(*** මුදිතා දයානන්ද)
‘ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විදේශ බුද්ධි අංශයකින් ලද තොරතුර ගැන මම ලිඛිතවම පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් දැනුවත් කළා. පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව සංවිධානාත්මක අපරාධ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක දිසාවද ඔහු යටතේ ක්‍රියාත්මක වූ නිසා ඔහු රටපුරා මෙහෙයුමක් කරනු ඇතැයි මා බලාපොරොත්තු වුණා’ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (28) පැවසීය. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
“රාජ්‍ය බුද්ධි සේවය පැවතිය යුත්තේ මා යටතේයි. එහෙත් ඔවුන් කටයුතු කළේ සම්පූර්ණයෙන්ම මගෙන් පරිබාහිරවයි. මමයි පොලිස්පති. මට කනිෂ්ඨ නිලධාරීන්ගේ පස්සෙන් ගිහින් තොරතුරු දැන ගන්න අවශ්‍යතාවයක් නැහැ’ යැයිද ඔහු පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ ජයසුන්දර මහතා මෙසේ සාක්ෂි දුන්නේය.
ප්‍රශ්නය - ඔබ පාසල් යන වයසේදීම පොලිස් දෙපාර්තමේන්තුවට බැඳෙන්න සිහින දැක්කා නේද?
පිළිතුර- ඔව්.
ප්‍රශ්නය- ඔබ කිසියම් දවසක සිහින දැක්කාද කැලිෆේට් එකක (ඉස්ලාමීය රාජ්‍යයක) ජීවත්වීමට?
පිළිතුර- මම ඒ වචනය ඇහුවෙත් අදමයි. එහි තේරුම මා දන්නේ නැහැ.
ප්‍රශ්නය- සහරාන්ලා අයිඑස් මතවාදය ලංකාවේ පතුරවන බවට ඔබට තොරතුරු ලැබී තිබුණා නේද?
පිළිතුර- ඔබ කියනවා නම් මම පිළිගන්නවා. ඒත් මා සතුව දැන් කිසිම ලේඛනයක් නැහැ.
ප්‍රශ්නය- අයිඑස් මතවාදය දරන්නන් වැඩිපුරම ජීවත්වුණේ සිරියාවේ කියලා ඔබ දන්නවාද?
පිළිතුර- ඔව්. මට ලැබුණ බුද්ධි වාර්තාවල ඇතුළත් තොරතුරුවලින් මා ඒ ගැන දැනගත්තා.
ප්‍රශ්නය- ජෝර්දානයේ අනතුරට පත් ගුවන් යානයක නියමුවෙක් සිරියාවේදී ගිනිතබා ඝාතනය කළ බව, ඇමරිකානු ජාතික දුරකථන ක්‍රියාකරුවෙක් සිරියාවට ගිය අවස්ථාවේදී ඔහු ඝාතනය කළ බව ඔබ දැන සිටියාද? අන්තර්ජාලයෙන් වීඩියෝ දර්ශන නරඹා තිබුණාද?
පිළිතුර- මට ඒ ගැන මතකයක් නැහැ.
ප්‍රශ්නය- අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් ක්‍රියාවක් බවට අයිඑස්වරුන්ගේ මතයක් ඇති බව ඔබ දන්නවාද?
පිළිතුර- ඔව්. ඒ බව ඔවුන්ගේ දේශනවලින් අසා තිබෙනවා.
ප්‍රශ්නය- ඔබ කොයි කාලෙද ඒවා දැන ගත්තේ?
පිළිතුර- එහෙම නිශ්චිත මතකයක් නැහැ. මගේ මිතුරෙක් මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ මම ඒවා අසා තිබුණා. වීඩියෝ බැලුවාද මතකයක් නැහැ. මම ඒවා ඇහුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලය තුළ බවට නිශ්චිතව කිව හැකි නමුත් ඒ කාලේ මම පොලිස්පතිද කියලා මතක නැහැ.
ප්‍රශ්නය- සහරාන්ලා මේ මතවාදය වීඩියෝ දර්ශන මගින් තමන්ගේ මුහුණුපොත ඔස්සේ ප්‍රචාරය කරන බවත් එමගින් තමන්ගේ අනුගාමිකයන් අභිප්‍රේරණය කරන බවත් ඔබ දන්නවාද?
පිළිතුර- මට ඒ ගැන දැනීමක් නැහැ.
ප්‍රශ්නය- වවුනතිව් පොලිස් මුරපොළේ සේවය කළ නිලධාරීන් දෙන්නෙක් 2018 නොවැම්බර් 30 වැනිදා තියුණු ආයුධවලින් කපා ඝාතනය කළා. ඔවුන්ගේ ආයුධ අතුරුදන් වුණා. මේ අයගෙන් එක්කෙනෙක් දෙමළ, එක්කෙනෙක් සිංහල, මොකක්ද ඔබේ නිරීක්ෂණය?
පිළිතුර- මම ඒ ගැන පරීක්ෂණවලට එහි ගියා. එල්ටීටිඊය යුද්ධ කාලේ සිංහල මුස්ලිම් ජනතාව මේ ආකාරයටත් වඩා අමානුෂික ලෙස ඝාතනය කළා. ඒ නිසා මේක ඔවුන්ගේ වැඩක් කියලයි විමර්ශන කරන නිලධාරීන්ගේ මතය වුණේ.
ප්‍රශ්නය- මුස්ලිම් අන්තවාදීන්ද අන්‍යාගමිකයන් ඝාතනය කිරීම උතුම් ක්‍රියාවක්සේ දකින බව ඔබට මතක් වුණේ නැද්ද?
පිළිතුර- 2017දී කාත්තන්කුඩිවලදී මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇතිව තිබුණා හැර ඔවුන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා ගැන අපට ඒ වනතෙක් දැන ගන්න ලැබී තිබුණේ නැහැ.
ප්‍රශ්නය- ඔබ ඔය කියන්නේ කාත්තන්කුඩි අලියාර් හංදියේ ගැටුම ගැනනේ. එහි සැකකරුවන් ලෙස නම්කර අධිකරණයෙන් වරෙන්තු ලද පුද්ගලයන්ගේ නම් ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්වන අන්තවාදීන්ගේ නාම ලේඛනයේද ඇතුළත් වුණා. ඒ අය ඉන්න තැන ගැන රාජ්‍ය බුද්ධි අංශය කරුණු වාර්තා කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවාගෙන ගොස් ඔවුන් ඉන්න තැන් පෙන්වා දී තිබුණා. එසේ කර තිබියදීත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන නැහැ. මෙහි වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම ඔවුන් මෙහෙයවන පොලිස්පතිවරයා ලෙස ඔබත් භාරගත යුතුයි නේද?
පිළිතුර- පොලිස්පතිවරයා ලෙස මම වගකීම භාරගත යුතු බව ඇත්ත. එහෙත් මෙම සැකකරුවන් සිටින තැන දැන සිටියානම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, රාජ්‍ය බුද්ධි අංශයටත් දෙකටම තිබුණා.
ප්‍රශ්නය- එහෙත් රාජ්‍ය බුද්ධි අංශයට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලයක් නැහැ නේද?
පිළිතුර - එහි සිටින්නේද පොලිස් නිලධාරීන්. ඒ නිසා ඔවුන්ට එයට හැකියාව තිබෙනවා.
ප්‍රශ්නය - මෙම සැකකරුවන් අතර සිටි ආමි මොහිදීන් නමැති අය ඉන්න තැන රාජ්‍ය බුද්ධි අංශයෙන් දැනුවත් කළ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව ඔත්තුකරුවෙක් ලෙස භාවිත කළ බව කියනවා. වරෙන්තුවක් ලද පුද්ගලයෙක් අත්අඩංගුවට නොගෙන එසේ ඔත්තුකරුවෙක් ලෙස භාවිත කළ හැකිද?
පිළිතුර - බැහැ. අත්අඩංගුවට ගැනීමෙන් පසු නීති කටයුතු කිරීමෙන් පසුවයි ඔහු ඔත්තුකරුවෙක් ලෙස භාවිතා කළ හැක්කේ.
ප්‍රශ්නය- ආමි මොහිදින් අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
පිළිතුර- ඔව්. මට දැන් එහෙම හිතෙනවා. එහෙම අත්අඩංගුවට ගත්තා නම් ඔහුගෙන් බොහෝ තොරතුරු හෙළිදරව් කර ගන්න තිබුණා.
ප්‍රශ්නය- ඔහුට තිබුණේ දින වරෙන්තුවක්. ඔබ මීට පෙර පැහැදිලි කළ පරිදි එවැනි වරෙන්තුවක් ඇති අයෙක් අත්අඩංගුවට ගත හැකි වන්නේ අදාළ පොලිස් ස්ථානයෙන් පමණයි නේද?
පිළිතුර- ඔව්. එහෙත් ආමි මොහිදින් ජීවත් වූ කාත්තන්කුඩි ප්‍රදේශයේ පොලිසියේ සහය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ රාජ්‍ය බුද්ධි අංශයට හෝ ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණා.
ප්‍රශ්නය- 2019 අප්‍රේල් නවවැනිදා ලද තොරතුර ඔබ එෆ් එන් ඒ (අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න) කියලා සටහන් කර ඔබ යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු ප්‍රධානීන් හතර දෙනෙකුට යොමු කරනවා. එහෙම යැව්වාම කරන්න ඕන මොකක්ද කියලා ඒ අයට තේරුම් ගන්න පුළුවන්ද? අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කිව්වාම ඔබේ හිතේ තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද කියලා ඔවුන් තේරුම් ගන්නේ කෙසේද? ඔවුන්ට පරචිත්ත විජානන ශක්තිය තිබෙනවාද?
පිළිතුර- එහෙම හැකියාවක් තිබෙනවාද මා දන්නේ නැහැ. එහෙත් ඒ දවස්වල තිබුණ තත්ත්වය අනුව සංහිඳියාවටයි මුල්තැන තිබුණේ. මෙය මීට වඩා විස්තර සහිතව යොමු කරන්න ගිහින් ප්‍රශ්නයක් වුණානම් ඒකටත් මටයි වගකියන්න වෙන්නේ. මම ඒ කාලේ වැඩ කළේ ලොකු පීඩනයකින්. ඒ නිසා තමයි මේක හොඳම දේ කියලා හිතලා තොරතුරු සහිත ලිපියත් සමග මගේ සටහන යොදා යැව්වේ.
කොමිසම- ඔබ එෆ් එන් ඒ යැයි සඳහන් කිරීමේ තේරුම ගැන අවස්ථා දෙකකදී කිව්වේ කරුණු දෙකක්. කලින් කිව්වේ ඔවුන් හොඳ අත්දැකීම් ඇති නිලධාරීන් නිසා මේ වචනවලින් කියන දේ තේරුම් ගැනීමේ හැකියාවක් ඇති බවයි. අද වෙන දෙයක් කියනවා. ඔබ ඇයි නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව මේ ගැන දැනුවත් නොකළේ?
පිළිතුර- පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාව මම දැනුවත් කළා. ඔහුට සම්පූර්ණ විස්තරයම යොමු කළා. ඔහු යටතේ ආයතන කීපයක් පවතින නිසා ඒවා යොදාගෙන රට පුරා මෙහෙයුමක් කරයි කියලා මම විශ්වාස කළා.
ප්‍රශ්නය- ඔබට නවවැනිදා ලැබුණ තොරතුර දැක්කාම මොනවද හිතුනේ?
පිළිතුර- එහි නිශ්චිත බවක් තිබුණේ නැහැ. මේක විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ තොරතුරක් පමණයි. එය අපේ බුද්ධි අංශය තහවුරු කරගෙන තිබුණේ නැහැ.
ප්‍රශ්නය- එහෙත් එහි සහරාන් ගැනත් සඳහන් වෙනවා නේද? සහරාන් ගැන කලින් දැන සිටි තොරතුරු අනුව ඔබට යමක් වැටහුණේ නැද්ද?
පිළිතුර- මට එහෙම දෙයක් මේක කියවද්දී දැනුනේ නැහැ.
ප්‍රශ්නය- මෙහි සහරාන් ගැන විස්තර දක්වා තිබෙනවා නම් ඒක කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් පොලිස්පතිවරයා ලෙස ඔබට තිබිය යුතුයි නේද?
පිළිතුර- ඔව් මම ඒක පිළිගන්නවා. මෙවැනි ලිපි දවසකට විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අදාළ විෂයන් බාර නිලධාරීන් තමයි ඒවා අදාළ ස්ථානවලට යොමු කරන්නේ.
ප්‍රශ්නය- මේ ලිපිය ඔබට ලැබුණේ ටොප් සීක්‍රට් - අයිස් ඔන්ලි කියලා සටහන් කරලයි. එවැනි ලියුම් දවසකට කීයක් ලැබෙනවාද?
පිළිතුර- මට එහෙම කියන්න බැහැ. ටොප් සීක්‍රට් අයිස් ඔන්ලි කිව්වාම මගේ ඇස්දෙකට විතරයි මේක ලක්විය යුත්තේ. ඒත් ඊට වඩා මේක බැරෑරුම් කියලා දැනුණ නිසා තමයි මගේ යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනෙකුට යොමුකළේ.
ප්‍රශ්නය- ඔබට නවවැනිදා ලැබුණ තොරතුර නිකම්ම තොරතුරක් පමණයි එය බුද්ධි තොරතුරක් නෙවෙයි කියලා ඔබ වරක් කිව්වා. එහෙම නම් ඒ ගැන රාජ්‍ය බුද්ධි ප්‍රධානී සමග කතා කළාද?
පිළිතුර- රාජ්‍ය බුද්ධි සේවය සම්පූර්ණයෙන්ම මගෙන් පරිබාහිරවයි කටයුතු කළේ. මමයි පොලිස්පති. ඔහු ගැන මගේ අවධානය පොලිස්පතිවූ වහාම යොමුවූ නිසා තමයි ඔහුව එක්සත් ජාතීන්ගේ සැසිවාරයට පවා මාත් සමඟ රැගෙන ගියේ. එහෙත් පසුව ඔහු ක්‍රමයෙන් වෙනස් වුණා. රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් මම අවස්ථා හතරකදී කතා කරන්න උත්සාහ කළා. ඒත් ඒකට අවස්ථාව සලසා දුන්නේ නැහැ.
ඔහු මගේ කනිෂ්ඨ නිලධාරියෙක්. විදෙස් බුද්ධි අංශයකින් මේ තොරතුර ලැබුණේ නිලන්තට. ඒ නිසා ඔහු තමයි මට ඒ ගැන දැනුවත් කළ යුත්තේ. මම මොකට ද කනිෂ්ඨ නිලධාරීන් පස්සේ ගිහින් තොරතුරු ඉල්ලන්නේ. මම පොලිස්පති විදිහට පිම්බෙන්න හදනවා නෙවෙයි. ඒත් ක්‍රමයක් තියෙනවානේ.
දැන් ප්‍රශ්නය ඇති වුණාට පස්සේ සේරම මගේ පිටින් යවන්න හදනවා. ඒත් මේ තොරතුරු ආරක්ෂක මණ්ඩලයටත් යොමුවී තිබුණා. ජනාධිපති, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, අගමැති ලේකම්, ආදීන් දැන සිටියේ නැතැයි කියන්නේ කෙසේද?
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මා ලද බුද්ධි තොරතුරු මම ලතීෆ්ට දුන්නා
Raveendra Tuesday, 29 September 2020 10:54 AM
මෙම සටහන් හොඳින් කියවීමේදී අබමල් රේණුවක තරම්වත් මොලයක් ඇති කෙනෙකුට වුවත් තේරෙන යම් පැහැදිලි දෙයක් ඇත. විශේෂයෙන් මහජන මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරින්ට නොතිබිය යුතු "කාලකන්නි නිලධාරිවාදය, උද්දච්ඡකම, උඩඟුකම, හීනමානය මෙන්ම පුහුමානය වැනි තුට්ටුදෙකේ ගතිගුණවලින් මනාලෙස සන්නද්ධ වී ඇති බවක් නොවේද? එහි නිවැරදි අර්ථය වන්නේ උසස් නිලතල දැරුවත් මේ "සියල්ලෝම හිස් මිනිසුන්" බව නොවේද? මෙම හිස් මිනිසුන්ගේ මෝඩකම් නිසා ජීවිත සිය ගණනක් ලංකා මාතාවට නැතිවුණා නොවේද? දැන් කප්පරක් නිදහසට කරුණු කිව්වත් මොනතරම් උසස් නිලධාරින් වුනත් නුඹලා සියල්ලන්ම මෙම පාපයට තොග වශයෙන් වන්දි ගෙවනු නියතයි.
fairoos Tuesday, 29 September 2020 12:45 PM
වගකීමෙන් කටයුතු කරපු කෙනෙක් දැන් හොයාගන්න බැහැ.
විජේ Tuesday, 29 September 2020 10:15 PM
කොච්චර නම් වගකීම් සහගතද? මෙයා මොකද කියන්නේ.. විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරමුද?
Bamunuarachchi Thursday, 01 October 2020 02:33 AM
පිටරටින් එන බුද්ධි තොරතුරුවලත් ලංකාවේ බුද්ධි හිංසා දෙන තොරතුරුවලත් සහරාන් ගැන කියැවෙනවා කියලා පිළිගන්නවා. නමුත් සහරාන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලිස්පතිට හිතිලා නැහැ පුදුමයි නේද?
HWS KUMARA Friday, 02 October 2020 01:41 AM
මෙයාලා මුකුත්ම දන්නෙත් නැහැ මාරම වගකීමෙන් කටයුතු කරලා තියෙන්නේ.
ISURU Saturday, 03 October 2020 10:06 AM
ලතීෆ්ට සේවා දිගුවක් දීපු නිසා එයා ජනාධිපති සිරිසේනගේ පැත්තට අදින ස්වභාවයක් තමයි අපි දකින්නේ ඒ සාක්ෂිවල...
THILAK Saturday, 03 October 2020 10:08 AM
ජනාධිපතිගේ අවුරුද්දේ සේවා දිගුවට කඩේයනවාදෝ මන්දා ළමයිනේ..?
jajith Sunday, 04 October 2020 06:21 PM
ඉසුරු ඔයා හරි, ලතිෆ්, සිරිසේන ජනාධිපතිගේ සේවා දිගුවට පොලිස්පතිව කපලා දැම්මා වගේ තමයි අපිටත් පේන්නේ.
janith Sunday, 04 October 2020 08:13 PM
ලතිෆ් කියන කෙනෙක් සමාජ ගත වුනේ පුජ්ත කියන පොලිස්පති නිසයි.
tilak Monday, 05 October 2020 08:01 PM
ලතීෆ් සිරිසේනට සුදුහුණු ගානවා වගේ ඒ කතාවේ උත්තරවලදී අපිටත් හිතෙන්නේ.
kithsiri Monday, 05 October 2020 08:04 PM
අවුරුද්දකින් වැඩිකළ නිසා ජනාධිපතිගේ පැත්ත අරගෙන උත්තර දුන්නා වගේ..
jinasiri Tuesday, 06 October 2020 10:49 AM
ලතීෆ්ව මිනිස්සු හිතන් හිටපු විදිහ ලතීෆ්ම විනාශ කර ගත්තා කියලා අපි හිතන්නේ.
thushara Tuesday, 06 October 2020 10:50 AM
ලතීෆ් සාක්කි දෙද්දී ඇදගෙන නෑවා වගේ..
KALANI Sunday, 11 October 2020 08:52 AM
ලතිෆ්, ලෝකයා බලාගෙන ඉන්නවා.
jinasiri Friday, 16 October 2020 04:35 PM
ලියුමක් කියා නොබලා ඇස් පියාගෙන අත්සන් කරන සිරිසේන ජනාධිපතිට සේවාදිගුවක් කළා කියා කඩේ යන්න එපා..
janith Saturday, 17 October 2020 12:22 PM
ඔයාට රටේ විතරක් නොව ජාත්‍යන්තරේ පවා හොඳ පිළිගැනීමක් ඇත. එමනිසා එය ආරක්ෂා කරගන්න. පිස්සුනේ නටලා තියෙන්නේ. සිරා ඇස් වහගෙන ලිපිවලට අත්සන් කරලා තියෙන්නේ කියලා එයාමයි කියන්නේ.