දෙදහස් හයසිය වසරක් තරම් ඈත යුගයකදී බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ ධර්මය විශ්වීය දහමක් ලෙස අදටත් ලොව පවතී. ඒ දහමෙහි හරය විවිධ විෂයන්ගෙන් මනුෂ්‍ය ජීවිතය සනසාලයි. එහෙත් අද යම් යම් අන්තවාදී බලවේග විසින් බෞද්ධයන්ට හා බෞද්ධාගමට සිදුකරන හිරිහැර, අසත්‍ය ප‍්‍රචාර හා බෞද්ධයන් වෙනත් ආගම්වලට හරවා ගැනීමේ ප‍්‍රවනතා කිසිසේත්ම බැහැර කරලිය නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වී තිබේ. බංග්ලාදේශයේ චිතගොංහි වෙසෙන බෞද්ධයන්ට එරෙහිව අන්තවාදී ඉස්ලාම් ලබ්ධිකයන් කරන මිලේච්ඡු හිරිහැර පිළිබඳව අපි ඉකුත් සතියේදී කතා කළෙමු. මේ දිගහැරුම බෞද්ධයන් ඉතා නීච හා සාපරාධි උපක‍්‍රම ඔස්සේ අන්‍යආගම් කරණයට ලක් කරන හත්දෙනකුගෙන් යුත් ඉතා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳවය. කිරම විමලජෝති හිමියන් සභාපතිත්ව දරන ගලගොඩඅත්තේ ක්‍ඳාණසාර හිමියන් මහ ලේකම් ධුරය දරන බොදුබල සේනා සංවිධානයට, පාස්ටර්වරයකු මූලිකත්වය දරන මෙම සංවිධානාත්මක කල්ලිය කොටුකර ගැනීමට ඉකුත් දිනෙක හැකිවිය. බොදු බල සේනා ජාලයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ක්‍ඳාණසාර හිමියන් කරන ලද මේ ප‍්‍රකාශයට අපි පළමුව ඉඩහසර වෙන්කරමු. මේක සිංහල බෞද්ධ රට. මේ රටේ සභ්‍යත්වය ගොඩනැඟුණු දින පටන්ම ක‍්‍රියාත්මක වුණේ සිංහල බෞද්ධ නීතිය හා ආධිපත්‍යය. පස්සේ කාලෙක සුද්දන් විසින් සිංහල බෞද්ධ ආධිපත්‍ය බිඳ දමා ඔවුන්ගේ නීතිය බලහත්කාරයෙන් පටවනු ලැබුවා. දැන් අපි නිදහස ලබා ඉවරයි. එහෙත් තවමත් අපට බැරි වුණා අපට ගැළපෙන අපේ නීතියක් හදා ගන්න. ඒ නිසා මේ වාතාවරණය මත තවදුරටත් සිංහල බෞද්ධ ජනතාව පීඩාවට පත්වෙන අතරම නොයෙකුත් ආගමික බිල්ලන් විසින් අවස්ථාවාදීව ක‍්‍රියාකරමින් ප‍්‍රයෝජන ගනු ලබනවා. එහෙයින් සුද්දන් හැදු, සුදු සපත්තු ලෙවකන කළු සුද්දන් වැඩූ මේ වල් වැදුණු නීතිය පිටුදකින්නත් අපට ගැළපෙන අපේ නීතිමය පද්ධතියක් හදාගන්නත් කාලය ඇවිත්. නීති හදන්නේ මහජනතාවයි. එක එකාට ඕනෑ ඕනෑ විදිහට ඒ නීති මඟින් මහජනතාව අගතියට පත්කරන්න ඉඩදෙන්න බැහැ. නීති හැදු මහජනතාවට යළිත් ඒ නීතිය අතට ගෙන කටයුතු කරන්න අවැසි ඉඩප‍්‍රස්ථාව සකසා දෙන්න එපා කියන බලකිරීම අපි කියන්න ඕනෑ. මේ රටේ සිංහල බෞද්ධයන්ට තියෙන ප‍්‍රශ්න විසඳන්න පොලීසිය අසමත්. ඒත් අපි බොදු බල සේනා ජාලයේ පොලීසියේ ඒ ඌණපූරකය හොඳින් සකස් කරනවා. මේ රටේ බෞද්ධ ජනතාවට විතරක් නෙමෙයි සෙසු ජාතීන්ටත් සෙසු ආගමිකයන්ටත් සිදුවෙන අසාධාරණකම් සම්බන්ධයෙන් බොදු බලසේනා අප කටයුතු කරනවා. එසේ කටයුතු කොට තිබෙනවා. අප දැඩිව අවධාරණයකර සිටිනවා ලංකාවේ ක‍්‍රියාත්මක වෙන ඇමෙරිකානු දේවරාජ්‍ය මෙහෙයුමට අයත් සියලූම ඉවාන්ජලික කල්ලි කණ්ඩායම් හා ඒ වටා සම්බන්ධව රටපුරා සැරිසරන සියලූම විදේශිකයන් වහාම පලවාහරින ලෙස සහ සියලූම යාච්ඤා මඩු කඩා ඉවත් කරන ලෙසට. ඒ සඳහා පොලීසියට සහ රජයට උපරිමය මාස දෙකක කාලයක් අපි ලබා දෙනවා. රජය ඒ කෙරෙහි අවධානය යොමුකොට විධිමත් පියවරක් අනුගමනය නොකළහොත් අපි ඉතුරු ටිකබලා ගන්නවා. මොකද මේ රටේ ක‍්‍රියාත්මක වෙන්නේ අපේ පරමාධිපත්‍ය නිසා. ඒ ගලගොඩඅත්තේ ක්‍ඳාණසාර හිමියන් කළ ප‍්‍රකාශයයි. කිරම විමලජෝති හිමියන් වැඩවසන පන්සලට බොහෝ හිතවත් ලෙස කටයුතු කළ දායක පවුලක තරුණ පිරිමි දරුවෙක් සිටියේය. ඒ කුඩාකල පටන්ම බෞද්ධාගමට ඉතා ලැදිව කටයුතු කල අතර නිතර පන්සලට පැමිණ බුදුන් වැඳීමද පුරුද්දක් කරගෙන සිටියේය. මේ තරුණයාගේ නම රුවන් යැයි සිතමු. රුවන්ගේ ජීවිතයට තරුණියක පැමිණෙන්නේ මේ අතරතුරය. මේ තරුණිය හා රුවන් අතර පේ‍්‍රමයක් දළුලන අතර ඇය බෞද්ධාගමික තරුණියක නොවූ නිසා මේ පේ‍්‍රමයට රුවන්ගේ නිවෙසින් ආශිර්වාදයක් හිමිවූයේ නැත. එහෙත් රුවන්ගේ සිතේ ඇය කෙරේ ඇති වූ පේ‍්‍රමය කොතෙක් බලවත්වීදයත් ඔහු ඇගේ බහට අවනතව ඇය හා වෙනම නිවෙසක ජීවතයක් ආරම්භ කරන්නට එකඟ වූයේය. පුතේ අපට ලජ්ජා කරන්න එපා, මවුපියන් කොතෙක් කරුණු පහදා දෙන්නට උත්සාහ කළද රුවන් එවදන් තුට්ටුවකටවත් මායිම් කළේ නැත. රුවන් සහ ඇය එක නිවෙසක ජීවත් වූවත් ඇය නීතියෙන් විවාහ වෙන්නට කැමැත්තක් දැක්වූයේ නැත. රුවන් කොතෙක් පෙරැත්ත කළත් ඇය එකහෙළාම නීතිමය විවාහය ප‍්‍රතික්ෂේප කළාය. එමෙන්ම ලිංගික ජීවිතයද ප‍්‍රතික්ෂේප කළ ඇය රුවන්ට පහර දෙමින් ඔහුට කායිකව හා මානසිකව නොයෙක් හිරිහැර පැමිණවූයේය. ඒ ගැනියක් නෙවෙයි අම්මේ යක්‍ෂණියක්. මට ඉන්න බෑ. මම ගෙදර නවතිනව. රුවන් නැවත තම මවුපියන් සෙවණට පැමිණියේ ඇගේ වද බන්දන ඉවසා සිටින්නට බැරිම වූ තැනය. එහෙත් යළි ඇය සාමදානව ජීවත් වෙන්නට කැමැත්ත පළ කර කෙසේ හෝ රුවන්ගේ සිත වෙනස් කළ අතර ඉන්පසු රුවන්ගේ මවුපියන් ඔහුට හෝමාගමින් නිවසක්ද ලබාදුන්නේ ඔහුවෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමක් වේ නම් දරු සෙනෙහසේ නාමයෙන් එයද ඉටු කරමිනි. දිනක් දිනේෂී නම් තරුණ පාස්ටර්වරයා තවත් හය දෙනෙක්ගෙන් යුත් පිරිසක් සමඟ හෝමාගම රුවන්ගේ නිවෙසට පැමිණියහ. -උඹලට සමගියෙන් ඉන්න බැරි මේ ගෙදර යක්‍ෂ බලයක් තියෙනවා. ඒ යක්‍ෂයා කියන්නේ බුදුන්ගේ බුදුන්ගේ බලය තමා යක්‍ෂබලය. මේ බුදු පිිළිමය පුච්චලා කුඩු කරපන්’’ මෙසේ පැවසූ පිරිස -බජව්” ආකාරයෙන් ජේසුස් වහන්සේට කෑ ගසමින් හැසිරෙද්දි ආවේගයට පත් රුවන් බුදු පිළිමයට ගිනිතබා එය පොළොවේ ගසා කුඩුකර දැම්මේය. කුඩා කල සිට සැදැහැවත් බෞද්ධයකු වූ රුවන්ට ඒ වෙද්දි සැබැවින්ම යක්‍ෂයකු ආරූඩ වී සිටියේය. රුවන්ගේ පුංචි අම්මා කෙනකු මේ සිද්ධිය දැක එය රුවන්ගේ මවට දැන්වීමෙන් පසු ඇය සිහිය නැතුව ඇද වැටුණාය. නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩවෙසෙන කිරම විමලජෝති හිමියන්ටත් බොදු බල සේනා සංවිධානයටත් ඔවුන් මේ පිළිබඳව දැනුම් දුන්නේ ඉන් අනතුරුවය. මගේ පුතා විනාශ වෙලා ඉවරයි. ඒ කොල්ලා අම්මා අඳුරන්නෙ නෑ. මේ මගේ අම්මා නොවෙයි. තාත්තා නෙවෙයි, නංගි නෙවෙයි කියනවා. රුවන්ගේ අම්මා හඬා වැටෙමින් පැවසුවාය. මේ සිද්ධියෙන් පසු රුවන් සහ ඇය හෝමාගම නිවෙසින් බැහැරව බටකැත්තර ප‍්‍රදේශයේ නිවෙසක් කුලියට රැුගෙන එහි පදිංචි වූහ. මෙම සිද්ධිය බොදු බල සේනා සංවිධානයට සැලවෙද්දී ඒ යුවළ එම නිවෙසට පැමිණ හරියට එක් දවසකි. වහා ක‍්‍රියාත්මක වූ බොදු බල සේනා සංවිධානය තොරතුරු අනුව යමින් රුවන් විසූ නිවෙසට යද්දී පාස්ටර්වරයා ඇතුළු හත්දෙනාද එම නිවෙසේය. ඔවුන් කොටුකර ගත් යතිවරයාණන් වහන්සේලා ඇතුළු පිරිස පැය 3-4 ක් තිස්සේ ඔවුන්ගෙන් මේ පිළිබඳව විචාළහ. අවසානයේ ඔවුන් කවුරුන්ද කරන ලද දේවල් මොනවාද? කරමින් සිටින දේවල් මොනවාද යන මේ සියල්ලක් මැනවින් හෙළිදරව් විය. මෙම ඉවැන්ජලික කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ බෞද්ධයන් මේ අයුරින් තම දහම වෙත ඈඳා ගැනීම කර ඇත. මෙම පාස්ටර්වරයා විද්‍යුත් මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටි තරුණයෙකි. මෙම අන්‍ය ආගම්කරණයට සම්බන්ධ තවත් කල්ලි වෙයි. සමාජයේ විවිධ වෘත්තීන්හි නියැලෙන බෞද්ධයන් තමන් පිළිගන්නා දහම වෙත නතු කරගැනීමට ඔවුහු විවිධ උපක‍්‍රම අනුගමනය කරති. වීදි සරන ගණිකාවන්, පැල්පත් වාසීන්. වීදිසරණ දරුවන්, වෛද්‍යවරුන්, විනිශ්චයකාරවරුන්. නීතිඥවරුන්, කලා කරුවන්, දේශපාලනඥයන් මේ ආදී විවිධ අධ්‍යාපනයක් ලද පිරිස් තම ඉලක්ක ගත කණ්ඩායම බවට පත්කරගත් මෙම ඉවැන්ජලික කණ්ඩායම ඉතා සියුම් උපක‍්‍රම ඔස්සේ ඔවුන් තම ආගම් ග‍්‍රහණයට නතුකරගෙන ඇති අතර ඉන්පසු තම ආගම්ව්‍යප්තියට ඉතා ශූර ලෙස ඔවුන්ගේ සහයෝගයද ලබා ගෙන ඇත. කිසිදු බියක් සැකක් නැතිව ඔවුන් මේ අයුරින් බෞද්ධයන් තමන්වෙත නතුකර ගැනීමේ කාර්යය කරගෙන ගොස් ඇත්තේ මෙවන් බලසහිත හස්තයන්ගේ රැුකවරණයද තමන්වෙත ලබාගත් පසුබිමක් අභ්‍යන්තරයේය. මෙසේ බෞද්ධයන් අන්තවාදී ආගම්කරණයට ලක්කර ගැනීම නවයටත් විජිතකරණයේම එක් ප‍්‍රවේශයක් ලෙස හඳුන්වාදිය හැකිය. එක් දම්වැලක පුරුක්සේ වූ මෙවැනි සංවිධාන විවිධ නම්වලින් දවසින් දවස බිහිවෙයි. ඔවුන් මෙම සංවිධාන ලියාපදිංචි කර ඇත්තේ සමාගම් ලියා පදිංචි කිරීමේ පනතට යටත්වය. ප‍්‍රජා මූලික සමාජසේවා සලසන සංවිධාන ලෙස හුවා දක්වමින් ඔවුන් මෙම සංවිධාන ලියාපදිංචි කර ඇත. එම සංවිධානවල නමින් බැලූවිට ඒවා ආගමික සංවිධාන ලෙස නොපෙනේ. චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග යුගයේදී මෙවැනි සංවිධාන වලට ලියාපදිංචි වීමේ ඉඩහසර පුළුල් ලෙස හිමි වූ අතර පෞද්ගලික සමාගම් ලෙස මේවා ලියාපදිංචි වී තිබේ. 2004 වෙද්දී බුද්ධශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව එවැනි සංවිධාන 107 ක් පමණ ලියා පදිංචි වී තිබුණි. 2009 අදාළ කොමිෂන් වාර්තාව අනුව එම සංඛ්‍යාව 379 දක්වා ඉහළ නැඟ තිබුණි. දවසින් දවස එවැනි සංවිධාන බිහිවීමේ ප‍්‍රවණතාවක් ඇතිව තිබුණි. ඒ අනුව මේ වෙද්දී 2009 දී 379 ක් වූ සංඛ්‍යාව කොතෙක් ඉහළ සංඛ්‍යාත්මක අගයක් ගෙන ඇත්දැයි නොදනිමු. 2008 වසර වෙද්දී බස්නාහිර පළාත් දුරකථන නාමාවලියේ ලංකා ටෙලිකොම් ඩිරෙක්ටරියේ මෙවැනි සංවිධාන 261 ක දුරකථන අංක සටහන්ව තිබුණි. එහෙත් මේ සෑම සංවිධානයකම මුඛ්‍ය පරමාර්ථය නම් එකකි. එනම් බෞද්ධයන් තම ආගමික ප‍්‍රවාහය තුළට ඈඳා ගැනීමය. ඒ ඔස්සේ බෞද්ධාගම විනාශ කර දැමීමය. බෞද්ධ තරුණයන් මෙහිදී ඔවුන්ගේ තවත් ප‍්‍රබල ඉලක්කගත කණ්ඩායමක් වූ අතර තම සංවිධානයට අනුගත තරුණියන් යොදවා බෞද්ධ තරුණයන් ග‍්‍රහණයට ගැනීමේ වැඩ පිළිවෙලක් ඔවුන් ක‍්‍රියාත්මක කර ඇත. එක් පාස්ටර්වරයකු ප‍්‍රදේශ කිහිපයකම ඉංග‍්‍රීසි උගන්වමින් ඒ ඔස්සේද තම මූලධර්මවාදයට තරුණයන් අනුගත කර ගෙන ඇත. මේ වෙද්දී මේ පාස්ටර්වරයා ප‍්‍රමුඛ ඉවැන්ජලික කණ්ඩායම බෞද්ධ පවුල් 600 කට ආසන්න සංඛ්‍යාවක් තම ග‍්‍රහණයට ගෙන එම පවුල් කඩා බිඳදමා විනාශකර ඇත. මෙම පාස්ටර්වරයා සම්බන්ධ සිද්ධිය පොලීසිය දක්වා ගිය පසු මොකද වුණේ. අපි ගලගොඩඅත්තේ ක්‍ඳාණසාර හිමියන්ගෙන් විචාළෙමු. බුදුපිළිම කඩාබිඳ දමමින් ගිනි තබමින් බලහත්කාරයෙන් අන්‍යාගමිකකරණය කළ හත් දෙනකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් ඉකුත් දා පිළියන්දල මඩපාත බටකැත්තර ප‍්‍රදේශයේදී ජීවග‍්‍රහණයෙන් අල්ලාගෙන සියලූ තොරතුරු අනාවරණය කරගෙන පොලීසියට බාර දෙන්න බොදු බලසේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය සමත්වුණා. අල්ලාගත් සැකකරුවන් දෙහිවල පොලීසියට බාරදීමේදී පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් හෝ කිරීම අනවශ්‍ය බවත් පොලිසිය විසින්ම අදාළ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය සියලූ නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නාබවත්ය. අත්අඩංගුවට ගත් පිරිස අයත් ඉවැන්ජලික කල්ලියේ ඉහළ පාස්ටර්වයකු පොලිසිය සමඟ කළ රහස් සාකච්ඡාවකින් අපි අල්ලා බාරදෙන ලද පාස්ටර් කල්ලිය නිදහස් කළා. ඒ නිදහස් කර තියෙන්නේ අනුගමනය කරනවා යැයි කී නීතිමය පියවර ගැන කිසිදු ආකාරයක හෝ තැකීමක් නැතුව. මේ සිද්ධිය ගැන කරුණු විමසීමට ඉවැන්ජලික කල්ලියනිසා අගතියටපත් තරුණයාගේ මවුපියන්ට එන්න කියලා පිළියන්දල පොලීසිය දැනුම්දීලා තියෙනවා. ආවට පස්සේ පිළියන්දල පොලිසිය කිසිදු වග විභාගයක් නැතුව ඒ අසරණ මවුපිය යුවළ හිරේ විලංගුවේ දැම්මා. අපි බොදුබල සේනා ජාලය පොලිස් දෙපාර්තමේන්තුවට බලකරලා කීවේ එදින දහවල් 12.00 ට පෙර නීතියෙන් අගතියට පත්කළ අසරන මවුපිය යුවළ වහාම නිදහස් කරන්න. නිදහස් කළ පාස්ටර්වරුන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදබල ලෙස ක‍්‍රියාත්මක කරන්න කියලා. පිළියන්දල පොලීසිය එදා හැසිරිච්ච ආකාරයට සම්පූර්ණයෙන් විරෝධය දක්වලා බොදු බල සේනා ජාලය පිළියන්දල පොලීසිය දක්වා සාමකාමී විරෝධතා පාගමනක් සංවිධානය කළා. ඉවැන්ජලික කල්ලියේ මෙහෙයවීම යටතේ කඩා බිඳ දමා ගිනිතබා පුළුස්සා දැමූ කුඩා බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක්ද පෙරටුකර ගනිමින් ගිහි පැවිදි බෞද්ධ ප‍්‍රජාව 1000 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගි වුණා. පිළියන්දල නගරයේ එක්සත් ත‍්‍රිරෝද රථ සංගමය හා පිළියන්දල එක්සත් වෙළෙඳ සංගමයේ ව්‍යාපාරික ප‍්‍රජාව වෙළෙඳසැල් හා කඩසාප්පු වසාදමා විරෝධතාව වෙනුවෙන් එක් වී සිටියා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මහතා ඇතුළු පිරිස් ඒ ස්ථානයට ඇවිත් එම මවුපිය යුවළ ගෞරවයෙන් හා ආරක්‍ෂා සහිතව නිදහස් කර දෙන බවට සංඝරත්නය ඉදිරියේ දිවුරා ප‍්‍රතිඥා දුන්නා. ඒ වගේම පිළියන්දල හා දෙහිවල පොලීසිය විසින් දැන හෝ නොදැන සිදු වූ වරදට සමාව අයදින බවටත් මින් ඉදිරියට බෞද්ධ ප‍්‍රජාවට එරෙහිව සිදුවෙන සෑම අවකල්ක‍්‍රියාවකදීම බුදු දහම ආරක්‍ෂා කිරීමට බැඳී සිටින පොලිස් දෙපාර්තමේන්තුවක් වශයෙන් විදිමත් පරිදි නොපැකිලව නීතිය ක‍්‍රියාත්මක කරනු ලබන බවටත් ප‍්‍රකාශ කර සිටියා. එහෙත් අප පැහැදිලිවම දන්නවා ඉංග‍්‍රීසි කතා කරන, සල්ලි තියෙන, උගත්, ඉහළ රැකියාකරන, නීතිඥවරුන්, වෛද්‍යවරුන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් ඔවුන් හා එක් වී සිටින නිසා ඔවුන් ඉදිරියටත් මෙය කරගෙන යයි. අවධානය හා සන්නද්ධ වීම සියලූ බෞද්ධයන්ගේ වගේම රජයේත් වගකීමක් යුතුකමක්. උන්වහන්සේ පැවසූහ.
සටහන - සංජීවිකා සමරතුංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනගාරික ධර්මපාල තුමා කිතුණුවෙක් විදිහට ඉපදුන කෙනෙක් නොවෙයි. එතුමාගේ මව පියා ඇතුළු මුළු පරම්පරාවම සිංහල බෞද්ධ. නමුත් එතුමාගේ මුල් නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ. ඒකට හේතුව එතුමා උපන්න කාලේ බෞද්ධයෝ වුණත් දරුවෙක් ඉපදුනාම, එම ඉපදීම ලියාපදිංචි කරන්න පල්ලියකට යන්න ඕනෑ වීම. එහිදී පාදිලිවරයා ලබා දෙන නමක් බාරගත යුතුයි. ඒවගේම කියන්න ඕනෑ දෙයක් තමයි බුද්ධ ධර්මය විතරයි මේ ලෝකේ බොරුවෙන්, වංචාවෙන් ,අල්ලසෙන්, ආක්‍රමණ වලින්, තුවක්කු, බයිනෙත්තු වලින් තමුන්ගේ ආගම ප්‍රචාරය නොකරපු එකම ධර්මය. ඒ ගැන සියලුම බෞද්ධයෝ නිහතමානීව සතුටු විය යුතුයි. මෙය කිසිවෙකු සමග ද්වේශයෙන් ලිවූ දෙයක් නොවන අතර සත්‍ය කුමක්ද කියා හදවතින් නොව බුද්ධියෙන් විමසන්න. හිටි හැටියේ දේශීයත්වය කියා බෞද්ධ සංස්කෘතිය තුළට ඒමට තිබු වුවමනාව කුමක්ද? (නි)
යේසුස් වහන්සේ කිතුණුවන්ගේ නායකයාණෝ නොවේ. උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ පාපය සදහා තම ශරීරයෙන් වන්දියක් ගෙවු දෙවි වූ මනුෂ්‍යයෙක්. එදා යුදෙව්වන් සිතුවේ උන්වහන්සේ මරණයට පත් කළහොත් උන්වහන්සේගේ රාජ්‍යය විනාශ කළ හැකි බවයි. නමුත් ඉන් සිදුවූයේ උන්වහන්සේගේ ඉගැන්වීම් ලොව පුරා පැතිරීමත් බොහෝ දෙනා උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය පීදීමත් පමණයි. අදත් බොහෝ දෙනා උන්වන්සේව අදහා ගනිති. එලෙසම උප්පතියෙන් ක්‍රිස්තියානුවෙකුට දේව රාජ්‍ය හිමි නැත. එහෙයින් ආගම ජාතිය හෝ වෙනයම් දෙයක් උන්වහන්සේගේ ප්‍රේමයට බාධාවක් නොවේ. මා වෙනුවෙන් දිවි දුන් මනුෂ්‍යයාට වඩා මා පෙම් කළ යුත්තේ වෙන කාටද? යේසුස් අදත් ජීවමානයි. එය නැසිය නොහැකියි. (නි)
ජීවාගෙ අදහස් වල සත්‍ය සහ අසත්‍ය කරුණු දෙකම තිබෙනවා (නි)
මෙතන කිතුනුවන් යයි කියා සිටින අය නියම ක්තෝලිකයන් නොවන බව ඔවුන්ගෙ අදහස් කියවන විට මට වැටහුණා.මගෙ අදහස් කියන්න කලින් මම එක දෙයක් කියන්න කැමතියි. ඒ තමයි රෝමානු කතෝලික සහ රෝමානු කතෝලික නොවන කතෝලික කොට්ඨාශ අපේ රටේ ඉන්නවා.ඉහත ප්‍රවෘත්තියෙන් කියන්නෙ රෝමානු කතෝලික නොවන වෙනත් කතෝලික නොවන යම් කට්ටියක් විසින් කරන්නා වූ දෙයකි. මෙතන මූලික පරමාර්ථය ආගම පැතිර වීම නොවේ. නියම ආගමක් පතුරවන්න ඔය වගේ වැඩ කරන්න වුවමනා නැහැ. ඔවුන්ගේ හොඳ කල්ක්‍රියාවම ඇති. මෙවන් කල්ලි වලින් අපේ රෝමානු කතෝලික ආගමටත් තර්ජන නැතුවාම නොවේ. මොවුන් අනුගමනය කරන එක් ක්‍රියාමාර්ගයක් නම් ගෙයින් ගෙට යාම, අද වන විට කතෝලික ආගමේ වගේම බෞද්ධ ධර්මය අදහන අයගෙත් මෙය වෙනවා හුගක් අඩුයි. ඒ නිසා ජීව මහත්මයා කිවුවා වගේ මාසෙකට සැරයක්වත් ගිහියන් බැහැදැකීම හුගක් වැදගත්. (නි)
පිස්සු නැත්නම් ෂෝක් (අ)
ගාවස් ඔයා මුස්ලිම් රටවල් ගැන තව දුරටත් අද්‍යනය කරන්න.මුස්ලිම් රටවල් වල පන්සල් තියනවා.උදාහරණ ඕමාන්,දෝහා Qatar (අ)
ඔබ දන්නවද අතීතයේ ඉස්සෙල්ලාම මේ රටේ තිබුනෙ බුද්ධාගම.පස්සෙ යටත් විජිත කාලෙ තමයි ක්‍රිස්තියානි අගම ආවෙ.ඒ වගේම ඉස්ලාම් එන්න කලින් ඔවුන් අපේ මව්බිමට ආවෙ වෙළෙන්ඳන් හැටියට වෙළඳාමට. (ස)
බුදු පිළිම කඩන්න ඉඩදෙන්න බැහැ. ලංකාවෙ අය ජේසු පිළිම කඩන්නෙව නැහැ නේද? (නි)
බුදු දහම ලොව බැබලේවා (අ)
බොදුබල සේනා සංවිධානය කියන්නේ බුද්ධාගම අරක්ෂාකරන්න බිහිකළ විශිෂ්ටම බෞද්ද සංවිධානය. කිසිම බලවේගයක් ඉදිරියේ පස්සට යන්න එපා. අප සියලු දෙනාම එක්වෙමු. බුදු දහම සුරකිමු. බොදු බල සංවිධානයේ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි (අ)
කාටවත් එහෙම කරන්න දෙන්න බැහැ
අපේ රටේ මෝඩ මිනිස්සු මේවට අහුවෙනවානේ. (නි)
ශ්‍රී ලංකාව සියළු ආගම් ගැටළු වලින් නිදහස් කළ යුතුයි (නි)
අපි රෑකියාව කරන්නෙ අප්‍රිකවේ " ටෑන්සානියවේ". අපිට තියෙනව අවුරුදු 75 කට වඩා පරන පන්සලක්. අපේම හමුදුරුවන් වහන්සේලා දෙනමක් වාසය කරනවා. අපිට නම් මෙහෙ අනිකුත් ආගම් වලින් කරදරයක් නෑ.මේ දවස් වල වස් කලය නිසා හැම ඉරිදාවකම අපි එකතු වෙලා පිංකම් කරනවා. අපේ ශ්‍රි ලාංකිකයන් 100 කට වඩා ඉන්නවා.බුදු බණ කවදාටත් වලංගුයි. " බුදු සසුණ බෑබලේවා" (ස)
ජාති වාදයනම් එපා (ස)
හාවස් මහතාණෙනි, අපිත් කියන්නෙ ඒ ටික තමා. පින් සිද්ධවෙයි,බෞද්ධයන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)
කාරනා කීපයක් කියන්න කැමතියි. 1. ලංකාව සිංහල බෞද්ධ රටක් යයි කීම අසත්‍යක්. ලංකාව විවිධ ජාතීගෙන් සහ විවිධ ආගම් වලින් සෑදුනු රටක්. 2. ලංකාවේ සිංහල කිතුනුවන් බොහොමයක් ඉන්නවා 3. බුදුදහම ලංකාවට පැමිනියේ ඉන්දියාවෙන් 4. කිතුදහම ලංකාවට මුලින්ම පැමිනියේ ඉන්දියාවෙන් 5. කිතුදහම බටහිර ආගමක් නොවෙයි 6. කිතුදහමේ ආරම්භක දේශය ඊශ්‍රායලයයි. (මැදපෙරදිග) 7. බුදුදහම රැක ගැනීමට නම් බෞද්ධයින් පන්සිල්පද රකින සෙනගක් විය යුතුයි 8. අන් ආගම් වලට ගැරහීමෙන් බුදුදහම රැක ගැනීමට බැහැ. (අ)
මේක සිංහල බෞද්ධයාගේ රට. බෞද්ධයින් අනිත් සෑම ජාතියකටම, ආගමකටම කරුණාව දක්වනවා. එකට කෑම කන්න ගෙදර දොර ඇරියට බත් මුට්ටියේ අයිතිවාසිකම් ඉල්ලන්න එපා. (නි)
තමන්ගේ තැන රැකගන්න අනෙක් අයට මෙහෙම කරන එක වැරදියි (නි)
ඔය වගේ කල්ලි අද කාලේ අනන්තයි (නි)
කාවවත් බලෙන් වෙන ආගමකට ගන්න බැහැ. ඒ මිනිස්සු කැමති නිසානේ වෙන ආගමකට යනවා ඇත්තේ. ඒක කාටවත් නවත්වන්න බැහැ. (නි)
ලංකාවට මොකද්ද වෙලා තියෙන්නේ
ඇත්තෙන්ම මේ තත්වය අනුවේදනීයයි.(නදී)
ඇත්තෙන්ම මේ තත්වය අනුවේදනීයයි. නැතිබැරිකම හා වෙනත් ප්‍රශ්න හේතුමත මේ අය අන්‍ය ආගම් වලට හැරවීම පහසුයි. ඒ නිසා මේ අන්‍යා ආගම්කරණය තවදුරටත් නතර වන බවක් පෙනෙන්න නැහැ. ඒ නිසා අපේ සංඝයා වහන්සේලාට මෙයට වඩා කැපවීමක් කරන්න සිදුවෙනවා. මං හිතනවා අපේ සංඝයා වහන්සේලා ආවාසයේ වැඩ සිටියා ඇති කියලා. දැන් එළියට වැඩියොත් හොඳයි. දානෙට පිරිතට විතරක් ගිහි ගෙවලට වැඩලා වැඩක් නැහැ. සාමාන්‍ය වෙලාවටත් ඔවුන්ගෙ ගෙවල් වලට වැඩලා දුක සැප විමසන්න ඕනෑ. ඒ අය පන්සලට එනකම් හිටියොත් පෙරහැර යනවා.පන්සලේ දායකයො කවදත් දායකයො. අනිත් අය පන්සලට නොයනවා නම් ඔබවහන්සේලා ඔවුන් ගාවට වඩින්න. බුදුහාමුදුරුවොත් එහෙමනෙ කළේ. ඔබ වහන්සේලට ඒ අයට දෙන්න මිළ මුදල් නැතුවට ඔබ වහන්සේලාගෙ අදහස් ටික ඒ අයට දෙන්න. ඒවා මසුරන් වටිනවා. අඩුම තරමින් මාසයකට සැරයක්වත්, එක බෞද්ධ ගෙදරකට වඩින්න. තම ප්‍රදේශයේ සියළුම බෞද්ධයන්ගේ විස්තර සටහන් පොතකට ගන්න. දුරකථන අංකය රැගෙන සියළුම දෙනා ගෙදර ඉන්න වෙලාවක ඒ තැන් වලට වඩින්න.මේ සම්බන්ධයෙන් දායකයොත් අල්ලාගෙන මේ අරමුණ සංවිධානය කරගන්න. ඉහත හාමුදුරු දෙපළට අපේ ප්‍රණාමය. ස්තුතියි. (නි)
අනේ කාලේ වනේ වාසේ
පිටරටවල්වල පන්සල්වල කරන්නෙත් මේ විදියටමයි..අපිට කියන්නෙත් අනිත් අයව පන්සල් එක්ක එන්න කියලයි (ස)
මම ඉන්නේ යුරෝපයේ. මම මෙහෙත් දැකලා තිබෙනවා බෞද්ධාගමට විරුද්ධ දේවල් (නි)
ජයන්ත මහතාට එක දෙයක් අමතක වෙලා. ලංකාවේ බෞද්ධ නොවන සිංහලයින් බොහොමයක් ඉන්නවා. ලංකාවේ ප්‍රගතියට කිතුනුවනුත් දායක වෙලා තිබෙනවා. දන්නවාද කොටියන් සමග යුද වැදී සිංහල කිතුනුවන් බොහොමයක් ජීවිත පූජා කළ බව. පේද්‍රූරු තුඩුවෙ සිට දෙවුන්දර තුඩුවට ඇති කිලෝමීටර් 432 මම තරණය කරලා තිබෙනවා. පිදුරුතලාගල කන්ඳත් නැගලා තිබෙනවා. මම යුද හමුදාවේ හිටපු කෙනෙක් හැටියටයි මේ දේ කියන්නේ. ජයන්ත මහතා අහනවා "ගේ වටේට තැබෑරුනුයි මස් කඩයි ආවට පස්සේ, පොඩි දරුවා ලොකුවෙනකොට පන්සිල් රකියි ද?"කියලා. ඒ කියමනම බුදු දහමට නිගා කිරීමක්. අනගාරික ධර්මපාල ඉස්සර කිතුනුවෙක්. පසුව බෞද්ධයෙක් වුණා. කවුරුවත් ඒකට දොස් කීවේ නැහැ. එහෙම නම් බෞද්ධයෙක් කිතුනුවෙක් බවට වෙනස් වුණහම ඒ අයට දොස් කියන්නත් එපා. තවමත් ලංකාවේ තෝරාගැනීමේ නිදහස තිබෙනවා නේද? (නි)
ලංකාව විතරක් නෙවෙයි මුලු ආසියාව ම බෞද්ධ රටවල් වශයෙන් තිබුණේ. මේ රටවල් ආක්‍රමණය කරලා ,මරන තර්ජනය කරලා තමයි,වෙනත් ආගම් වලට හැරෙවුවෙ.ඉතිහාසය දන්නා අය මේ ගැන දන්නවා.ලංකාව බෞද්ධ රටක් කීම අසත්‍යක් නෙවෙයි.ලංකාවෙ බෞද්ධ ඉතිහාසය, ගෞතම බුදුහාමුදුරුවන්ටත් පෙර සිටි පසේ බුදුන් දක්වා දිවෙන ඉතිහාසයක් තියෙන්නෙ.මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනාවෙ ගෞතම බුදුන්ගෙ බුදු දහම.ඒක බුදු දහමේ තවත් ආරම්භයක්.ඒ නිසා බුදු දහම ඉන්දියාවෙන් ආවා කියලා අද පිළිගන්නවා.නමුත් කිතු දහම ලංකාවට ආවෙ ඉන්දියාවෙන් නෙවෙයි.ඒක ගෙනාවෙ පෘතුගීසීන්.පෘතුගීසීන් තමයි ලෝකයේ කිතු දහම ව්‍යාප්ථ කළේ. කිතුදහම කියන්නෙ බටහිර ආගමක්. බටහිරයෙක් මුල් නොවෙන්න ක්‍රිස්තියානි ආගමක් අද නැහැ.අනිත් එක තමයි ක්‍රිස්තියානි ආගමේ මුල් දේශය රෝමයයි.ඒ නිසා තමයි රෝමයේ වතිකානුවේ ප්‍රධාන දේවස්ථානය පිහිටලා තියෙන්නෙ.පන්සිල් රකින හැටි අපට කියාදෙන්න එපා.අපි කාටවත් ගරහන්නෙ නැහැ.අපේ පාඩුවේ අපට ඉන්න දුන්නොත් ඇති. (නි)
බුදු දහම ලොව බැබලේවා බොදුබල සේනා සංවිධානය කියන්නේ බුද්ධාගම අරක්ෂාකරන්න බිහිකළ විශිෂ්ටම බෞද්ධ සංවිධානය. කිසිම බලවේගයක් ඉදිරියේ පස්සට යන්න එපා. අප සියලු දෙනාම එක්වෙමු. බුදු දහම සුරකිමු. බොදු බල සංවිධානයේ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි (ස)
සිංහල කිතුනුවාටත් හාවස් මහතාටත් පිළිතුරක් දීම වටිනවා යයි සිතමි අඩුම තරමින් සතියක නිවාඩුවක් ගෙන ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා චාරිකාවක් යන්න. මහා විස්මිත දාගැබ්, වැව් අමුණු, ප්‍රාකාර ... ඔබට දැක ගන්න ලැබෙයි. ශ්‍රේෂ්ඨ සිංහල රජවරුන්ගේ ප්‍රෞඪ ඉතිහාසය ඔබට දැකගන්න ලැබෙයි. අදටත් ලෝකයා ඉදිරියේ ලාංකියන් ප්‍රෞඩත්වයෙන් කතාකරන්නේ ඒ මුතුන් මිත්තන්ගේ දහදිය මතින් ඉදිවුණ ඉතිහාසයයි. ඔබගේ ප්‍රකාශය ඔවුන්ට කරන අගෞරවයක්. අපේ රටට වෙලා තියෙන්නේ මොකද්ද? නිදහස ලැබුනදා ඉදල කලුසුද්දෝ ටික බලයට තණ්හාවෙන් කරපු අත්තනෝමතික ක්‍රියා, අරක්කු වීදුරුවයි, මස් පෙත්තයි නැතිව බැරි ජාතියක් බිහිකළා. ගේ වටේට තැබෑරුනුයි මස් කඩයි ආවට පස්සේ, පොඩි දරුවා ලොකුවෙනකොට පන්සිල් රකියි ද? කිතුනු ආගම ලංකාවේ ව්‍යාප්ත වුණේ කොහොමද? අනගාරික ධර්මපාල තුමා ගැන, පානදුරා වාදය ගැන කියවන්න ඔබට වැඩි දැනුමක් ලබා ගතහැකියි මේ පිළිබදව. (නි)
ලංකාවේ සිංහල බෞද්ධයන් දැනගතයුතු තවත් කරුණු කීපයක් 1. ඇමෙරිකාවේ, කැනඩාවේ, එන්ගලන්තයේ, ඕස්ට්‍රෙලියාවේ සහ තවත් කිතුනු රටවල් වල බෞද්ධ පන්සල් බොහොමයක් තිබෙනවා. 2. දන්නවාද ඊශ‍්‍රායලයෙත් බෞද්ධ පන්සලක් තිබෙනවා කියලා? 3. මේ කාගෙන්වත් බෞද්ධයින්ට කිසිම පීඩාවක් නැහැ. 4. හැබැයි එකම මුස්ලිම් රටකවත් පන්සලක් දාන්න ගියොත් බෙල්ල නැති වේවි. 5. ඉතින් අපෙ හාමුදුරුවනේ, ලංකාවේ සිංහල කිතුනුවන්ටත් ඒ අයගෙ ආගම අදහගෙන ඉන්න ඉඩ දෙන්න. (නි)
දෙමව්පියන්ගේ ආදරය කරුණාව නැතිවුණාම පල්ලි වලට යනවා තමයි. (නි)
වජිරලා වගේ අය නිසා තමයි බෞද්ධයන් අද මේ විදියට හෑල්ලු වෙන්නේ. (නි)
දැඩි දඩුවම් දෙන්න ඕනේ
ලංකාවේ ඉතිහාසපොත් වැඩිම ප්‍රමාණයක් ලියා තියෙන්නේ යුරෝපීය ජාතිකයෝ. (ස)