IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මනාප පොරයෙන් සමාජය ගඳ ගස්සන්න එපා

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක ඉකුත්දා නිකුත් කෙරිණි. මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිෂන් සභාව පසුව ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබේ. මනාප අංක නිකුත් කර ඇති හෙයින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයන්ට මෙන්ම ස්වාධීන අපේක්ෂකයන්ට හැකියාව ලැබේ. මැතිවරණ නීති, රටේ පොදු නීති මෙන්ම නිරෝධායන නීති සුරක්ෂිත  කරමින් තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම සෑම අපේක්ෂකයකුම ශිෂ්ටවනු ඇතැයි ජනතාවගේ අපේක්ෂාව වේ.
 
මැතිවරණයක් යනු ප්‍රචණ්ඩත්වයේ නිවුන් සොහොයුරා යැයි හැඟෙන තරමට මැතිවරණ කාලයේත් පශ්චාත් මැතිවරණ කාලයේත් ප්‍රචණ්ඩ ක්‍රියා බහුල වූ යුගයක් අපි ගෙවා දමා ආවෙමු. 2015 වසරේ සිට පැවැති මැතිවරණ සාපේක්ෂ වශයෙන් සාමකාමී වූ අතර එය ඉහළ ජනතා ජයග්‍රහණයක් ලෙස ද අර්ථ දැක්විණි. මෙම තත්ත්වය තව තවත් උස් මහත් විය යුතුය. මන්දයත් මැතිවරණයකදී සැබෑ ජන මතය නිවැරැදිව ප්‍රකාශයට පත්වන්නේ එම මැතිවරණය සාමකාමී හා සාධාරණ වුවහොත් පමණි.

අබ වපුරා මුං නෙළිය නොහැකි බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වූවකි. වපුරා  ඇත්තේ අබ නම් නෙළීමට සිදුවන්නේ අබමය. ගැටුම් ප්‍රවර්ධනය කෙරෙන මැතිවරණ ක්‍රමයක් තුළ ගැටුමෙන් තොර මැතිවරණ අපේක්ෂා කිරීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් බඳුය. පවතින මැතිවරණ ක්‍රමය යනු ගැටුම් ප්‍රවර්ධනය කරන්නකි. නැති ගැටුම් අවුළුවා තබන්නකි. මනාප ක්‍රමය එයට ප්‍රධානම හේතුවය.

මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුගේ ඉලක්කය ජයග්‍රහණය කිරීමය. එහෙත් ජයග්‍රහණය පමණක් නොසෑහේ. දිස්ත්‍රික්කයේ අංක එක විය යුතුය. හැකි නම් ලංකාවෙන්ම අංක එක විය යුතුය. ඉහළම මනාප  ප්‍රතිශතය ලබාගත යුතුය. මේවා හොඳින් බැරි නම් නරකින් හෝ ලබාගත යුතුය. කඩු, කිණිසි, කිරිච්චි, සයිකල් චේන්, ඩප්පි, ටී.පනස්හය ආදී සියල්ල ඒකරාශි වූ මැතිවරණ ව්‍යාපාරයක් නිර්මාණය වන්නේ ඒ අනුවය. ලේ විල්  ඉදිවන මිනී වළවල් කැපෙන මළ කඳන් ගොඩ ගැසෙන මැතිවරණ ව්‍යපාරයකින් කිසි ලෙසකින් හෝ මහජන මතය නිවැරැදිව ප්‍රකාශයට පත් වන්නේ නැත.

සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වූ මැතිවරණවල පොදු සාධකයක් වන්නේ පක්ෂ පක්ෂ අතර ගැටුම්වලට වඩා එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර ගැටුම් නිර්මාණය වීමය. පක්ෂ පක්ෂ අතර ගැටුම් එක අතකින් බලාපොරොත්තු විය යුතුය. ඒ අර්ථයෙන්ම ඒවා සාමාන්‍ය වේ. එහෙත් එකම ප්‍රතිපත්ති මාලාවක්  ක්‍රියාත්මක කිරීම සඳහා එකම පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් අතර ගැටුම් නිර්මාණය වන්නේ නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජුගුප්සාජනකය. එහෙත් මනාප බල පොරයෙන් නිර්මාණය වන්නේ එම ජුගුප්සාවය. එහෙයින්ම මෙරට බුද්ධිමත් ජනයා මෙම මනාප බල පොරය හඳුන්වන්නේ මනාප බලු පොරය ලෙසය.

මැතිවරණ ක්‍රමය වෙනස්කර සාධාරණ සාමකාමී මැතිවරණයකට මඟ හදන මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්වන අපේක්ෂාවට සෑහෙන තරම් දිගු ඉතිහාසයකි. මිනිස්කමට නිගාදෙන මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කරන ලෙස මෙම සමාජය ඉල්ලා සිටින්නේ ඇඟමස උදුරන මෙම මැතිවරණ ක්‍රමයේ ආදීනව අත්දැකීමෙන්ම දන්නා හෙයිනි.
ජනතාවගේ හෘද ස්පන්දනය හොඳින්ම දන්නා දේශපාලනඥයෝද මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට ප්‍රතිඥා දෙති. වේදිකා දෙදරමින් කතා පවත්වති. එහෙත් මැතිවරණයෙන් පසු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කසාය බීපු ගොළුවාගේ චරිතයට පණ පොවති.

මෙම මැතිවරණ ක්‍රමය නිසා එක් අපේක්ෂකයකු සමස්ත දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයැ විය යුතුය. එය සරල කාරණාවක් නොවේ. ඒ සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් ධනය වියදම් කළ යුතුය. ඒ සා විශාල ධනයක් වියදම් කිරීමෙන් පසුව එම ගරු කටයුතු මහජන නියෝජිතයාට පළමුව සිදුවන්නේ තමන් වියදම් කළ ධනය උපයා සපයා ගැනීමටය. පාරට දමන්නට ගෙනා තාර බැරලයෙන් පාලමක් හැදීමට ගෙනා සිමෙන්ති කොට්ටයෙන් ගසා කන චෞර කප්පිත්තකු බවට ගරු කටයුතු මහජන නියෝජිතයා පත්වන්නේ එහෙයිනි.

අනීතික ලෙස මුදල් උපයන්නෝ මැතිවරණ ව්‍යාපාරයකදී තෝරාගත් අපේක්ෂකයන්ට අත දිගහැර වියදම් කරති. මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවේ යැයි කියමන සනාථ කරමින් අනීතික ලෙස මුදල් උපයන්නන් එසේ මුදල් වියදම් කරන්නේ බොහෝ අරමුණු සහිතවය. ගරු කටයුතු මහජන නියෝජිතයන් මගෝඩින්ගේ පහසු ගොදුරක් බවට සිරකරුවකු බවට පත්වන්නේ ඒ අනුවය. එහෙයින් මෙම මැතිවරණයෙන් පසුව හෝ හෘදය සාක්ෂියක් සහිත ගරු කටයුතු මහජන නියෝජිතයකු නිර්මාණය කරගත හැකි මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

 



අදහස් (0)

මනාප පොරයෙන් සමාජය ගඳ ගස්සන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site