IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පාසල් විෂය මාලාවට නීතියේ දැනුම ඇතුළු කිරීම

නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට පියවර ගනිමින් සිටින බව ලංකාදීප පුවත්පත පසුගියදා හෙළිකර තිබිණි. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවත් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධ ඉදිරි පියවර ගැනීම අධ්‍යාපන ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් සිදුවන බව අධිකරණ ඇමැතිනිය ප්‍රකාශ කළ බවත් එම ප්‍රවෘත්තියේ සඳහන් විය.

මේ පියවර ගැනීම රට තුළ අපරාධ අඩු කිරීමට හේතුවනු ඇති බවටද රටේ ජීවත්වීමේදී ඇතිවන ගැටලු‍වලට මුහුණදීමට එය අත්වැලක් වනු ඇති බවටද අමාත්‍යවරිය විශ්වාසය පළකරයි. නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළු කිරීම කාලෝචිත යෝජනාවක් බව අපගේද විශ්වාසය වෙයි. අපේ රටේ දරුවන්ට කුඩා කල සිටම මූලික නීතිය, දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳවද දැනුමක් ලබාදීම දරුවන් සමාජගත වනවිට ඔවුන් යහපත් පුරවැසියන් වශයෙන් කටයුතු කිරීමට ලබාදෙන පෙරහුරුවක් ද වනු ඇත.

නීතිය පාසල් විෂයයක් කිරීමේ තවත් වැදගත්කමක් වන්නේ එමගින් මාපියන්ද ඒ ගැන දැනුවත්භාවයක් ලැබීමය. පාසල් දරුවන් පමණක් නොව මාපියන්ද රටේ පවතින නීතිය පිළිබඳව සාමාන්‍ය  අවබෝධයක් ලබා තිබීම හැම අතින්ම යහපත් බව මේ දිනවල රටේ සිදුවන ඇතැම් අපරාධවල ස්වභාවය අනුව දැනෙන කාරණයකි. රටේ දරුවන් බොහෝ විට අසන්නේ, දකින්නේ අපරාධකරුවන් සහ අපරාධ සිද්ධීන් පිළිබඳ විස්තර මිස එවැනි වැරදි සිදුකිරීමෙන් පසුව ඔවුන් ලබන දඬුවම් පිළිබඳ නොවේ. අපරාධයක් සිදුවීම වාර්තා කිරීමේදී දරුවන්ට දැනෙන කුතුහලය ඊට දඬුවම් ලැබෙන කාලය වනවිට බොහෝදුරට තුනී වී ගොසිනි. මේ නිසා පාසලේදී අපරාධ නීතිය සහ දණ්ඩ නීති සංග්‍රහය පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් ලබාදීම ඉතා වැදගත් වනු ඇත.

කෙසේ වුවද නීතිය වැනි ගැඹුරු, සංකීර්ණ නිරන්තරයෙන් යාවත්කාලීන වන විෂයයක් සම්බන්ධයෙන් විෂය මාලාවක් සකස් කිරීම වුවද පහසු කටයුත්තක් නොවේ. ඒ බව අවබෝධ කර ගැනීම දුෂ්කර නැත. එහෙත් වෛද්‍ය විද්‍යාවේ ඇතැම් මූලික කරුණු, තොරතුරු තාක්ෂණයේ මූලික කරුණු පාසල් විෂය මාලාවට ඇතුළු කර ඇති ආකාරයට මේ ගැටලු‍වද විසඳා ගැනීම එම කාර්ය ඉටුකරන ප්‍රවීණයන්ට භාර කටයුත්තකි. අරමුණු සහ තීන්දුව පැහැදිලි නම් ඊට උචිත ක්‍රමවේදය සකස් කර ගැනීම අපහසු නැත.

ඒ සමඟ පෙන්වා දිය යුතු තවත් කාරණාද තිබේ. පසුගිය මාස දෙක තුන තුළදී පාර්ලිමේන්තුවේ සිදුවූ සිද්ධීන් අනුව පෙනී යන්නේ රටේ නීතිය සම්පාදනය වන්නේ එතැන වුවත් එහි මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට රටේ සාමාන්‍ය නීතිය පිළිබඳව හෝ දැනුමක් නොමැති බවය. ඇතැමුන්ගේ හැසිරීම් රටාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා සමීප වූයේ පහළ බාලාංශයේ ළමයින්ගේ හැසිරීම්වලටය. මේ නිසා පාසල් විෂය මාලාවට නීතිය පිළිබඳ දැනුම අඩංගු කළ යුතු සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද නීතිය පිළිබඳ සාමාන්‍ය දැනුමක් හෝ යළි ‘‘එන්නත්” කිරීම සුදුසු වනු ඇත. නැතහොත් ඒ දිනවල පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිදුවූ මහ කලබැගෑනිය  වැනි දර්ශන නිවෙස්වල සිට රූපවාහිනියෙන් නරඹන දරුවන් නීතිය පාසලේදී ඉගෙන ගන්නා විට ඔවුන් තුළ විශාල මානසික ගැටලු‍ ඇතිවීමටද ඉඩ තිබේ. රටේ ළමයින් සමඟ මන්ත්‍රීවරුන්ද නීතිය එකටම හැදෑරීම වඩාත් වැදගත් වනු ඇත.

එසේම රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් යම් පිරිසක්ද මූලික නීති රීති පිළිබඳ දැනුම තිබියදීත් ඒවා නොදන්නවුන් සේ ක්‍රියාකරන බවද සඳහන් කිරීමත් අවශ්‍යය. අල්ලස් හා දූෂණ පනතට අනුව වැරුද්දකින් යම් පුද්ගලයකු බේරාහැරීමට හෝ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ අල්ලස් ගැනීම නීතියට පටහැනි බව පොලිස් නිලධාරීහු හොඳින්ම දැන සිටිති. එහෙත් නිලධාරීන් සුළු පිරිසක් අල්ලස් පමණක් නොව වෙනත් ලාබ ප්‍රයෝජන පවා ලබාගන්නා බව රහසක් නොවේ. රථවාහන වැරදි මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙයි. එවැනි නිලධාරීන්ටද නීතිය පිළිබඳ දැනුම ලබාදීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමකි.

අපේ රටේ සාමාන්‍ය  සිරිත පහේ ශිෂ්‍යත්වයේ පටන්ම ඇතැම් මාපියන්ද දූ දරුවන් සමග පාඩම් කිරීමය. සමහර මවුපියෝ ඒ පුරුද්ද දිගටම ගෙන යති. නීතිය පිළිබඳ දැනුම පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමෙන් එවැනි මාපියන්ටද ඒ පිළිබඳ දැනුමක් අවබෝධයක් ලැබිය හැකිවීම මේ සැලසුමේ අතිරේක වාසියක් වීමටත් ඉඩ තිබේ.



අදහස් (2)

පාසල් විෂය මාලාවට නීතියේ දැනුම ඇතුළු කිරීම

sampath Wednesday, 16 January 2019 09:36 AM

හැමදේම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම ප්‍රායෝගික නැහැ. මේවා කෙටි දේශනා විෂය බාහිර ක්‍රියාකාරකම්, දැනුම මිනුම තරග වැනි දේවලින් දැනුවත් කිරීම සුදුසුයි. නීතිය කියන්නේ ඉඩම් නීතිය, අපරාධ නීතිය වානිජ්‍ය නීතිය, පරිසර නීතිය, දිලික්ත නීතිය, පරිපාලන නීතිය මේ අතරින් සමහරක් ඉතින් මේක කෙටියෙන් උගන්වන්න බැහැ. අනෙක් පැත්තට ගුරුවරුන් සොයා ගැනීම පහසු වෙන්නේ නැහැ.

:       0       1

Chandima Wednesday, 16 January 2019 11:14 PM

ඔය වැඩේට ඇමතියෙක් මොකටද? විෂයමාලා සංවර්ධනයට වෙනමම උගත් පිරිසක් ඉන්නවා. පින් පඩි අරන් ඉන්නකොට කම්මැලි හිතුනද මේකටත් නම දාගන්න යන්නේ? අවුරුදු තුනක්ම කරපු දෙයක් නැහැ. ළමයින්ගේ පාඩම් පොත් වලට පොටෝ එක ගහල ආණ්ඩුවේ වියදමින් පිම්බෙන්න හැදුවා ඇරෙන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 320 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 172 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 552 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 563 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 166 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 47 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 270 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site