IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


‘මොනා වන්නා’ ඩාවින්චිගේ සිත්තම් අතරට

වෙනත් සිත්තරකු විසින් අඳිනු ලැබූ බවට විශ්වාස කළ මෝනලිසාගේ ගල් අඟුරුවලින් සිතුවම් කරන දළ කළු සුදු සිතුවම චිත්‍රයට නගා ඇත්තේ ද සුප්‍රකට කලාකරු ලියනාඩෝ ඩාවින්චි යැයි ප්‍රංශ කලා විශේෂඥයෝ පවසති.

ගල් අඟුරුවලින් සිතුවම් කරන ලද මෝනලිසාගේ කළු සුදු ආලේඛ්‍ය සිතුවම වෙනත් කලා එකතුවක් සමඟ වසර 150කට පමණ කාලයක් පැවැති අතර එය සිතුවමට නගන ලද්දේ වෙනත් නිර්මාණකරුවකු යැයි මීට පෙර විශ්වාස කරන ලදි.

මෙම කළු සුදු මෝනලිසාගේ නග්න ආලේඛ්‍ය දළ සිතුවම සම්බන්ධයෙන් ප්‍රංශයේ පැරිස් හි ලුවි කෞතුකාගාරය එම සිතුවම පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එහිදි මෙම කළු සුදු දළ සිතුවම ආසන්න වශයෙන් හෝ නිර්මාණය කරන ලද්දේ ලියනාඩෝ ඩාවින්චි යැයි විශ්වාසයක් ගොඩනැගී තිබේ. මෙම කළු සුදු දළ ආලේඛ්‍ය සිතුවම ‘මොනා වන්නා’ නමින් හැඳින්විණි.

මෙම සිතුවම 1862 වසරේ සිට පැරිස් අගනුවර උතුරට වන්නට පිහිටි ෂොන්ටිලි මාලිගාවේ කොන්ඬේ කෞතුකාගාරයේ පුනරුද සිතුවම් එකතුවක් සමඟ තබා තිබිණි.

වසර 1452 සිට 1519 දක්වා ජීවත් වූ ලියනාඩෝ ඩාවින්චි ඉතාලි පුනරුද යුගයේ සිටි ශ්‍රේෂ්ඨතම කලාකරුවකු ලෙස හැඳින්වෙන අතර ඔහුගේ ‘මෝනලිසා’ සිතුවම ලොව මිලෙන් වැඩිම සහ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් සැලකෙයි.

ලියනාඩෝ ඩාවින්චි වමත්කරුවකු ලෙසින් හැඳින්වෙන අතර ඔහු විසින්ම කරන ලද බව සොයාගත් මෙම දළ කළු සුදු නග්න සිතුවමේ ඇතැම් තැන්වල දකුණු අතින් කරන ලද ඇඳීම් සොයාගත හැකි බව ද විශේෂඥයෝ පෙන්වාදෙති.

මෙම සොයාගැනීම් තිබුණද තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඔවුහු පවසති.

(ඒ.එෆ්.පී -055)

 



අදහස් (0)

‘මොනා වන්නා’ ඩාවින්චිගේ සිත්තම් අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 30 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site