IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


මෙරට පොත් කියවීම ගැන නිසි දත්ත සමික්ෂණයක් තවමත් සිදුවෙලා නෑ

 

2004 වසරේ සිට සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2025 වසරට සමගාමීව  “ පුනරුදයක් සඳහා කියවමු" (Let's read for a revival) යන තේමාව පදනම් කර ගනිමින් මෙම වසරේ ජාතික කියවීමේ මාසය තුළ වැඩසටහන් ක්‍රියාත්මක වේ. 
එමෙන්ම ජාතික කියවීමේ මාසය ඔක්තෝබර් මාසයට යෙදී තිබේ.   ඊට සමගාමීව ඔක්තෝබර්  මාසයේ දී  පාසල් පුස්තකාල දිනය සහ පුස්තකාල සතිය යෙදී තිබේ. පාසල් පුස්තකාල සතිය යෙදී ඇත්තේ සෑම වසරකම ඔක්තෝබර් මාසයේ අවසාන සතියේ වන අතර එම සතියේ සදුදා දිනය පාසල් පුස්තකාල දිනය ලෙස ජාතික වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව 2025 වර්ශයේ  ඔක්තෝබර් 27 සදුදා සිට ඔක්තෝම්බර් 31වැනිදා  දක්වා පාසල් පුස්තකාල සතියද ක්‍රියාත්මක වීමට නියමිතය. “ පොත් කියවමු - ලොව ජය ගනිමු “ යන තේමාව ඔස්සේ එය පාසල් තුළ  සැමරීනට නියමිතය. සමස්ථ සමාජයේ ම පොත් කියවීමේ ප්‍රගමනයේ ආරම්භය  ඇතිවන්නේ පාසල තුලිනි. එම නිසා පාසල් දුවා දරුවන් සදහා පොත පත කියවීමේ වැදගත්කම , පුස්තකාල භාවිතයේ වැදගත්කම  පිළිබදව  ඔවුනට අවබෝධයක් ලබා දීමද ඉතාම වටිනා කටයුත්තකි. 

'' කියවීම " යන්නෙන් හැඟී යන පොදු වාච්‍යාර්ථය ලෙස පොත්පත් කියවීම සැලකේ. නමුත් කියවීම යනු එයට වඩා පුළුල් අර්ථ කථනයක් ලබාදිය හැකි ක්‍රියාවලියකි. ඒ යටතට තොරතුරු අවශ්‍යතා, දැනුම, රසවින්දනය, පර්යේෂණ කාර්යයන් සඳහා පොත්පත් වැනි මුද්‍රිත මාධ්‍ය හරහා කියවීම මෙන්ම මාර්ගගත, විද්‍යුත්, ශ්‍රව්‍ය දෘශ්‍ය යන මාධ්‍ය හරහා කියවීමද ගැනේ. විවෘත මනසකින් නාට්‍යයක් රස විඳීම,සොබා දහම විඳීම නිරීක්ෂණය ද එක්තරා කියවීමකි. කියවීම තුළින් දැනුමෙන් මෙන්ම පරිකල්පන ශක්තියෙන් නිර්මාණ ශීලීභාවයෙන්, විචක්ෂණ ශිලීත්වයෙන්, සංවේදීතාවයෙන්,රසඥතාවයෙන් යුත් පුද්ගලයන්ගෙන් සැඳුම්ලත් සමාජයක් බිහිවීම සඳහා ලැබෙනුයේ විශාල පිටුබලයකි.

දැනට දශක කීපයක සිට තනි පුද්ගලයෙකු වශයෙන් මෙන්ම සමාජයක් වශයෙද  කියවීමේ පුරුද්ද  දුරස්ථ වෙමින් පවතී. පුද්ගල ජීවිතයට කුමන හෝ අංශයෙන් වටිනාකමක් එක්කෙරෙන යහපත් වූ කියවීම වෙනුවට නූතන සන්නිවේදන තාක්ෂණය හරහා සිදු කෙරෙන ජනප්‍රිය රැල්ලේ ක්ෂණික මතු පිට කියවීම් වෙත නැඹුරු වීම මෙන්ම ඇබ්බැහිවීම ද අද වන විට සමාජ ප්‍රගමනයට අහිතකර බලපෑම් එල්ල කර තිබේ. පොහොසත් රටක් වශයෙන් පූර්ණ සංවර්ධනය කරා යන ගමනේදී දැනුම කේන්ද්‍රීය, සබුද්ධික, සංස්කෘතික සමාජයක් ගොඩ නැංවීම සඳහා කියවීම ඵලදායී හා අර්ථාන්විතව යොදා ගැනීම ඉතා වැදගත්ය.

මෙරට පොත පත කියවන සබුද්ධික පාඨක ප්‍රජාවට  මේ සාහිත්‍ය මාසය  නව පිඹිදීමක් වැනිය.  ඒ නිසාම වර්තමාන සමාජයේ පොත පත පරිහරණය , ආර්ථික කඩා වැටීම් සමග පොත් මිල ඉහළ යෑම නිසා ඇතිවී තිබෙන තත්වයන් පිළිබදව අවබෝධයක් තිබීම වැදගත්‍ ය. මේ සදහා  ලේඛිකා  සහ  KBOOKS Pvt Ltd යේ  ප්‍රධාන  විධායක නිලධාරි කාංචනා ප්‍රියකාන්ත‍ මහත්මිය එක්විය. 

 

 මෙරට පොත් මිලදී ගැනීමේ සහ පොත් කියවීමේ ප්‍රගතිය මොනවගේද? 


ආර්ථික උද්ධමනය සහ VAT වල බලපෑම නිසා පොත්වල මිල ඉස්සරට සාපේක්ෂව ඉහළ ගිහින් තියෙනවා.  පොත් විතරක් නෙවෙයි හැමදෙයකම මිල සාපේක්ෂව වැඩියි. වියදමට සාපේක්ෂව ආදායම වැඩිවීමක් වුණොත් විතරයි අත්‍යවශ්‍ය වියදම් වලට පස්සේ  සංස්කෘතික කාරනා වෙනුවෙන් වියදම් කරන්න මිනිස්සු යොමුවෙන්නෙ. එතැනදී පැහැදිලිව සංඛ්‍යාත්මක වශයෙන් පොත් මිලදී ගැනීම අඩු වෙන එක ස්වභාවිකයි. හැබැයි ඒකෙන් ප්‍රකාශන කර්මාන්තය ට වෙන බලපෑම ඒ තරම් සතුටු දායක නැහැ.

මිලදී ගන්න හැම පොතම කියවනවා ඇති කියලා ප්‍රයෝගිකව හිතන්න අමාරුයි.  වෙනත් වින්දනාත්මක මාධ්‍ය ප්‍රමාණය වැඩි වීමත් පොත් කියවන එක අඩු වෙන්න බලපෑමක් කරලා තියෙනවා. 

ලංකාවේ පොත් කියවීම සම්බන්ධව සංඛ්‍යාත්මක දත්ත තියෙනවා නම් හොඳයි. අනාගතයේ හෝ එවන් සමික්ෂණයක් සිදුවෙනවා නම්   හොඳයි.

 

අන්තර්ජාලය ඔස්සේ විවිධ ක්‍රම මගින් මේ වන විට  පොත් කියවීමට අවස්තාවන් උදාවී තිබෙනවා. මේ තත්වය හොදද ? එහි සමාජීය බලපෑම මොන වගේද? 


 කියවීම කියන්නේ මුද්‍රිත මාධ්‍ය හරහා පමණක් සිදුවන දෙයක් නොවේ. නීත්‍යනුකූල ක්‍රමයක් හරහා නම් කියවන්නේ  ඒක හොඳ දෙයක්. කර්තෘ කෙනෙක් ගෙ නීත්‍යනුකූල අවසරයකින් තොරව පොතක් pdf කරලා බෙදා හරින එක වැරදි වැඩක්.  පොත් කියවන එකෙන් අපේ සහකම්පනය සහ ආචාර ධාර්මික බව වැඩි දියුණු වීමක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ කියවපු පොත් වලින් වැඩක් වෙලා නැහැ කියන එක.  ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තියෙන රටක pdf කියවන එක දිරිමත් කරන්න මම පුද්ගලිකව කැමැති නැහැ.  ඇයි අපි උත්සහ නොකරන්නේ අනෙකාගෙ නිර්මාණ ශ්‍රමයට සහ ප්‍රකාශන ශ්‍රමයට මිල නොගෙවන්න? රටක කියවීමෙන් දියුණු සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා නම් ඒ වගේ වැඩ කරන්න බැහැ. කතුවරුන් සහ ප්‍රකාශකයන් දිරිමත් වෙන්නේ නීත්‍යනුකූල ක්‍රම හරහා කියවීම ප්‍රවර්ධනය විමෙන් පමණයි.                                                                              

අද වන විට බොහෝ අලුත් පරපුරේ ලේඛක, ලේඛිකාවන් පිරිසක් බිහිවෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා.  ඒ පිළිබදව  ඔබගේ අදහස.                                                                                                                                                                                                                                                                             ඒ දිහා මම බලන්නෙත් සුබවාදිව.  ඕනැම කතුවරයකුගෙ පැවැත්ම තියෙන්නේ ඔවුන්ව පාඨකයා කොයි තරම් දුරට වැළද ගන්නවද කියන කාරණාව මත. අලුතෙන් ලේඛක ලේඛිකාවන් බිහිවෙනවා කියන්නේ අලුත් පාඨකයන් පිරිසක් ඔවුන් සමග බිහිවෙනවා කියන එකයි. පාඨකයා නොමැති නම් ලේඛකයා ගෙ පැවැත්මක් නැත. 

 

වර්තමානයේ සමාජයට අවශ්‍ය පොත පත ලියවෙනවාද?


 සමාජයට අවශ්‍ය පොත් මොනවද අනවශ්‍ය පොත් මොනවද කියලා අපි තීරණය කරන්නේ මොන නීර්ණායක මත ද? නිදසුනක් විදිහට ආගමික පොත් අවශ්‍යයයි කියලා කෙනෙක් ට හිතෙන්න පුළුවන්. ඒවා අනවශ්‍යයි කියලා තව කෙනෙක් කියන්න පුළුවන්. හැම කාලයකම හැම වර්ගයකම පොත් බිහිවෙන්න පුළුවන්. ඒවා සමාජය ට අවශ්‍ය නම් සමාජය තුළ ඒවා පවතීවි. අනවශ්‍ය නම් ඒවා අභාවයට යාවි. ඒ එක්කම නැති අවශ්‍යතා නිර්මාණය කරන අවස්ථා තියෙන්න පුළුවන්. පවතින අවශ්‍යතා නැති වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. 

 සාහිත්‍ය මාසය ජීවිතයට කියවීම කෙතරම් වැදගත් ද යන්න පෙන්වා දෙන වටිනා අවස්ථාවකි. කියවීම කෙරෙහි සිත් තුළ පවතින ආදරය නැවත ප්‍රකාශ කරමින් එය සාහිත්‍ය වෙනුවෙන් ආයෝජනය කිරීමට මෙන්ම අනාගතය ශක්තිමත් කිරීම සඳහා සාහිත්‍ය මාසය ඔබත් උපයෝගී කරගන්න.                                                                                                                                                                                                                                  - -පියුමිකා  වීරසූරිය-



අදහස් (2)

මෙරට පොත් කියවීම ගැන නිසි දත්ත සමික්ෂණයක් තවමත් සිදුවෙලා නෑ

Ekanayake Tuesday, 30 September 2025 10:46 AM

දැන් පොත් කියවන අය හරිම අඩුයි. දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් චැට්ජිපි එකෙන් ගන්න පුළුවන්.

:       0       2

Janith Wednesday, 01 October 2025 02:03 PM

පොත් කියවන්න ආසයි. ඒත් ඒවාට වියදම් කලොත් හිගාකන්න වෙන්නේ. ටැබ් එකට පොතක් ඩවුන්ලෝඩ් කරලා කියවන එක ලාබයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site