මානව ඉතිහාසයේ අන් කවරදාවක් නොදුටු ලෙසින් වර්තමානය වන විට තරුණ ජනගහනය වැඩි වෙමින් පවතියි. බිලියන 7.5ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 1.8ක් සැකැසී ඇත්තේ වයස අවුරුදු 10ත් 24ත් අතර තරුණ තරු‚යන්ගෙනි. ඉතිහාසයේ පටන්ම තරුණ තරුණියන්ට සමාජය තුළ, දේශපාලන අවකාශය තුළ සහ ජාත්‍යන්තර ප්‍රජාව තුළ ලද ඉඩකඩ ඉතා සීමිතය. ඇතැම් අවස්ථාවලදී තරුණ තරුණියන්ට හඬක් නොලැබුණු තරම්ය. කෙසේ නමුත් තරුණ තරු‚යන්ගේ හඬට ඉඩක් දීමේ අරමු‚න් එක්සත් ජාතීන්ගේ සංවිධානය අගෝස්තු 12 වැනිදා ‘අන්තර්ජාතික තරුණ දිනය‘ එසේත් නැතිනම් ‘ලෝක තරුණ දිනය‘ නමින් නම් කරන ලදි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සම්මත කරගත් ‘2250 ආරක්ෂක කවුන්සිල යෝජනාව‘ අනුව තිරසර සාමය උදා කරගැනීමේදීත් ගැටුම් නිරාකරණයේදීත් තරුණයන්ගේ මැදිහත් වීම දැඩි ලෙස අවශ්‍යව ඇතැයි හඳුනා ගන්නා ලදි. ගැටුම් නිරාකරණයේදී සහ තිරසර සාමය උදා කරගැනීමේදී තරුණ තරුණියන් සුවිශේෂී කාර්යයක් ඉටු කරන බව එහිදි හඳුනා ගන්නා ලදි. මේ වසරේ ජාත්‍යන්තර තරුණ දිනය ගැටුම් නිරාකරණය සහ සමාජ යුක්තිය සහ තිරසර සාමය උදෙසා තරුණ සහභාගීත්වය යනුවෙන් නම් කර තිබේ. මෙවර ජාත්‍යන්තර තරුණ දිනය සැකෙවින් ‘සාමය උදෙසා තරුණ තරු‚යෝ‘ යනුවෙන් හඳුන්වයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව ජාත්‍යන්තර තරුණ දිනය එසේ සමරන අතරවාරයේදී ශ්‍රී ලංකාවේ තරුණ තරු‚යන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ද ඉතා වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තරුණයන්ගේ කටයුතු සම්බන්ධයෙන් ආයෝජනය කරන්නැයි තමන්ගේ සාමාජික රටවල් උනන්දු කරවයි.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 26%ඩකට හිමිකම් කියන්නේ තරුණ තරුණයන්ය. ලෝක තරුණ ප්‍රජාව මෙන්ම මෙරට තරුණ තරුණියෝද විවිධ අභියෝග සහ දුෂ්කතරතාවලට මුහුණ දෙති. විරැකියාව, ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපනයකට ප්‍රවේශවීම සහ ස්තී්‍ර පුරුෂ සම අයිතිය සහ සමානාත්මතාව මෙරට තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයකි. එසේම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට තරුණ තරුණියන්ගේ මැදිහත්වීම ඇත්තේ ඉතා පහළ මට්ටමක යැයි ද හඳුනාගෙන තිබේ.
අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගෙන තිබුණ ද ලොව අනෙක් රටවල තරුණ තරුණයන් පෑහෙන ක්ෂේත්‍ර, ඔවුන් ලබන අධ්‍යාපනය, ඔවුන්ගේ දේශපාලන මැදිහත්වීම් ආදී කරුණු සැලකීමේදී මෙරට තරුණ ප්‍රජාව කෙරෙහි තවදුරටත් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව මතු ව තිබේ. වෘත්තීය පුහුණුව අතින් ද ඉදිරි පියවර රැසක් තබා ඇති ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ප්‍රජාවට ‘ලෝක තරුණ කුසලතා දිනය‘ හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ද ශ්‍රී ලංකාවටයි. එවැනි තත්ත්වයක් මත තරුණ තරු‚යන්ගේ ඉදිරි ගමනය, ප්‍රගමනය සහ තරුණ ප්‍රජාව දියුණුව සහ සංවර්ධනය උදෙසා කෙරෙන ආයෝජන වැඩි කිරීමටත් ඒ සඳහා ඉතා ශක්තිමත් ප්‍රතිපත්ති සම්පාදනය සහ කි්‍රයාවට නැංවීමටත් ජාත්‍යන්තර තරුණ දිනය පිටිවහළක් කරගැනීමට අපි සියලූ දෙනා එක්වෙමු.
-055
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක යොවුන් දිනය කැලැන්ඩරයට