IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


බාර්නි සහ බෙටී පියාඹන පීරිසියකින් විත් පහැර ගැනීමේ සිද්ධිය

 

 

1961 සැප්තැම්බර් 19 වෙනදා ඇමෙරිකාවේ නිව් හැම්ෂයර්හි සිදු වූ මේ අරුම පුදුම සිද්ධිය පියාඹන පීරිසි හෝ පිටසක්වළින් පැමිණි මිනිසුන් පිළිබඳව  පැහැදිලිව වාර්තාවූ ප‍්‍රථම වතාව වීය.

බාර්නි කළු ජාතිකයෙකි. බෙටී සුදු ජාතික කාන්තාවකි. නිව් හැම්ප්ෂයර්හි පදිංචි මේ කළු සුදු යුවළ විවේකයක් ගත කිරීම සඳහා කැනඩා මායිමේ පිහිටි නයගරා ඇල්ල අවට ප‍්‍රදේශයේ සැරිසරා ඇල්ලේ සිටි නරඹා මොන්ටි‍්‍රයෙල් නගරයේද සැරිසරා ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියහ. බාර්නි ඇමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට සේවය කළ අතර බෙටී සමාජ සේවිකාවක් වූවාය.

 වෙලාව රාතී‍්‍ර 10.30 පමණ ඇත. ඔවුන්ගේ රිය 1957  වසරේ නිෂ්පාදිත ''බෙල් ෂෆර්” වර්ගයේ  වාහනයක් වීය. පාරේ වාහනයක් හමුවුයේ ඉඳහිටය. බාර්නි වාහනය පදවන අතර බෙටී අහස දෙස නෙත් යොමුකර ගෙන පැමිණියේ ''ගුටිං ස්ටාර්ස්” (විදින තරු) දැක ගන්නටය. හදිසියේ ඇගේ නෙත ගැටුණේ හඳට පහතින් ජුපිටර් තරුව සමීපයෙන් ඇති ආලෝකයක් වෙතය. ''උල්කාපතයක්ද?”  ඇගේ හිතට කුහුලත් ඇතිවිය. මොහොතකින් එය උල්කාපතයක් නොවන බව  ඇයට වැටහිණි.

අහසේ දුටු වස්තුව කොතරම් අස්වාභික විද යත්  මෙටී ''වාහනය නවත්වලා බලන්න” යි ඇය බාර්නිට කලබලයෙන් කීවාය.

ඔහුද වාහනය වහාම නතර කොට බාර්නි තම පිස්තෝලය ද රැගෙන  වාහනයෙන් බැස්සේය. බෙටි දුර බලන කණ්ණාඩිය ද ගෙන වහා බැස ගත්තාය. ඇය දුරබලන කණ්ණාඩියෙන්  අකාශ වස්තුව දෙස බලන විට එය ශ්‍රීඝ‍්‍රයෙන් පහතට එමින් තිබිණි. ක්‍ෂණිකව  ඇගේ මතකයට නැගුණේ මීට වසර කිහිපයකට පෙර ඇගේ සොහොයුරියක් කියා තිබුණු ''පියාඹන පීරිසි” කතාවක්ය. එය තමන් සිටින දෙසට පාත්වෙන බව අවබෝධ කරගන්නට වැඩිවේලාවක් ගත නොවීය.

කලබලයට පත් යුවල වහා වාහනයට ගොඩවී ධාවන මාර්ගය වෙනස් කොට පැන්කෝනියා නොට් පැත්තට වාහනය ධාවනය කළහ. එය පටුපාරක් වීය. එය ඔවුන් ගෙනගියේ කඳු මුදුනකටය. ඒ සමගම අහස් යානය කඳුමුදුනට සමීපව  පියාසර කරන්නට වීය. යානයෙන් කිසිදු හඬක්  පිට නොවීම මවිතයට කරුණක් වීය. නිල් ආලෝක ධාරාවක් යානයෙන් නිකුත්වීය. එපමණක් නොව මේ යානයට ක්‍ෂණිකව ඉදිරියටත් පසු පසටත් වෙනත් දිසාවකටත් පියාසර  කරන්නට හැකියාව ඇති බව පෙනුණි.

 යානය කෙමෙන් පහත් වීය. බාර්නි මහපාර මැදට වාහනය නතර කළේය. මේ ආලෝකය විහිදුවන යානය තම වාහනයට අඩි අසූවක හෝ සීයක පරතරයක් ඇතිව අහසේ නතරව තිබුණි. ''ඒක හරියට ලොකු පෑන් කේක් එකක් වගේ තමයි මට වින්ස්කී‍්‍රන් එකෙන් බැලූවාම පෙනුනේයි බෙටී පසුව විස්තර කළාය. දෙදෙනම වාහනයෙන් බැස ගත්තහ. බෙවී දුර බලන යන්ත‍්‍රයෙන් යානය දෙස බැලූවේය. යානයේ මිනිසුන්  කිහිප දෙනෙක් සිටින බව ඇය දුටුවේ යානයේ  කවුළු හරහාය.-හත් අට දෙනෙක් හිටියා..” ඇය පසුව විස්තර කළාය. ''යානයේ පසු පස කොටසේ   තමයි මේ පිරිස හිටියේ.  මං හිතුවා එංජිම ඉදිරියේ ඇති කියා.”

-ඔවුන් මට නියෝගයක් නිකුත් කළ බව දැනුනා. මගේ ඔළුවට නියෝග දැනුනා. ඔබ සිටින තැනම නොසෙල්ල ඉන්න..”යි මගේ හිතට නියෝගයක් ආ බව දැනුනා...” යි බයාර්නි කීවේය. යානය තවත් පහත් වීය.

-මගේ හිතේ.... යානයට වවුල් තටුවගේ පියාපත් තිබුණා.” බාර්නි අනුමානයට කියයි.

-දිලිසෙන කළු තොප්පි, කළු ඇඳුම් ඇඳගත් මේ මිනිස්සු මට මතකයි..”

-අපි දෙන්නාම බියෙන් වාහනයට නැග ගත්තා...”බාර්නි  හා බෙටි විස්තර කළහ..

-ඔවුන් අපව පැහැර ගන්නයි යන්නේ...” බෙටී බාර්නිට කීවාය.

ඊට පස්සේ සිදුවූ දේ හරියටම මතක නෑ. මගේ හිතේ... තතත්වය, මතකයේ තත්ත්වය වෙනස් වුණා..” යි බෙටී කීවාය.
-මටත් එහෙමමයි වුණේ...” බාර්නිද තත්ත්වය සනාථ කළේය.

මං අහස දිහා බලාගෙන හිටියා. ආලෝකය නැතිව ගියා වගේ මතකයි. ඒ සමගම අපේ වාහනයම අසාමාන්‍ය  කම්පනයක් ඇතිවූවා.. හරියට  ඉලෙක්ටි‍්‍රක් ෂොක්  එකක් වගේයි  කියන්න පුළුවන්.... වාහනය කම්පනය වුණා. අමුතු හඬක් බීප් හඬක් පිටතින් ඇහුනා... අපේ මතකය ගිලිහී ගියා...”

එතැන් සිට ඇත්තේ හිස් පිටුවක්. කුමක් සිදුවූවාදැයි මතක නැහැ... මටවත් බෙටීටවත් යි බාර්නි සඳහන් කළේය.

-මටත්  බෙටීටත්.... නැවතත් අර බීප්  ශබ්ධය ඇසී තිබෙනවා... අපේ  සිහිය යථා තත්ත්වයට පැමිණියා...... අපට හිතා ගන්න බැරිව ගියා මොනවා වුණාද කියලා.... අපේ වාහනය සිද්ධියට මුහුණ දුන් තැනින් බොහොම ඈතට ඇවිත්  තියෙන බව මට වැටහුනා. එය සැතපුම් තිස්පහක් තරම් ඈතට ඇවිත් තිබෙන බව පසුව දැනගත්තා. ..මේ අසමාන්‍ය අත්දැකීමට මුහුණ දුන් අපි හිටියේ පුදුම කම්පනයකින්. අපි දෙන්නාගේම අත් ඔරලෝසු දෙකම නතර වෙලා. මගේ දුර බලන යන්ත‍්‍රයේ පටිය කැඩිලා.

 

 

-අපි ගෙදර එනවිට... පාන්දර හිරු උදාවෙන්න ළඟයි.... එය පුදුම අත්දැකීමක් අපි හිතුවේ ඔවුන් අපව පැහැරගෙන යයි කියලාමයි. බාර්නි යෝජනා කළා අපේ ගමන් මලූ ගෙයින් පිටත තබන්න.... අපි එහෙම කළා... ඇඳගෙන සිටි ඇඳුම් උනා දමා අපි නාගෙන පිරිසිදු වුණා.... අපේ පාවහන් සීරි තිබුණා. අත්පාවල සීරිම් බොහොමයි. ....හුරලා වගේ.... සටහන්.... මේවා කොහොම උනාද කියා මතකයක් නැහැ. මගේ ලිංග ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීමේ  ඕනෑකමක් මට ඇති වුණා. ඒත් මං එහි වෙනසක් දුටුවේ නැහැ. අපට මතක නැති කාලයේ මොනවා වුණාද?” බෙටී විස්තර කළාය.

-මං ඇඳගෙන සිටි ඇඳුමේ කර පටිය ඉරි තිබුණා. මගේ ඇඳුම්වල අමුතු රෝස පාට කුඩු වගයක් ඇති බව දැක ගත්තේ පසුවදා....”යි. බෙටී කීවාය.
බාර්නි වාහනය සිසුවාව නිරීක්‍ෂණය කළේය. වාහනය මත  තැන තැන සුදුපාට කුඩා රවුම් ඇති බව ඔහු සොයාගත්තේය. මේවා සුරක්‍ෂිතව ඔහු තැබුවේ  පර්යේෂණ සඳහා අවශ්‍ය විය හැකි බව විශ්වාස කළ නිසයි.
බාර්නි සහ බෙටි 21වැනිදා PEACE AIRFORCE BASE (පීස් එයාර් ෆෝස්) ආයතනයට කතාකර තමන්ගේ අපූරු අත්දැකීම විස්තර කළහ. බාර්නි සහ බෙටීගේ අසමාන්‍ය අත්දැකීම  ඇමෙරිකාවටත් ලෝකයටත් වාර්තා වූ අතර පරීක්‍ෂණ කටයුතු වහා ආරම්භවීය. ඔවුන්ගේ කතාව නිල වශයෙන් පිටසක්වළ කතාන්තර සඳහා වෙන්ව ඇති ඇමෙරිකාවේ වැදගත් තොරතුරු ලේඛනයක් වන  BLUM BOOK හෙවත් නිල් පොතට ඇතුළුවීය. හිල් ඇබ්ඩක්ෂන් හෙවත් කඳුකරයේ සිදුවූ පැහැර ගැනීම මැයෙන් මේ  කතාව  කෝටි සංඛ්‍යාත පිටපත් අලෙවි වූ පොතක් බවට පත්වීය. -ඉන්ටරස්ඞ් ජර්නි” නමින් 1966 තවත් පොතක් නිකුත් වූ අතර 1975 දී UFO INCIDENTS  නමින් ලෝක ප‍්‍රකට චිත‍්‍රපටියක් බිහිවීය.
බාර්නිටක් බෙටීටත් මතකයේ නොමැති කාල පරාසය ගැන සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීම ගවේශකයන්ගේ එකම අදහස සහ අවශ්‍යතාවය. මේ දෙදෙනා මෝහනයට පත් කිරීමේ යෝජනාව මතුවූයේ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙසය.

(මීළඟ සතියේ)

 

ආචාර්ය නිමල් සේදර
 



අදහස් (0)

බාර්නි සහ බෙටී පියාඹන පීරිසියකින් විත් පහැර ගැනීමේ සිද්ධිය

සුදේශ් Friday, 28 June 2013 01:22 PM

පිට සක්වල අයට බැරිද දන්නෙ නැහැ අපේ රට විනාශ කරන අයව පැහැරගෙන යන්න? (නි)

:       0       0

චමත් Tuesday, 23 July 2013 05:10 PM

මේ පියාඹන පීරිසි සම්පූර්ණ ඇත්තක්. මම නම් මේවා සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. (නි)

:       0       0

රත්නායක Tuesday, 25 June 2013 07:10 PM

පීරිසියට යට වුනාට කමක් නැහැ මහත්තයා (නි)

:       0       0

මැක්ස් Monday, 24 June 2013 08:00 PM

"බොනි තරුවෙන් "ඇවිල්ලා තියෙන්නේ .(නදී)

:       0       0

රණවීර Tuesday, 25 June 2013 04:32 PM

මේවා අපේ ලෝකේ දියුණු රටවල් විසින් කරන අත්හදා බැලීම් සහ බිය ගැන්වීම් විය හැකිය (නි)

:       0       0

අන්ටෝන් වෙල්වරයන් Wednesday, 10 July 2013 11:17 AM

ඊළග කොටස මීලග සතියේද? (නි)

:       0       0

තාරක Saturday, 17 August 2013 09:59 PM

මේවා අපේ ලෝකේ දියුණු රටවල් විසින් කරන අත්හදා බැලීම් (නි)

:       0       0

ධීරසේන Wednesday, 07 August 2013 10:59 AM

මම හරි කැමතියි මේ විෂයට අදාල තොරතුරු දැන ගන්න. කියවන්න. මේවා සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

ඉනෝකා Monday, 24 June 2013 10:35 PM

ඒ මොකක්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 117 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 283 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 836 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 548 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 424 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1745 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 717 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site