
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී, කැඳවූ පක්ෂ නායක වික්‍රමසිංහ මහතාද ඊට එක්ව සිටියේය.
ඊට පැය කිහිපයකට පෙර ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ ලකුණ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවය. නමුත් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී රැස්වීම හමුවේ පුපුරායන සුලු පන්නයේ ප්‍රකාශයක් සිදුකරමින් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් ප්‍රේමදාස සහ අනෙක් අය කළ යුතු හොදම දෙය වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ අලියා ලකුණ යටතේ තරග කිරීම බව යැයි කීවේය. එය ඇත්ත වශයෙන්ම කම්පනය දැනවීමට සමත්වූ ප්‍රකාශයක් වූ අතර ගුවන්තොටුපලක ගුවන්පථයක් මතට බෝම්බයක් හෙලුවාක් වැනි විය.
එයින් ප්‍රේමදාස මහතාට ලැබෙන තෝරාගැනීම් දෙකකි.
නව සන්ධානයට නායකත්වය දීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ඔහු දිනාගෙන තිබෙතත් ඔහුට ලකුණක් නැත. හංසයා ලකුණ ඒ සදහා ලබාගැනීමට නොහැකි වුවහොත් එක්සත් ජාතික පක්ෂය යටතේ අලියා ලකුණින් තරග කරන ලෙස එම පක්ෂය ඉදිරිපත් කර තිබෙන තෝරාගැනීම ඔහුට තෝරාගැනීමක් නොව අනිවාර්යෙන් අනුගමනය කිරීමට සිදුවන්නක් වනු ඇත.
වික්‍රමසිංහගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිගනු ඇත්තේ එය පමණකි. ඒ හමුවේ ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සිලෝන ජනතා කොංග්‍රසය ඇතුලු යෝජිත නව සන්ධානයේ දේශපාලන පක්ෂ හුදකලා වනු ඇත. අනෙක් අතට, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි නොවන ලකුණක් ප්‍රේමදාස තෝරාගතහොත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයන් ගැනෙනු ඇත. ඒ ඔහුගේ නායක වික්‍රමසිංහ ගත් තීරණයකට පටහැනිව කටයුතු කළේ යැයි යන කාරණය මතය.
කුමක් වුවත් ප්‍රේමදාස හමුවේ තිබෙන තෝරාගැනීම් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මනාව පැහැදිලි කර දී ඇත. ඒවා නම්, හංසයා ලකුණ සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය කරගැනීම හෝ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග වැදීමය.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ප්‍රථමයෙන් ඇතැම් එක්සත් ජාතික පක්ෂ ජේ්‍යෂ්ඨ සාමාජිකයන් යෝජිත නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සිරිකොතදීම හමුවූවේය. ජනාධිපති නීතිඥ රොනල්ඞ් පෙරේරා සහ දයා පැල්පොල යන මහත්වරුන් ඇතුලත් නීතිඥවරු කණ්ඩායමක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
සන්ධානයේ ප්‍රධාන පාලක ව්‍යුහය වන මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ගෙන් 60% ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ යුතු බවට සම්පාදනයක් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කැරිණ. ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම සදහා එසේ සාකච්ඡාවට බදුන් වූ තවත් කාරණයක් වූයේ වසර 3කට වතාවක් සන්ධානයේ නායකයා තෝරාගැනෙනු ඇත යන්නය.
එක්සත් ජාතික පක්ෂයට සන්ධානයේ මධ්‍යම කාරකසභාවෙන් වෙන්කෙරෙන සාමාජිකයන් 60% ක ප්‍රතිශතයෙන් 45% ක සාමාජිකයන් පිරිසක් සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබිය යුතු බවට එකඟත්වය පළවිය. සුලු වෙනස්කම් කිහිපයක් අවසානයේ ව්‍යවස්ථාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, ජෝන් අමරතුංග, සහ තලතා අතුකෝරළ යන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ මෙම රැස්වීමට එක්ව සිටියහ.
සන්ධානයේ ව්‍යවස්ථාවට අනුමැතිය ලැබීම යනු රෝද නොමැතිව වාහනයක් මිලදී ගත්තාක් වැන්න. මෙම අවස්ථාවේ දී රෝද යනු නව සන්ධානයේ ලකුණයි.
යෝජිත නව සන්ධානයට දේශපාලනිකව ක්‍රියාකාරීවීමට නම් ලකුණක් අවැසිය. එය ප්‍රමාද කිරීම යනු සන්ධානයේ මැතිවරණ ව්‍යාපාර කටයුතුවලට සිදුවෙමින් තිබෙන හානිය තවත් දීර්ඝ කරන්නකි. එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට තීරණය කළහොත් එයින් නිසැක පහර වදින අයෙක් වේ. ඔහු නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය යටතේ යෝජිත නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස පත් කැරුණු රංජිත් මද්දුමබණ්ඩාරය. තීරණයක් ගැනීම දැන් තිබෙන්නේ ප්‍රේමදාස අතය.
ප්‍රේමදාස හා ඔහුගේ සන්ධාන පාර්ශවකරුවන් පරයා යාමට රනිල් වික්‍රමසිංහ සමත්ව ඇති සෙයක් පෙනේ. ඔහු තමන්ගේම ගරුත්වයට සහ ප්‍රතිරූපයට බරපතල හානියක් කරගෙන ඇතත් හරි හෝ වැරදි හෝ වේවා දිගින් දිගටම අනුගමනය කළේ එකම ස්ථාවරයකි. ඒ අතින් ප්‍රේමදාස, වික්‍රමසිහගේ ගැටවලට අසුනොවූ අවස්ථා නොමැති තරම්ය. පැවැත්වෙමින් තිබූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකින් නැගිට පිටත්ව යෑමත් එසේ කළේ ඇයි? සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් නොකිරීමත් ප්‍රේමදාසගේ පිළිවෙත ගෙනහැර දැක්විය හැකි එක් උදාහරණයකි.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසුවේ ය.
“අපිට මෙහෙම යන්න බැහැ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිදුවූ දෙය ගැන මම ඉතාම කණගාටුවට පත්වෙනවා. මට ඉක්මනින්ම තීරණයක් ගන්නට සිදුවේවි”
යෝජිත නව සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙසේ කීවේ ය.
“අපේ නව සන්ධානයේ ව්‍යවස්ථාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අපට දැනටමත් ලැබී තිබෙනවා. ඉරිදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ පසු අපි ලකුණ ගැන තීරණයක් ගන්නවා. කෙසේවුවත් මෙය ලොකු ගැටලුවක් නොවේ .ඔහු එසේ කීව ද සැබෑවටම ප්‍රේමදාස සහ ඔහුගේ හිතවතුන් පහර කමින් සිටින්නේ වියවුලෙන් සහ කම්පනයෙන්ය. ඔවුන්ට මුහුණදීමට සිදුව තිබෙන සැබෑම ගැටලුව වන්නේ එයයි.
නාමයෝජනා ලැයිස්තුව සකස් කරන්නේ ප්‍රේමදාස වුව ද අවසානයේ එයට නායක වික්‍රමසිංහගේ අනුමැතිය ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ය.
“හංසයා ලකුණ ගැන සාකච්ඡා කර මේ ඉරිදා අපි සියලුම කාරණා අවසානයක් කරනවා” ඔහු කීවේ ය.
කාරණා අවසානයක් කිරීම යනු එක්සත් ජාතික පක්ෂයේ දෙපිළ බෙදී සිටින පිරිස සැළකීමේ දී, බාලගිරි දෝසයකට නොඅඩු දෙයකි. තමා හෝ තමා නම් කරන තැනැත්තා නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස පත් නොකෙරෙන්නේ නම් හංසයා ලකුණ ලබානොදෙන බවට ගෙන තිබෙන තීරණය වෙනස් නොකිරීමට කරුණානායක තීරණය කළහොත්, ප්‍රේමදාස හමුවේ නැගෙන ගැටලුව වන්නේ - ඊළගට මොකක් ද? යන්නය.
වික්‍රමසිංහ සහ ප්‍රේමදාස දෙදෙනා අතර දිවෙන මෙම සීතල යුද්ධයේ වික්‍රමසිංහ සටන් වදිමින් සිටින්නේ සුලු පරිසක් කැටිවය. නමුත් ඔහු ආරම්භයේ සිටම සිය ස්ථාවරය ආරක්ෂා කරගැනීමට සමත්විය. දෙවැනියාට සැළකිය යුතු පිරිස් බලයක් ඇතත්, කාලය සීඝ්‍රයෙන් ගෙවී යමින් තිබීම හමුවේ සිටින්නේ තීරණයක් ගතයුතුව තිබීමේ උභතෝටිකයකය.
අවසානය යටත්වීමක් වනු ඇති ද? නැතිනම් නව වටයකින් සටන් ආරම්භවීමක් වනු ඇති ද?
ද සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව අනුග්‍රහයෙනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ අයගේ පැතුම යුඑන්පි එක දෙකඩ වීම.
එක්සත් ජාතික පක්ෂයේ සිටින " black magic" කණ්ඩායම පක්ෂයෙන් ඉවත්ව යාම පක්ෂයට කරනු ලැබූ ලොකුම සේවය වේ. මේවගේ ප්‍රතිපතියක් විනයක් පිළිබඳව කිසිම සැලකීමක් නොමැති පුද්ගලයන් යළිත් එක්සත් ජාතික පක්ෂයට ගන්න එපා... අලුත් තරුණ වැදගත් කණ්ඩායමක් සමග පක්ෂය ඉදිරියට ගැනීමේ හැකියාව සහ අවස්ථාව ලැබී තිබේ. මේ ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු.
මහ බැංකු හොරු ටිකයි........ දේශද්‍රෝහීන් ටිකයි.........
පසුගියදා රාත්‍රියේ හදිසියේම මට විදේශ දුරකථන ඇමතුමක් ලැබිණ. මා හෙලෝ කියමින් දුරකතනයට ඇමතු අතර අනෙක් කෙලවරින් මට කතාකළ පුද්ගලයාගේ ගැබුරු හඬකින් කියාසිටියේ ඔහු ග්‍රැහැම් බෙල් බවය. නම ඇසීමෙන් පසු මා අන්ද මන්ද විය. ග්‍රැහැම්බෙල් යනු අප හැමෝම ඉතාම හොදින් දන්නා කෙනෙකි. නමුත් ග්‍රැහැම්බෙල් කවුද කියා නොදන්න අයත් ලංකාවේ අප අතර සිටි. බෙල් දුරකතනයෙන් මට කිවේ පසුගියදා සජිත්ගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ සමගි ජනබලවේගය පක්ෂය ග්‍රැහැම් බෙල්ගේ දුරකථනය විකෘති කර ඇති බවකි. මා ඔහුට කියාසිටියේ පක්ෂය ආරම්බ කිරීමට පෙර සජිත් ඇතුළු සියලුදෙනාම එක්ව නැකත් කරුවන් කිහිපදෙනෙකුගෙන් විමසා දකුණු පය පෙරට තබා සියල්ල හොදින් සොයාබලා පක්ෂය ආරම්බ කල බවකි. රටවල් පාලනය කිරීමට පෙර, පක්ෂවලට නායකත්වය දීමට පෙර පක්ෂයේ සලකුණ පිලිබදව නිවැරදි අවබෝධයක් ලබා ගන්නා ලෙස සහ වරද නිවැරදි කරන ලෙස සජිත්ට සහ කණ්ඩායමට දන්වන මෙන් කියා නැවත දින දෙකකින් මා අමතන බවකියා බෙල් දුරකථනය විසන්දි කළේය.
ඔබ බොහෝ දෙනා කීවේ ඔබ ඇතුළු පොහොට්ටුවේ වහලුන් ගැන වෙන්න ඇති, ඒත් බොහොම කනගාටුයි ඔබේ පැතුම ඉටු නොවේ,
රනිල් ගැන මහජනයා සහ පක්ෂයේ වැඩි හරියක් විශ්වාසයක් නැතිබව මිනිහට තේරෙන්නේ නැත්නම් එයාගෙන් කිසිම වැඩක් නැත. එ්කනේ බැඳුම්කර වංචාව ගැන ප්‍රශ්න අහනකොට එයා කිසිදෙයක් දන්නේ නැති බව කිව්වේ... ඔහොම කෙනෙක්ද අපි රටේ අගමැති කරන්න හදන්නේ...? මෙයාට කළමනාකරණය ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් නැත...
පක්ෂය සන්ධානය ලකුණ ආදියෙන් මොන තර්ක දැම්මත් මහජනතාව අපේක්ෂා කරනුයේ සියලුදෙනා සමගිව සන්ධානයක් ලෙස තරඟ කළොත් අඩුම වශයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයවත් ශක්තිමත් කළහැකි බව මට නම් පෙනෙන දෙයයි. මෙහිදී දූෂිතයින් සිටියත් ඔවුන් පිළිබඳව මහ ජනතාවට තීරණය කිරීමට අවස්ථාව ලබාදිය හැකිය. එසේ නොමැතිව බෙදී තරඟ කළොත් දුර්වල විපක්ෂයක් ඇතිවිය හැකිය. ආණ්ඩු බලයක් නම් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. ජනතාව මේ අවස්ථාවේ කල්පනා කරනුයේ දිනපු පැත්තට ඡන්දය ලබාදී ජනාධිපතිට හිතවත් ආණ්ඩුවක් පත්කර ගැනීමයි. එයට හේතුව ජනාධිපති එක පක්ෂයක සිට පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකට හිමිවීම අසාර්ථක පාලන ක්‍රමයක් බව ඉතිහාසයෙන්ද සනාථ කර තිබීමයි.
මේවනවිට ලොවපුරා සීග්‍රයෙන් පැතිරි යමින් covid-19 ලෝකයේ සියලු රටවලට පත්‍ර ගොස් ඇත. දියුණු රටවලට පවා ප්‍රබල අබියෝග මේ වනවිට එල්ල කරමින් තිබේ. . චීනයෙන් පටන් ගෙන තිබු මෙම වෛරසය යුරෝපය, ඇමෙරිකාව සහ කැනඩාව පුරා පැතිරෙමින් තිබෙනුයේ චීනයේදී හමුවූ වෛරසයට වඩා 10ස ගුණයක වැඩි සක්තියකින් බව මේවන විට සොයාගෙන ඇත. ලංකාවේ රජය මේ වනවිට මෙම වෛරසය පිලිබදව දේශපාලන සහ මිලිටරි කෝණයකින් විසදන්නට උත්සාහ දරනු පෙනේ. දැනුමක් ඇති දක්ෂ කණ්ඩායමකගේ උපදෙස් මත ක්‍රියා කොට ඔවුනට අවශ්‍ය සහයෝගය දිමවේ. මේ වනවිට ඇමෙරිකාවේ ධවල මන්දිරයේ උපජනාධිපතිවරයාගේ යටතේ සේවයකරන සේවකයකුට පවා වෛරසය වැළඳී ඇත. ලංකාවේ වගකිවයුතු දැනුම් තේරුම් තිබෙන ලෝකයසමග ගනුදෙනු කළහැකි දේශපාලකයන් සිටියත් ඔවුන් මේ අවස්ථවේ සිටිය යුත්තේ ඉතාම ප්‍රවේසමෙනි. අන් සියලුදෙනා බේරා ගැනීමට පෙර නායකයන් බේරී සිටිය යුතුවේ. මෙම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යන නිසා ඉතාම ප්‍රවේසම් විය යුතුවේ. තමාගේ ආරක්ෂාව තමා විසින්ම සපයාගත් යුතු මොහොතකට සියලු දෙනාම පැමිණ ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නය පසුවට තබමු. කෝ මේ දයා ගමගේ, දයා ගමගේ රටට සේවය කරන්න රජයේ ඇමතිවරයෙක්ම වීමට අවශ්‍ය නැත ඔබගේ තිබෙන්නා වූ ( කර්මට්න්ත ශාලා) යොදවා මුහුණු ආවරණ, වෙනත් දේවල් සකස් කර රජයේ රෝහල්වල ට බාර දෙන්න කට යුතු කරන්න. කරනවානම් මෙන්න වැඩ.
දැන් මේ කතා එක්ස්පයර්ඩ්. මේවා අයින් කරලා වෙන නිව්ස් එකකට පත්තරේ ඉඩ කඩ හදාගන්න.