IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බියර් බී සූර්වෙන ගැහැණු

ශ්‍රී ලංකාවේ කාන්තාවන් බීර (බියර්) පානය කිරීම වසර කිහිපයක් තුළ ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.
අපේ රටේ කාන්තාවන් අංශ කීපයක් සම්බන්ධයෙන් ප්‍රමුඛ ස්ථාන ලබා නමක් දිනාගෙන ඇති පිරිසකි. නැතහොත් පිරිමින් සමග කරට කර සිටිති. කාන්තාවන්ට සම තැන ලබාදිය යුතු බවට කාන්තා සංගම් මත ප්‍රකාශ කරති. යමක් මානසිකව දරා ගැනීමේ ශක්තිය පිරිමියාට වඩා කාන්තාව සතුවේ. සාක්ෂරතාව අතින් පිරිමි සියයට 94.2කි. කාන්තාවන් සියයට 92.6 කි. වර්ෂ 2006, 2007 කාලවලදී විදේශ රැකියාවල යෙදී සිටි කාන්තාවන් සංඛ්‍යාව වැඩිය. ගුරු, හෙද, ලිපිකාර සේවා වල යෙදී සිටින අයගෙන් වැඩි දෙනා කාන්තාවෝය.

17-kanthawan-biyar-panaya
ශ්‍රී ලංකා  මහ බැංකුව සඳහන් කරන ආකාරයට ජනගහනයට අනුව ශ්‍රම බලකා සහභාගිත්වය කාන්තාවන් සියයට 36කි.


දැන් කාන්තාවන් අලුත් වාර්තාවක් පිහිටුවා ඇත. එනම් බීර පානය කරනු ලබන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.


පසුගිය වසර කිහිපය තුළ දුම්පානය පහළ ගොස් මධ්‍යසාර භාවිතය ඉහළ ගොස් ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. සමස්තයක් ලෙස සැලකීමේදී මෙරටට මත්ද්‍රව්‍ය ඇතුල්වීම හා මෙරට මත්ද්‍රව්‍ය පාවිච්චිය ඉහළ ගොස් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.


මෙහි විශේෂත්වය බීර පානය කරනු ලබන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබීමයි.


මත්පැන් පානය ඇබ්බැහි වීමට ආකර්ෂණය කිරීමක් වශයෙන් බීර හැඳින්විය හැකිය. ආරම්භක මත්පැන් වර්ගයක් වන බැවින් බියර් පානය කිරීමට පෙළඹෙන කාන්තාවන් දෙවැනි පියවර වශයෙන් ශරීරයට අහිතකර මත්පැන් පාවිච්චියට ප්‍රවේශවීමේ ඉඩ ප්‍රස්ථා බහුලය.


වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය මගින් මධ්‍යසාර පානය කරන කාන්තාවන් හා පිරිමින් පිළිබඳව කරන ලද නියැදි පරීක්‍ෂණයකට අනුව කාන්තාවන් 400 කගෙන් සියයට 61.9 ක් බියර් පාවිච්චි කරන බව අනාවරණය වී ඇත.  මධ්‍යසාර පානය කරන කාන්තාවන් 175 කින් සියයට 28.1 ක් ස්ප්‍රීතු පානය කරනු ලබන අතර කාන්තාවන් 157 කින් සියයට 25.2 ක් වයින් පාවිච්චි කරන බව අනාවරණය වී තිබිණි.


මධ්‍යසාර පාවිච්චි කරන කාන්තාවන් 24 කින් සියයට 3.9 ක් කසිප්පු ද 16 දෙනකුගෙන් සියයට 2.6 ක් කිතුල් රා ද 29 දෙනෙකුගෙන් සියයට 4.7ක් කසිප්පුද පානය කරන බව අනාවරණය වී ඇත.


මෙම නියැදියෙන් පෙන්නුම් කර ඇත්තේ මධ්‍යසාර පාවිච්චි කරනු ලබන කාන්තාවන්ගෙන් වැඩි දෙනා බියර් පාවිච්චි කරනු ලබන බවයි.


කාන්තාවන් බියර් පාවිච්චියට හේතුවන කරුණු ගණනාවකි. බොහෝ විට උත්සව අවස්ථාවලදී කාන්තාවන් බියර් බීමට පුරුදු වී සිටින බව වාර්තාවේ. 


ඒ අවස්ථාවේ විනෝදයට නැටුමට මානසික විවේකයකට එසේත් නැතහොත් සරලව සඳහන් කළහොත් ‘ජොලියට” කාන්තාවන් බීර පානය කරන බව කියති.


විශේෂයෙන් සමාජශාලාවලට යන  කාන්තාවන්ගෙන් සියයට 99 ක්ම බියර් පානය කරති. බියර් පානය කිරීමේ ඉහළයාම නිසාම එම නිෂ්පාදනයද වසරින් වසර ඉහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව වර්ෂ 2009 සිට 2014 දක්වා බීර නිෂ්පාදනය වැඩිවී ඇති ආකාරය මෙසේය.


වර්ෂ    තොග ලීටර් (මිලියන)
2009    58
2010     70
2011    82
2012    100
2013    120
2014    122


මෙම සංඛ්‍යා ලේඛන වලින් පෙන්නුම් කරන්නේද කාන්තාවන්ගේ බීර පානය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව අනුමාන කළ හැකිය.


විශේෂයෙන් පිරිමින් වැඩි වශයෙන් පාවිච්චි කරනු ලබන්නේ සැර මධ්‍යසාරයකි. “බියර් කියන්නේ ගෑනුන්ගේ බීමක්” වශයෙන් බොහොමයක් පිරිමි ප්‍රකාශ කරන්නේ, බියර් බීම පිරිමින්ට මදිකමක් ලෙස සලකාය.


පාසල් යන වයසේ ගෑනු ළමයින් අතරද බියර් බීමට ඇබ්බැහි වූ අය සිටින බව දැනගන්නට ඇත.


ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් අතර පැවැත්වෙන රාත්‍රී සාදවලදී බියර් පාවිච්චිය සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.


සුරා බදු දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව සිදු කරන ලද වැටලීමකදී ගෑනු ළමයි විශාල පිරිසක් සහභාගි වී සිටි සාදයක සියලුම දෙනාම පාහේ මත්වී සිටි බව කියති. හිස් බියර් බෝතල් 50කට අධික ප්‍රමාණයක් එම ස්ථානයේ විසිරී තිබූ බවද කියති.


බීර නිෂ්පාදනය සඳහා  වී හා බීර මල් යොදා ගැනීම මුල් කාලයේ සිදුවුණත් දැන් බොහොමයක් මීට කෘත්‍රිම ක්‍රම යොදන බවට මතයක් පවතී.


සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට ධාන්‍ය මත්පැන් හෙවත් බියර් නිෂ්පාදනයද බෙහෙවින් ඉහළ ගොස් ඇත. 2005 දී ලීටර් මිලියන 51.5 ක් නිෂ්පාදනය කරන ලද බියර් 2014 වර්ෂය වන විට ලීටර් මිලියන 124.5 දක්වා ඉහළ නැග තිබිණි


නාගරික කාන්තාවන් බියර් පානයට ඇබ්බැහි වී සිටියත් ගම්බද ජනතාව ඒ තරම් වේගයෙන් බියර් පානයට නැඹුරු වී නොමැති බව කියති. ගම්බද කාන්තාවන් සියයට සීයක ප්‍රමාණයක් බියර් පාවිච්චි නොකරන බවක් මෙයින් අදහස් නොකෙරේ. ශ්‍රී ලංකාවේ බියර් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන ආයතන තුනම ධාන්‍ය මත්පැන් (බියර්) මධ්‍යසාර ප්‍රතිශතය සියයට 5ට අඩු ප්‍රමාණයෙන් තොග ලීටර් 1,26,94888 ක් 2014 දී නිෂ්පාදනය කර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

m



අදහස් (0)

බියර් බී සූර්වෙන ගැහැණු

ප්‍රසන්න Monday, 26 September 2016 12:54 PM

දැන් ලංකාවේ සමාජය ගොඩක් පිරිහිලා.(හේ)

:       0       0

සිල්වා Wednesday, 28 September 2016 04:25 AM

මෙහි අාදීනව දකින්න වෙන්නේ කාලයක් ගියාට පසු. උදාහරණයක් ලෙස අංග විකල දරුවන් හා නොයෙකුත් උෟනතා ඇති දරුවන් බිහිවීමට වැඩි අවදානමක් ඇත. (බ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 19 September 2016 02:14 PM

ඉතාලියේ සිටින ලාංකික පිරිමින් සියල්ලම පාහේ දැඩි ලෙස මත් පැන් පානය කිරීමට රුචියක් දක්වනවා. ස්ත්‍රී පක්ෂයද එසේමයි. මේ අයගේ පවුල් අවුල් ගොඩක් සිදුවන්නේ බේබදු යාලුවන්ව ගෙට වද්දාගෙන බොන්න දීමෙනි. (බ)

:       0       0

සෙනරත් Wednesday, 21 September 2016 10:43 AM

මේකට පියවරක් නොගන්නේ මේකට සම්බන්ද දේශපාලකයන් නිසා වෙන්න ඇති. මෙහෙම කීයා කියා ඉන්න එක තමා වෙන්නේ.... (ර)

:       0       0

කොස්තා Sunday, 25 September 2016 06:01 PM

බියර් එකක් බිවුවා කියලා මහා හානියක් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනෑ. මීටවඩා දේවල් වෙන්නේ... (නි)

:       0       0

තෙන්නකෝන් Monday, 19 September 2016 10:18 AM

මේක නම් අපේ රටේ අවාසනාව, සමහර අපේ රටේ ඉහළ පෙළේ මැඩම්ලත් බියර් බොනවනේ, එ්ක ජනපති තුමා දන්නා නිසයි මෙහෙම කියල තියෙන්නේ. මේක අපේ රටේ අවාසනාව. (බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 20 September 2016 07:53 AM

මේක එතරම් ගණන් ගන්න දෙයක් නොවේ, නව පරම්පරාව කරන දහදුරා වැඩ දැක්කම මේක නිකන් විහිළුවක් , ඔය මොන දෙමාපියොත් තමන්ගේ දරුවන්ට සුපර් ස්ටාර් වෙන්න මේවා ටිකක් ගත්තට කමක් නෑ කියනවා. මේක තමා තිත්ත ඇත්ත (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site