම, සුළු ආගමික කොටස් ආරක්ෂා කිරීමට පියවර ගැනීම, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය, කාන්තාවන්ට සිදුවන සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය, ළමා මෙහෙකාර සේවය තුරන් කිරීමට පියවර ගැනීම, ලිංගිකත්වය මත සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට පියවර ගැනීම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතය.

මේ වසරේදී මෙරට සංචාරය කරන ලද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු වන බෙන් එමර්සන් සහ පැබ්ලෝ ද ග්‍රීෆ් යන දෙදෙනාම ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ප්‍රමාද වී ඇතැයි පෙන්වා දී තිබිණි.  

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ 36 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ඉකුත් සැප්තැම්බර් 11 වැනිදා පැවැසීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධයෙන් පැවැත්වෙන සැසිවාරයට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද ජීනිවා නුවරට යෑමට නියමිතය.  

ඡායාරූපය රොයිටර්



අදහස් (1)

ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය නිරීක්ෂණයට

kumar (Galf) Monday, 13 November 2017 07:44 PM

අපිටම අටවන්න එන මේ මානව හිමිකම්කාරයන්ට ලෝකේ දිහා ඇස් ඇරලා බලන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 301 1

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 201 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 776 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 2868 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 170 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 650 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1209 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site