IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


යක්ෂ වෙසින් ආ දෘෂ්ටි මායාව

සුදු පාට ඇඳගත්ත කොණ්ඬේ දිගට වවාපු උසම උස සුදුම සුදු ගෑනු ළමයෙක් කාමරේට ආවා. ඒකී මගේ ඇඟට පැනලා මගේ බෙල්ල මිරිකුවා. මුණ යක්‍ෂණියක් වාගේ දිව ඇදගනයි හිටියේ. කට රතුම රතුපාටයි. දිග දත් තියෙනවා. ඇස් රතු පාටයි. මාව මරන්න තමයි හැදුවේ මම හොදටම දැක්කා මේ මෙතන හිටියා. ඔය ගෑනි තමයි මිදුලේ අඬනවා. මට ඇහුණේ කියමින් ඇය දොඩවන්නට වුවාය. තමුසෙගේ විකාර යක්කු මෙහෙඇති යකෙක් නෑ. නිදා ගන්නවා. එදින නොනිදාම නයනා රැය පහන් කළාය. නයනා පසුදින සිය ස්වාමියා රැකියාවෙහි යාමට ඉඩ නොදි ගෙදරම රදවා ගත්තාය. නයනාගේ වයස අවුරුදු තිස්හයකි. ඇස් අදහාගත නොහැකි රූ සපුවකින් හෙබි අය ආඩම්බරකාරියක් වුවාය. දරුවන් තිදෙනකුගේ මවක වු ඇය ගොඩනැගිලි කොන්ත‍්‍රාතකරුවකුගේ ආදරණීය බිරිදක වුවාය. දිනක් මහා රාත‍්‍රියෙහි තම මිදුලේ කාන්තාවක හඬන බව පවසමින් සිය පුරුෂයා අවදි කළාය. කවුදෝ මිදුලේ ඉදන් අඬනවා. ගැනු ශබ්දයක් තමයි ඇහෙන්නේ. නමුත් විපරම් කර බැලීමේදී කිසිවකුගේ හඬක් ඔවුනට ඇසුනේ නැත. ඈත බල්ලන්ගේ උඩුබුරලන හඬක් විනා කිසිත් අසන්නට දකින්නට නොහැකි විය. කොතරම් කීවද තම බිරිද එය පිළිගන්නා සෙයක් නොමැති බැවින් ඔහු නිවසේ වත්තේ විදුලි ආලෝක බුබුලූ දල්වා කිසිදු කෙනෙක් නොමැති බව පසක් කොට පෙන්වීය. යළිත් ඔවුහු නිදියන්නට වුහ. මධ්‍යම රාත‍්‍රිය පසුවී ගත වුයේ නිමේෂයක් පමණි. බුදු අම්මෝ මගේ බෙල්ල මිරිකන්න එපෝ කියමින් නයනා නිදි යහනේ සිටම මර ළතෝනි දෙන්නට වුවාය. ස්වාමියා හා දරුවෝ නයනාගේ මර විලාපයෙන් තැති ගත්තෝය. නයනා මොනවා හරි කියන්නට උත්සහා කළද වචන පිටවන්නේ නැත. සිසිල් වතුර මුණට වතුර ගසා ඇය පියවි සිහියට ගත්තාය. ඇය වෙවුලමින් තමාට වු සිද්ධිය කියන්නට වුවාය.සුදු පාට ඇඳගත්ත කොණ්ඬේ දිගට වවාපු උසම උස සුදුම සුදු ගෑනු ළමයෙක් කාමරේට ආවා. ඒකී මගේ ඇඟට පැනලා මගේ බෙල්ල මිරිකුවා. මුණ යක්‍ෂණියක් වාගේ දිව ඇදගනයි හිටියේ. කට රතුම රතුපාටයි. දිග දත් තියෙනවා. ඇස් රතු පාටයි. මාව මරන්න තමයි හැදුවේ මම හොදටම දැක්කා මේ මෙතන හිටියා. ඔය ගෑනි තමයි මිදුලේ අඬනවා. මට ඇහුණේ කියමින් ඇය දොඩවන්නට වුවාය. තමුසෙගේ විකාර යක්කු මෙහෙඇති යකෙක් නෑ. නිදා ගන්නවා. එදින නොනිදාම නයනා රැය පහන් කළාය. නයනා පසුදින සිය ස්වාමියා රැකියාවෙහි යාමට ඉඩ නොදි ගෙදරම රදවා ගත්තාය. උදෑසන පන්සලට ගොස් විහාරාධිපති හිමි කැදවා සිදු වු දෙය කියා ඇයට පිරිත් නුල් පවා බැද ආරක්‍ෂාවක් ඇති කරන්නට නයනාගේ සැමියා කටයුතු කළේය. දින කිහිපයක් ගත විය. යළිත් නයනා ඔන්න යක්‍ෂණිය මෙන්න යක්ෂණිය කියමින් මහා රැ කෑ ගසන්නට වුවාය. එදිනද නිවෙසේ සියලූ දෙනාම නිදිවර්ජිතව නයනා මරන්නට එන සුදු යක්‍ෂණිය එන තුරු බලා සිටියෝය. ඒ ආලෝක දහරාව මත සියල්ලෝම බලා සිටියද ඒ සුදු යක්‍ෂණිය නම් එදින යළිත් නොආවාය. නමුත් මුවින් නොඇසෙන පරිදි දොඩවමින් ඇය කටයුතු කරන්නට වුවාය. බල බල ඉන්න හොද නෑ.  ඕකට ඔය හොඳ පේනයක් අහන්න වෙනවා. මතුගම පැත්තේ හොඳ තැනක් තියෙනවා. ගොඩක් දෙනාගේ ඔය යක්‍ෂ භූත දෝෂ ඒ ඇත්තෝ අහක් කරලා දෙනවා. යැයි නයනාගේ දෙමාපියන් කළ යෝජනාව විය. නමුත් නයනාගේ හිමියාගේ අදහස වුයේ මැය මානසික වෛද්‍යවරයකු වෙත ගෙනයාමයි. නමුත් බොහෝ දෙනාගේ කැමැත්ත මත මාපියන්ගේ කැමැත්ත මත පේනකරු සොයා දෙවොලට යන්නට ඔවුහු තීරණය කළෝය. රාත‍්‍රියේ බය වෙනවා මිස වෙන කිසිම අසනීප තත්ත්වයක් නයනාට නොවීය හොද සිහිකල්පනාවක් ඇයට තිබුණාය. ඒ අනුව දේව වරමින් පේන කියන්නා වු සාදු සාමි සොයා දිනක් අලූයම ඔවුහු ගියෝය. බුලත් දී එකී පිළිවලට සාස්තර කියන්නට එහි ඇති නීතියයි. දැල් තිර අස්සෙන් විවිධ වර්ණයෙන් සුසැදි තිරපට මිහිරක් ගෙන දේ. මල් සුවඳ දුමින් ගැවසී ගත් ඒ දෙවොල සුරංගනා විමානයක් වැන්න. බෙර හඩින් නින්නාද වන්නාවු එම දෙවොළ තුළ ගෙනදෙන්නේ ත‍්‍රාසයකි. සාදු දේව ස්වාමි කපු මහතා නයනා දෙස බලමින් දේව වරමින් නයනාගේ රෝගය පිළිබදව කරුණු කියන්නට විය. මේ දරුවාට වැහිල තියෙන්නේ මිය ගිය ආත්මයක්. ඔව් කියමින් නයනා උත්තර දුන්නාය. එයා තමයි දැන් යක්‍ෂයෙන් බවට පත්වෙලා මට කරදර කරන්නේ. ඔබට වැහිල තියෙන්නේ යකෙක් නොවේ සුදුපාට යක්ෂණියක් කපු මහතා තමාගේ පරිවාරයන් හරහා සොයාගත් තොරතුරු නයනාට කියමින් නියම ආකාරයෙන් පේනය කියන්නට විය. ඔබගේ සීයා යක්ෂයෙක් වෙලා ඇවිත් යක්ෂණියක් වගේ පෙනී හිටිනවා. මෙම බලගතු යක්ෂයා එලවන්න පුළුවන් ඒ සදහා කඩවර පුජාවක් කළ යුතුයි. සාදු දේව කපු මහත්තයා කඩවර පුජාවක් පවත්වා නයනාගේ යක්ෂ ආත්මය එළවා දමන්නට කටයුතු කළ හැකි බව නයනාගේ ස්වාමී පුරුෂයාට කීය.  ඒ සදහා දිනයක් නියම කර ගත් ඔවුහු කඩවර පුජාව පවත්වන්නට අවශ්‍ය කළමනා සකස් කරන්නට වූහ. නයනා ආරූඩ කරන්නට කහ වතුර  ඉසිමින් ඇහෙන නොඇසෙන ආකාරයට කවි ස්ලෝක මන්ත‍්‍ර කියමින් ජප කරන්නට විය. රැ පහන් වන තුරු බලි තොවිල් නැටුම් කළ දේවාලයේ සාධු කපු මහතා ගතමනාව සාක්කුවේ දමා ගෙන රෝගියාට සුව පත් බව කියමින් යන්නට ගියේය. මාස 3 ක් ගතවී යළිත් නයනාට සුදු යක්ෂණිය මහ රැ වැහුනාය. තොවිල් පවිල් කරද සුවයක් නොවු නිසාවෙන් මානසික වෛද්‍යවරයකු හමු වන්නට නයනාගේ ඥාතීහු තීරණය කළෝය. ඒ අනුව මනෝචිකිත්සක වෛද්‍ය පී. එන්. විද්‍යාකුලපති මහතා නයනාගේ රෝග තත්ත්වය අවබෝධකර ගැනීමට සමත්විය. ඔබට පෙනෙන්නේ මොන වගේ යකෙක්ද කුලපති මහතා විමසීය. සුදු ඇඳ ගත්ත සුදු පාට සුදු කෙනෙක් නයනා කීවාය. ඒ සුදු ඇද ගත්ත අයගේ ස්වරූපය කුමක්දැයි කුලපති මහතා ප‍්‍රශ්න කළේය. ඉතාම භයානක මූණක් බලන්නත් බයයි. ඇය කීවාය. ඔබ කොහොමද එයා යක්ෂණියක් කියන්නේ කුලපති මහතා විමසීය. එයා යකෙක් තමයි එයා මාව භය කරනවා. මම මරන්න හදනවා. එයා තමයි මහ රැ මිදුලේ ඉදන් මට ඇහෙන්න අඩන්නේ .ඊට පස්සේ මම නිදියන ඇද ගාවට ඇවිල්ල මාව බය කරනවා. ඒ යක්ෂණිගේ කට හඩ අර මිදුලේ ඉදන් අඩන ගෑනිගේ කට හඩ වගේ නේද යැයි කුලපති මහතා විමසීය. ඔවි ඔව් හරියට හරි ඒ හඩ තමයි මාව බය කරන්නේ යැයි නයනා කීවාය. එතකොට අපි කියන්නේ යක්කු කළු පාටයි කියල. මේ යකා සුදු පාට යක්ෂණියක් ඔබ කියන විදියට සුදු පාට යක්කු යක්ෂණියොත් ඉන්නවා. යැයි කුලපති මහතා කීය. කළු පාට යක්කු සුදු පාට වෙන හැටි පේ‍්‍රත වස්තු සංග‍්‍රහ පොතේ ඒක කියල තියෙනවා. මනුෂයෙක් මැරුණට පස්සේ එයා කරපු පව් නිසා යකෙක් වෙනවා. නයනා පිළිතුරු දුන්නාය. එතකොට ශරීරය උසයි මහතයි ඈතින් බලන කොට මනුෂයෙක් වගේ ළඟට ආවම තමයි යකෙකුගේ මුණ පෙනෙන්නේ මුහුණ දිහා බලන කොට තමයි යක්ෂණියක් කියල පෙනෙන්නේ. ඔබ පේ‍්‍රත වස්තු සංග‍්‍රහ වස්තු පොත කියවල තියෙනව නම් ඒ මොන කාලයේද මම දහම් පාසල් යන කාලයේදී ඒ පොත කියෙව්වා. ඒව තවමත් මට මතකයි. දැන් සියල්ල විද්‍යා කුලපති මහතා පියවරෙන් පියවර අවබෝධ කරගත්තේය. නයනා මෝහන නිදාවේ සිටිය දීම ඇයට ඇසෙන්නට මෙසේ කීය. පේ‍්‍රත වස්තු සංග‍්‍රහ පොතේ බුදු දහම අනුව මිනිසුන් කරන පව් පින් නිසා විවිධ උසස් හා පහත් මිනිස් ආත්ම ලබන බව එහි සදහන් වෙනවා. නමුත් කිසි විටක එවැනි අමනුෂයෙක් මිනිස් ඇසට සාමාන්‍ය පරිදි පෙනෙන්නේ නැහැ. ඔබට ද මෙතනදී පෙනනු යක්ෂණියක් නැහැ. ඔබ මුලින් මා සමග පැවසු ලස්සන කාන්තාව හඩන කට හඩ ඇහුනා කියල කිව්වා. ඒ අනුව ඔබ සිතට ගත්තේ මේ ශබ්දය ලස්සන කාන්තා රුවක් හා සමාන කටහඩක් තිබෙනු නමුත් අමනුෂයන් නිසා යක්ෂයන් පේ‍්‍රතයන් සිටින ආකාරයට කි‍්‍රයාකරන ආකාරයයි. ඒ අනුව ඔබට ලස්සන කාන්තා රුවක් හා කටහඩක් ඇහුනා කියලා ඔබ විශ්වාස කරනවා. ඔබට දෘෂ්ටි මායාවක් විතරයි ඇති වෙලා තියෙන්නේ. ඔබ වෙවුලන්න ගන්නේ ඔබේ සිත තුළ විශ්වාසය හා මායා රෝගී තත්ත්වය මතයි. අදින් පස්සේ යළිත් කිසිම දිනක ඔබට යක්ෂයෙක් භූතයෙක් කුම්භාණ්ඩයෙක් වැහෙන්නේ නැහැ. මෙය ඔබේ සිත තුළ ඇති වු මායාවක් බව හොදින් වටහා ගත යුතුයි. නයනාගේ යටි සිතට පණිවුඩ දී ඇය මෝහන නිදාාවෙන් අවධි කෙරෙණි. ඉන් පසු මනෝවෛද්‍ය පී.එන්.විද්‍යා කුලපති මහතා සිද්ධිය මෙසේ විස්තර කරන්නට විය. පේ‍්‍රත වස්තු සංග‍්‍රහය ගැන ඔබ අසා ඇත. බුදුදහම අනුව තමන්ගේ කරුම විපාක අනුව මිනිසුන් උප්පත්තිය ලබන බව උසස් හා පහත් භවයන්වල උපදින බවත් සදහන් වෙනවා. මෙම පොත පන්සල් පුස්තකාලයේදී මැය කියවා තිබෙනවා. එහි තිබෙන දේවල් ඊට වඩා වෙනස් විකෘත ස්වභාවයකින් තමයි මැය අවබෝධ කරගෙන තිබෙන්නේ. එම පොත කියවු විස්තරය මැයගේ යටි සිතෙහි තැන්පත් වී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙය ඉස්මතු වී තිබෙනවා. ඇත්තටම බිය ඇතිවෙන්නත් බල්ලකුගේ උඩු බුරුලෑම ශබ්දයට නයනා බිය වීමයි. ඒ මත නයනාගේ යටිසිත මගින් එවු දෘෂ්ටි මායාවකට ඇය ගොදුරු වී තිබෙනවා. මෙවැනි අවස්ථා සාමාන්‍ය ජීවිතයේ  ඕනෑ තරම් තියෙනවා. මහසෝනා, කළු යකා, ඊරි යකා, මෝහනී, සත්පත්තිනි, කඩවර යකා, කාලී යක්ෂණිය, ඔඞ්ඩි යකා වෙනත් ආදී දෘෂ්ටියන් හරහා මිනිස් සිතට සංකල්පයක් ආකාරයට තියෙනවා. මෙය සත්තකින්ම සංකල්පයක් පමණයැයි විද්‍යාකුලපති මහතා නයනාගේ රෝගී තත්ත්වය ඒ ආකාරයෙන් විද්‍යාත්මකව තහවුරු කර ප‍්‍රකාශ කළේය. ඉන් පසු නයනා සොයා යක්ෂ පේ‍්‍රත හෝ සුදු හො කළුයක්ෂණියක් කිසි දිනක ඇය හමුවන්නට නොආවෝය.  නයනා ස්වාමියා දු දරුවෝ සතුටින් ජීවත් වුහ (සත්‍ය සිද්ධියකි. නම්ගම් පමණක් ආසන්න වශයෙන් වෙනස් කර ඇති බව සලකන්න.)

සටහන -- හබරාදූව නිමල් අල්ගෙවත්ත
පී.එන්. විද්‍යාකුලපති



අදහස් (5)

යක්ෂ වෙසින් ආ දෘෂ්ටි මායාව

අග්‍රා Friday, 02 December 2011 02:01 PM

බොරු කතා.....

:       0       1

අගා Friday, 02 December 2011 02:09 PM

නියමයි...

:       0       1

රජිත් Friday, 02 December 2011 09:12 PM

කියවන්න හොඳ ලිපියක්

:       1       0

කසුන් Friday, 02 December 2011 09:50 PM

පිස්සුවක් ඇතැයි.........

:       2       0

නිලන්ත අජිත් කුමාර Saturday, 03 December 2011 10:02 AM

මේ ගැන වැඩි විස්තර දැන ගන් කැමතියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 306 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 319 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 245 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1194 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 60 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 633 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 516 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 137 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1156 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site