සංවාදයේ මාර්තෘකාව වූයේ ජනාධිපතිවරණයයි. ආරම්භයේ සිටි පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ විවිධ කරුණු කියමින් තර්ක විතර්ක කළහ. දෙවැනි වටයේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කතාව අවසානයේ දුරකතන ඇමතුමක් ලැබිණි.
දෙරණ චතුර අල්විස් - අපිට දුරකතන ඇමතුමක් ලැබෙනවා මාතරින්. ආයුබෝවන් මහත්මයා. ඉක්මණින් ප‍්‍රශ්නය යොමු කරන්න.
පේ‍්‍රක්ෂකයා - ආයුබෝවන් මහත්මයා. මං මේ වාදය බලාගෙන හිටියා. මං මේක අහන්නේ රිචඞ් පතිරණ මහත්මයාගේ පුත‍්‍රයාගෙන්. අපි දැක්කා පසුගිය දවස්වල අතිගරු ජනාධිපතිතුමා කිව්වා හොරුන්ගේ ෆයිල් තියනවා කියලා. ඔතන ඉන්න තුන්දෙනා එක්ක ලොකුම ෆයිල් තියෙන එක්කෙනෙක් ඇවිත් ඉන්නවා. එතුමා තමයි වැඩියෙන් කෑගහන්නේ.
මහින්දානන්ද අලූත්ගමගේ මහතා -- ඔබතුමාට පුළුවන්ද කියන්න කවුද ඒ කියලා?
විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් - - පුහුල් හොරා කරෙන් දැනේ.
මහින්දානන්ද අලූත්ගමගේ මහතා - ඔබතුමාට පුළුවන්ද කියන්න කවුද ඒ කියලා?
පේ‍්‍රක්ෂකයා -- එතුමාගේ ......... (පෞද්ගලික කාරණා කියයි)
දෙරණ චතුර අල්විස් -- එතුමා කවුද?
පේ‍්‍රක්ෂකයා -- (නොනවත්වා කියාගෙන යයි)
මහින්දානන්ද අලූත්මගේ මහතා -- ඉතින් තමුන්වන්සේට කියන්න පුළුවන්නේ කවුද කියලා? කවුද කියලා කියනවකො.
පේ‍්‍රක්ෂකයා -- ඒක ඉතින් ලංකාව දන්නවා.
අලූත්ගමගෙ මහතා -- ඉතින් කියන්නකො කවුද කියලා? ඔබතුමා කියන්නකො මොනවද පැමිණිලි ටික කියලා?
පේ‍්‍රක්ෂකයා - කියාගෙන යයි.
අලූත්ගමගේ මහතා -- චෝදනා දෙනවා නම් දුරකතන ඇමතුම දෙන්න ඕන.
විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් -- ඇයි හොයාගෙන යන්නද?
දෙරණ චතුර -- ඔබතුමා කාටද චෝදනා එල්ල කරන්නේ?
අලූත්ගමගේ මහතා -- තමුන්නාන්සේ හරි තොරතුරු කියන්න.
(පේ‍්‍රක්ෂකයා නොනවත්වා කතා කරයි.)
දෙරණ චතුර -- නෑ ඔබතුමා එහෙම චෝදනා එල්ල කරනවා නම් කරන විදියක් තියෙන්න ඕනෑ.
(පේ‍්‍රක්ෂකයා දිගටම කතා කරයි)
අලූත්ගමගේ මහතා -- කට වහගන්නකො නිකං පණ්ඩිතකම් කතා කරන්නේ නැතිව හිඟන්නෙක් වගේ. මේ සිද්ධිය මේ මටනේ එල්ල කළේ. මං මේ සිද්ධියට හෙට පොලිසි යනවා. අපි මේ නාලිකාවේ ඉන්නේ නෑ. අපි යං.
මන්ත‍්‍රීවරයෙක් -- ඔයාගේ නම කිව්වේ නෑ
අලූත්ගමගේ මහතා -- තමුන්නාසේලා මීට වඩා හොඳයිනේ යූ.ඇන්.පී. එකේ අලියා ගහ ගත්තානම් මෙතන. තමුන්නාන්සේලා මේ ආණ්ඩුවෙන් මේ ලයිසන් අරගෙන. එක්සත් ජාතික පක්ෂයේ අලියා ගහගන්නකෝ මෙතන. වෙන ඇමතුමකට මෙච්චර වෙලා දුන්නද?
දෙරණ චතුර -- ඔබතුමාගේ නම කිව්වේ නැහැනේ.
(අලූත්ගමගේ මහතා දිගටම කතා කරයි)
දෙරණ චතුර -- අපේ දුරකතන අංකය හරහා ඒ ඇමතුම ආවේ. එතුමා මේ ප‍්‍රශ්නෙදී කිසිම කෙනකුගේ නමක් කිව්වේ නෑ.
අලූත්ගමගේ මහතා -- තමුන්නාන්සේලා අපේ එක ඇමතුමක්වත් දානවද මේකද?
දෙරණ චතුර -- ඉතින් ඇමැතිතුමා අපේ ලයින් එකට එන එකනේ දාන්නේ. ඔබතුමා අපහසුතාවට පත්වුණා නම් අපි කනගාටු වෙනවා.
ටික වේලාවකින් අලූත්ගමගේ මහතා වෛද්‍ය රමේෂ් මහතා ද සමග වාද පිටියෙන් නැගිට යන්නට ගියේය. ඒ දෙරණ නාලිකාවට චෝදනා කරමිනි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කීවේ ඇමතුමෙන් කිසිවකුගේ නමක් නොකියවුණු බවයි. නිවේදක චතුර අල්විස් සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති අපහසුතාවට පත්වී නම් කනගාටුවට පත්වන බව කීවේය. වැඩ සටහන තෙවැනි වටයට නොගොස් අතරමැද නවතා දැමිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පොලිසියට පැමිණිල්ලක් කළේය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා --
-ඇමැති අලූත්ගමගේ මහතා එදින රාත‍්‍රී 12ට පමණ මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කළා. තමාට අපහාස වෙන ආකාරයට දෙරණ රූපවාහිනී නාලිකාවට ඇමතුමක් දෙමින් කතා කළ පුද්ගලයකු ගෙන විමර්ශන කරන ලෙස ඉල්ලූවා. ඔහුට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවත් පැමිණිල්ලේ තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යනවා.” අජිත් රෝහණ මහතා කීවේය.
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රහස් පොලිසියෙන් නැවතුණු දෙරණ වාද පිටියේ වාග් හරඹය
කුමාරි Tuesday, 09 December 2014 06:40 AM
කොහොමත් ඔපමන වාග් ප්‍රහාර යද්දී දුරකථනය විසන්දි නොකිරීම වරදක්. මාද්‍ය පක්ෂ බේදයකින් තොරව ක්‍රියා කල යුතුමයි. (නදී)