ගම්පොළින් ආරම්භ වී දිවයින පුරා පාසල් ගණනාවක දරුවන්ට අසාත්මික තාවයක් ඇතිකිරීමට හේතුවූයේ විෂබීජයක්, ක්ෂුද්‍රජීවී කි‍්‍රයාකාරීත්වයක්, විෂ වායුවක්, විෂ රසායනිකයක් හෝ පාරිසරික සාධකයක් නොවන බවත් එය මානසික තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය බදාදා සවස කියා සිටියේය. ඔවුන් මේ බව තීරණය කළේ වසංගත රෝග, පරපෝෂිත වේදය, ළමා රෝග, මානසික රෝග ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සිදුකරනු ලැබූ පර්යේෂණ ගණනාවකින් අනතුරුවය. පාසල් දරුවන් හදිසියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කළ කිමිටුවේ වාර්තාවට අනුව මෙම නිවේදනය නිකුත් කැර තිබිණි. එම වාර්තාවේ දක්වා ඇත්තේ අසාත්මික තාවක් ඇතැයි පවසමින් රෝහල්ගත වූ බොහෝ ළමුන්ට අසාත්මිකතාවකට අදාළ රෝග ලක්ෂණ නොතිබූ බවයි. එහෙත් කිහිප දෙනකු පමණක් එවැනි රෝග ලක්ෂණ පෙන්වූ බව ද කමිටු වාර්තාවේ සඳහන් කැර තිබේ. එය ද එක් පාසලක දරුවන් කිහිප දෙනකුට පමණක් තිබූ රෝග ලක්ෂණ පමණකි. මෙලෙස ළමුන් හදිසියේ රෝගාතුර බවක් පෙන්වූ පාසල් වලින් ලබාගත් ජලය, පස් සාම්පල, දුහුවිලි අංශු බොරැල්ලේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේදී දැඩි පරීක්ෂාවට ලක් කළ බවත් ඒ කිසිවක අසාත්මිකතාවට හේතුවන රෝග බීජ හෝ සතුන් දක්නට නොමැති වූ බව ද පර්යේෂණ පැවැත්වූ කණ්ඩායම වැඩිදුරටත් අනාවරණය කැර තිබේ. එහෙත් මේ අසාත්මිකතාව පැතිරීමත් සමගම බොහෝ කට කතා රට පුරා පැතිරෙන්නට විය. ඇතැම් ප‍්‍රදේශවල සිසුන් පාසල් පැමිණීමේ ප‍්‍රතිශතය සීඝ‍්‍රයෙන් පහත වැටුණු අතර විවිධ මත දරන්නන් විවිධ මතවාද ඉදිරිපත් කරමින් මෙය 2012 දී සිදුවනවා යැයි පවසන ලෝක විනාශයකට ද සම්බන්ධ කිරීමට උත්සාහ ගත්හ. තවත් පිරිසක් කියා සිටියේ පසුගියදා රතු පැහැති වැස්සක් ඇද හැලීමත් ළමුන් රෝගාතුර වීමත් අතර කිසියම් සම්බන්ධයක් තිබිය හැකි බවයි. රතු පැහැති වැස්ස පිටසක්වළ ජීවීන්ගේ කි‍්‍රයාකාරකමක් බවත් ඔවුන් ශී‍්‍ර ලංකාවේ අනාගත පරපුර විනාශ කැරලීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන බවත් වෙබ් අඩවි වල පවා දිගින් දිගටම ප‍්‍රචාරය කැරුණි. මේ පිළිබඳ අදහස් දැක්වූ මනෝ වෛද්‍යවරුන් කියා සිටියේ මෙය නව යොවුන් වියේ පසුවන දරුවන් අතර බහුලව දක්නට ලැබෙන හිස්ටීරියා තත්ත්වයක් බවයි. එහෙත් එම මතය පිළිගැනීමට බොහෝ දෙනකු කැමති වූයේ නැත. මනෝ වෛද්‍යවරුන් සියළුම රෝග මානසික රෝග යැයි ප‍්‍රචාරය කිරීමට උනන්දුවන බව ද දරුවන්ට වෙනත් බලපෑමක් තිබෙන බව ද ඔවුහු පුල පුලා කියා සිටියහ. එහෙත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ කමිටුවේ වාර්තාව අනුව මේ දරුවන් හදිසියේම ලෙඩ වීමට හේතුව හිස්ටීරියා තත්ත්වයක් හෙවත් මායා රෝගය බව තහවුරු වී තිබේ. මෙවැනි අවස්ථා වාර්තා වී ඇත්තේ ශී‍්‍ර ලංකාවෙන් පමණක් නොවේ. 1962 දී ටැන්සානියාවේ පාසල් අතර සිනහසීමේ රෝගයක් පැතිරී ගියේය. එය ජනවාරි 30 වැනිදා එක් පාසලක වයස අවුරුදු 12 ත් 18 ත් අතර වූ සිසු සිසුවියන් 159 දෙනකු අතර පැතිරී ගිය අතර ඉන් 95 දෙනකු සිසුවියෝ වූවෝය. පාසල දින 16 ට වසා දැමුණු අතර ළමුන් නිවෙස් වලට යැවීමෙන් පසු මෙය ගම්මානයන්හි සිටි සම වයසේ අනෙක් දරුවන් අතර ද සීඝ‍්‍රයෙන් පැතිරෙන්නට විය. අනතුරුව අපේ‍්‍රල් සහ මැයි අතර කාලයේදී 217 දෙනකු මෙම රෝගය හේතුවෙන් රෝහල්ගතවී ප‍්‍රතිකාර ලබාගත් අතර ජුනි මාසයේදී ද බුකෝබා මධ්‍ය පාසලේ ගැහැණු ළමුන් 48 දෙනකු රෝගයට ගොදුරුවී ප‍්‍රතිකාර ලබාගත්හ. මේ හේතුවෙන් ආසන්න පිරිමි පාසල් පවා වසා දැමීමට එරට රජය කටයුතු කළ අතර එම වර්ෂයේ පාසල් කටයුතු පවා බොහෝ සෙයින් අඩපණ වී ගොස් තිබිණි. මෙවැනිම තවත් සිදුවීමක් වාර්තාවන්නේ 1965 වර්ෂයේ එංගලන්තයේ බ්ලැක්බර්න් නගරයෙනි. ඔක්තෝබර් මාසයේ බ්ලැක්බර්න් බාළිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් හදිසියේ ඇතිවූ හිසකරකැවිල්ල සහ ක්ලාන්තය හේතුවෙන් රෝහල් ගත කැරුණු අතර පැයක් ඇතුළත 85 ට හදිසි ප‍්‍රතිකාර ලබාදීමට සිදුවීමෙන් පාසල වසා දැමිණි. අවසානයේ බලධාරීන් තීරණය කළේ මානසිකව ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් ළමුන් සමූහ වශයෙන් මෙලෙස රෝගාතුර වී ඇති බවයි. 1970 ස 80 කාලයේදී මැලේසියාවේ මෙලෙස සමූහ වශයෙන් මානසික රෝගවලට ගොදුරුවී විශාල වශයෙන් දක්නට ලැබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙයි. විශේෂයෙන්ම පාසල් සිසුවියන් අතර මෙය බහුලව ව්‍යාප්ත වූ බව ද වාර්තා වේ. 1983 මාර්තු මාසයේ පලස්තීනයේ පාසල් ශිෂ්‍යාවන් 943 දෙනකු හදිසියේම රෝගාතුර වී ඇත්තේ පාසල් බලධාරීන් පුදුමයකට පත්කරමින්. මේ දිනවලම පලස්තීන හමුදාවේ සෙබළියන් ද බුරුතු පිටින් ක්ලාන්තය, හිසකරකැවිල්ල බව පවසමින් රෝහල්ගතවීමත් සමගම කාන්තාවන් ලෙඩ කරන රසායනික අවි ප‍්‍රහාරයක් එල්ල වූයේ ද යන්න පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබේ. නමුත් පසුව අනාවරණය වූයේ මේ රෝගයට හේතුව හිස්ටීරියාව බවයි. 2006 වර්ෂයේ පෘතුගාලයේ පාසල් 14 ක 300 දෙනකු හදිසියේම රෝගාතුර වීමට යම් හඳුනානොගත් වෛරසයක් හේතුවූවේ යැයි තීරණය කැරුණ ද පසුව කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වූයේ ඔවුන්ගේ රෝගයට හේතුව සමූහ මායා රෝගය හෙවත් මාස් හිස්ටීරියා තත්ත්වය බවයි. 2007 වර්ෂයේ මෙක්සිකෝවේ ද 2008 වර්ෂයේ යළි ටැන්සානියාවේ පාසල් 20 ද 2010 වර්ෂයේ දී බෲනායි පාසල් රැසක ළමුන් අතර ද යළිත් 2011 වර්ෂයේ නිව්යෝර්ක් නගරයේ උසස් අධ්‍යාපන ආයතන 12 ගැහැණු ළමුන් අතර ද හිදිසියේම විවිධ ආකාරයේ රෝග පැතිරී යාමට හේතුව සමූහ මායා රෝගය බව විද්‍යාත්මකව තහවුරු කැර තිබේ. කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ ශී‍්‍ර ලංකාවේ විවිධ පළාත්වල පාසල් රැසක ළමයින් සිය ගණන් හදිසියේම අසාත්මිකතාවක් ඇතිවූ බව පවසමින් රෝහල් ගතවීමට හේතුව මෙම සමූහ මායා රෝගය හෙවත් මාස් හිස්ටීරියා තත්ත්වය බවයි. වෛද්‍ය රූමි පවසන්නේ එක් අයකුට හෝ කිහිප දෙනකුට සැබැවින්ම අසාත්මිකතාව ඇතිවූ විට සම වයසේ හෝ ආසන්න වයසක පසුවන ඔවුන් ඇසුරු කරන අනෙකුත් දරුවන් තමන්ට ද එවැනි තත්ත්වයක් ඇතිවේයැයි සිතන බවයි. තමන්ට සැබැවින්ම අසාත්මිකතාවක් ඇති නොවූව ද සැබැවින්ම අසාත්මිකතාව ඇතිවූ අයට මෙන් ඇග ගැසීම, පලූ මතුවීම, සම රත්පැහැ වීම, ක්ලාන්තය, හිසරදය සහ වමනය ආදී රෝග ලක්ෂණ අනෙක් අය ද පෙන්වන බව වෛද්‍ය රූමි පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙය ගැහැණු ළමුන් අතර විශේෂයෙන්ම වයස අවුරුද 12 ත් 18 ත් අතර වයසේ පසුවන ශිෂ්‍යාවන් අතර බහුලව දක්නට ලැබෙන මානසික තත්ත්වයක් බවයි. වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. ‘‘ හිස්ටීරියාව කියන්නේ ඕනෑම මොහොතක ඇතිවිය හැකි මානසික රෝගයක්. එය කල්පවතින්නක් ද නොවේ. තමන් ආසන්නයේ සිටින හෝ සමීප ඇසුරු කරන කෙනෙක් යම් දෙයක් කියූ විට ඒ තත්ත්වයට තමන් ද පත්වූවායැයි සිතීමෙන් මේ රෝගයට ගොදුර වනවා. මෙය සමූහ වශයෙන් සිදුවිය හැකියි. එවැනි දෙයක් වූ විට මාධ්‍ය මගින් ලැබෙන ප‍්‍රචාරය නිසා තවත් බොහෝ දෙනෙක් මේ ගැන දැන ගන්නවා. එවිට පාසල් දරුවන් තව තවත් මේ දෙයටම ගොදුරු වන්නේ ඒ ප‍්‍රචාරය නිසා. එක් පාසලක ළමුන් අසනීප බවක් පෙන්වූ වහාම දෙමාපියන් තමන්ගේ දරුවන්ටත් මේ ගැන විවිධ උපදෙස් දෙනවා. ඒ උපදෙස් ලබාදීමත් ඇතැම් විට මේ රෝගයට පෙළඹවීමක් විය හැකියි. ඒ නිසා තමයි මේ වගේ රෝග විවිිධ ප‍්‍රදේශවලින් වාර්තා වන්නේ. ’’ වෛද්‍යවරයා පවසන්නේ ශී‍්‍ර ලංකාවේ පසුගිය දිනවල අසාත්මිකතාව ඇතිවූ දරුවන් අතරින් වැඩි පිරිසක් ගැහැණු දරුවන් වීමත් දෙමාපියන්ට හෝ ගුරුවරුන්ටත් කුඩා දරුවන්ටත් මේ අසාත්මිකතාව දක්නට නොවීමෙන්ම මෙය නව යෞවනෝදයේ දරුවන් අතර පහසුවෙන් පැතිර යන සමූහ මායා රෝගය යැයි තහවුරු වන බවයි. මෙම කාලයේ පාසල් වාර විභාග පැවැත්වෙන බැවින් දරුවන් මානසික ආතතියකින් පසුවීමත් කාලගුණයේ ඇති වෙනස්කම් හේතුවෙන් විවිධ රෝගබාධ පැතිරෙන බවට ප‍්‍රචාර ලබාදීමත් මේ තත්ත්වය වැඩිදියුණු වීමට හේතුවේ. මානසික වෛද්‍යවරුන් පවසන්නේ මෙම තත්ත්වය දරුවන්ට නිසි ලෙස අවබෝධ කැර දීමෙන් හා අසාත්මිකතාව යනු බෝවන රෝගයක් නොවන බව පෙන්වාදීම තුළින් ළමුන් මෙම තත්වයෙන් ගලවාගත හැකි බවයි. වෛද්‍ය රූමි මෙසේ ද කීවේය. ‘‘ ඇග කසන විට රතු වෙනවා. පලූ මතුවෙනවා. එයට අසාත්මිකතාවක් අවශ්‍ය වන්නේ නැහැ. ශී‍්‍ර ලංකාවේ මින් පෙරත් මේ වගේ දේවල් සිදුවුනා. ගී‍්‍රස් යකා ගැන පැතිරී ගිය භීතිය එවැන්නක්. අපි දන්නවා සැබැවින්ම ගී‍්‍රස් යකෙක් හිටියේ නැහැ. නමුත් ඒ ගැන එක්කෙනෙක් දෙන්නෙක් කියන විට මුළු ලංකාවේම ගී‍්‍රස් යකුන් ගැන කතා කරන්න පටන් ගත්තා. මෙයත් සමූහ මායා රෝගයක්. නමුත් එය සංවාදයට ගැණුනේ වෙනත් ආකාරයකින්. රට පුරා හිටි කිහිප දෙනෙක් තමන් ගී‍්‍රස් යකා දැක්කායැයි කීමත් සමගම මහා ආන්දෝලනයක් පැතිර ගියා. දුර්වල මානසිකත්වයකින් යුතු අය මේ වගේ රෝග තත්ත්වයන්ට ගොදුරු වනවා. ’’ වෛද්‍ය රූමි පවසන්නේ පරිසරයේ ඇති යම් සංවේදනයක් හේතුවෙන් ආරම්භ සංකල්පය ඇතිවන බවයි. ප‍්‍රතිශක්තිය අඩු පිරිස් ලෙඩ රෝග වලට ගොදුරුවන ආකාරයටම දුර්වල මානසිකත්වයක් සහිත තැනැත්තන් මෙලෙස මායා රෝගයට ගොදුරුවන බව ද මේවා මාධ්‍ය භාවිතය හේතුවෙන් සීඝ‍්‍රයෙන් පැතිර යන බව ද හෙතෙම පෙන්වාදෙයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාසල් දරුවන් තොග පිටින් ලෙඩ කරන සමූහ මායා රෝගය?
විජිත Friday, 27 February 2015 02:58 PM
ලිපිය ගොඩක් වටිනවා. (නදී)