IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මියගිය පියාගේ දේහය සමග දින පහක් ගත කළ පුංචි සොහොයුරෝ

 29_SLMA_P3_Back

 

 

අතීතයේ කිසා ගෝතමිය තම මළ දරුවා ඇකයේ හොවා ගෙන කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගියේ සිය දරුවා ජීවත් කර ගැනීම උදෙසාය. එසේ අපමණ ආදරයෙන් සෙනෙහසින් කටයුතු කළ දයාබර මෑණිවරුන් සිටි යුගයක් ද අපට තිබිණි. වර්තමානයේද එවැනි මාතාවන් ඕනෑ තරම් මිහිපිට සිටී. නමුත් සමහර අවස්ථාවල අපට අසන්නට දකින්නට ලැබෙන්නේ හදවත කම්පා කරවන සිදුවීම්ය.


එසේ කාගෙත් හදවත් කම්පා කළ පුවතක් කෑගල්ලෙන් පසුගිය දිනක වාර්තා විය. එම පුවතින් කියවුණේ හය හතර නොතේරෙන දරුවන් දෙදෙනෙක් මෘතදේහයක් අසළ රෑ පහක් තනියම ගත කිරීමේ ශෝචනීය කථා පුවතකි. සිද්ධිය වූයේ කෑගල්ල බෙලිගල හරංකහව නමැති ප්‍රදේශයේය.


මෙම නිවසේ ජීවත්ව ඇත්තේ 47 හැවිරිදි ගොඩයලාගේ ප්‍රේමරත්න නමැති අයෙකි. ඔහු මීට අවුරුදු 8 කට කලින් පල්ලේවල ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගෙන මෙම නිවසේ ජීවත් වූ අතර කාලයේ අවෑමෙන් මෙම දෙදෙනාට පිරිමි දරුවන් දෙදෙනෙක් බිහි විය. එයින් වැඩිමහල් පුතණුවන්ට වයස අවුරුදු 05 කි. ඔහුගේ සහෝදරයාට වයස අවුරුදු 04 කි. 

8
නමුත් මේ දරුවන්ගේ අවාසනාවකට මේ නිවසේ ඔවුන් ජීවිකාව ගෙන ගියේ විටක වැස්සට තෙමෙමින් අව්වට වේළෙමින්, අපිළිවෙළට නිවසේ ඒ මේ අත විසි කරන ලද අසුන්දර දසුන් සමඟින්ය. විදුලි බලය නොමැති ඔවුන්ට තම වයසේ අනෙක් දරුවන් මෙන් රූපවාහිනියක් නරඹන්නටවත් අවස්ථාවක් නොවීය. නිවසේ මුළුතැන් ගෙය අසල එක් කොනක සිමෙන්ති බ්ලොක් ගල් අසුරා සකස් කරන ලද ඇඳකි. ඒ මත නින්දට යනවා තියා ඉඳගෙන සිටින්නටවත් නොහැකි තරම් අපහසුවක් එහි ඇත්තේය. 


සුරක්ෂිත නිවසක නම් නිවස රාත්‍රියේ වසා තබන්නට දොර ජනෙල් ඇත්තේය. මෙම නිවසේ ඒවා කිසිවක් නොමැති අතර සමහර ස්ථානවලින් මේ සෙවිලි කර ගත් පැල්පතට පින්න ගසන නිසා ඉටි රෙදි යොදා වසා ගත් කොටස් කිහිපයක් ද වෙයි. මහ වැස්සට වහලයට දමා ඇති ඉටි රෙදිවලට වතුර පිරී ඒවා උතුරණ විට ඔවුන්ට නින්දක් වත් තිබෙනවා දැයි විටක සිතෙයි. මෙවැනි කටුක පරිසරයකට උපතින්ම උරුමකම් කියන මේ හය හතර නොතේරෙන දරුවෝ කුඩා කල සිටම මෙ සියල්ල විඳ දරා සිටියමුත් කිසි විටකවත් දෙමාපියන්ට කරදරයක් වන ලෙසින් නොහැසිරුණහ. මේ දරුවෝ දෙදෙනා දුව පැන සෙල්ලම් කරන මුත් වෙනත් දරුවන් මෙන් දඟ නොකළහ. කෑ කෝ ගසා අඬන්නේද නැත. අයියා සහ මල්ලි නිතරම සමීපව සිටිමින් සහෝදරත්වයෙන් යුතුව කාලය ගත කරන අතර රණ්ඩු සරුවල් ඇති කරගත්තේ ද නැත. 


පසුගිය 19 වැනි දින මේ නිවසේ දරුවන්ගේ මව හා පියා අතර අඩ දබරයක් හට ගත් අතර එම දිනයට පෙර දිනයේද ඔවුන් නෝක්කාඩු කියමින් බැන ගන්නා අයුරු අසල්වාසි නිවාස කිහිපයකට ද ඇසී ඇත්තේය. නමුත් මේ ආරවුල දෙදෙනා කෙළවර කර ගත්තේ දරුවන්ගේ මව විසින් මොට ආයුධයකින් තම ස්වාමියාට සිදු කරන ලද පහරකිනි. එයින් ඔහු ඝාතනයට ලක් වූ අතර මේ සිදුවීම දරුවන් ද දැක ඇත. නමුත් කාන්තාව දරුවන් දෙදෙනා නිදි යහනේ සිටියදී ඔවුන් සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා දමා නිවසින් පිට වූයේ තම සියලු ඇඳුම් පැළඳුම් ද අතැතිවය.


හය හතරක් නොතේරෙන මේ දරුවන් දෙදෙනා ඉකුත් 19 වැනි දින සිට මෘතදේහය ඇති කාමරයේ දින පහක් පුරා රැය පහන් කළ අතර ඔවුන් සිය කුසගින්න නිවා ගෙන ඇත්තේ නිවසේ මුල්ලකට දමා තිබූ බාගෙට ඉදුණු කෙසෙල් කැනක ගෙඩි හා අඹ ගෙඩි ආහාරයට ගෙනය. නමුත් මේ දරුවන් තම පියාණන් මිය ගොස් ඇති බවක් නොදන්න හෙයින් දවල් කාලයේ මේ දෙදෙනා සෙල්ලම් කරමින් රාත්‍රියේදී මෘතදේහය අසල නිදා ගනිමින් රැය පහන් කර ඇත. 


මේ ශෝචනීය කථාව ගැන තොරතුරු සොයා ගිය ගමනේදී අසල්වැසියෝ කිහිප දෙනෙක් අප සමග මෙසේ පැවසූහ.


“දරුවන් දෙදෙනා 24 වැනි දින දහවල් කාලයේ ඔවුන් විසූ නිවසින් පිටත්ව නිවස ඉදිරිපිට ඇති කුඹුරෙන් පැමිණෙන විට සෝමපාල නමැති පුද්ගලයෙකු හමු වී ඇති අතර එහිදී දරුවන් විසින් “මාමේ බත් නැද්ද අපිට කන්න” යැයි වැඩිමහල් දරුවා ඔහුගෙන් අසා ඇත්තේ දින පහක කුසගින්න තදින්ම දැනුණු නිසා විය හැකිය.


එහිදී සෝමපාල විසින් බත් තියෙන බව පවසන අතරේ “කෝ තාත්තා, අම්මා. දැක්කේ නෑනේ ගොඩාක් දවසකින් පුතේ” යැයි පවසා ඇත. 


“තාත්තා නම් ඉන්නවා. තාත්තා නැගිටින්නේ නැහැ. ඇඟේ මැස්සොත් වහනවා” යැයි දරුවන් පැවසූ නිසා ඔහු ගම්මුන් සමග එහි ගියේය. එහි යන්නට ගම්මුන් එකතු කරමින් සිටි සෝමපාලට දේවාලයේ අනුලා අක්කා යැයි නම් කරන කාන්තාවක් විසින් ද පවසා ඇත්තේ මීට දිනකට පෙර එම නිවස අසළින් පැමිණෙන විට කලවැද්දෙකු මැරී ඒ ප්‍රදේශයම දුගඳක් වහනය වූ බවයි. 


මේ සිදුවීම් සියල්ලේ ඇත්ත නැත්ත සොයා එහි ගිය ගම්මුන්ට නිවස කිට්ටු කරද්දී දුගඳ වහනය වූ හෙයින් නාසය වසමින් නිවස පරීක්ෂා කරන විට නිවසේ පුද්ගලයෙකු මිය ගොස් ඇති බවත් එය එදින සිදු වී ඇති දෙයක් නොවන බව වැටහුණේ එයින් හමන දුගඳ නිසාය. පසුව මේ පිළිබඳව කෑගල්ල පොලිසිය දැනුවත් කළ අතර පොලිසිය කඩිනමින් එහි පැමිණියේය. 


එම නිලධාරීන් එහි පැමිණ දරුවන් දෙස බලා නිලධාරීන් මුහුණට මුහුණ බලා ගත් අතර සිදු කරන ලද පරීක්ෂණවලින් පසුව හෙළි වූයේ මේ දරුවන් මෘතදේහය අසල රෑ පහක් ගත කර ඇති බවයි. පොලිසිය පැමිණෙන විටත් දරුවන්ගේ මව ගැන කිසිදු තොරතුරක් නොවීය. මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඒ මොහොතේ වයස අවුරුදු 5 දරුවා ප්‍රකාශ කර ඇත්තේ “අම්මා තාත්තා රණ්ඩු වූ බවත් පසුව අම්මා තාත්තාට පොල්ලකින් පහර දී තාත්තා වැටුණු බවයි. අපි තාත්තාට කථා කරන විට තාත්තා කථා නොකළ බවද ප්‍රකාශ කළ අතර අම්මා කොහේද ගියේ දන්නේ නැහැයි” පවසා ඇත. 


මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලද කෑගල්ල පොලිසිය 24 වැනි දිනයේ කෑගල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මැල්කම් මචාඩෝ මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ කටයුතු කර මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට කෑගල්ල මහ රෝහලට රැගෙන යන ලෙස නියෝග කළේය. මෙම මරණ පරීක්ෂණය පවත්වා ලබන 30 වැනි දින සැකකාරිය සමග නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග ලබා දුන්නේය. 


මීළඟ දිනයේ දරුවන් සහ දරුවන්ගේ මව අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඔවුන් මේ වන විට රඳවා ඇත්තේ වේරගොඩ ප්‍රදේශයේ සිටින මියගිය පුද්ගලයාගේ බාල නැගණියගේ භාරයේය. ඇය නමින් ගොඩයලාගේ කමලා අයිරංගණි (37) නම් වෙයි. ඇයට ද දරුවන් සිව් දෙනෙකු සිටින අතර අයිරංගණිගේ ස්වාමියා ද කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යමින් දරුවන් හා බිරිඳ ජීවත් කරවන පුද්ගලයෙකි. 


පොලිසිය විසින් දරුවන්ගේ භාරකාරත්වය ඔවුන්ට පවරා ඇත්තේ ලබන 30 වැනිදායින් පසුව පරිවාසයට ළමුන් භාරදීමේ අදහසින්ය. මේ පිළිබඳව එහි ගිය අපට අදහස් දැක්වූ හතළිස් හැවිරිදි එම්.එච්. ජානක මහතා මෙසේ කීවේය.


“මම බැඳලා ඉන්නේ මේ මියගිය පුද්ගලයාගේ නංගි. මිය ගිය අයියා කුලී වැඩ කරමින් තමයි හිටියේ. නමුත් මත්පැන්වලට මෙයා හරි කෑදරයි. මත්පැන් බීලා ගෙදර ඇවිත් රණ්ඩු සරුවල් කර ගත්තා. මේ නිසා මේ ගෑණු කෙනයි මෙයාගෙයි රණ්ඩු කෙළවර වෙන්නේ සමහර අවස්ථාවල දෙන්නා ගහගෙන. මට මතකයි එක පාරක් රණ්ඩු වෙලා එක රැයක ඔය ලොකු දරුවා ගේ ඇතුළේ සිටියදී මේ කාන්තාව මාස 5 ක් වයසැති කිරි දරුවා දැන් ඔය පොඩි පුතා අසල්වැසි නිවසක එහි එළිපත්තේ තබා ගියා. 


ඒ ගෙදර අය උදේ දොර අරින කොට රෙදි කෑල්ලක ඔතලා හිටපු ළමයා දැකලා ඒ දරුවා කාගෙදැයි හඳුනා ගැනීමෙන් පසුව මේ පිළිබඳව තමාට සහ තම බිරිඳට දැන්වීමෙන් පසුව මේ නිවසට ගෙනවිත් මාස කිහිපයක් දරුවා හදා ගත් බවත් ඒ වන විට දරුවා මව් කිරි බොමින් සිටිය බව ද පැවසුවේය. 


මේ ආකාරයට හිතක් පපුවක් නැති මිනිසුන්ගෙන් වෙන් කරලා අතරමං වූ දරුවාට සලකමින් සිටියදී එක් දිනක දරුවන්ගේ තාත්තා ඇවිත් මාගේ බිරිඳටත් බැණලා ගැනිත් සමග නැවත දරුවන් රැගෙන ගිය අතර මෙවන් හිංසාකාරි වටපිටාවක මේ දරුවන් හැදී වැඩුණු බවද කීය. 


මේ හේතුව නිසා මේ නිවසේ හැමදාම තියෙන රණ්ඩු හේතුවෙන් ගම්වාසීන් කිසිම කෙනෙක් මේ නිවසට ගියේ නැහැ. ඔවුන් මේ නිවසේ අය සමග ඇසුර ද අතහැර දමා තිබිණි. සමහර අවස්ථාවල මහා ශබ්ද නගමින් නිවසේ ඇණකොටා ගැනීම්, භාණ්ඩ පොළවේ ගසන අයුරු හා ඇනුම් පද කියමින් මේ නිවසියන් රණ්ඩු වන නිසා මෙය ගම්මුන්ට සාමාන්‍ය දෙයක් වී තිබූ බවද ජානක කීය. 


මේ ගෑණු කෙනා මේ වෙන කොට ඔය දරුවෝ දාලා හතර පස් වතාවකට වඩා ගිහින් ඇති. ඒ යන්නේ ඉස්සර එයා වැඩ කරපු ගෙවල්වලට. කැලණියේ සහ කුරුණෑගල පැත්තේ ගෙවල්වල වැඩ කළා. මේ සිද්ධියෙන් පස්සෙත් ඔය ගෙදරකට වෙලා ඇති යැයි ද ඔහු කීය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිය ගිය අයගේ නැගණිය කමලා අයිරංගනි මහත්මිය මෙසේ පැවසුවාය. 


“අපේ පවුලේ සහෝදර සහෝදරියන් මා ඇතුළුව 6 දෙනෙක් ඉන්නවා. මේ මිය ගිහින් ඉන්නේ අයියා කෙනෙක්. අයියා විවාහ වෙන්න කලින් හොඳට හිටපු කෙනෙක් නමුත් විවාහ වුණාට පස්සේ තමයි පිස්සෙක් වාගේ හැසිරුණේ. නිතරම එයාලා රණ්ඩු කර ගත්තා. ඒ වුණත් මේ දරුවන් බඩ ගින්නේ කොයිම මොහොතකවත් තිබ්බේ නැහැ. කුලී වැඩ කරලා ගස් බඩ ගලා කීයක් හරි හොයාගෙන ඇවිත් සැලකුවා. ඒ වාගේම මෑත කාලයේ ඉඳලා ඉහ වහක් නැතිව බීවා. 


මට මේ දරුවන් දෙන්නා හදා ගන්න බැරි කමක් නැහැ. ඒත් හදා ගන්න දෙන්නේ නැහැනේ. එයාලා පොලිසිය විසින් අධිකරණ මාර්ගයෙන් පරිවාසයට දෙනවා කීවා. හරි අහිංසක පිරිමි දරුවන් දෙදෙනෙක් යැයිද කීය. මේ දරුවන්ගේ නම් මොනවාදැයි අපි ඇයගෙන් විමසූ විට ඇය ඊට මෙසේ පිළිතුරු දුන්නාය. මේ අයට නමක්වත් තියලා නැහැ. පුංචි පුතාට කියන්නේ සූකිරි. අනික් නම මම දන්නේ නැහැ” ඇය කීවාය. 


අප මේ සම්බන්ධයෙන් කෑගල්ල රෝහල් පොලිසියට පැමිණ කරුණු විමසූ අවස්ථාවේ එම ස්ථානය භාරව සිටින පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු මහතා පැවසුයේ මෙවැනි අමානුෂික කථා පුවතක් මෑත කාලයේ කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව බවයි. ගමේ මිනිසුන් පවසන පරිදි මේ කාන්තාව මීට පෙරත් මෙම දරුවන් දමා නිවසින් පිටමන් වූ බව පවසන අතර තවත් එක් අවස්ථාවක නිවස අසළ කුණු ගොඩකට එක් දරුවෙකු විසි කර දැමූ පුවතක් ද අනාවරණ වූ බවත් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ පොලිස් පරීක්ෂණ පැවත්වෙන බවද කීය. 


ඒ වාගේම මේ කාන්තාව කලින් විවාහ වෙලා ඉඳලා ඒ මනුෂ්‍යයා මිය ගියාට පස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් මත මේ විවාහය සිදු කරගෙන දරුවන් ලැබූ බව මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වන බවද කිවාය. නමුත් මේ කාන්තාව විසින් සිදු කරන ලද පහර දීමෙන් පසුව ඇද වැටුණු මේ පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කළා නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට පවා තිබුණු බවද ප්‍රනාන්දු මහතා පැවසීය.

m



අදහස් (0)

මියගිය පියාගේ දේහය සමග දින පහක් ගත කළ පුංචි සොහොයුරෝ

ලෙහාන් Monday, 30 May 2016 01:17 PM

වැඩිහිටියන්ගේ වැරදි වලට පොඩි අයට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. දරුවන්ට අම්ම තාත්ත දෙන්නම නැති උනා. (ර)

:       0       0

නිශාන්ත Monday, 30 May 2016 06:45 PM

මම කැමතියි මේ ළමයින්ට උදවු කරන්න (නි)

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 210 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 163 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 133 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 242 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 405 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1033 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 934 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1419 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 369 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site