IMG-LOGO

“බ්‍රවුන්රිග්ගේ ලැයිස්තුව කටු ගානු-උඩරට 18ක් විරුවන් කරනු“

කැප්පෙටිපොල දිසාව ඇතුළු මහනුවර රාජධානියේ නායකයින් 19 දෙනකු ද්‍රෝහීන් ලෙස නම් කරමින් එංගලන්ත ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් 1818දී නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන ජනපතිගෙන් ඉල්ලයි.

1818 දී බ්‍රිතාන්‍ය රජ කිරුළට විරුද්ධව අරගල කළැයි කියමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කළේය.

රට ජාතිය වෙනුවෙන් සටන් කළ නායකයන් අවුරුදු 200ක් පමණ කාලයක් ද්‍රෝහීන් ලෙස නම් කැර සිටි බවත් එය අවලංගු කර එම නායකයින් 19 දෙනා ‘වීරයන්‘ ලෙස නම් කරන ලෙසත්  අමාත්‍යවරයා ජනපතිගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසිය.

  1. කැප්පෙටිපොල දිසාව
  2. කිවුලගෙදර මොහොට්ටාල
  3. ගොඩගෙදර රටේ අධිකාරම්
  4. කැටකාල මොහොට්ටාල
  5. මහ බෙත්මරාළ
  6. කුඩා බෙත්මරාළ
  7. පොල්ගොල්ල මොහොට්ටාල
  8. වත්තේ කැළේ මොහොට්ටාල
  9. පොල්ගහගෙදර රෙහෙනරාළ
  10. පොස්රේවත්ත විදානේ
  11. යාලගොම්බේ මොහොට්ටාල
  12. උඩුමදුරේ මොහොට්ටාල
  13. කොහුකුඹුරේ රටේරාළ
  14. කොහුකුඹුරේ වලව්වේ
  15. මොහොට්ටාලේ බුටුවේ රටේරාළ
  16. බගිනිගහවෙළ රටේරාළ
  17. මහබදුල්ලේ ගම්මානේ රටේරාළ
  18. බුලුපිටියේ මොහොට්ටාල
  19. පල්ලේ මෙල්හෙයායේ ගමැතිරාළ

කැප්පෙටිපොළ දිසාවගේ ඇතුළු නායකයින්ගේ පවුලේ අය ගැන හෝ ඥාතීන් ගැන විස්තර ඇතොත් අමාත්‍යංශ ලේකම් දැනුවත් කරන ලෙසද අමාත්‍යංශය  ජනතාවගෙන් ඉල්ලයි.



අදහස් (0)

“බ්‍රවුන්රිග්ගේ ලැයිස්තුව කටු ගානු-උඩරට 18ක් විරුවන් කරනු“

අමර Wednesday, 07 December 2016 07:47 AM

වීරයෙකු වන්නේත් ද්‍රෝහියෙකු වන්නේත් මිනිසුන්ගේ හදවත තුළය.(ම)

:       0       0

නන්ද Tuesday, 06 December 2016 08:00 AM

විජයදාස රාජපක්ෂ මහතා‍ ගැන සතුටුයි (නි)

:       0       0

සෑම් Tuesday, 06 December 2016 08:38 AM

මේ දහනම දෙනාම සිංහලයන්ගේ හදවත් වල සැමදාටම වීරයන්. අපේ රට තවදුරටත් බ්‍රිතාන්‍ය පාලනයේ නැති බවත් ඔව්න්ගේ ගැසට් පත්‍රයකින් අපේ විරුවන්ගේ වීරත්වය ඉවත් කළ නොහැකි බවත් හැමෝම දන්නවා. තම අමාත්‍යංශයේ තියන ප්‍රශ්න විසඳන්නේ නැතුව අපේ "ජාතික වීරයන්" නීත්‍යානුකූල කරන්න හදන්නේ ඔව්න්ගේ වීරත්වයෙන් තමන් කැපීපෙනෙන්න මිසක් වෙනදේකට නොවේ කියායි මම නම් සිතන්නේ (නි)

:       0       0

ධම්ම Tuesday, 06 December 2016 08:45 AM

ඉංග්‍රීසි ආණ්ඩුව සරදියෙල් එල්ලා මැරුවේ චෞරයෙකු ලෙසයි. ඔහු චෞරයෙකු නොව නිදහස් සටන්කාමියෙකු බවට අද ඇතිතරම් සාක්ෂි ඇත. ඒ නිසා ඔහුද නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමි. (නි)

:       0       0

තුසිත Tuesday, 06 December 2016 10:22 AM

ඒ වගේම රට බේරාගත් රණවිරුවන්වත්, හිටපු ජනපතිත්වත් ජාති බේද, පක්ෂ බේද නැතුව වීරයන් කළොත් හොඳයි නේද (නි)

:       0       0

මංගල Tuesday, 06 December 2016 11:35 AM

කවුරු කොහොම කිව්වත් මේ හැමෝම අපේ වීරයෝ. (ර)

:       0       0

ජනන් Sunday, 11 December 2016 01:53 PM

සමන්, යුද්ධය දිනූ වීරයන් සුපහන් හදවත්වල ජීවත්වනවා. ඔබ වගේ කුහකයන් අඳබාලයන්ගෙ හදවත්වල නැතත්. (නි)

:       0       0

සමන් Tuesday, 06 December 2016 01:10 PM

තුසිත! රිදී කාසි අස්සේ අලුක්කාල් රිංගවන්න හදන්න එපා. යුද්ධය දිනු අපේ රණවිරුවෝ ඉතිහාසගත වෙලා ඉවරයි. (ර)

:       0       0

අජිත් Wednesday, 07 December 2016 02:33 PM

සමන්, ඔය තරම් කුහක වෙන්න එපා. මෛත්‍රී වඩන්න ඉගෙනගන්න පුරුදු පුහුණු වෙන්න. (නි)

:       0       0

සමන් Thursday, 08 December 2016 09:09 AM

ඒ ඒ කාලවල පාලකයෝ තමුන්ට විරුද්ධ අය දේශද්‍රෝහියෝ හැටියට තමයි නම් කළේ. (නි)

:       0       0

තුසිත Thursday, 08 December 2016 09:27 AM

සමන්, යුද්ධය දිනු අපේ රණවිරුවෝ ඉතිහාසගත වෙලා ඉවර බව ඇත්ත. නමුත්, ඔවුන්ට සිද්ධවෙච්ච් දේවල්, සිද්ධවෙන දේවල් දැක්කම දුකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 73 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 988 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site