IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මෙන්න සුපිරිම හොරා අවුරුදු 50ක්ම සොරකමේ

 fggu

 

කිතුල් ඇල්ල ප්‍රදේශය පිහිටා ඇත්තේ ඇල්ල පොලිස් වැයික්කියේය.මේ ප්‍රදේශයේ තිබෙන වෙළඳසලකට පසුගිය 23 වැනිදා මහ රෑ පුද්ගලයකු ඇතුළු වූයේ මුදල් සොරාගෙන යෑමටය. කඬේ මුදලාලි නින්දෙන් අවදි වූයේ ශබ්දයක් නිසා ඒ ගැන විපරම් කර බැලීමටය. කඬේට සොරෙක් ඇතුළු වී සිටින බව දුටු මුදලාලි ඔහු අල්ලා මෙල්ල කර ගැනීමට සූදානම් වනවාත් සමගම සොරා යමකින් මුදලාලිට ඇන පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු ආධාර ඉල්ලා කෑ ගැසුවේය. 

 

 


ඒ සැණින් මේ ගැන ඇල්ල පොලිසියට ද කතා කර දැනුම් දුන් අතර පොලිසිය පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව හොරා අල්ලා ගත්තේ පලා යමින් සිටියදීය. 


මුදලාලිට ඇන තිබුණේ නියනකින් වන අතර එය ද සැකකරු සන්තකයේ තිබී පොලිසිය සොයා ගත්තේය. 


වසර 50ක පමණ කාලයක් තිස්සේ සොරකම් කිරීමේ නිරතව සිටින බව කියන මොහු විසින් එතෙක් මෙතෙක් සිදු කර ඇති සොරකම් ගණන 1,000කටත් වැඩි මිස අඩුවක් නම් නොමැත. 


මොහුගේ පළමු සොරකම ගමේ ගෙවත්තක තිබූ කෙසෙල් කැණක් සොරා ගෙන ගොස් විකිණීමය. 


මේ සොරකමට මොහු පොලිසියට කොටු වී පරිවාස බාරයට පසුවන විට වයස අවුරුදු 18කි. 


දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ (අයි.ආර්.සී.) ලැයිස්තුවේ සිටින මොහුගේ වතගොත හාරා අවුස්සා බැලුවේ ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඩී. එන්. කරුණාරත්න මහතාය.

08_SLTK_P2_Back

 


1960 දී විතර මම ගමේ ගෙදරක කෙසෙල් කොරටුවකට පැනලා කෙසෙල් කැනක් හොරෙන් කපා ගෙන ඒක කරේ තියා ගෙන පොළට ගෙනත් මුදලාලි කෙනෙකුට විකුණලා රුපියල් 10ක් ගත්තා. ගමේ කවුරු හරි කෙනෙක් මම කෙසෙල් කැණ කරේ තියාගෙන යනවා දැකලා කෙසෙල් කොරටුවේ අයිතිකාරයාට කියා තිබෙනවා. ඔහු මේ බව ගමේ ග්‍රාම සේවක මහත්තයාට පැමිණිලි කළාට පස්සේ  ග්‍රාම සේවක මහත්තයා ඇවිත් මාව අල්ලා ගත්තා.

විජේරත්න කියන ග්‍රාම සේවක මහත්තයා මට පාරක් දෙකක් ගහලා දණ ගැස්සුවා. පස්සේ මාව බුලත්සිංහල පොලිසියට බාර දුන්නා. එතකොට මුදලාලි මම හොරකම් කරපු කෙසෙල් කැන විකුණලා. ඒ වෙනුවට වෙනත් කෙසෙල් කැනක් මුදලාලිගෙන් ඉල්ලාගෙන ඇවිත් මාවත් එක්ක කෑගල්ලේ ගම් සභා උසාවියට ඉදිරිපත් කළා. එතකොට මගේ වයස අවුරුදු 18ක් විතර වෙනවා. 


අක්කා මා වෙනුවෙන් ගම් සභා උසාවියේ කතා කරන්න කෑගල්ලේ ඒ කාලයේ හිටිය ගුණරත්න කියලා පෙරකදෝරු මහත්තයෙක් ඇල්ලුවා. පෙරකදෝරු මහත්තයාගේ ගාස්තුව රුපියල් 10යි. පෙරකදෝරු මහත්තයා මට කීවා වරද පිළිගනින් කියා. මම උසාවියේදී වරද පිළිගත්තා. කස පහර තුනක් මට ගැසීමට උසාවිය නියම කළා. ඒ තමා මම කළ මුල්ම හොරකම. පස්සේ මාව වසර තුනකට පරිවාස බාරයටත් පත් කළා. පරිවාස බාරයේ ඉඳලා ආයෙත් ගමට ආවා. 
අපේ ගමේ ඒ කාලෙ හිටියා ඇල්ල ළඟ රාළ කියලා ප්‍රසිද්ධ හොරෙක්. එයා වෙන කවුරුත් නොවේ ඥාතිකමට එයා මගේ පුංචි බාප්පා වෙනවා. ඒ බාප්පා තමා මට හොරකම් පුරුදු කළේ. පුංචි බාප්පා හොරකමේ යද්දී මාවත් එක්ක ගෙන ගියා. ඒ කාලයේ අපේ ගමේ විතරක් නොවේ අහල පහල ගම්මානවල පවා ගොඩක් ගෙවල් පොල් අතු හෙවිලි කරලා මැටි බිත්තිවලින් හදලා තිබුණේ. මමයි බාප්පයි එකතු වෙලා රෑට ගෙදර අයට නොදැනෙන්න බිත්ති හාරලා ගෙට රිංගලා ගෙදර තියන වටිනා කියන බඩු මුට්ටු හොරකම් කරගෙන එනවා. මගේ අම්මෝ ඒ කාලයේ ඔය විදිහට අපි දෙන්නා කොච්චර ගෙවල් බිඳලා තියෙනවා ද? ඊට පස්සේ මම තනියම හොරකමේ යන්න පටන් ගත්තා. රටේ නොගිය පළාතක් නැහැ. හැම තැනකම ගිහින් කළේ හොරකම් කරන එකම තමා. කුකුල්ලු හොරකම් කිරීමත් ජයටම මම කළා.


පොලිස් ස්ථානාධිපති :- කොච්චර කාලයක් තිස්සේ හොරකම් කරනවා ද? 
සැකකරු :-
අවුරුදු 50ක් තිස්සේ ඉඳලා හොරකම් කරනවා. 


පොලිස් ස්ථානාධිපති :- අවුරුදු 50ටම කරලා තියන ලොකුම හොරකම මොකක්ද? 
සැකකරු :-
මම අවුරුදු පනහක් තිස්සේ සොරකම් කරන කෙනෙක්. අදටත් කරන්නේ ඒකනේ. 1970 ගණන්වල මම යාපනයේ හිටියේ. එහාට වෙලත් කළේ හොරකම් කරන එකම තමා. කඩ කඩනවා. ගෙවල් කඩනවා. දවසක් මම යාපනය කෝපායි පැත්තේ තියන ගෙදරක අල්මාරියක් කඩලා ඒ අල්මාරියෙ තිබුණ ලොකු සල්ලි කිහිපයක් සොරකම් කර ගත්තා. රුපියල් ලක්ෂයක මුදලක් ඒ සල්ලි මිටියේ තිබුණා. කිරි එකතු කරලා විකුණන මුදලාලි කෙනෙකුගේ ගෙදරින් තමා මම මේ සල්ලි මිටිය හොරකම් කළේ. ඒක තමා මම කරපු ලොකුම හොරකම. අද කාලයේ ඒ සල්ලි කෝටියකටත් වඩා වටිනවා. 

 


පොලිස් ස්ථානාධිපති :- තමුන් ඒ සල්ලි හොරකම් කරලා මොකද කළේ? 
සැකකරු :-
යාපනයේ ඉන්න කාලේ මම මොකක් හරි හොරකමක් කරපු ගමන්ම කොළඹට එනවා. ටික කාලයක් කොළඹ ඉඳලා ආයෙත් යාපනයේ යනවා. කොළඹ මට යහළුවෝ ගොඩක් හටියා. ඒ සේරම දෙනා හොඳ වැඩ කරන එවුන් නම් නෙමේ. ලක්ෂය හොරකම් කරපු දවසෙම බස් එකේ නැගලා කොළඹ ආවා. මම ගණිකාවෝ ආශ්‍රය කරන්න පුරුදු වෙලා හිටියේ. ගණිකාවන් එක්ක රැයක් ගත කරන්න ඒ කාලයේ ගත්තේ රුපියල් පහක් හෝ දහයක් විතර මුදලක්. ගණිකාවෝ එක්ක ගත කළා. ඒ කාලෙත් ලස්සන ගැටිස්සියෝ හිටියා. යහළුවන් එක්ක එකතු වෙලා අරක්කු බිව්වා. උන්ට සල්ලි දුන්නා. ඇඳුම් පැලඳුම් අරන් දුන්නා. මාස 1 1/2ක් විතර යද්දි ඒ සල්ලි ටික ඉවර වුණා. 


සැකකරු පොලිසියට පවසා තිබෙන ආකාරයට ඔහු මේ වසර 50ක පමණ කාලය ඇතුළත සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටු වී වසර 28ක පමණ කාලයක් හිරේ හා රිමාන්ඞ් බන්ධනාගාරයේ ගත කර ඇත. 


බන්ධනාගාරයේ සිදුවන ගංජා හෙරොයින් ජාවාරම් ගැන ද බොහෝ තොරතුරු සැකකරු විසින් හෙළි කර ඇති අතර එම තොරතුරු සියල්ලම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දෙන ලෙස බදුල්ල කොට්ඨාස බාර පොලිස් පරීක්ෂක සුදත් මාසිංහ මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ. 


“හෙරොයින් හා ගංජා සිගරට් ඕනෑ තරම් බන්ධනාගාරවල තිබෙනවා. හුඟක් හිරකාරයෝ ජංගම දුරකථන තියාගෙන ඉන්නවා. බන්ධනාගාරයේ හිර කුටිවල බිත්ති හාරා ඒවා තුළ ජංගම දුරකථන හංගනවා. කන්න දෙන පාන් වතුරේ පොඟවා බිත්තිවල හාරපු හිල් වසා තබනවා. ගංජා හා හෙරොයින් හංගන්නෙත් ඒ හිල් අස්සේ තමා. හිරගෙදර හිරකාරයන්ගේ පාවිච්චියට ගන්නා සමහර බාල්දිවල අමතර පතුලක් හදාගෙන ඒවායේ හෙරොයින් හා ගංජා පැකට් හංගාගෙන විකුණනවා” යැයි සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඇත.

 


පොලිස් ස්ථානාධිපතිවරයා :- තමුන් විවාහ වුණේ නැද්ද? 
සැකකරු :-
මොකද නැත්තේ මහත්තයො. මට දරුවෙකුත් ඉන්නවා. කෑගල්ල නෙළුම්දෙණිය ගමේ කෙල්ලෙක්ව තමා මම බැන්දේ. එයා මාව හොඳ මිනිහෙක් කරන්න ගොඩක් උත්සාහ කළා. 


ගාල්ල පැත්තේ ඉඳලා අපේ ගමේ වැඩට ආපු මේසන් බාස් කෙනෙක් එක්ක යහළු වෙලා පැනලා ගියා. එතකොට එයාට මට දාව පොඩි පුතෙක් හිටියා. අවුරුදු 1 1/2ක විතර. ඒ ළමයාවත් අරගෙන තමා බිරිඳ බාස් එක්ක පැනලා ගියේ. පස්සේ මට දැන ගැනීමට ලැබුණා බිරිඳ ඒ මිහිහත් එක්ක හොඳට පවුල් කනවා කියා. බාස් එක්ක පැනලා ගියාට පස්සේ බිරිඳවත් දරුවවත් අද වෙනකම් දැකලා නැහැ. හොඳට ඉන්නවා කියා දැන ගත්තාට පස්සේ මට ලොකු සතුටක් ඇති වුණා මහත්තයෝ. 


සැකකරු පොලිසියට පවසා ඇත්තේ ඔහු සොරකම් කිරීමට ගොස් අසුවී ගම්මුන්ගෙන් ගුටිකා තිබෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා යැයි කියාය. 
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවට (අයි.ආර්.සී) මෙම සැකකරු ඇතුළත්ව ඇත්තේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ සිදු වූ සොරකම් ගණනාවක් සම්බන්ධයෙනි. 


මෙම සැකකරුගේ අයි.ආර්.සී. අංකය වනුයේ 638/71 ය. 
බුලත්කොහුපිටිය පොලිසියේ එවකට පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කර ඇත්තේ පොලිස් පරීක්ෂක ඩී. පී. පීටර් මහතාය. 


කඩයකින් මුදල් කොල්ලකෑමට ගොස් ඇල්ල පොලිසියට කොටු වූ මෙම සැකකරු සම්බන්ධයෙන් රට පුරා පිහිටි පොලිස් ස්ථානවලට තොරතුරු දැනුම් දීමෙන් පසු ඔහු පොලිස් වසම් ගණනාවක සිදු වූ සොරකම්වලට අවශ්‍ය බවට දැනටමත් දැනුම් දී තිබේ. 


“මගේ අම්මයි තාත්තයි දෙන්නා පොඩි කාලේ මිය නොයන්නට මම මේ වගේ පල් හොරෙක් නොවෙන්න ඉඩ තිබුණා. මම අයාලේ යන්න පටන් ගත්තේ අම්මයි තාත්තයි මැරුණට පස්සේ. මට හොඳට ඉගෙන ගන්නත් පුළුවන්කම තිබුණා. මට හොඳ යහළුවෝ මිත්‍රයෝ ආශ්‍රය කරන්න කවමදාවත් ලැබිලා නැහැ. මගේ බාප්පා තමා මම මේ තත්ත්වයට ඇදලා දැම්මේ. වැරදි කරලා හිරේ ඉන්න හුඟ දෙනකුට කුඩා කාලයේ අම්මලාගේ තාත්තලාගේ ආදරය ලැබිලා නැහැ. උන් ඒ බව කතා බහ කරද්දී මාත් එක්ක කියා තිබෙනවා” යැයි සැකකරු පොලිස් ස්ථානාධිපතිවරයා සමග පවසා ඇත. 


බණ්ඩාරවෙල කොට්ඨාස බාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඩී. එන්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. ජී. කේ. කරුණාරත්න සහ පොලිස් කොස්තාපල් එරංග (69767) යන මහත්වරු සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

m



අදහස් (0)

මෙන්න සුපිරිම හොරා අවුරුදු 50ක්ම සොරකමේ

බ්‍රයන් Sunday, 15 January 2017 02:04 PM

මම නම් හිතන්නේ මේක දැම්මහම තව හොරු බිහිවෙයි (බ)

:       0       0

රුවන් Monday, 09 January 2017 11:42 AM

අවුරුදු 50 අනුන්ගේ දේවල් හොරකම් කරපු කෙනාව අශිකාට පෙන්නේ අහිංසකයෙක් වගේ නම් ඈපදීලා ගෙදර ගිහින් තියාගන්නකො පවුනේ (බ)

:       0       0

ශෂික Tuesday, 10 January 2017 04:04 PM

ඔය මව් පියන්ගේ ආදරේ ලැබුනේ නැහැ වගේ කතා බොහෝ ලොකු කුඩා හොරුන්ගේ අපරාදකාරයින්ගේ කටේ තියනවමයි.ඕව වැඩිපුර කියන්නේ අනුකම්පාව ලබාගන්න. (අ)

:       0       0

චින්තක Tuesday, 10 January 2017 08:15 AM

රොහාන්, හිටපු හොරාද? අද ඉන්න හොරුද? (නි)

:       0       0

රොහාන් Monday, 09 January 2017 01:09 PM

අපේ හිටපු හො.රා.වගේ කෙනෙක් නම් නෙවෙයි මෙයා. (අ)

:       0       0

අරුණ Sunday, 15 January 2017 03:11 AM

කෙහෙල් කැන් හොරා කපන අය කිසි ප්‍රමාදයක් නැතුව හිරේ. මහ බැංකුව මහ දවල් හොරා කාපු අය නිදැල්ලේ. මේක විහිලුවක් මිස රටක් නෙමෙයි. (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 10 January 2017 11:29 PM

රුවන්, අහිංසක හොරෙක් වශයෙන් අශිකා හඳුන්වන්නේ සමහරවිට සමාජය විසින් උරුම කර දී ඇති දුප්පත්කමට සහ නූගත්කමට මෙතනට වැටුන හොරෙක් නිසා වෙන්නට පුළුවන්. මොහුව මෙසේ හැඳින්විය යුත්තේ දුප්පත්කමක් පේන තෙක්මානයක නැති උගත්කමේ ඉහළටම ගිය, බොරු කප්පරයක් කියමින්, පන්සල,කෝවිල, පල්ලිය රවටමින් රාජ්‍ය දේපළ මංකොල්ල කන, පාර්ලිමේන්තු කම්බා හොරුන්ටත් සුදුසු නාමයක් තිබිය යුතු නිසාය. (නි)

:       0       0

අබය Monday, 09 January 2017 10:04 PM

මොනවා වුණත් ඔහු අවංක හොරෙක්... (නි)

:       0       0

අශිකා Monday, 09 January 2017 09:37 AM

මේ මනුස්සය ඉතාමත් අහිංසක හොරෙක්, එ්ත් අපේ උත්තරීතර පාර්ලිමේතුවේ ඉන්න කම්බා හොරුත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ පොලිසියත් ඉතින් චන්ඩි වෙන්නේ මේ වගේ අහිංසසකයෙක් අල්ලාගෙන තමයි, (බ)

:       0       0

මංජුල Tuesday, 10 January 2017 06:08 AM

සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න ෆිල්ම් එකක් කරන්න හොද නිමිත්තක්. අත්දැකීම් එමටයි. (නි)

:       0       0

ඩිලාන් Tuesday, 10 January 2017 02:18 PM

මේකා අගමැති හරි ජනාධිපති හරි කරන්ට ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1745 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site