නවීන පහසුකම් සහිත සුඛෝපභෝගි වාහන දිනෙන් දින සමාජයට එක්වෙයි. එසේ නවීන මෙන්ම මිල අධික වාහනයක් පසුගියදා මෙරටට ගෙන්වා ඇත. වාහනයේ වටිනාකම කෝටි දහසයකි. වාහනයේ වර්ගය Rolls Royce wraith නම් වේ.
මෙම වර්ෂය තුළ මෙරටට ගෙන්වා ඇති වැඩිම වටිනාකම ඇති වාහනය මෙයයි.
වානේ දඟර කම්බි ගෙන්වන ආයතනයක හිමිකරුවකු මෙම වාහනය ගෙන්වා ඇත්තේ එංගලන්තයෙන් වන අතර මුළුමනින්ම නීත්‍යානුකූලව සියලු කටයුතු සිදුවී ඇති බව රේගුව සඳහන් කරයි.
රොල්ස් රොයිස් Rolls Royce wraith වර්ගයේ වාහන නිපදවීමේ පුරෝගාමියා වූයේ බි්‍රතාන්‍ය ජාතික හෙන්රි රොයිස් මහතාය. ජංගම දුරකතන නිෂ්පාදනය දිනෙන් දිනම නවීන තාක්‍ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය වන ආකාරයට රොයිස් වර්ගයේ වාහනද නවීකරණය වෙමින් නිෂ්පාදනය වීම සිදුවේ.
බදු ගෙවීමෙන් පසු වාහනයේ වටිනාකම රුපියල් 15,80,00,000කි .
(කෝටි 15.8කි) මෑත කාලය වනවිට සාමාන්‍යයෙන් මිල අධිකම වාහන ගෙන්වනු ලබන්නේ දේශපාලනඥයන්ය. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙකුත් සියලු පක්‍ෂවල දේශපාලනඥයන් ගමන් කරන්නේ ඉහළම මිල ගණන්වල වාහනවලය.
මෙම වාහනයේ විශේෂත්වය වී ඇත්තේ වේග 8 (ගියර් 8) ක් හා ස්වයංක්‍රීය ගියර් පැවැතීමයි. කූපර් මාදිලියේ වාහනයක් වන මෙහි බර ටොන් 2.4කි.
මෙම වාහනයේ නිෂ්පාදන වටිනාකම රුපියල් 6,50,00,000කි. තීරු බදු ගාස්තුව වශයෙන් රුපියල් 9,80,00,000ක මුදලක් ගෙවා ඇත.
බි්‍රතාන්‍යයේ මෙම වාහනයක මිල පවුම් 235416කි. ශ්‍රී ලංකාවේ මුදලින් එය රුපියල් 4,45,79,437කි.
පසුගිය බදාදා වනතුරුත් මෙම වාහනය ලියාපදිංචිය සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවට අදාල ලියකියවිලි ඉදිරිපත් කර නොතිබුණු බව වාර්තාවේ. වාහනයේ වටිනාකම කුමක් වුවත් ලියාපදිංචි ගාස්තුවේ වෙනසක් නොවන බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. අංක තහඩු ලබාදීම හා ලියාපදිංචිය වෙනුවෙන් අයකරන මුදල රුපියල් 25,000කි. වාහනය ගෙන්වන ලද ආයතනය මගින් පුද්ගලයකුට පැවරීම වෙනුවෙන් අයකරන මුදල රුපියල් 2500කි.
වාහනයක් මෙරටට ගෙන්වා දින 14ක් ඇතුළත ලියාපදිංචි කළයුතු වන අතර මාස 3ක කාලයක් පසුවුවහොත් රුපියල් 6000.00ක දඩ මුදලක්ද වසරක කාලයක් ගත වුවහොත් රුපියල් 10,000ක දඩ මුදලක්ද ගෙවීමට සිදුවේ.
වමෙන් පදවන වාහන මෙරට ලියාපදිංචි නොකරන අතර ලිමොසින් වර්ගයේ දිග වාහනයක් ලියාපදිංචි කිරීමට පෙර ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතුව ඇත.
මෙරටට ගෙන්වා ඇතැයි කියනු ලබන Rolls Royce wraith වර්ගයේ වාහනය නීත්‍යානුකූලව ආනයනය කර ඇත්නම් කිසිදු බාධාවකින් තොරව ලියාපදිංචි කරනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානෙල්, පුළුවන්. මගේ යාලුවෙකුගේ හොදම යාලුවා ලංකාවට ගෙනාවා එයාගේ පාවිච්චියට මේ ඔයා කියන කැම්පින් හව්ස් එකක්. එයාගේ වාහනේ අමුණාගෙන යන තැනක ගෙදර එන්න බැරිවුණොත් ඒකෙයි එදාට රාත්‍රිය ගතකරන්නේ. ඒක ලංකාවට ගෙනෙන ක්‍රමය ඔයා අහලා දැනගන්න කාගෝ සමාගමකින්. එය ලංකාවට ගෙනවිත් ලයිසන් කරන්න ඕනෑ. (නි)
බලනකොට අපේ රටෙත් ධන කුවේරයින් ඉන්නවනේ (නි)
නුවරඑළියේ වැවට උඩින් පාර ළඟ ඕවා තියෙනවා මම දැකලා තියෙනවා (නි)
අනේ මානෙල්, අපි ලංකාවේදීම කැරවැන් එකක් හදලා ලංකාව වටේ රවුමක් යමුකෝ. (නි)
ගෙවල් හදන්න ලාබෙට යකඩ විකුණන්නේ නැත්තේ මේකට තමා. (නි)
ඕක ගෙනා කෙනා දන්නවනේ. හොයලා බලන්න තව මාස තුනකින් ඔය වාහනය විකුණුවා කියලත්, එය මිලදීගත්තේ අහවල් දිස්ත්‍රික්කේ ඇමතිතුමාගේ පුතා කියලා අපිට ආරංචි නොවෙයිද කියලා. (නි)
කවුරුහරි දන්නවද ලංකාවට යුරෝපයේ තියෙන කාර් එකේ පිටුපස කොක්කකින් ඇදගෙන යන කැම්පින් වැන් (එන්ජින් එකක් නැති) ගේන්න නීතියෙන් පුලුවන්ද කියලා
මෙවැනි අති සුඛොපබෝගී වාහන ලංකාව වැනි රටක මාර්ගවලට නොගැලපෙන බව මාගේ හැගීමයි. ගියර 8 ක්‍රියාත්මක කිරීමට තරම් මාර්ග සහ කාරයේ අති පහසුකම් වලට සරිලන මාර්ග වටපිටාවක් අපේ රටේ නැත (අ)
මොකටද ඔය තරම් ගණන් වාහන.(හේ)
මෙම ශ්‍රී ලාංකිකයා ගැන මටනම් සතුටක් දැනෙනවා.(හේ)