ඩුබායිහිදීය (එන්.ඩී.ටීවී)
ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ බොලිවුඞ් නිළි ශ්‍රීදේවි හෘදයාබාධයකින් මියගිය බව විදෙස් පුවත් සේවා ඊයේ (25) වාර්තා කළේය.
මියයනවිට ඇය 54 හැවිරිදි වියෙහි පසුවූවාය. ශ්‍රීදේවි හෘදයාබාධයට ලක්වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායිහිදීය. ඇය සැමියා බොනී කපූර් සහ බාල දියණිය කූෂි ද සමඟ ඩුබායි ගොස් සිටියේ බොලිවුඞ් නළුවකු වන මෝහිත් මර්වාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහාය. මෝහිත් මර්වා කපූර් පවුලේ ඥාතියකු බව පැවැසෙයි.
ශ්‍රීදේවිගේ හදිසි වියෝව බොලිවුඩය පමණක් නොව, ලොව පුරා සිටින බොලිවුඞ් සිනමා රසික රසිකාවියන්ට කම්පනයක් ගෙන දුන් පුවතක් විය. වියෝව සිදුවූයේ පෙරේදා (24) දිනයේ යැයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර තිබේ.
ශ්‍රීදේවිගේ වියෝවත් සමඟ ඉන්දීය අගමැති මෝදි ශෝකය පළ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. ‘ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ද වන ශ්‍රීදේවිගේ සමුගැනීම බොලිවුඞ් සිනමාවට සිදුවුණු විශාල පාඩුවක්. චරිතාංග නිළියක ලෙස ඇගේ රංගනය අසමසමයි.’ යැයි මෝදිගේ එම ශෝක පණිවුඩයේ සඳහන් වෙයි.
80 සහ 90 දශකයේ ජනප්‍රිය බොලිවුඞ් සරාගිනිය වූයේ ශ්‍රීදේවිය. ශ්‍රීදේවි සිනමා ලෝලීන්ගේ ආදරයටත්,
පැසැසුමටත් ලක්වූයේ ‘නාගීනා’ (1986) චිත්‍රපටයේ නාග කන්‍යාවියගේ චරිතයට පණ පෙවීමෙනි. ඇය රඟපෑ ‘මිස්ටර් ඉන්දියා’(1987), ‘ලම්හේ’ (1991), ‘ලාඞ්ලා’ (1994), ‘ජුඩායි’ (1997) වැනි චිත්‍රපට අතිශය ජනප්‍රිය විය.
ශ්‍රීදේවි උපත ලැබුවේ 1963 වසරේ අගෝස්තු 13 වැනිදාය. ලෝ ප්‍රකට අන්තර්ජාල විශ්වකෝෂය ලෙස සැලකෙන ‘විකිපීඩියා’ වෙබ් අඩවියේ දැක්වෙන පරිදි, ශ්‍රීදේවි උපත ලබා ඇත්තේ ශ්‍රී අම්මා යංගර් ආයප්පාන් යන නමිනි. ඒ, ඇගේ පියාගේ උපන් නගරය වන ඉන්දියාවේ මදුරාසි හි සිවකාසි නගරයේය. ශ්‍රීදේවිගේ පියා දෙමළ නීතීඥයෙකි. මව තෙලිඟු ජාතික කාන්තාවකි.
බොලිවුඩයේ පළමු ‘සුපිරි නිළිය’ ලෙස සැළකෙන්නේ ශ්‍රීදේවිය. ඒ, ප්‍රධාන නිළිය ලෙස ඇය රඟපෑ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමත් සමඟය. ප්‍රධාන නිළිය මුල්කොට ගනිමින් චිත්‍රපට සාර්ථක කළ හැකි බව පෙන්වා දුන්නේ ශ්‍රීදේවි යැයි චිත්‍රපට විචාරකයන්ගේ අදහසය.
හොඳම බොලිවුඞ් නිළිය ලෙස ශ්‍රීදේවි ෆිල්ම් ෆෙයාර් සම්මාන හයක් හිමි කරගෙන ඇත. 1990 දශකයේ වැඩිම මුදලක් අය කළ නිළිය ලෙස සැළකෙන්නේ ශ්‍රීදේවිය.
පසුකාලීනව ශ්‍රීදේවි ඇගේ සැමියා බොනී කපූර් ද සමඟ එක් වී චිත්‍රපට නිෂ්පාදනයට පිවිසුණාය. ශ්‍රීදේවි, බොනී කපූර් සමඟ විවාහ වූයේ 1996 වසරේදීය. බොනී කපූර්ගේ දෙවැනි බිරිය ශ්‍රීදේවිය.
බොනී කපූර් යනු සුපිරි මෙන්ම ජනප්‍රිය බොලිවුඞ් නළු අනිල් කපූර්ගේ සොහොයුරාය. ශ්‍රීදේවි රඟපෑ චිත්‍රපට රැසක ඇගේ පෙම්වතා වූයේ අනිල් කපූර්ය. ශ්‍රීදේවි සහ බොනී කපූර්ගේ දියණියන් දෙදෙනා ජානිවී සහ කූෂිය.
ශ්‍රීදේවි හින්දි නිළියක පමණක් නොවෙයි, ඇය දෙමළ, තෙළිඟු, මලයාලම් පමණක් නොව කන්නාඩ නිළියක ද වූවාය. ළමා නිළියක ලෙසින් ශ්‍රීදේවි බොලිවුඞ් සිනමාවට පිවිසියේ 1975 වසරේදී ‘ජූලි’ චිත්‍රපටයෙනි. ඇය ප්‍රධාන නිළිය ලෙස බොලිවුඩයට පිවිසියේ 1979 වසරේ ‘සොල්වා සවාන්’ චිත්‍රපටයෙනි. කෙසේ නමුත් ඇය බොලිවුඞ් සිනමාලෝලීන්ගේ අවධානය දිනා ගත්තේ 1983 වසරේ තිරගත වුණු ‘හිම්මත්වාලා’ හරහාය.
1997 වසරෙන් පසු, සැමියා සමඟ එක් වෙමින්, චිත්‍රපට නිෂ්පාදනයට යොමුවුණු ශ්‍රීදේවි වසර 15 ක පමණ නිහැඬියාවකින් පසු යළි රංගනයට පිවිසියේය. ඒ, 2012 වසරේ තිරගත වුණු ‘ඉංග්ලිෂ් වින්ග්ලිෂ්’ චිත්රපයට හරහාය. එම චිත්‍රපටය හරහා ඇය බටහිර විචාරකයන්ගේ පවා පැසැසුමට ලක් වූවාය. අවසන් වරට රඟ පෑ ‘මාම්’ චිත්‍රපටය සම්බන්ධයෙන් ද ශ්‍රීදේවි සිනමා විචාරකයන්ගේ පැසැසුමට ලක් වූවාය. 2013 වසරේ දී ඉන්දීය රජයෙන් පිරිනැමෙන ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් ද ශ්‍රීදේවි පිදුම් ලැබුවාය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොලිවුඩ් නිළි රැජින ශ්‍රීදේවි සමුගනී
Rohan perera Wednesday, 28 February 2018 06:31 PM
ශ්රීදෙවි ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ කියල ඉන්දියන් ප්රවෘත්ති පත්‍රයක තියෙනවා. ඒක ඇත්තක්ද