තමාට අපහාසයක් සිදු කළේ යැයි කියමින් රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ විසින් දමිතා අබේරත්න රංගන ශිල්පිණියට එරෙහිව නඩුවක් පවරනු ලැබුවේ මීට වසරකට පමණ පෙරදීය. මෙහිදී තමාට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 50ක වන්දියක් සේමිණි ඉල්ලා සිටියාය.
තමුන්ට ද අපහාසයක් සිදුවිණැයි ප‍්‍රකාශ කරමින් දමිතා අබේරත්න ශිල්පිනිය ද සේමිණිට එරෙහිව රුපියල් දස කෝටියක වන්දියක් ඉල්ලා සිිටියාය.
මේ අනුව වසර එකහමාරක පමණ කාලයක් දක්වා ඇදී ගිය මෙම නඩුව දෙපාර්ශ්වයේම එකඟතාවය මත පසුගියදා සමතයකට පත්විණි. රංගන ක්ෂේත‍්‍රයේ ශිල්පිනියන් දෙදෙනකු ලෙස එකිනෙකාට එරෙහිව නඩු පවරා ගෙන නැවත ඒ නඩු ඉල්ලා අස්කර ගත් පසු සේමිණි ඉරිදා ලංකාදීපයට අදහස් ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.
සේමිණි මේ සිදුවීම ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද?
එදා මට වෙච්ච අපහාසය නිසා තමයි එලෙසින් නඩුවක් පැවරුවේ. වසර එකහමාරක් විතර මේ නඩුව ඇදීගෙන යද්දී මෙය කිසි වැඩකට නැති, කාලය සහ මුදල් වැය වන වැඩක් කියලා හිතුණා. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් වගේම පවුලේ අයගෙනුත් නිරන්තරයෙන් මට උපදෙස් ලැබුණා. මේ නඩුව අවුරුදු එකහමාරකට පස්සේ ඉල්ලා අස්කර ගත්තෙ ඒ නිසයි.
මේ විදියට නඩුව පැවරීමට පෙර, ඔබට ඒ ගැන හිතුණේ නැද්ද?
ඒ වෙලාවෙ මට වෙච්ච අපහාසය නිසා මගෙ හිත හොඳටෝම රිදිලා තිබුණා. අපි කවුරුවත් අපහාස විඳින්න කැමති නැහැනෙ. මාත් මනුස්සයෙක්. ජීවිතයෙ නොකළ දෙයකට අපහාස විඳින්න වුණාම ටිකක් කලබල වුණා. මට වෙච්ච අපහාසයට සාධාරණ තීන්දුවක් ගන්න ඕනෑ කියන තැන ඉඳගෙන එදා ඒ විදිහට නඩුවක් ගොනු කළා. නමුත් දවසින් දවස අපි ජීවිතයට අවබෝධය ලබා ගන්නවනෙ. ඒ අනුව මේ තීන්දුවට එළැඹුණා.
මේ තීන්දුව ගත් පසුව සමාජයෙන් සහ සමීපතම අයගෙන් ලැබුණෙ මොනවගේ ප‍්‍රතිචාරද?
ඇත්තටම ගොඩාක් අය මට හොඳ කිව්වා. සිද්ධ වෙච්ච දේ වුණා. ආයේ ගෝනි මඬේ දදා හෝදනවා වගේ මේ දේවල් ඉදිරියට අවශ්‍ය නැහැ කියලා. එදා තිබූ මානසිකත්වය අද නැති වුණාට මගේ රිදිච්ච හිත තවම හැදිලා නැහැ. කාලයාගේ ඇවෑමෙන් එයත් මඟ හැරේවි.
කලාව තියෙන්නෙ, කලාව කරන්නෙ කලහ කරගන්න නෙවෙයිනෙ. එදා මේ සිදුවීම ගැන මිනිස්සු විමසුවේ එහෙම නේද?
ඔව් ඒක හරි. නමුත් අසාධාරණයක් වුණාම ගන්න තියෙන හොඳම දේ තමයි මම කළේ. එහෙම නැතුව කවදාවත් කලහ කර ගන්න ගියේ නැහැ. මට ඔප්පු කරන්න සාක්‍ෂි සමග මගේ නිර්දෝෂීභාවය ගැන කියන්න බොහෝ දේ තිබුණා. නමුත් සියල්ල තිිබිය දී මේ නඩු හබවල එල්ලී සිටීම කිසි වැඩකට නැති දෙයක් කියලා හිතුණා.
එදා මේ නඩුව යොමු කරන්න පෙර දෙන්නට කතා කරගෙන විසඳාගන්න තිබුණනෙ?
ප‍්‍රසිද්ධියේ ගුවන් විදුලි නාලිකාවක් හරහා මට අපහාස එල්ල කළාම, ඊට වඩා තවත් දෙයක් තියෙනවද? හැබැයි දැන් ඒ අතීත සිදුවීම මතක් කරන්නවත් මම කැමැති නැහැ.
නඩුව ඉල්ලා අස්කර ගත්තාට පස්සෙ දෙන්නා අතටxඅත දීලා සහෝදරත්වය ප‍්‍රකාශ කර ගත්තද? කොහොමද ඒ අවස්ථාව ගැන සිහිපත් කළොත්?
නැහැ, එහෙම දෙයක් දැනට මගේ පාර්ශ්වයෙන් වෙලා නැහැ. අපට එකට රඟපාන්න පුළුවන් වේවි. නමුත් මම මුලින් කිව්ව වගේ මගේ රිදිච්ච හිත හැදෙන්න තව කල්යාවි. මේ නඩුවෙන් ඉවත්වීම මට සතුටට කාරණයක් වුණාට, අනෙක් පාර්ශ්වය දැනටත් කරනxකියන දේ අනුව එලෙසින් සතුටුවෙනව ද කියලා මම නම් දන්නෙ නැහැ. ප‍්‍රශ්නයක් විසඳා ගත්තාම හරි නම් සතුටු වෙන්න එපායැ.
ඔබගෙ හිතේ වෛරය ක්‍රෝධය නැද්ද? ඇයි තවදුරටත් මේවා ගැන මේ විදියට හිතන්නේ?
මගේ හිතේ කවදාවත් වෛරයක් තිබුණෙ නැහැ. හරි කලකිරීමක් තිබුණේ. මට රකින්න, රැකගන්න ගොඩාක් දේ තියෙනවා. මගේ පවුල මට ඔක්කොටම වඩා වැදගත්. මේ ප‍්‍රශ්නය මේ විදියට ඉවර කර ගත්තෙ දෙපාර්ශ්වයේම එකඟතාවය මතයි. නැතුව ඒකපාර්ශ්වීය විදියට නෙවෙයි. ඒ නිසා යහපත් දැක්මෙන් - යහපත් විදියට මේ ගැන හිතන්න, දකින්න, මනුස්සකමට හැමෝම ගරු කරන්න කියලා සපත කරන්න කැමතියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩබලාගෙන කෙලගහගන්න එපා .(අ)
මොනවා වුණත් ප්‍රමාදවෙලා හරි ඇත්ත තේරුම්ගත් එක හොඳයි (නි)
අමුතුවෙන් මට මොවුන් ගැන කියන්න දෙයක් නැහැ (නි)
නිතිඥයො බොරු බලාපොරොත්තු දෙනවා කෝටි ගනන් ගන්න පුළුවන් කියලා. අන්තිමට හම්බ උනත් හම්බවෙන්නේ ඉල්ලපු ගානෙන් දහයෙන් එකක් විතර. අවුරුදු ගානක් නඩු කියන්න ගිය සල්ලියි, කාලයයි බලපුවම ඊට වැඩිය වියදම් වෙලා. ගොඩින් බෙිර ගන්න එක තමයි නුවනට හුරුම වැඩේ. (නදී)
ගත් තීරණය ගොඩක් හොදයි.(හේ)
නීතිඥයෝ නම් හරියට දුක් වෙන්න ඇති අපරාදේ අවරුදු ගණනක් කන්න තිබුන එක කියලා (නදී)
රිපාස් ගෙ කටට සිනි දාන්න ඕනේ. ඒකනම් සහතික ඇත්ත. අපේ රටේ නඩු පමා කරන්නේ නොසැළකිල්ල හා උවමනාව මත යන කරැණූ 2 උඩයි. (නදී)
දෙපලටම සුබ පැතුම් මේ ගත්ත තීරණය සම්බන්දව. එකිනෙකාගේ පෞද්ගලික ජිවිත අපිට වැඩක් නැහැ. නමුත් කලාව වෙනුවෙන් මෙයාලට තව කරන්න බොහෝ දේ තියෙන එකේ මේ වගේ තීරණයක් ගැනීම කාලෝචිතයි. (නදී)
ඔය දේ හිතන්න තිබ්බේ නඩුව දන්නා කලින් .(හේ)
නඩු පමාවීම යුක්තිය ලබා ගන්න බාධාවක්, මේවා හරිගස්සන්න ඕනේ මුලින්ම. ගුවන් පාලම් හදන්න කලින්. (ර)
"නඩු යන්නෝ වැනසෙන්නෝය" කියලා කියමනක් තියෙනවා. නඩුව ඉල්ලා අස්කර ගැනීම ඉතාම අගය කළ යුතු බුද්ධිමත් තීරණයක්. නඩු කියනවා කියන්නේ ජීවිත කාලෙම වගේ උසාවි වල රස්තියාදු වෙනවා කියන එකයි. (නදී)
දෙන්නගේ කෙරුවාවල් එළිවෙන්නයි ගියේ තව පොඩ්ඩෙන් (නදී)
සේමිනි ඔබගේ තීරණය අති උතුම්. මොකද ලංකාව වගේ රටක නඩුවක් කියනවා කියන්නේ තමා මුළු ජිවිත කාලයම හරි හම්බ කරපු ධනයත් තමන්ගේ වටිනා කාලයත් විනාශ කර ගැනීමක්. නඩුවක් පටන් ගන්නවා කියන්නේ නීතිඥ මහතුන්ගේ සාක්කු පිරෙන එක පමණයි. නඩුවේ තීන්දුව ලැබෙන කොට පැමිණිල්ල පොලවට පස් වෙලා. එම නිසා ඔබේ තීරණය හරි. කවුරු මොනවා කීවත් ඔබ දිනුම්. ඔබට සුබ පැතුම්. (නදී)
කෝටි ගනන් ඉල්ලුවට ඉල්ලන ගානේන් දහයෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ වගේද නඩුවක් තියෙන කොට හිතට තියෙන අසහනය. කොයි වෙලෙත් ඉන්න වෙන්න අද මොකක් වෙයිද, ඊළඟ නඩුවෙදි මොකක් වෙයිද කියලා හිත හිතා. රස්සාව කරන්න, ළමයි ගැන බලන්න වෙන්නේ නැහැ ගෑණූ නඩු වලට පැටලුනාම. අයින් වෙච්ච එකනම් දහයෙන් සම්පතක් කියලයි කියන්න තියෙන්නේ. (නදී)
සල්ලි විසි කරන්න තියෙනවා නම්, වෙන කිසිම වැඩක් නැත්නම් මේ වගේ දේවල් වලට නඩු දැම්මට කමක් නැහැ. පොඩි වෙනසකටත් එක්ක. (නදී)
ඒ කාලේ අපේ ගමේ හිටියා ගෑනු කෙනෙක්. අල්ලපු ගෙදර මනුස්සයා කැස්සත් ගිහින් නඩුවක් දානවා. අන්තිමට නඩු පැටව් ගැහුවා වගේ උනා. දැන් ඉන්නවා ඔළුව කැක්කුම ඉවසන්න බැරිලු. කල්පනා කරලා වැඩි වෙලා. දැන් 60 ත් පැනලා. තවමත් නඩු 2-3 ක් තියෙනවා දන්න විධියට.(නදී)
මෙයාල මාර වන්දිනේ අප්පා ඉල්ලලා තිබුනේ රුපියල් සත අඳුරන්නේ නැතිද මන්දා.... ප්‍රසිද්දිය වැඩි කරගන්න ගහපු ගැටයක්ද කොහෙද. (නදී)
අපහාස නඩුවක් ගොනු කිරීමේදී වන්දි මුදල ගණනය කරන ක්‍රමවේදයක් ඇතිනේ.(හේ)
මම දන්න අක්කා කෙනෙක් ලක්ෂ 40 ක් ඉල්ලා දික්කසාද නඩුවක් දැම්මා. බැදපු අය්යා ලක්ෂ 20 ක් දෙන්නම් සමතකට ඇවිත් ඉවර කර ගන්න යෝජනා කළා. අක්කා කැමති වුනේ නැහැ. අවුරුදු ගානක් නඩුව අහලා අහලා අයියගේ ආදායම අනුව අන්තිමට ලක්ෂ 15 ක් ගෙවන්න තින්දුව දුන්නා. අර අක්කට ඒ වෙනකොට අතේ සල්ලි හිඳිලා නඩු කියලම. ආතතිය හැදිලා පිස්සුවට බෙහෙත් ගන්නවා දැන්. වැඩි පෙරේත කමට ගියාම වෙන වැඩ.(අ)
රේමා කියන එකනම් හරියට හරි. නඩු කියලා වැඩියම තැලෙන්නේ අතේ සල්ලිත් නැතුව නඩු කියන්න යන දුප්පත් හා අසරණ මිනිස්සුයි. ආවේගෙට නඩු දැම්මා වගේ නෙමෙයි ඉලාස්ටික් වගේ ඇදෙන්න ගත්තම. මුළු ජීවිතේම අඳුරේ. තියෙන පිච්චියත් නැති වෙන පොටක්.(අ)