2016 වසරේ සූර්යග්‍රහණ හතරක් සිදුවන බවත් ඒ නිසා රටට ලෝකයට විශාල අශුභ කාලයක් උදාවන බවත් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී නිශාන්ත පෙරේරා මහතා කියයි.
ඉදිරියේදී ලොව පුරා ගුවන් හා නාවුක අනතුරු හා භූ අනතුරු මෙන්ම ජනතා උද්ඝෝෂණ රැසක් සිදුවන බව ද ඒ මහතා කියයි.
නිශාන්ත පෙරේරා මහතා කළ විශේෂ හෙළිදරව්ව මෙසේය:
“මේ අවුරුද්දට සූර්යග්‍රහණ හතරක් තියෙනවා. පළමු ග්‍රහණය පසුගියදා සිදුවුණා. ආයි එකක් සිදුවෙනවා. මාර්තු 23 දින ආයිත් සැප්තැම්බර් සූර්යග්‍රහණයක් සිදුවෙනවා. ලෝක ජ්‍යොතිෂයේ නියමයක් තියෙනවා ග්‍රහණයක් වෙලා මාස භාගයක් යන්න කලින් තවත් ග්‍රහණයක් වුණොත් ඒ තත්ත්වය ඉතාමත් අශුභවෙයි කියලා.
2016 වසරේ සිදුවන ග්‍රහණ හතරම සිද්ධ වෙන්නේ ග්‍රහණයක් වෙලා දවස් පහළොවක් ඇතුළත. ඒක අහිතකර ප්‍රතිඵල ගෙන දෙන එකක්. මෙමඟින් පරිසරයට ඇතිකරන බලපෑමත් වැඩියි.
ඊළඟ එක තමයි අගහරුයි සෙනසුරුයි සාමාන්‍යයෙන් මුණගැසෙනවා. සෑම වසරකදීම. වෘශ්චික රාශියේ වසර 12කට සැරයක් හමුවෙනවා. මීට පෙර වෘශ්චික රාශියේ ඉඳලා තියෙන්නේ මාස දෙක - දෙකහමාර. නමුත් 2016 වසරේදි මාස හතක් ඉන්නවා එකට. කුජ කියන්නේ පොළොවට අධිපතියා. සෙනසුරු වායුවට අධිපති. මේ දෙන්නා එකතුවීම තුළ අශුභඵල ගෙන දෙනවා. භූමිකම්පා සුළිසුළං ඇති වෙනවා. මේ වසර තුළ.
මේ දෙන්නා එකට එකතු වුණේ පෙබරවාරි 20 දින සවස 4.41ට මේ දෙන්නා ගින්දරයි පුළුනුයි එකතුවුණා වගේ. මේ දෙන්නා කොයි වෙලාවෙත් කරන්නේ විපරිත දේවල්. ජන සමාජයේ ආවේගශීලිත්වය උපරිම තලයට ගෙනියනවා. අත්වැරදීම්, නොසලකා හැරීම් තුළින් වන අනතුරු විපත් විශාල වශයෙන් සිදුවෙනවා. ජලය හා පොළොව යටින් රැගෙන යන ඉන්ධන නළ ආදිය පුපුරන්න පුළුවන්. ගුවනේ ඇති වන විපත් ඉදිරියට අහන්න පුළුවන් වේවි. ගුවන් යානා කඩාවැටීම් වැනි දේවල්, නාවික කටයුතු වලින් ගොඩක් පරිස්සම් විය යුතුම වසරක් මේක.
සූර්යයා මේ දවස්වල ගමන් කරන්නේ මීන රාශියෙනේ. මාර්තු 23 වනවිට මෙයාගේ රශ්නය අපිට හොඳට දැනෙනවා. මේ උෂ්ණත්වය තවත් ඉහළට යනවා.
ඊළඟ කරුණ තමයි සූර්යග්‍රහණයෙන් පස්සේ තමයි එයා මීන රාශියට ආවේ. මේෂ රාශියට එනවයි කියන්නේ අලුත් අවුරුදු උදාව. මේ සැරේ සූර්යයා අලුත් අවුරුද්ද අපට දෙන්නේ එයා සූර්යග්‍රහණයකට පත්වෙලා. බොහොම පීඩිතව ඉන්න වෙලාවකයි. මේ අවුරුද්දට මූණ දෙන්න ඕනෑ දුරදක්නා නුවණකින් කල්පනා කිරීමෙන්. ආගමික කටයුතුවලට මුල් තැන දෙන්න ඕනෑ. පරිසරය මිනිසුන් සමඟ නැති විදිහට තමයි නිර්මාණය වෙන්නේ.
අලුතින් රෝග පීඩා පැතිරීම වැඩි වෙන්න පුළුවන්. ආපදා අංශ සෞඛ්‍ය අංශවලට විශාල කාර්යබහුල වෙන්න පුළුවන්. ජනමනස තුළට සහන අඩු වෙනවා.
අගහරුගේ ප්‍රචණ්ඩත්වය සූර්යාගෙන් දෙන රශ්මි කදම්භයන් එක්ක ජනමනස අවුල් වෙනවා. අවේගශීලිත්වය ගෙන දෙනවා. ගොවි ජනතාව පමණක් නොවෙයි සාමාන්‍යයෙන් ගෙදර දොරේ පවා හැම කෙනෙකුගේම වගේ මානසික ව්‍යාකූල තත්ත්වයන් ඇති වෙනවා. මේ තත්ත්වය අතරදි තමයි. අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පති කන්‍යා රාශියට එනවා සතුරු ස්වභාවයට පත්වෙලා. ඒකත් එතරම් හොඳ නැහැ. එහෙම වුණාම හොරෙන් කරන දේවල් එළිපිට කරන්න පුළුවන් තත්ත්වයක් තමයි සිද්ධ වෙන්නේ. මේ ග්‍රහචාරයන් එක්ක බැලුවම සේවකයන් ආයතන ප්‍රධානීන් හා ඉහළ නිලතල දරන අය අතර සුහදතාව ඉහළ මට්ටමින් පලුදුවීම් ඇති කරන්න පුළුවන්.
දේශපාලනඥයින් ගැන කතා කළොත් ග්‍රහයින් විශ්වාස කළාට දේශපාලනඥයින් විශ්වාස කිරීමට නොහැකි තත්ත්වයක් තමයි තියෙන්නේ.
ඉදිරියේදී රටේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධා කරදර ගෙන දෙන්න පුළුවන් මේ තත්ත්වයන් එක්ක. අගෝස්තු 11 දක්වා වූ කාලය සෑම දෙනෙකුම පරිස්සමෙන් යුතුව කටයුතු කළ යුතුයි. එහෙම නොවුනොත් අපේ රටේ තියෙන සදාචාරාත්මක, සංස්කෘතිය හැදියාව ආදී අංශවල විශාල ප්‍රශ්න එනවා.
මේ වසරේ බුද ග්‍රහ යුද්ධවලට සහභාගී වෙලා ඒකෙන් වැඩි ප්‍රමාණයක් පරදිනවා. එතකොට පාසල් දරුවන්ට සිද්ධකරන අහිතකර තාවයන් ඉතාම ඉහළ මට්ටමක තියෙන්නේ. පාසල් වෑන් රථ රියදුරන්, ගුරුවරු හා දෙමාපියන් දරුවන් ගැන අවධානයෙන් සිටිය යුතුම කාලයක් තමයි උදාවෙන්නේ.
ඒත් එක්කම තම තමන් බලාපොරොත්තු වන දේ කොහොම හරි ඉටුකරගන්න යන තරමට ජනමනසට බලපෑම් එල්ලකරන තත්ත්වයක් පවතිනවා. බුද්ධිය පසු බැහැලා හැඟීම් ඉදිරියට එන අවදානම වැඩියි.”
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මේ වසරේ සූර්යග්‍රහණ හතරක් ලෝකයට අශුභ කාලයක්
උපසේන Friday, 01 April 2016 07:26 PM
එහෙනම් ඉස්සරහට කවදාහරි සුබ කාලයකුත් එයිනේ! (නි)
ද සිල්වා බර්ලින් Friday, 01 April 2016 09:20 AM
එහෙනම් සුනාමිය ඇතිවුණ වසරේත් සුර්යග්‍රහණ තිබුනද? (නි)
ඉන්දික Monday, 04 April 2016 01:45 PM
අජිත්, ජර්මනිය කාලයක් ඔවුන්ගේ ලෝකය එලිය කරගන්න යුදෙව්වන්ගේ ලෝකය අදුරු කළ බව නම් අපිට මතකයි.(බ)
අබරන් Monday, 04 April 2016 07:10 AM
අපි දන්නෙත් නැතිව මෙච්චර කල් අපි ගත කරලා තියෙන්නේ කිරියෙන් පැණියෙන් ඉතිරුණු සුබ කාලයකනේ.(ම)
රංජිත් Monday, 04 April 2016 09:30 AM
අසුබ වෙන්නේ නෑ.(හේ)
යසස් Thursday, 31 March 2016 11:46 AM
මේවායේ යම් සත්‍යතාවයක් ඇති. එ්ත් මිනිස්සු කරන්න ඕනෑ තමන්ගේ ආගම අනුව ජීවත්වීම. හොඳින් ජීවත්වුණොත් හොඳ ප්‍රතිඵල. නරකට ජීවත්වුණොත් නරක ප්‍රතිඵල. (නි)
අජිත් Monday, 04 April 2016 02:22 AM
අපේ මිනිස්සු අඟහරුගේ අපල තියෙනවද කියලා සාස්තර බල බලා ඉන්නකොට අනිත් රටවල මිනිස්සු අඟහරුගේ පදිංචි වෙන්න වෙහෙසෙනවා. අපි සූර්යග්‍රහණ ගැන දුක්වෙවී ඉන්නකොට, චීනය, ජර්මනිය වගේ රටවල් කෘතීම සූර්යයන් මේ වෙනකොටත් හදමින් සිටිනවා. ඔවුන් අඳුරු ග්‍රහලෝක එළිය කරාවි (නි)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 30 March 2016 12:55 AM
සූර්යග්‍රහණ අඩුවෙන් තිබුණු කාලේ ලෝකය කිරි පැණියෙන් ඉතිරුනාද? (නි)
කුමාර Thursday, 31 March 2016 04:47 AM
ලෙස්ලි ඹබ හරි. (බ)
චාමර Wednesday, 30 March 2016 12:44 PM
ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පසුබිම නොදන්නා අය බොහොමයි. හැබැයි කවුරු හරි කියපු පමණින් තමන් පැවත එන්නේ වදුරන්ගෙන් කියල විස්වාස කරන අයනම් ඕනෑතරම් ඉන්නවා.(කෞ)