IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මාතලේ රෝස තිරුවානා නිධිය ගල් කොරියකට දීලා

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ උඩතැන්න රත්වත්ත ප්‍රදේශයේ රෝස  තිරුවානා  බව කියන නිධිය කඩා ඉවත් කිරීමේ සුදානමක් පවතින බව ප්‍රදේශවාසිහු පවසති.

නාමල් උයනේ හැරුණු විට දිවයිනේ ඇති එකම රෝස තිරුවානා නිධිය මෙය බවත් කණගාටුවකට කරුණ වන්නේ මේ වන විටත් ඇල්කඩුව වැවිලි සමාගම විසින් ටෙන්ඩර් දමා මෙම තිරුවානා නිධිය කඩා ඉවත් කිරීම කණගාටුදායක බව ඔවුහු කියති.නමුත් මෙම ඉඩම අයත් වන්නේ ඉඩම් ප්‍රතිංස්කරණ කොමිෂන් සභාවට අයත් බව පවසති.

ශ්‍රි ලංකාවේ තිරුවානා වැලි,ධමනිය වු තිරුවානා,විපරිත වු තිරුවානා,පෙග්මයිට්වල ඇති තිරුවානා නමින් වර්ග හතරක් දැකගත හැකි බව විදුවත්හු කියති.මාතලේ දිස්ත්‍රික්කය පුරා ධමනි තිරුවානා සහ පෙග්මයිට්වල ඇති තිරුවානා ඇති බව පරිසරවේදිහු මෙන්ම විද්වත්හු  පවසති.

ෆෙල්ඩ්ස්පාර් මාතලේ රත්තොට ප්‍රදේශයේ ලබාගත හැකි නිසා පොසිලේන් ආයතනය ස්ථාපිත කිරිමට පැවති රජය ක්‍රියා කළේය.වාර්තා වන අන්දමට රත්වත්ත ප්‍රදේශයේ අක්කර දෙකක  විහිදි ඇති මෙම තිරුවානා නිධිය ප්‍රදේශයට මහත් සම්පතක් වන බවත්  එය විනාශ කිරීම විශාල පරිසර හානියක් බවත් මේ නිසා ඇල්කඩුව මාතලේ මාර්ගයටද හානි සිදු ව ඇති බවත් ඔවුහු කියති.

වගකිව යුතු ආයතවල අනුමැතියද ලබා ගෙන මේ විනාශය සිදු කරන බවට තොරතුරු තමන් වෙත ලැබි ඇති බවත් මේ පිළිබදව වහාම සොයා බලා මෙම ගල් කැඩිමේ ස්ථානයෙන් සිදු වන හානියන් වැළැක්විමට නිසි වැඩපිළිවෙළක් යොදන ලෙස  ප්‍රදේශවාසියකු වන චාමින්ද අබේරත්න මහතා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මේ පිළිබදව අදහස් දැක්වු නවරත්නගොඩ ජිනරාජ විහාරාධිපති අලවතුගොඩ චන්දවිමල හිමියෝ මෙසේ කීහ. 

මෙම ගල් කොරිය නිසා අපි මහත් අපහසුතාවට පත් වෙලා ඉන්නේ.මේ ආයතනය කියනවා බලපත්‍ර ලබාගෙන තියෙනවා කියලා නමුත් අපි කියන්නේ ඒ පිළිබදව නිසි අධ්‍යධනයක් සිදු කළ යුතුයි කියලයි.මේවා අපේ පාරම්පරික ගම්මාන විනාශ දෙන්න බැහැ.මේ පිළිබදව අදාළ අංශ දැනුවත් කිරිමට අප බලාපොරොත්තු වෙනවා.

ගල් කැඩිම නිසා අවට නිවාසවලට විවිධ හානි සිදුවන බවත් වැසි කාලයකදි නාය යැම් වැනි තත්වයත් ඇති විමට ඉඩ ඇති බවත් මේ වන විට ජලමුලාශ්‍රයට පවා හානි සිදු ව ඇති බවත්  ප්‍රදේශවාසිහු කියති.

මේ සිද්ධීය පිළිබඳව අදහස් දැක්වු ගැෆෙක් ශ්‍රි ලංකා ආයතනයේ අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා මෙසේ පැවසිය.

නාමල් උයනයට අමතරව  දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් මේ තිරුවානා නිධි තිබෙනවා.අපි ඒවායින් නිසි ප්‍රයෝජනයක් ගත යුතුයි.නමුත් වර්තමානය වන විට විවිධ ආකාරයෙන් මෙම ඛණිජ සම්පතක් ඉවක් බවක් නොමැතිව විවිධ පුද්ගලයින්ට බදු දෙනවා.මේවා රටේ සම්පත් මහජනතාවට අයිති දේවල්. උඩතැන්න ප්‍රදේශයේ සිදුවන දේ පිළිබදව අපි දැනුවත්.පරිසර හානිය මෙන්ම වෙනත් ආර්ථික හානියක්ද සිදු වෙනවා.මාතලේ දිස්ත්‍රික්කය කියන්නේ ඛණිජ සම්පත් අයත් දිස්ත්‍රික්කයක් ලග්ගල නිල් මැණික්වලට ප්‍රසිද්ධ වගේම අනෙකුත් ප්‍රදේශවලද විවිධ ඛණිජ වර්ග තියනවා.මේවා මේ කඩාගෙන පිටරට පටවනවා.

අපි කියන්නේ නිමි භාණ්ඩ බවට පත් කරන ක්‍රමයක් හදන්න රජයේ මැදිහත්විම ඇති විය යුතුයි කියලයි.  

දේශපාලකයින් මෙන්ම රටේ සම්පත් සුරාකන පිරිස් කරන්නේ මෙම සම්පත් තමන්ටම වාසි සැලසෙන ආකාරයෙන් විවිධ පුද්ගලයින්ට තෑගි කරන එකයි.උඩතැන්න ප්‍රදේශයේ තිරුවානා කන්ද කැඩිම නිසා දැනමටත් පරිසර ප්‍රශ්න රාශීයක් පැන නැගි තිබෙනවා.මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව නොසන්සුන්තාවට පත්වෙලා ඉන්නේ.කදුකර ප්‍රදේශයක් වන මෙහි ජල මුලාශ්‍රය රාශීයක් විනාශ වෙමින් පවතිනවා.

මේවා පවත්වාගෙන යන ආයතන මේවාට වගකිය යුතුයි.අදාළ ආයතන ප්‍රදේශයේ ජනතාව පරිසර වේදීන් සමඟ කතා නොකර ඒකපාර්ශ්විය ආකාරයෙන් කටයුතු කර ඇති බව පෙනි යනවා.මේ පිළිබදව අදාළ බලධාරිනගේ අවදානය යොමු වි සිදු වන පරිසර හානිය වැළැක්විම සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

මධ්‍යම පරිසර අධීකාරියේ මාත‍ලේ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එම්.එම් ඒ.අයි ජානක මහතා කීවේ

මෙම ස්ථානය අදාළ නිර්දේශ ලබා දිමේදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ අයාතනය,භු විද්‍යා හා පතල් කාර්යාංශය, උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, උකුවෙල ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම පරිසර අධීකාරිය යන ආයතන එක්ව සාකච්ඡා කර අදාළ නිර්දේශ ලබාදුන් බවත් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාදුන් බවත් මේ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉඩමක් නිසා අවශ්‍ය අනුමැතියන් ලබා දුන් බවත් පසුව ඉඩම් ප්‍රතිංස්කරණ කොමිෂන් සභාවට අයත් බවට එම ආයතනය මගින් දැනුම් දි ඇති නිසාය.

මේ පිළිබඳව ජනතාව තුළ යම් විරෝධතාවක් ඇති විම සාධාරණ බවත් ඉදිරි සතියේ අදාළ පාර්ශ්වයන් කැදවා වහාම ක්ෂේත්‍ර පරික්ෂණයක් සිදු කරන බවත් කීය.

මේ පිළිබඳව ඇල්කඩුව වැවිලි සමාගමේ සමාන්‍යාධීකාරි රොෂාන්ත පෙරේරා මහතාගේ කළ විමසිමේදි කීවේ

වැඩසහටන් අනුව මෙම තිරුවානා නිධිය කැඩිම සදහා අවසරය ටෙන්ඩර් මගින් ලබා දි ඇති බවත් අදාළ පරිසර අනුමැතිය ආදාළ ආයතන මගින් ලබාගෙන ඇති බවතය වතු ආශ්‍රිතව මෙවැනි සම්පත් රාශීයක් තිබෙන බැවින් මේවා නිසි කළමණාකරණයෙන් යුතුව සිදු කිරිමට කටයුතු යොදා ඇති බව කීවේය.

 

 



අදහස් (0)

මාතලේ රෝස තිරුවානා නිධිය ගල් කොරියකට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site