IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


මැකෝ හමුවේ කට වසාගත් ලේකම්වරු කවිකොලකාරයන් වෙන්න බෑ කියති

ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සදහා අපේක්ෂකයින් ඉදිරිපත් කරන දේශපාලන පක්ෂ, නව මැතිවරණ නීති ප්‍රකාරව අනුගමනය කළ යුතුව තිබෙන නව මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් පසුගිය බදාදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම දේශපාලන පක්ෂ දැනුවත් කළේ ය.

දේශපාලන රැලි හැරෙන්නට අනෙක් සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පමණක් යොදාගත යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙසේ කිරීමේ උත්සාහය එකම දේශපාලන පක්ෂයක සිටින විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීම වළක්වා, සන්සුන් හා සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීම වන අතර, එම අරමුණම පෙරදැරිව වැඩිදුරටත් කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, එක් එක් දිස්ත්‍රික්කවල මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාමට අවසර තිබෙන්නේ එම දිස්ත්‍රික් සදහා අදාළ දේශපාලන පක්ෂවලින් නම් කරන ප්‍රධාන අපේක්ෂකයෙක්ට පමණක් බවත්, අනෙක් අපේක්ෂකයින්ගේ නම් එම කාර්යාලයේ ප්‍රදර්ශනයට තැබිය හැකි බවත් පැවසුවේය.

එපමණක් නොව මෙවර මැතිවරණයේ දී, ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයන් අනුයුක්ත කිරීමේ දී, ඒ සදහා දේශපාලන පක්ෂවලට අවසර තිබෙන්නේ එක් ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයෙක් අනුයුක්ත කිරීමට පමණකි.

මෙම නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රැස්වීමට සහභාගීව සිටි සෑම දේශපාලන පක්ෂයක්ම අසතුටට පත්වූ බව පෙනෙන්නට තිබුණු අතර, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔවුහු උත්සාහ කළහ.

“අපිට ඉස්සර වගේ අඬබෙර ගහගෙන, තිබෙන ගැටලු කොළවල ලියාගෙන කවිකොළ කාරයන් වගේ ඒවා කියව කියවා ගමේ පොළටයි, ඒ විදිහට ජනතාව එකතු වෙන වෙනත් තැන්වලට සහ අවස්ථාවලටයි යන්නට සිදුවේවි” යයි නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ ලියාපදිංචි දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙක් පැවසුවේය. තවත් දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙක් අදහස් දක්වමින් පැවසුවේ “මේ දේවල්වලින් අපිව ගොඩක් බරපතල විදිහට සීමා කෙරෙනවා. විශේෂයෙන්ම ගම් මට්ටමේ දී” කියාය.

ප්‍රසිද්ධියේ ඔවුන්ගේ අදහස් දක්වා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එදිරිව යෑමේ වුවමනාවක් දෙදෙනටම නොතිබිණ. මාධ්‍යවලට පමණක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සීමා කිරීමට සිදුවීම යනු ඒ සදහා අධික පිරිවැයක් යෙදවීමට සිදුවන්නක් බව ඔවුහු දෙදෙනම පෙන්වාදුන්හ. අපේක්ෂකයින් සදහා ප්‍රකාශය කෙරෙන ඡන්දයය ගණන් කෙරෙන ස්ථාන සදහා අනුයුක්ත කෙරෙන ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයන්ගේ ගණන ඉහළ නංවා ගැනීමට ඔවුහු අපේක්ෂාවෙන් සිටියහ.

බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේ රැස්ව සිටි පක්ෂ සාමාජිකයන් පිරිසක් ඇමතූ එම පක්ෂයේ නිර්මාතෘ සහ වර්තමාන මහලේකම්වරයා වන බැසිල් රාජපක්ෂ මහතා, මෙසේ පනවා තිබෙන නව සීමාවන් හානිකර විය හැකි විම ගැන අනතුරු ඇඟවූයේය.

ශ්‍රී ලංකාව යනු ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉහළ ප්‍රතිශතයක් (75% සිට 80% දක්වා) පෙන්වන රටක් බවත්, මෙම සීමා හමුවේ එම ප්‍රතිශතය බටහිර රටවල ඡන්දය පළකැරෙන සාමාන්‍ය ප්‍රතිශයතය වන 40% ක් වැනි මට්ටමක් දක්වා පහත වැටිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව ලෙස බැසිල් රාජපක්ෂ ගෙනහැර දැක්වූයේ, නව සීමා හමුවේ දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයින් ගණන පිළිබදව නිසි අදහස් ලබාගැනීමට දුෂ්කර පළාත්වල වෙසෙන ජනතාවට අපහසුවනු ඇත යන කාරණයයි.

දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවීමට පැයකට ප්‍රථම මාධ්‍ය හමුවකදී, අදහස් දැක්වූ සභාපති දේශප්‍රිය මහතා මෙසේ කීවේ ය.

“ලබන සතියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරෙනු ඇති බවට අපට 100% ක් විශ්වාසයි. නමුත්..” යයි ඔහු එයට මෙවැනි ඌණ පූර්ණයක්ද, එක් කළේ ය.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය තෝරාගැනීමේ බලය නීතිවලින් සහ ව්‍යවස්ථාවෙන් රටේ ජනපතිවරයාට ලබා දී තිබෙනවා - එසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන දිනය සහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නිශ්චිත සදහනක් සිදුනොකළ ඔහු ඒ අරබයා පවතින නීතිමය පරාමිතීන් ගෙනහැර දැක්වූයේය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමකින් පසුව දින 52 - 66 අතර කාලයක් ඇතුළත මැතිවරණය පැවැත්විය හැකිය. එසේ ගත්කළ මෙවර මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙන්නේ අප්‍රේල් 22 සිට මැයි 4 දක්වා වන කාලය අතරතුරය.

“අලුත් අවුරුද්ද සහ අප්‍රේල් මාසයේ තිබෙන අනෙක් නිවාඩු දිනයන් සළකන විට, නුදුරු දිනයක මැතිවරණය පැවැත්වෙනු ඇතිය කියා අපි අපේක්ෂා කරනවා” යයි ද දේශප්‍රිය මහතා කීවේ ය.

පසුගිය සතියේ මෙම තීරුවෙන් කළ සුවිශේෂී අනාවරණය ප්‍රකාරව පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙනු ඇත.

මාර්තු 2 වැනිදා මධ්‍යම රාත්‍රියේ දී, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ඇතැයි අපේක්ෂිතය. නාමයෝජනා කැඳවෙනු ඇත්තේ මාර්තු 12 සිට 19 දක්වා වන දිනවලය.

මෙම දිනවල කිසිදු වෙනසක් නොමැති බව සන්ඩේ ටයිම්ස් හට දැනගන්නට ලැබිණ. කොටින්ම සිය අදහස් දැක්වීමේ දී, මෙය ඉඟි කළ සහාපති දේශප්‍රිය මහතා අප්‍රේල් මස නිවාඩු සමයක් වුව ද, පොලිසියට, ආරක්ෂක අංශ සාමාජිකයන්ට, ගමනාගමන පහසුකම් සපයන්නන්ට සහ දුම්රිය සේවයට, දිගටම රාජකාරි කිරීමට සිදුවනු ඇතැයි කීවේය.

ජනපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවීමට පෙර මැතිවරණය පැවැත්වෙන දිනයක් ප්‍රකාශයට පත්කිරීම අරභයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මත බලපැවැත්වෙන නෛතික කරුණු කාරණා මඳකට පසෙකට කළහොත්, බදාදා පැවැති රැස්වීමේ දී සැබැවින්ම මැතිවරණය පැවැත්වෙන දිනය අනාවරණය විය. එය සිදුවූයේ මුස්ලිම් දේශපාලන පක්ෂයක් මුස්ලිම් ජාතිකයන්ගේ රාමසාන් උපවාස සමයේ ආරම්භය සනිටුහන් කරන නව සඳ බැලීමේ චාරිත්‍රය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම සමගය.

ඊට පෙර දින රැයේ නව සඳ බැලීමට තිබෙන හැකියාව මත උපවාස සමය අප්‍රේල් මස 25 වැනිදා සිට ආරම්භ කළ හැකි බවට අදහස් පළව තිබේ. කෙසේවුවත් වෙනත් කුඩා මුස්ලිම් දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් අදහස් දක්වමින්, එම අවස්ථාව කෙදින යෙදුණත්, නව සඳ බලන සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරත්වයට පෙර උපවාස සමය ආරම්භ කරන මුස්ලිම් නිකායන්ද පවතින බව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කරුණු ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති දේශප්‍රිය මහතා ඔහුගේ නිලධාරියෙකුට උපදෙස් දුන්නේය. ඒ බව ජනපතිවරයාගේ ගරු කටයුතු උපදේශකවරයෙක් ලෙස නම් කර සිටින ලලිත් වීරතුංග මහතාට දැනුම් දුන්නේ යැයි එම නිලධාරියා පසුව සිය ප්‍රධානියාව දැනුම්වත් කළේය.

මේ කෙසේවුවත්, මැතිවරණ කොමිසම සැළසුම් කර තිබෙන පරිදි කටයුතු කිරීමෙන් ඉවත්ව නොමැත.

රැස්වීමට සහභාගීව සිටි පිරිසෙයින් එක්සත් ජාතික පක්ෂයේ දූත පිරිස කැපී පෙනිණ.

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ පවතින දෙපිළ නියෝජනය කළ දූතයින් මෙම රැස්වීමට සහභාගීව සිටි අතර ඔවුන් මැදින් අසුන්ගෙන සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා වන ජනාධිපති නීතිඥ නිස්සංක නානායක්කාර මහතාය. ඔහුගේ එක් පසෙකින්, පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ ආශු මාරසිංහ යන මහත්වරුන් (පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතුන්) අසුන්ගෙන සිටි අතර, අනෙක් පස සිටියේ රංජිත් මද්දුමබණ්ඩාර සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ය.

මහලේකම් කාරියවසම් මහතා සිය අත්සනින් යුත් ලිපියක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට භාරදුන්නේය. මැතිවරණ ප්‍රතිඵල ගණනය කිරීම සිදුකැරෙන පරිගණක පද්ධතිය නිරීක්ෂණය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටින එක් දූතයෙක්ට අවසර දෙන ලෙස ඉන් ඉල්ලා තිබිණ.

සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතිය හරහා ලැබෙන මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට අවසර ඉල්ලා සිටියේ ඇයි ද? යන්න පැහැදිලි නැත.

මේ හමුවේ සිහිපත් වන්නේ 2010 වසරේ ජනපතිවරණයට හමුදා සාමාජිකයෙකුගේ සිට දේශපාලඥයෙක් දක්වා සිය පිළිවෙත වෙනස් කරගත් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූ අවස්ථාවයි. ඔහු පරාජයට පත්වූ විට එවක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ සෝමවංශ අමරසිංහ මහතා එම පරාජය පසුපස කම්පියුටර් ජිල්මාර්ට් - නොඑසේ නම් තාක්ෂණිකමය වශයෙන් සිදුකැරුණු මුලාවක් හෝ වංචාවක්, තිබිය හැකි බවට චෝදනා කළේය. කෙසේවුවත්, එක්සත් ජාතික පක්ෂය දැනට පවතින ස්වරූපයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන්නේ නැත.

පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදක ව්‍යුහය වන කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ වන සමගි ජන බලවේගය යැයි තීරණය කර තිබේ. දැනට තිබෙන ගැටලුව එය මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ කුමක්ද, යන්නය. එය විටෙක තීරණයක් ගෙන අවසන්, තවත් විටෙක එසේ තීරණයක් ගෙන නැති, යැයි දෙපසට වැනෙමින් තිබෙන කාරණයකි.

ද සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව අනුග්‍රහයෙනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර



අදහස් (5)

මැකෝ හමුවේ කට වසාගත් ලේකම්වරු කවිකොලකාරයන් වෙන්න බෑ කියති

vidya Monday, 02 March 2020 10:03 PM

පරිගණක වලින් කරන වැඩ බොහොම පරිස්සමින් කරන්න ඕනේ. ඕක බොහොම භයානක තාක්ෂණයක්. එක අකුරුපුවරුවේ යතුරක් වැරදිලාවත් වැදුනොත් ප්‍රතිපල කොහේ යාවිද දන්නේ නැත. කෝකටත් ඉබ්බෝ 24ක් විතර දාලා ඡන්ද පත්‍රිකා ටික පරිස්සම් කරගන්න. ජිල් මාට් කියලා වචනයකුත් තියනවනේ .

:       13       70

රංගේ Wednesday, 04 March 2020 05:52 AM

ඉතා අගනා සිංහල පරිවර්තනයකි...

:       0       9

RanjithT Thursday, 05 March 2020 02:40 PM

කොම්පියුටර් ගැන බයනම් කරන්න තියෙන්නේ ඡන්ද ගණන්කරන තැන ඉන්න නියෝජිතයින්ගෙන් ඡන්ද ගණන් අරගෙන එකතුකරලා බලන එකනේ... ඒ එකතුවේ හා කොම්පියුටර එකතුවේ වෙනසක් තියනවා නම් ජිල්මාට්... ඔය තරමටවත් හිතන්න බැරි නම් ගෙදරට වෙලා ඉන්න.

:       0       32

ලියනගේ Sunday, 22 March 2020 02:26 PM

ලෝකයේ රටවල නායකයන් දිනපතා ඔවුන්ගේ ජනතාව අමතා covid-19 පිලිබදව සහ එම රජයන් මේවන විට ජනතාව වෙනුවෙන් ගෙන ඇති වැඩපිළිවෙල පිලිබදව ජනතාව දැනුවත් කරමින් සිටි. නමුත් ලංකාවේ රාජ්‍ය නායකයා මේවන විට ජනතාවගෙන් සැගව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ කතාවෙන් නායකත්වය පිලිබදව ලොකු කතා කීවද නායකත්වයක් දියයුතු අවස්ථාවේ නියම නායකත්වයක් දීමට ජනාධිපතිවරයා මේවනවිටත් අපොහොසත්ව ඇති බවකි. මේවනවිටත් ඔහු අසමත් නායකයකු බව රටට මෙන්ම ජනතාවටත් පෙනීගොස් තිබේ. රටේ ඇතිවන්නාවූ ප්‍රශ්න ජනාධිපතිවරයා දකින්නේ කරදර ලෙසින් නම් ඔහු කිසිවිටෙක දේශපාලනයට හෝ රාජ්‍ය පාලනය කිරීමට සුදුසු නැත. ජනතාවට නායකත්වය දීමට එවැනි පුද්ගලයන් හට නොහැක. ඔවුන් හදුන්වන්නේ අසමත් නායකයන් ලෙසය...

:       2       38

පැරකුම්Tuesday, 31 March 2020 06:44 PM

ලංකාවේ ජනයාට දැකලා පුරුදු ස්ටේජ් උඩ නැගල කෑගහන රූපවාහිනියේ මුණ පෙන්නන සෝබන කාරයෝ විතරනේ.

:       13       16

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි?
2024 මැයි මස 02 277 0

2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නි


වැඩකරන ජනතා උරුමය
2024 මැයි මස 01 539 0

කම්කරු පන්තියේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා දිගුකලක් තිස්සේ පවත්වාගෙන ගිය අරගල සමැරීම සඳහා මැයි දිනය යොදා ගැනේ. පසුගිය කාල පරිච්ඡේදයේ වැඩි වශයෙන්ම


මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 104 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා
2024 අප්‍රේල් මස 30 488 5

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හෙටට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ආර්ථිකය දුර්වල ගමනක?
2024 අප්‍රේල් මස 30 636 0

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රති


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 787 1

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1886 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site