IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මිණිපුර ලන්දේසි කොටුව අලුත්වෙයි

රත්නපුර ලන්දේසි බලකොටුව පිහිටි වත්මන් පොලිස් අධිකාරී කාර්යාල පවත්වාගෙන පැරණි පුරා විද්‍යා ස්මාරක ගොඩනැගිල්ල මේ දිනවල ප‍්‍රතිසංස්කරණ කටයුතු  සිදුකෙරේ. අතීත යටත් විජිත සමය සිහිගන්වන රත්නපුර නගයේ ප‍්‍රධාන ස්මාරකය වන්නේ  ඓතිහාසික ලන්දේසි බලකොටුවයි.  අතීතයේ රත්නපුර කළුගඟ තොටුපළ පිහිටියේ  වරකාතොට පැරණි මාර්ගයේය. රත්නපුර නගරය මැද කළුගඟට ආසන්න උස් බිමක මෙම බලකොටුව පිහිටියේය.

අතීතයේ සබරගමුව රත්නපුර කෑගල්ල දිස්ත‍්‍රික්ක එකතුකර පළාතක් වශයෙන් නම්කර නිල උත්සවයදී එම නිවේදනය ප‍්‍රකාශය කර ඇත්තේ මේ ලන්දේසි බලකොටුවේ පිවිසුම් දොරටු ඉහළම පඞ්පේලියේි සිටයි. එම ලියවිල්ල එවක ආණ්ඩුකරු විසින් ෆෝනියකු පිට තබා එවීමද අපූරු සිදුවීමකි.  එම විස්තර මෙම ලන්දේසි බලකොටුව සම්බන්ධ විස්තර සෙවීමේදී හර්බට් වේස් දිසාපතිවරයාගේ දිනපොතෙන් අපට හමුවිය. ලන්දේසි බලකොටුව පිලිබඳ රසවත් අතිත තොරතුරු මෙසේ සටහන් කරමි.

පෘතුගීසීන් පලවාහැර ලන්දේසින් හෙවත්  ඕලන්ද ජාතිකයන් මෙම බලකොටුව පළමුව ඉඳිකරන්නට ඇත්තේ ක‍්‍රි.ව 1664න් පසුව බව ඉපැරණි ලේඛන අනුව ප‍්‍රකටවේ.

දෙවන රාජසිංහ රජුගේ කාලයේ (කි‍්‍ර.ව.1635-1687* රටම එක්සේසත්  කර පෘතුගිසීන් පළවා හරින්නට රාජසිංහ රජු විසින් ලන්දේසින් සහය පතා කොට්ටියාරම ත‍්‍රීකුණාමලය මඩකලපුව වරායන්හි ආරක්‍ෂාව ලන්දේසීන්ට පවරන ලදි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලන්දේසීහු වරායවල් ඇතු`ඵ ප‍්‍රදේශ 25ක සිය පාලනයට පහසුවන ලෙස බලකොටු ඉඳිකරගත්හ.

සබරගමුවේ එම ලන්දේසින් විසින් බලකොටු 02ක් ඉඳි කලේය. එනම්  බිබිලියෝගම් නම් ගොඩකවෙල ආසන්න බිබිලේගම තාවකාලික බලකොටුව සහ රත්නපුර නගරයේ අදත් දක්නට ලැබෙන සැෂේරියන් සැෆ්්රිගම් බලකොටුවයි. රත්නපුර  ඉඳිකළ මේ බලකොටුව අද බොහෝදෙනා අතර ප‍්‍රචලිතව  ඇත්තේ  ඕලන්ද බලකොටුව නැතිනම් ලන්දේසි බලකොටුව වශයෙනි.

මෙම රත්නපුර සැෂේරියන් බලකොටුව ක`ඵතර  ඕලන්ද බලකොටුවට සමාන ස්වරූපයෙන්ම ඉඳිකර ඇත.

මෙහි ආරක්‍ෂිත කොටුපවුර කබොක් ගල් සහ ක`ඵගල් මිශ‍්‍ර බදාමයකින් නිමකර ඇත. මෙසේ ඉඳිකල රත්නපුර සැෂේරියන් බලකොටුව තුල ආරක්‍ෂක සහ පරිපාලන කටයුතු මෙන්ම වෙළඳ භාණ්ඩ ගබඩා කිරීමේ සහ හුවමාරු මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන ගොස් ඇත.

මෙම බලකොටුවේ ආරක්‍ෂිත කවු`ඵ 04 ක් හා තවත් ප‍්‍රදාන කවු`ඵ 02ක් තිබී ඇත. නූතනයේදී නවීකරණයෙන් පසු එම ප‍්‍රධාන කඩු`ඵ හතරෙන් දෙකක් ඉතිරිව ඇත. ඒවා පොලිසිය පිටුපස සහ ඔරලෝසු කණුව පිටුපස ඇත. නගර සභාවේ නව ගොඩනැගිලි ඉඳිකළ කොටස   පිටුපස තිබූ ආරක්‍ෂිත කවු`ඵවත්, දොරටුවත් අද දක්නට නැත. මෙම බලකොටුව භූමියේ උසම ස්ථානය බැලූම්ගල වශයෙන් හැඳින්වේ. අද එම ස්ථානයේ වර්තමානයේ පොලිස් අධිකාරි කාර්යාලය වශයෙන් බොහෝදෙනා හඳුන්වන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය  පිහිටා ඇත. මෙම බලකොටුවේ අතීතයේ හමුදාභට පිරිස් 40ක් පමණ රඳවන්නට ඉඩපහසුකම් තිබී ඇත.

මේ ලන්දේසි සැෂේරියන් බලකොටුවේ  ලන්දේසි ආඥාපතිවරයාගේ නිලනිවාසය, පාලන කාර්යාලය, අධිකරණය, නිල නිවාස සොල්දාදු බැරැුක්ක, රෝහල, ඔවුන්ගේ ආගමික පල්ලියද පවත්වාගෙන ගොස් ඇත. මෙම බලකොටුවේ උසම ස්ථානයවූ බැලූම්ගල සතුරුසේනා ආක‍්‍රමණ සම්බන්ධ ඔත්තු බැලීමට යොදාගෙන තිබී ඇත. ප‍්‍රධාන ආරක්‍ෂක යුධ සේනාංකය වත්මන් මිනින්දෝරු කාර්යාලය පිටුපස ප‍්‍රදේශයේ පිහිටුවා තිබී ඇත. රත්නපුරය නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ පළමු සැලැස්ම හා පියවර ගෙන ඇත්තේ ලන්දේසීන්ය.

ඉංග‍්‍රිසි පාලන සමයේ සබරගමුවේ අඥාපති නිවහන අද පොලිස් අධිකාරී කාර්යාලය පවතී. රත්නපුර දිස්ත‍්‍රික්කය සහ සබරගමු දිසාව පාලනය කල ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය හෙවත් කච්චේරිය වූයේද මෙම ලන්දෙසි බලකොටුවයි.

 එහිදී මේ බලකොටුවේ ලන්දේසීන්ගේ රෝහල ඉංග‍්‍රීසීන්ගේ අධිකරණ ශාලාව බවට පත්ව ඇත. සොල්දාදු බැරක්ක අශ්වගාල මු`ඵතැන්ගෙය ඇතු`ඵ ගොඩනැගිලි මිනින්දෝරු කාර්යාලය අවටද පිහිටා තිබූ බව ලේඛනවල සඳහන්ය.

ඉංග‍්‍රීසීන්ගේ ගොඩනැගිලි නිර්මාණ සම්ප‍්‍රදායානුකූලව ඉඳිකරන ලද උස වහලය සහිත ගොඩනැගිලි සංකීර්ණ වර්තමානය දක්වාම මෙම බලකොටුවේ දක්නට ඇත.

ලන්දේසීන් මෙන්ම ඉංග‍්‍රීසීන්ද සිය පාලන මධ්‍යස්ථානය වශයෙන් මෙම බලකොටුව භාවිතා කර ඇතිබවට සනාථවන සටහන් හා ලේඛන පවතී. ලන්දේසි පරාජයකල ඉංග‍්‍රීසීන් මෙම බලකොටුව අ`ඵත්වැඩියාකර 1817 මාර්තු 28 දින රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකරු ඉංගී‍්‍රසින්ගේ  පාලන මධ්‍යස්ථානය වශයෙන්   විවෘත කර ඇත. 

ආණ්ඩුකාර රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකරුගේ පාලන කාලයදී කළ 1817 සිට බලකොටුවේ  කළ සංරක්‍ෂණ හා නවීකරණයන් බව සිහිගන්වන ලෙසින්   එම නවීකරණ සිදුකල වසර මුලින් යොද අග ඊඍ යනුවෙන් සටහන් කර ඇති අයුරු ප‍්‍රධාන ප‍්‍රවේශ මාර්ගයේ සහ පොලිසිය පැත්තට යාමට ඇති පඩිපෙලෙහි දොරටුවේ දක්නට ලැබේ. බලකොටුවේ ප‍්‍රධාන ප‍්‍රවේශය වන ඔරලෝසු කණුව ආසන්නයේ  දොාරටුවේ  1817ක්‍ඍ  යනුවෙන් වර්ෂය සඳහන් කර ඇත.

වසර 1831අගෝස්තු 24 දිනැති එච්.ආර්.ස්කොට් දිසාපතිවරයාගේ දින සටහන ගරාවැටෙමින් තිබූ ගොඩනැගිලි කීපයක් අ`ඵත්වැඩියාව සඳහා රත්නපුර පදිංචි මරක්කලගේ දොන් හෙන්ද්‍රික් පෙරේරා යන අය ඉදිරිපත්කල පැන්ස සිලිං සහ පවුම් මූල්‍ය ඒකකවලින්  සමන්විතව ගණනය කළ ඇස්තමේන්තුව පිලිබඳව සඳහන්වේ.

මෙම බලකොටුවේ ස්ථාපිත  රාජ්‍ය ආයතන වලින් වර්තමානයේ දැකගත හැකි පැරණිම ආයතනය පොලිසියයි. රත්නපුර පොලිසිය ආරම්භ කර ඇත්තේ 1864 ජනවාරි මස 01 දිනයි.

මීට වර්ෂ 166කට පමන පෙර ආරම්භවූ රත්නපුරයේ පළමු සහ පැරණිම පාසල මෙම ලන්දේසි බලකොටුවේ සියඹලා ගහක් යට පොල් අතු මඩුවක ආරම්භවූයේ වර්ෂ 1848 දීය. ඇන්ග්ලිකන් නිකායික  මිෂනාරි  පාසලක් වන මේ සියඹලා ගහයට ඉස්කෝලේ නමින් ප‍්‍රචලිතවූ පාසල එම මිෂනාරි සමාගම ලංකාවේ පිහිටුවන ලද පළමු පාසල් තුනෙන් එකකි. සියඹලාගහයට ඉස්කොලේ අද මෙම පාසල ශාන්ත ලූක්ස් දෙව්මැදුර ආසන්න පිහිටි ශාන්තලූක්ස් විද්‍යාලය වහයෙන් හඳුන්වයි. ලූක්ස් දෙව්මැදුර පිහිටුවාගත් පසුව 188 වසරදී එම ස්ථානයෙන් මෙම සියඹලාගහයට  ඉස්කෝලේ දෙව්මැදුර අසල වර්තමානයේ පවතින ස්තානයේ ස්ථාපිත කර ඇත.

රත්නපුරය සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයන් ඒකාබද්ධ කරමින් සබරගමුව පළාත පිහිටුවීමේ  නිල ලිඛිත ප‍්‍රකාශය සිදුකර ඇත්තේ 1889 ජනවාරි 04 දින මේ ලන්දේසි බලකොටුවට පිවිසෙන ගල්පඩි්පෙල මාර්ගයේ ඉහලම පඩිපේලියේ සිට යටත් විජිතභාර මහ ලේකම් එඞ්වඞ් වෝකර් මහතා විසිනි. මේ විස්තරය එවක මහදිසාපතිව සිටි හර්බට් වේස් මහතාගේ රාජකාරි දින සටහන් පොතේ ඇතුලත්ව ඇත.

   එම හර්බට් වේස් මහතාගේ දිනපොතේ වැඞ්ිදුරටත් සඳහන් වූයේ 1889 ජනවාරි 04 දින සබරගමුව පලාතක් වශයෙන් ප‍්‍රකාශය කරන උත්සවයට එකල ආණ්ඩුකාරවර ආතර් ගෝර්ඞ්න් මහතාගේ ආර්යාවට අසනීපවී සිටි හෙයින් සහභාගිවීම නොහැකිව තිබූබවයි.  එම ලිඛිත ප‍්‍රකාශය එම ආණ්ඩුකරු විසින්  පෝනියකුගේ පිටතබා උත්සවය පැවති ස්ථානයට එවා තිබූබවත් එහි සඳහන්ව තිබුණි. 1887 වනතෙක්  දිසාපතිවරුන් 60 ක් විසින් රත්නපුර සහ සබරගමු දිසා භාරව රාජකාරි කටයුතු කර ඇත.

මෙම ලන්දේසි බලකොටුවේ තිබී ස්කෙයිඩර්ගේ 1822දී  නිර්මාණය කල ලංකා සිතියමේ එක් පිටපතක්  තිබී හමුවී  ඇත. වර්ෂ 1921දී  පමණ සබරගමුව දිසාපතිව සිටි කොඞ්රින්ටන් මහතා විසින් එය වීදුරු ආවරණයකින් සංරක්‍ෂණය කර ඇත. මේවනවිට එම සිතියම රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ඇත.

එදා  අතීතයේ බලකොටුවේ සෙබ`ඵන්ට මස් සැපයුම සිදුකල රත්නපුර ක`ඵගෙ`ගන් එගොඩ  පිහිටි ප‍්‍රදේශය තෙල්වත්ත නමින් හඳුන්වයි. ඌරන්ගේ තෙල් ප‍්‍රදේශය පුරා පැතිරීම නිසා එම නම යෙදී ඇතැයි ජනප‍්‍රවාදයේ  කියවේ. එසේම එදා පෘතුගීසීන්ගේ පි‍්‍රයතම ආහාරයක්වූ අල වර්ගයක් වගාකල ස්ථානයක්  අලවත්ත නමින් ප‍්‍රකටව මෙම තෙල්වත්ත ආසන්නයේම පවතී. එය අලවත්ත වශයෙන් හඳුන්වාදී ඇත්තේද එනිසා  බව ඇතැම් අය කියති.

වසර 1940 හැන්සාඞ් වාර්තාවෙන්,  2002 නොවැම්බර් 22 දින අංක 1264 සහ 2005 ජූලි 08 දින අංක 1401 ගැසට් නිවේදන මගින්ද, 2007 ජූලි 06 දින අංක 1505 දරණ ගැසට් නිවේදනය අනුවද මෙම රත්නපුර ලන්දේසි බලකොටුවේ  පැරණි කොටුබැම්ම සහ ගොඩනැගිලි 10ක් පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක වශයෙන්ද එම භූමිය පුරා විද්‍යාත්මක භූමියක් වශයෙන්ද ප‍්‍රකාශය කර ඇත.

පුරාවස්තු ආඥා පනත විධි විධාන අනුව වසර 2004 ජූනි 04 දින අංක 1344  සහ 2005 මැයි 20 දිනැති අංක 14 දරණ ගැසට් නිවේදන මගින්  මෙම පුරා විද්‍යා භූමියේ සිට යාර 400 ක දුර  ප‍්‍රමාණය ආරක්‍ෂිත සීමාවන් වශයෙන් නියම කර ඇත.

මෙම ලන්දේසි බලකොටුව  ඇතුළුවීමෙන් සහ එම සීමාවන් තුල ප‍්‍රදේශයේදී පුරාවස්තු ගොඩනැගිලිවලට හා එම භූමියට හානිකර අයුරින් ක‍්‍රියාකාරකම් සිදුකරන අයට එරෙහිව පුරා විද්‍යා පනත අනුව නීතිමය පියවර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බලය පැවරී ඇත.

පෞරාණික වටිනාකම් සුරක්‍ෂිත වන අයුරින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ප‍්‍රතිපාදන මුදල් රුපියල් එක්කෝටි හතලිස් ලක්‍ෂයක් පමණ වැයකර මෙම බලකොටුවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්මාරකයක් ලෙස නම්කර ඇති වත්මන් පොලිස් අධිකාරී කාර්යාල ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය මේ දිනවල සිදුකෙරේ. ඒ බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය.

01 landesikotuwa_91 landesikotuwa_92 landesikotuwa_93



අදහස් (0)

මිණිපුර ලන්දේසි කොටුව අලුත්වෙයි

එඩ්වඩ් Friday, 02 September 2016 07:30 PM

ඉතා සාර්ථක ලිපියක් (නි)

:       0       0

රංග Friday, 02 September 2016 03:06 AM

වටිනා ලිපියක්.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 138 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 102 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 115 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 221 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 292 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1000 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 709 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1394 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 356 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site