IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


මට පොලිස් වීරයෙක් එපා. මගේ මහත්තයව දෙන්න - බිරිඳකගේ ආයාචනය


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


“මගේ මහත්තයා නොවිඳිනා දුක් විඳලයි මෙතනට ආවේ. අපි දෙන්නම එකතු වෙලා තමයි මේ නිවස හදා ගත්තේ. හැමදාම රෑට දරු පැටව් දෙන්නයි මමයි නිදා ගත්තේ මගේ මහත්තයාගේ පපුවට තුරුල්වෙලයි. ඒත් ඒ සාහසිකයින් වෙඩි තියලා තියෙන්නේ මගේ රත්තරං මහත්තයාගේ පපුවටයි.


“දුව හිතා ගෙන ඉන්නේ තාත්තා තවම නිදාගෙන ඉන්නවා කියලා. චූටි පුතාට ඒ ගැන තේරුමක් නැහැ. හැමෝටම ඔහු පොලිස් වීරයෙක් වුණාට මට නැති වුණේ මගේ මහත්තයයි. අපට නැතිවුණේ මේ දරුවන්ගේ තාත්තයි.”


මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලක් මංකොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවේදී දිවි පිදූ මාතර පොලීසියේ සැරයන්වරයාගේ බිරිඳ වන සෞම්‍යා  කුමාරි අබේවික්‍රම (33) මහත්මිය හඩා වැළපෙමින් පැවසුවාය.


ඉකුත් සිකුරාදා (22) සිදුවු එම අවාසනාවන්ත සිද්ධියෙන් මරුමුවට පත්වූයේ මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සුරංග ප්‍රදීප් වීරසිංහ  (33) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි. රාජකාරියේ යෙදී සිටියදී දිවි අහිමි වීමෙන් පසුව සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා සැරයන් නිලයට උසස් කෙරිණි. 


තම ජීවිතය ගැන නොසිතා කොල්ලකරුවන් මෙල්ල කර ගැනීමට වෙඩි තබා මංකොල්ලය වළක්වා ගැනීමට ඔහු කළ වික්‍රමාන්විත ක්‍රියාව හේතුවෙන් පොලිස්පතිවරයා විසින් එම නිලධාරියා පොලිස් සැරයන් තනතුරට උසස් කරනු ලැබීය.

ඊට අදාළ සැරයන් පදක්කම දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති එෆ්. ප්‍රනාන්දු මහතා විසින් වීරසිංහ මහතාගේ දේහයට අන්දවා තිබු පොලිස් නිල ඇදුමට පළඳවන ලදි.

එම අවස්ථාවට මාතර හා තංගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සහ මාතර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන යන මහත්වරු ද සහභාගී වූහ.

වෙඩි ප්‍රහාරයෙන් දිවි පිදූ වීරසිංහ මහතා මාතර ගොඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිඳ සෞම්‍යා කුමාරි අබේවික්‍රම (33) මහත්මිය මාතර මහරෝහලේ හෙද නිලධාරිනියකි.

දෙදරු පියෙකු වන වීරසිංහ මහතාගේ එකම දියණිය මෙතුලි දුලන්යා වයස අවුරුදු පහකි. දැනට මාතර අයි.ඩී.එම්. ජාත්‍යන්තර පෙර පාසලේ අධ්‍යාපනය ලබන  ඇය ලබන වසරේදී පාසල් යාමට නියමිතව සිටින්නීය.

ඒ සඳහා අයදුම්පත්‍ර ද යොමු කර තිබු අතර සම්මුඛ පරීක්ෂණය සඳහා සිය මව හා පියා සමඟ සහභාගී වීමට සූදානමින් සිටියාය.
එකම පුතු වන මතිල නෙත්සලගේ වයස අවුරුදු තුනකි. දියණිය සිතා ගෙන සිටින්නේ තම පියා තවමත් නිදා ගෙන සිටින බවකි. ඒ නිසාම ඇය පියාගේ නිසල දේහය අසලට ගොස්  “තාත්තේ නැඟිටින්න....නැඟිටින්න” කියා කියන්නීය. කුඩා පුතුට සිදුවී ඇති කිසිවක් තවම නොතේරෙයි.

වීරසිංහ මහතාගේ මුල්ගම අම්පාර ඉගිනියාගලයි. ඔහු ඉඟිනියාගල ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා පසුව උසස් පෙළ හදාරා ඇත්තේ අම්පාර පොල්වත්ත මහ විද්‍යාලයෙනි.


ඔහුගේ පියා වන ඩබ්ලිව්.ජී.කීර්තිරත්න (55) මහතා ගොවියෙකි. මව යූ.ජී.රේණුකා (53) මහත්මියයි. සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන්නේ වීරසිංහ මහතාය.


ඔහුගේ අනෙක් සහෝදයෝ තිදෙනාම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරති. වැඩිමහල් සහෝදරයා වන චමින්ද කුමාර (35) නාවික හමුදාවේ හිටපු සෙබළෙකි. පවුලේ සිව්වැනියා වු සුමිත් ධම්මික (29) යුද හමුදා සෙබළෙකි. බාලම සහෝදරයා වන හර්ෂ ශ්‍රී ලාල් (23) ගුවන් හමුදා සෙබළෙකි. පවුලේ තෙවැනියාවු එකම සහෝදරිය චන්දිමා කුමාරි (30) මහත්මිය පමණක් රැකියාවක් නොකරන්නීය.

ආර්ථික අපහසුතා වලින් පිරි පවුලක උපන් සුරංග ප්‍රදීප් මහතා උසස් පෙළ විභාගයෙන් පසු රැකියා සොයන්නට වූයේ එම තත්වයෙන් තම පවුල ගලවා ගැනීම සඳහාය. මුලදී ඔහු නාවික හමුදාවට බැඳීමට තීරණය කළද මවගෙන් එල්ල වු දැඩි විරෝධය හමුවේ එම තීරණය වෙනස් කිරීමට සිදු විය.

ඒ අනුව ලොරි රථ සහායකයකු ලෙස රැකියාවට ගිය ඔහු ඒ යන අතරතුරදී රිය පැදවීමටද පුරුදු විය. පසුව බරවාහන රියදුරු බලපත්‍රය ද ලබා ගෙන ලොරි රථ රියදුරෙකු ලෙසද කටයුතු කළේය. කල්යත්ම ස්ථීර රැකියාවක් කිරීමට ආසාවෙන් සිටි ඔහු 2007 වසරේදී පමණ ශ්‍රී ලංකා පොලීසියට කොස්තාපල්වරයකු ලෙසින් එකතු විය.


කිරින්ද පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායට එකතුවී තිබිණි. ඉන් කෙටි කාලයකින් පසු නැවත ශ්‍රී ලංකා පොලීසියේ සේවයට එකතු විය.  පසුව මරදාන පොලීසියට අනුයුක්තව සේවය කළ ඔහු මීට තෙමසකට පමණ පෙර ස්ථාන මාරුවීම් ලැබ මාතර මූලස්ථාන පොලීසියට පැමිණියේය.

මීට වසර හතකට පමණ පෙර ඔහුට තම බිරිඳ මුණ ගැසී තිබුණේ ඇය අම්පාර රජයේ රෝහලේ හෙදියක ලෙස රැකියාව කරන අතරතුරදීය. රෝහලේ දී දැන හඳුනා ගෙන ඇති කර ගත් ප්‍රේම සම්බන්ධතාව විවාහය දක්වාම පැවැතිණි. 


නිතරම පිට පළාත්වල රැකියාව කර මීට තෙමසකට පෙර ඔහු මාතරට ස්ථාන මාරු වී ආවේ දහසකුත් බලාපොරොත්තු සිත තුළ රඳවාගෙනය. රාජකාරී අවසානයේ නිවසට දිනපතා යාමට ලැබෙන නිසා ඔහු හැමවිටම තම දරු දෙදෙනා සමඟ කාලය ගත කළේය.


බිරිඳ හෙදියක් වීම නිසා බොහෝ විට ඔහු ගෙදරට එනවිට බිරිඳ රැකියාවට ගොසිනි. බිරිඳ නිවසට එන විට ඔහු රාජකාරියට ගොසිනි. එහෙත් ඔවුහු ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කළහ. 

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සෞම්‍යා කුමාරි මහත්මියමෙසේ කීවාය.


“මම රාත්‍රීයේ රාජකාරියට ගිහින් එන විට එයා උදේ 6.00 රාජකාරියට පොලීසියට ගොස් තිබුණා. ඊට පෙර ඔහු දරු දෙදෙනාගේ හා මගේ ඇඳුම් පවා සෝදා දමලා තිබුණා. උදෑසන ආහාර වේලත් පිළියෙළ කරලයි එයා ගෙදරින් ගිහින් තිබුණේ”

“එයා දරු දෙදෙනාටත් මටත් පණ වගේ ආදරය කළා. දරු දෙදෙනා ලොකු තැනකට ගන්න ඕන කියලා නිතරම හීන දැක්කා. රැකියාව නැති වු කාලයේ ඔහු නොවිදනා දුක් වින්දා. ඒ හැමවිටම මම ඔහු සමඟ සිටියා. ”

“අපි දෙන්නගේ මහන්සියෙන් තමයි මේ ගෙදර පවා හදා ගත්තේ. අපිට ආදරයෙන් සළකගෙන හිටිය මහත්තයා අද නැතිවෙලා. ඇයි දෙයියනේ අපිට මෙහෙම සිද්ධ වුණේ. මම මේ අත් දෙකෙන් ජීවිත කීයක් බේරා ගන්නවාද? ඒත් මගේ සැමියා අද මට නැති වෙලා ”

මියගිය පොලිස් සැරයන්වරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පෙරේදා (23) එම නිවසට පැමිණියේය. ඊට අමතරව පොලිස්පතිවරයා වෙනුවෙන් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාද සහභාගී විය.


තම ජීවිතය ගැන නොසිතා ප්‍රකට පාතාල කල්ලියක් සමඟ සටන් වැදුණු මෙම පොලිස් විරුවාට ශෝකය පළ කිරීම සඳහා මාතර නගරය පුරාම සුදු කොඩි වලින් සරසා තිබේ. ඊට අමතරව සෑම වෙළෙඳසැලක්ම  ඉදිරිපිටම සුදු කොඩියක් ඔසවා ඇත.

ශෝක ප්‍රකාශ සහ ජීවමාන ප්‍රමාණයේ ඡායාරූප ද ප්‍රදර්ශනය කර තිබේ. එහෙත් බිරිඳ සෞම්‍යා කුමාරි මහත්මියට මේ කිසිම දේකින් සැනසීමක් ලැබෙන්නේ නැත. 


“තාත්තා කෝ කියලා ඇහුවම මම මගේ දරුවෝ දෙන්නට මොනවා කියන්නද? මට පොලිස් වීරයෙක් එපා. මට මගේ මහත්තයව දෙන්න. මගේ දරු දෙන්නගේ තාත්තාව ගෙනත් දෙන්න.” ඇය කියන්නීය. 


සැරයන් වීරසිංහ මහතාගේ දේහය දර්ශනීය රිය පෙරහරකින් මාතර මූලස්ථාන පොලීසිය වෙත ද රැගෙන ඒමට නියමිතය. ඔහුගේ අවසන් කටයුතු කෙරෙන අද (24) සවස් වරුවේ මාතර නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ඔහුට ශෝකය පල කිරීමට මාතර නගරයේ සියලු ව්‍යාපාරිකයෝ එකඟව සිටිති.

 

පාතාල සාහසිකයින්ගේ වෙඩි පහරින් මරුමුවට පත් වූ ඔහු සමස්ත ජාතියටම පොලිස් විරුවෙකි. එහෙත් ඔහුගේ බිරිඳට දයාබර සැමියෙකි. දරු දෙදෙනාට ආදරණීය පියෙකි. අවසානයේදී බිහිසුණු පාතාලයේ තවත් ගොදුරක් පමණි.

 
තම ජීවිතය පූජා කළද වීරසිංහ මහතාගේ වෙඩි ප්‍රහාරය හේතුවෙන් මේ දක්වා කට්ටි පනිමින් මහජනතාවට පිළිලයක් බවට පත්ව තිබු තවත් පාතාල කල්ලියක ඉරණමද අවසන් වීමේ ලකුණු පෙන්නුම් කර තිබේ. 

මංකොල්ලයට පැමිණි සැකකරුවකු දැනටමත් මොලොව හැර ගොස් තිබෙන අතර තවත් තිදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටිති.

ඒ වීරසිංහ මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වික්‍රමාන්විත ක්‍රියා කලාපය හේතුවෙනි. එම නිසා තම ජීවිතය පුදා රටට සේවාවක් කළ වීරසිංහ මහතා සැබෑ පොලිස් විරුවකු ලෙස ඉතිහාසයට එකතු වනු ඇත.

 



අදහස් (15)

මට පොලිස් වීරයෙක් එපා. මගේ මහත්තයව දෙන්න - බිරිඳකගේ ආයාචනය

kumar (galf) Sunday, 24 June 2018 08:12 AM

මේ පාතාල කල්ලියේ අයට මෙයාලට උල්පන්දම් දෙන, දේශපාලකයන් හා පොලිස් නිලධාරීන් වගකියන්න ඕනෑ.. මේ වටිනා නිලධාරියාගේ වියෝව ගැන.

:       0       287

wimal Sunday, 24 June 2018 08:27 AM

රාජකාරියේදී පොලිසියේ මහත්වරු බොහෝ බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙන අයයි මේ දෙවිවරු නැත්නම් අපට මොකද වෙන්නේ කියා තේරෙන්නේ ඔවුන් නැති කලක ය. සියයට සියයක් ම විනය ගරුක වූ මේ රාජ කාරිය කරන විට උදේට කැවද ,නිවාඩු ගියාද ?දරුවන් ගැන බැලුවද ? කියා ප්‍රශ්න ඔවුනට නැත.එහෙත් ඔවුන් අපේ දරුවන් ආරක්ෂා කරති.පොලිස් සේවයට ම උපහාරයක් වේවා! ඔබට නිවන් සුව අත්වේවා !

:       0       97

faizerTuesday, 26 June 2018 06:12 AM

පොලිසියට තියන නරක ප‍්‍රතිචාර මග හරවා ගන්න මේ වගේ අය තව ඕනේ.

:       0       4

PIYAL BATUWANGALA Sunday, 24 June 2018 01:25 PM

විරුවන්නේ ඔබ මැරුනා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුන හදේ සොයුර ඔබ සැබෑ විරුවෙකි ඔබට නිවන් සුව!

:       0       98

Siripala Sunday, 24 June 2018 03:20 PM

සිද්දියට සම්බන්ද ඔක්කොම අපරදකරුවන් ආයුධ සොයන්න රැගෙන යා යුතුයි.

:       0       468

gunarathnaMonday, 25 June 2018 01:08 AM

සිරිපාල අපරාදකාරයෝ විතරක් නෙමෙඉ මුන්ට උදව් කරන දෙසපාලුවොත් ආවුද බලන්ට ගෙනියන්ට ඕනේ.

:       0       161

tommy Sunday, 24 June 2018 03:53 PM

මේ නිලධරීන්ට ආරක්ෂක බඳ වැසුම් තිබුනා නම් මේ වටිනා ජීවිතය බේරා ගන්නට තිබුනා. මින් මතුවටවත් මෙවැනි මෙහෙයුම් වලට සහබාගී වන නිලධාරීන්ට ආරක්ෂක බඳ වැසුම් ලබා දීම සඳහා පොලිස්පතිවරයාගේ අවධානය යොමු වේවායි සිතමි.

:       0       160

MaheeMonday, 25 June 2018 02:17 AM

ටොමී, ඔබේ යෝජනාව ඉතාම වටිනා එකක්. මම දන්නේ නෑ, ඇයි මේවා පොලිසියේ ලොකු අයගේ ඔලු වලට එන්නේ නැත්තේ කියල. අනිවාර්යයෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාවට මෙවැනි ආරක්ෂක ඇඳුම් ලබා දිය යුතුමයි.

:       0       90

jayathTuesday, 26 June 2018 05:13 AM

අපේ පොලිස්පති දන්නේ නීතිය නවන්න විතරයි ........ කොහොම වෙතත් මිනිහ හෙට අනිද්දා පොලීසියේ අයට නවගුණ වැලකුයි සිල් රෙදියි දෙන්න යනවලු මේ වගේ ඔපරේෂන් වලට ගෙනියන්න !

:       5       3

Nuwan Monday, 25 June 2018 08:39 AM

දැන් අපේ ඇමැතිතුමා කියන විදියට අපරාධකාරයින්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරමුකෝ. ඔන්න ඒ අය ඇප පිට නිදහස් වෙලා එනවා.. ඊළඟ ගේම දෙන්න. තව ජීවිතයක් ඉවර කරා කියමුකෝ. එහෙම නැතත් අහක යන මනුස්සයෙක්ට තුවාල කළා. එහෙම අයගේ දරු මල්ලන්ට කන්න දෙන්නේ අපේ ඇමතිතුමා ඔන්න.

:       0       52

faizer Monday, 25 June 2018 01:42 PM

සියලුම දෙනා ටික දවසක් මේ ගැන මුමුනාවි. පස්සේ අමතකවෙලා යාවි. නමුත් මේ අයට දෙවියන්ගේම සරණ පතමි.

:       0       31

lalithsjm Tuesday, 26 June 2018 02:06 AM

පොලිස්, ත්‍රිවිද හමුදා නිලධාරීන් දැන්වත් ලංකාව උන්ගේ දඩ බිම කරගත් බලු දෙසපලුවන්ට කඩේ නොයා යුතුයි. රටට වින කරන දේශපාලුවන්ටද ආයුධ පෙන්වන්නට සුදුසු විදිහට රැගෙන යා යුතුයි. එය ඔබලා කරන ජාතික මෙහෙවරකි.

:       0       4

jayath Tuesday, 26 June 2018 05:10 AM

මුන්ට උඩගෙඩි දෙන සේරම දේශපාලුවන් ගෙම අවමංගල උත්සව ඉක්මනටම ගන්න ඕන !

:       0       37

vipula Tuesday, 26 June 2018 01:57 PM

පොලිසියේ කෙනෙකුට ලගටම ගිහිල්ලා වෙඩි තියන්න දේශපාලන බලය තියෙන්නම ඕනේ. සාමාන්‍ය හොරෙකුට මෙහෙම කරන්න බැහැ. මේ දේශපාලන බලය අඩුම තරමේ ජනමාධ්‍ය වලින් හෝ සොයා රටට හෙළි කල යුතුයි.

:       0       4

jayasekara Thursday, 28 June 2018 07:19 AM

වෙනසක මහිම!! ඔබට නිවන් සුවය.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 470 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 376 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 291 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1405 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 73 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 674 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1174 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site