IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මානව දයාවෙන් පිරි දොස්තර නෙවිල්

මාලබේ නෙවිල් ප්‍රනාන්දු, කොළඹ ආශා සෙන්ට්‍රල්, පානදුර කේතුමතී රෝහල් නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අභාවය නිමිත්තෙන් පළ වන ලිපියකි.

1970 දශකයේ පානදුර බස් නැවතුම්පොළ අසල බෙහෙත් ශාලාවකට අම්මා තාත්තා සමඟ ප්‍රතිකාර ගැනීම සඳහා ගිය මට ඉතාම කඩවසම් ප්‍රියමනාප  වෛද්‍යවරයෙකු මුණගැසිණි.

රෝගාතුර වන මව්පියන්  සමග මම ද එම සෑම අවස්ථාවකදීම එම කාරුණික වෛද්‍යවරයාගේ මුහුණ දැක ගැනීම සඳහා යාමට  පෙලඹී සිටියෙමි.

කාලයක් යන විට ඒ කාරුණික වෛද්‍යවරයා එම ස්ථානයේ නොමැති බව දැනගන්නට ලැබිණි.

පසුව දැනගන්නට ලැබුණේ ඔහු දේශපාලනයට ගොස් ඇති බවකි.

ඒ අන් කවුරුත් නොව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාය.

1931  මාර්තු මස 3 වැනිදා ආතර්  ප්‍රනාන්දු සහ රොස්ලින් මෙරායා සොයිසා දෙපලට දාව මෙලොව එළිය දුටු  නෙවිල්ගේ  පවුලේ සාමාජිකයන් 8 දෙනෙකි .
 කොන්ස්ටන්, බැසිල්, ඩැෆ්නි, ෂෙල්ටන්, නොයෙල්, රියෙන්සි,  සහ බාලයා සුජිත්ය.

නෙවිල්   පවුලේ තුන්වැනියාය. නෙවිල්ගේ  පියා වන ආතර් ප්‍රනාන්දු මහතා රජයේ සේවයකයකු  නිසා ඔහුට සේවා ස්ථානයෙන් සේවා ස්ථානයට මාරු වීමට සිදුවිය. ඒ හේතුව නිසා කුඩා නෙවිල්ටත් පාසලින් පාසලට මාරු වීමට සිදුවිය.

පානදුර ශ්‍රී සුමංගල,  කොළඹ ආනන්ද,  මහනුවර ධර්මරාජ   ඇතුළු පාසල් 12ක නෙවිල්  අධ්‍යාපනය හැදෑරීය.
1957 දී වෛද්‍ය වෘත්තියට එක් වෙමින්  නෙවිල් ප්‍රනාන්දු මහතා රෝගීන් සුවපත් කිරීමේ කටයුතුවලට එක් වූයේය. හෙතෙම වසර 20 ක් පානදුර ප්‍රධාන  බස් නැවතුම්පොළ අසල බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගියේය. ඒ වන විටත් වෛද්‍ය නෙවිල් පානදුරේ කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටියේය.

පානදුරේ දස දහස් ගණනක් රෝගීන් සුවපත් කළ නෙවිල් විශාල පිරිසගේ පවුලේ වෛද්‍යවරයා බවට පත්වූයේය.

බෙහෙත්  ශාලාවට ආයුබෝවන් කී වෛද්‍ය නෙවිල් එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිය දේශපාලනය ඇරඹීය.
 ඔහු දේශපාලනයට එනවිට පානදුර සමසමාජ රතු බල කොටුවකි.

එම බලකොටුවේ අධිපතිවරයා  වූයේ එවකට සමසමාජ නායකයකු වූ  හිටපු ප්‍රවාහන අමාත්‍ය ලෙස්ලි ගුණවර්ධන මහතාය.

ලෙස්ලි   පරාජය කිරීම සුළුපටු කරුණක් නොවී ය. සමසමාජ පක්ෂය පානදුරේ රතු බලය පතුරුවා තිබුණි.

කාගේත් සිත් දිනාගෙන  සිටි වෛද්‍ය නෙවිල්  ප්‍රනාන්දු වැඩි ඡන්ද 10,000 කින්  ලෙස්ලි  පරාජය කර පානදුර මහජන මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්විය.
පානදුර මෝදරවිල  කර්මාන්ත පුරවරය සඳහා විශාල පුරන් වෙල් යාය ගොඩ කිරීම,  කේතුමතී කාන්තා රෝහල, පානදුර අගමැති බාලිකා  විද්‍යාලය,  පානදුර රාජකීය විද්‍යාලය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගොඩනැගූ ඒවා ය.

එවකට  ජනාධිපති දිවංගත  ජේ.ආර්. ජයවර්ධන මහතා සහ දොස්තර නෙවිල්  ප්‍රනාන්දු මහතා අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත  නෙවිල්  ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රී ධුරය 1981 වර්ෂයේදී අහිමි විය .
එවකට හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන  මහතා දැඩි  ලෙස  දෝෂදර්ශනයට ලක්කළ  නෙවිල්  ජේ.ආර්ට එරෙහිව සිය හඬ අවදි කළේය.  උතුරේ   හමුදා සොල්දාදුවන් මියයාම සම්බන්ධයෙන් දොස්තර නෙවිල්  ප්‍රනාන්දු මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා සහ එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

ඉල්ලා   අස්වෙන්න,  නෙවිල් ජේ.ආර්. ජයවර්ධනට  එක්තරා ප්‍රසිද්ධ රැස්වීමකදී අභියෝග කළේය. එක්සත් ජාතික පක්ෂය නෙවිල්ගේ මහජන මන්ත්‍රී ධුරය උදුරා ගත්තේය.
එපමණක් නොව ලංකාවේ ආසන අහිමි වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් එම ආසනවලට අතුරු මැතිවරණ පැවැත්වුවද පානදුර ආසනයට අතුරු මැතිවරණයක් ද නොපැවැත්විය.
අතුරු මැතිවරණයක් තිබ්බොත් නෙවිල්  උඩින්ම දිනනවා. ජනතාව කීය.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයත් නෙවිල්ගේ  ජයග්‍රහණය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටියේය.
ජේ.ආර්.  ජයවර්ධන හොඳ  ගැටයක් ගැසුවේය. හිස්වූ  පානදුර මහජන මන්ත්‍රී ධුරයට නීතිඥ පද්මින් ෆොන්සේකා මහතා ලැයිස්තුවෙන් පත් කෙරිණි.

දොස්තර මහත්තයා සැළුනේ නැත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයෙන්  ඔහු එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූයේය.

ඔහු  පානදුර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද විය.

පක්ෂයේ ශාඛා සංවිධාන ගොඩනගමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟීම සඳහා නෙවිල්  සිය ධනය,   ශ්‍රමය,  කාලය කැප කළේය.
කල් යත්ම ආසන ක්‍රමය අහෝසි වී මනාප ක්‍රමය දේශපාලන කරළියට පැමිණියේය. නෙවිල් ප්‍රනාන්දු සිය ඡන්ද ව්‍යාපාරය කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක  කරගනිමින් ආරම්භ කළේය.
ගමින් ගමට දොරින් දොරට ගිය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ නිවස අතුරු සිදුරු නැතිව පාක්ෂිකයින්ගෙන් පිරී ඉතිරී ගියේය.
නෙවිල්ගේ  ජනප්‍රියත්වය විරුද්ධවාදීන්ට ඉවසා ගත නොහැකි විය.

භීෂණය රජ  විණි.  තැන් තැන්වල මිනී කඳු ගොඩ ගැසිණි.
1988 දෙසැම්බර් මස 18 වැනිදා උදෑසන නෙවිල්  ප්‍රනාන්දු මහතා ඉලක්ක කර ගනිමින් ඔහුගේ වෑකඩ  නිවසට ප්‍රහාරයක් එල්ල විය. එහිදී තම ක්‍රියාකාරී පාක්ෂිකයින්  අට දෙනකු  ජීවිතක්ෂයට පත් වූ අතර දොස්තර නෙවිල්  ප්‍රනාන්දු මහතා තම ජීවිතය බේරා ගත්තේ අනූ නවයෙනි.

1994 දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයින් පිරිසක් සමඟ නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූයේය.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු යනු මුහුණුවර ගොඩක චරිත ගොඩක එකතුවක් යැයි හැඳින්වුවද වරදක් නැත. ඔහු මාලඹේ සයිටම් වෛද්‍ය  විද්‍යාලය ආරම්භ කළේය. සයිටම්  පටන් ගත්තේ  සෙන්ට්‍රල් රෝහල විකුණා ලබාගත් මුදලිනි.

එහෙත් සයිටම්  වසා දැමීම නිසා උපන් කල කිරීම ද ක්ෂණයකින් මතුවිය.
‘‘මට කියන්න වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහිවෙන එකේ තියෙන වරද  මොකක්ද කියලා. වෛද්‍ය වෘත්තිය කියන්නේ මුළු ලෝකයම  පිළිගත්ත රස්සාවක්. ලංකාවේ  නැතිවුණත් පිටරට ගිහිල්ලා හරි ඔවුන්ට වැඩ කරලා රටට විදේශ විනිමය ගේන්න පුළුවන් රැකියාවක්.’’

සයිටම්  ආයෝජනය නිසා නෙවිල් ප්‍රනාන්දු  රෝහල නිසාත් ඔහුට සිදුවූයේ දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දීමටය.
‘‘සයිටම් ගොඩනැගිල්ල මම  රු. මිලියන 1000කට විකුණුවා.  හැබැයි ඒ සම්පූර්ණ මුදලම සයිටම් එක වසා දැමීමෙන් රස්සා අහිමි වූ අයට පාරිතෝෂික ගෙවන්න වියදම් කළා.
‘‘ඉස්පිරිතාලෙ හදන්න කෝටි  350 ක ණයක් ගත්තා. කෝටි 100 ළමයින්ගේ පාඨමාලා සල්ලිවලින් ගෙව්වා. ඉතිරි 250 ආණ්ඩුවට ගෙවනවා. හැබැයි ඉස්පිරිතාලෙ ආණ්ඩුවට ගත්ත එකට මට කෝටි 100ක්  ලැබෙන්න නියමිතයි.
‘‘ඒ කෝටි 100 න්  මං ආයෙත් ඉස්පිරිතාලයක් පටන් ගන්නවා . කවදහරි මම මැරෙන්නෙ වෛද්‍ය විද්‍යාලයක් පටන් අරගෙන.
දස දහස් සංඛ්‍යාත රෝගීන් වෙනුවෙන් කැපවුණු මුදල් පවා ඔවුන්ගෙන් නොගෙන ප්‍රතිකාර කරනු ලැබූ අයුක්තිය අසාධාරණය  වෙනුවෙන් කැපවුණු පෞද්ගලික වාසි නොතකා  කෙළින් නැගී සිටි මිනිසුන්ගේ දුක වටහා ගත් මානවදයාවෙන් පිරුණු දේශපාලනඥයින් අතර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සුවිශේෂී චරිතයකි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාණෙනි ඔබට නිවන් සුව.!!!


(***)
සමන් කාරියවසම්
පානදුර

 



අදහස් (8)

මානව දයාවෙන් පිරි දොස්තර නෙවිල්

vikum Monday, 08 February 2021 12:14 PM

ඔහුගේ මරණය වෛද්‍ය සංගමයේ සතුටට කාරණයක් වූවාදැයි මම නොදනිමි.. නමුත් ලංකාව වැනි රටක කිසිවෙකුට දියුණු වීමට අවස්ථා කොතෙක් පැවතියත් ඒවා දේශපාලනික අවශ්‍යතා මත මරා දැමීම අපරාධයකි. අප රට පුදුම සහගත රටක් වනුයේ, ජනතාවට හයිවේ අවශ්‍ය වේ. එ්ත් ගස්වැල් නොකැපිය යුතුයි. වෛද්‍යවරු අවශ්‍ය වේ නමුත් මුදලට වෛද්‍ය උපාධිය හැදැරීමට අවස්ථා නොදිය යුතුයි. එහෙත් විදේශයකින් ලබාගත් උපාධියෙන් රටේ වෛද්‍ය වෘත්තීය සිදු කළ හැකිය. මිනිසුන්ට විනය අවශ්‍ය වේ. නමුත් එය පිළිපදින්නට අකමැති වේ.

:       5       47

සාරසී Monday, 08 February 2021 04:34 PM

සහතික ඇත්ත...

:       5       15

ලුම්බිණි Wednesday, 10 February 2021 12:32 AM

ආණ්ඩුවට හරි ප්‍රතිපත්තියක් නොතිබුණු නිසා තමයි සයිටම් එක වහන්න වුනේ. මෙතුමා පටන් ගත්ත සයිටම් එක ඉරිසියාකාර දොස්තරලා ටිකක් නිසා අපේ රටට වැදගත් විය හැකිව තිබුණු ආයතනයක් නැති වුණා. ඔබට නිවන් සුව...!!!

:       0       0

dhamneth Wednesday, 10 February 2021 05:33 AM

රටක් දියුණු වෙන්න රටකට අවශ්‍ය මේ වගේ රටට වැඩකරන පුද්ගලයන්ය. එහෙම නැතිව හැමදෙයක්ම රජයෙන් බලාපොරොත්තුවන මිනිසුන් නොවේ.

:       0       0

pakeer Wednesday, 10 February 2021 06:38 PM

ලංකාවේ ගොඩාක් ප්‍රශ්න වලට මුල මිනිස්සුන්ගේ ඇති කුහකකමයි. අන් කවර ජාතියකටද වඩා ලක් වැසියන් ඉතාමත් කුහකය...

:       2       17

sampath Thursday, 11 February 2021 05:56 PM

නෙවිල් ප්‍රනාන්දු මහත්තයා හිතපු විදිහ නිවැරදියි. ඒත් වෘත්තීය සමිති එක්ක මේ රට හදන්න බැහැ.

:       1       5

SL Saturday, 13 February 2021 06:18 AM

ලංකාවේ ඇති ප්‍රශ්නේ හොඳ වැඩක් පටන් ගනිද්දී NGO සෙට් එක එක්කම ජවිපෙ කරන්න පුළුවන් හැම නින්දාවක් ම කරනවා. ලංකාවේ ලක්ෂ ගානක් ළමයි පිටරට ගිහින් සල්ලි දීලා මෙඩිකල් ඩිග්‍රී එක කරනවා (නේපාලය, බංගලාදේශය ඇතුළුව). ඒවාට මීක් නොකියන කුහකයින් ටික සයිටම් විනාශ කරලා දැම්මා. කාටද පාඩු? මට තියෙන ප්‍රශ්නේ, නේපාලේ, බංග්ලාදේශයේ ඩිග්‍රි පිළිගන්න තරම් ලංකාවේ දොස්තරලගේ දැනුම අඩුද? සයිටම් එකත් නේපාලේ, බංග්ලාදේශයේ කොලිටියට වඩා කොලිටි අඩුද? ජවිපෙ,GMOA කුහක රැල මොනවද කියන්නේ මෙතුමා කරලා තියෙන දේවල් වලට වඩා තරම පිටරට වලින් ලැබෙන NGO සල්ලි වලට ණයට කහින ජෙප්පෝ මොනවද කරලා තියෙන්නේ? නැවත සයිටම් විධිමත්ව, පටන් ගතයුතුයි...

:       0       6

chathuriSunday, 14 February 2021 10:41 PM

සයිටම් ප්‍රශ්නය එසේ මෙසේ එකක් නොවෙයි. දේශපාලකයින් කිහිප දෙනෙකුගේ බිරින්දෑවරු ඔය සයිටම් එකේ ඉගෙන ගත්තා. ඒ අය උසස් පෙළ කරලා තියෙන්නේ ගෘහ විද්‍යාවෙන්. ඒ අය ජීව විද්‍යාව පාසලේදී උසස් පෙළට කරලා නැහැ. එවැනි දූෂිතයින් හොරෙන් මේ ආයතනයට හිතවත්කම් වලට බඳවාගත්තා. එවැනි මෝඩයින්ට පුලුවන්ද රෝගීන්ට ප්‍රතිකාර කරන්න? නොදන්නා දේවල් කතාකරන්න එපා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 77 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 62 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 202 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 25 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 502 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 249 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 377 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site