IMG-LOGO

බිලි පූජාවට ගෙනගිය දැරිය අතහැර දමා ගිය කතාව

gfh

අපේ අයියා පොඩි එකෙක් උස්සන් ඇවිත් ඉන්නවා. මේ මිනිහා හින්දා අපිත් කරදරේ වැටෙනවා. යැයි චමින්ද වික‍්‍රමසිංහ නැමැත්තෙක් කුඹුක්ගැටේ ප‍්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යන නිහාල් ජයසූරිය මහතාට පවසා ඇත්තේ පසුගිය 12 වැනිදා සවස් වරුවේය.

ජයසූරිය මහතා මේ බව ග‍්‍රාම නිලධාරි නාමල් සෙනෙවිරත්න මහතාට දැනුම් දී ඔහුත් සමග කටියාව කුඹුක්ගැටේ 271 දරණ නිවස සොයා ගියේ ඒ ගැන විපරම් කර බැලීමටය.

34


වික‍්‍රමසිංහද මේ ගමනට එක්විය.
වික‍්‍රමසිංහ පැවැසූ ආකාරයට ඔහුගේ මවගේ නිවසේ ඉස්තෝප්පු කාමරයේ ඇඳක් යට කාඞ්බෝඞ් කැබලි අතුරා ඒ මත දැරිය නිදිකර තබා ඇති ස්ථානය දක්නට ලැබී ඇත.


දැරිය ඔවුන්ගේ බාරයට ගෙන ඒ බව දැනුම් දෙනු ලැබුවේ වැල්ලව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුර ගුණරත්න මහතාටය.
පොලිස් පරික්ෂක ගුණරත්න මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි ගොස් දැරිය පොලිස් බාරයට ගනු ලැබීය.


‘‘මාමා කෙනෙක් මගේ කොණ්ඩය කැපුවා. මට බයියන් කන්න දුන්නා.” යැයි තමරා කෞෂණි දැරිය සුරතල් වෙමින් පැවැසුවාය.
දැරියගේ ඥාතියෙක්ද කොණ්ඩය කපන තැන සිට ඇති බවට පොලිසිය සමග දැරිය පවසා ඇත.

1


දැරිය පැහැරගෙන පැමිණ ඇත්තේ ඉලේපෙරුම ආරච්චිලාගේ ගාමිණී නැමැත්තෙක් බවට තොරතුරු පොලිසිය තහවුරු කරගත්තේ ඔහුගේ සහෝදරයා වික‍්‍රමසිංහ සහ මව වන රණසිංහ හාමිලාගේ ගුණවතී (55) නැමැත්තියගෙන් ප‍්‍රශ්න කිරීමේදීය.


පැහැරගත් දැරිය සඟවා තබාගෙන සිටි ස්ථානයේදී ගුණවතී නැමැත්තිය අත්අඩංගුවට ගනු ලැබූ අතර ගාමිණී ඒ වන විට ප‍්‍රදේශයෙන් පලාගොස් තිබිණි.
පලාගොස් සිටින ගාමිණී අල්ලා ගැනීමට පොලිසිය කුඹුක්ගැටේ ප‍්‍රදේශය පීරමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.


‘‘පුතා අද (12) උදේ පොඩි එකෙක් අරගෙන ගෙදරට ආවා. හරියට දුක හිතුණා. කොහෙන්ද මේ පැටියා අරන් ආවේ කියා විමසුවා. පුතා මුකුත් කිව්වේ නැහැ. මම කිරිබත් හදලා කන්න පවා දුන්නා” යැයි ගුණවතී පවසා ඇතැයි කියති.

SLD_20140914_A020


ගම්මුන් පිරිසක් පවසා ඇත්තේ මේ දරුවා දින දෙකක කාලයක සිට මේ ගෙදර සිටි බවය.


ගාමිණී නැමැති පුද්ගලයා බිරිඳගෙන් වෙන්ව විවිධ සමාජ විරෝධී කි‍්‍රයාවල නිරතව සිටින්නෙක් බවටද තොරතුරු හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.


කිසිවකු විසින් ගාමිණීට ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත මෙම දැරිය පැහැරගෙන එන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
නිධානයක් ගොඩ ගැනීමට බිල්ලට දීමට මෙම දැරිය පැහැරගෙන ගියේද යන්න සොයා ගැනීමට පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යයි.

2


වයඹ පළාත් බාර ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ විශේෂ උපදෙස් මත පසුගිය 12 අළුයම ගනේවත්ත අඹකොළවැව හා තදාසන්න ප‍්‍රදේශවල දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවේ දැරිය ගැන කිසිදු හෝඩුවාවක් ඒ වන විටත් ලැබී නොතිබූ නිසාය.


වයඹ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර සහ කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජන්ත සමරකෝන් යන මහත්්වරුන්ගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරින් 200 ක් පමණ සහභාගිත්වයෙන් සිදුකෙරුණු මෙම සෝදිසි මෙහෙයුමට නායකත්වය ලබා දුන්නේ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරුන් වන  ඕ.ඩබ්ලිව්. සිල්වා සහ මහින්ද ඒකනායක යන මහත්වරුන් විසිනි.


සෝදිසි මෙහෙයුම නිසා බියට පත්ව ගාමිණී දැරිය අතහැර දමා පලා ගොස් ඇති බව පොලිසිය කියයි.


    5 



අදහස් (0)

බිලි පූජාවට ගෙනගිය දැරිය අතහැර දමා ගිය කතාව

රූපවතී Tuesday, 23 September 2014 05:48 PM

දු පොඩිත්ති හොයාගත්ත එකට ගොඩක් ස්තුතියි. තව මෙනෙවාටද ඔය වගේ අය ඉතුරුකරන්නේ (නදී)

:       0       0

දුෂාන් Monday, 22 September 2014 01:12 PM

ඔය මිනිහව මරන්න ඕනේ (නදී)

:       0       0

කුමාරි Monday, 22 September 2014 05:40 AM

කොහොම හරි කරදරයක් නැතිව පැටික්කි ලැබුන එක ගැන හරිම සතුටුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 7145 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 240 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 186 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site