පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකු විසින් පදවන ලද ඩිෆෙන්ඩර් රථයක හැපී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 15ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මියගිය සංවේග ජනක පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පොලිස් පරීක්‍ෂකවරයාගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් දැරුවත් මියයන තුරුම ඔහු සිහිසුන්ව සිටි බව පොලිස් රථවාහන කොට්ඨාසය හා මාර්ග ආරක්‍ෂාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
මේ මෙරට සිදුවූ පළමු රිය අනතුර නොවේ. එමෙන්ම මෙය අවසාන රිය අනතුර ද නොවිය හැකිය. එහෙත් මෙම රිය අනතුර විශේෂ අවධානය යොමු කළ යුත්තකි. ඒ මෙරට සල්ලිකාර පුතුන් හරහා ප්‍රකාශයට පත්වෙමින් තිබෙන භයානක ප්‍රවණතාවක් පෙන්නුම් කරන හෙයිනි.
පොලිස් පරීක්‍ෂකවරයා ගැටුණු ඩිෆෙන්ඩර් රථය ධාවනය කර තිබෙන්නේ පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකු බව කියැවෙයි. ඔහු තවමත් රිමාන්ඩ් භාරයේ පසුවෙයි. එම ජීප් රථයේ සහ ඊට පසුපසින් ගිය ජීප් රථයේ හත්දෙනකු ගමන් කර ඇත. ඒ අතර විපක්‍ෂයේ මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු, කොළඹ නගර සභා එජාප මන්ත්‍රීවරයකු සිටි බව වාර්තා වී තිබේ.
පොලිස් නිලධාරියා ඩිෆෙන්ඩර් රථයේ ගැටුණු පසු කිසිවක් නොවූ පරිද්දෙන් එම රථය ඉදිරියටම ධාවනය කර ඇත. පිටුපසින් පැමිණි ප්‍රාඩෝ රථය ද නොනවත්වා ධාවනය කර තිබේ. යම් හෙයකින් ඔවුන් යුහුසුළු වූයේ නම් පොලිස් පරීක්‍ෂකවරයාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් තිබුණු බවට පළවන මතය ද බැහැර කළ නොහැකිය.
එහෙත් ඩිෆෙන්ඩර් රථයේත් ප්‍රාඩෝ රථයේත් ගමන් කළ සල්ලිකාර පුතුන්ට එබඳු මානුෂීය හැඟීම් තිබී නැත. සමාජ වගවීමක් පුරවැසි වගකීමක් තිබී නැත. ඒ ඇතැම්ව්ට මත්පැන්වලින් හා මත්ද්‍රව්‍යවලින් ඔවුන්ගේ සිහිය විකල්වී තිබූ නිසා විය හැකියැයි කියන්නටද පුළුවන. එහෙත් ඒ සල්ලිකාර පුතුන්ට තමන්ගේ මනදොළ සපුරා ගැනීමට පුරවැසියන් බිල්ලට ගැනීමට අයිතියක් නැත.
අනතුර සිදුවන්නේ අලුයම 4.30ට පමණය. එම සල්ලිකාර පුතුන් රැය පහන් වනතුරු රාත්‍රී සමාජ ශාලාවල ඩෙඟා නටා යළිත් නිවෙස් කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව ද පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. අනතුර කර පලාගිය පුතුන් ජීප් රිය සඟවා තැබීමට ද කටයුතු කර තිබේ.
සියල්ලෙන් අනාවරණය වන කාරණයක් තිබේ. ඒ මේ සල්ලිකාර පුතුන්ට රටේ නීතිය සම්බන්ධයෙන් කිසිදු බියක් හෝ තැකීමක් නැති බවය. ඇතැම්විට ඒ හයිය ඔවුන් වෙත එන්නේ ඔවුන්ගේ සල්ලිකාර පියවරුන් හරහා විය හැකිය. ඒ පියවරුන් සතුව ඇති මුදල් බලයත් නිල බලයත් දේශපාලන බලය හා සබඳතා හරහාත් තමන්ට නිදුක්ව නිරෝගීව සිටීමට හැකිවනු ඇතැයි ඒ පුත්‍රයන් කල්පනා කරන නිසා විය හැකිය.
මෙය බරපතළ සමාජ ව්‍යසනයක් බව අවධාරණය විය යුතුය. මුදල් යහමින් තිබෙන විට ගත කළ හැකි ජීවිතයක් රටේ තිබේ. කැසිනෝහල් ද, රාත්‍රී සමාජ ශාලා ද විවෘතව තිබෙන්නේ ඒ වෙනුවෙනි. මේ සල්ලිකාර පුත්තු ඒවායෙහි සිට මනදොළ සපුරා ගනිති. අපට ඒ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාවක් නැත. එහෙත් විරෝධයක් ඇත. විරෝධය ඒ සල්ලිකාර පුතුන් ඒ වෙනුවෙන් පුරවැසියන්ගේ ජීවිත බිලිගැනීම හා රටේ නීතියට අභියෝග කරමින් කටයුතු කිරීම වෙනුවෙනි.
මියගිය පොලිස් පරීක්‍ෂකවරයා තිදරු පියෙකි. ඒ දරු තිදෙනාට අද තාත්තා නැත. ඒ දරුවන්ගේ අම්මාට අද සැමියෙක් නැත. ඒ අම්මා අද දරු තිදෙනා සමඟ මහ පොළොවේ අසරණව සිටින්නීය. සල්ලිකාර පුතුන්ගේ යක්ෂාවේෂයේ තරම එපරිදිය. මේ බිලිගැනීම් මෙතැනින් නතර නොවනු ඇත. පුරවැසියන් කී දෙනෙකුගේ ජිවිත ඔවුන් තව බිලිගනු ඇද්ද?
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කළ හොඳ වැඩක් අගය කළ යුතුව තිබේ. ඒ මෙම ඩිෆෙන්ඩර් අනතුරෙන් පසු රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිත ප්‍රදේශවල රාත්‍රි කාලයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා පොලිසියට නියෝග කිරීමය. එම නියෝගයෙන් දින දෙකකට පසු රාත්‍රී දෙකකදී බීමත් රියැදුරන් 527දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මේ සල්ලිකාර කඩප්පුලියන් දමනය කිරීමට එය වැදගත් උපක්‍රමයකි. බලපෑම්වලට මෙල්ල නොවී එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිත ප්‍රදේශවල රාත්‍රි කාලයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන මේ පොලිස්පතිවරයාට මේ සල්ලිකාර කඩප්පුලියන් දමනය කිරීමට හැකි වේද, බලපෑම්වලට, මුදලට, බලයට මෙල්ල නොවී..
දැන්වත් මොන පක්ෂයක වුවත් ගුණධර්ම ගරුකරන වැදගත් පුද්ගලයන්ට පමණක් ඡන්දෙ දෙමු. කාලකන්නින්ට ඡන්දෙ නොදෙමු.
මේ ඩිෆෙන්ඩර් රථ කොහොමද නිල කටයුතු වලින් බැහැරව අනිසි පුද්ගලයන් විසින් අවේලාවේ භාවිතා කර තිබෙන්නේ ? වාර්තාකරු කියන ලෙසට අනතුරින් පසු මේ අය ක්‍රියාකර කර තිබෙන මුරුග ආකාරයට. කොළ නැති ගහම මේ අයට අයිති වෙන්නම ඕනේ ..
රටේ නිතිය ශක්තිමත් මදි. ඇත්තටම අපේ රටට මේ යන විදියට ගියොත් මෙදපෙරදිග වගේ තද නීති ගෙන්න ඕන. නිතිය කටත් සාදාරන වෙන්න ඕන එක හා සමානව. අඩුම තරමේ ඔය ඩ්‍රයිව් කරපු කෙනාගේ ලයිසන් එකවත් කැන්සල් කරාද ? නැනේ . මේ දේසපළුවො ඉන්නකම් මේ ලස්සන පුංචි රට හදන්න බැ. ඉස්සෙලම මුන් ඔක්කොම ඊලග චන්දෙන් එලවල දන්නා ඕන.
මේ කාලකන්නි දරුවන්ගේ තාත්තලට හිතුහැටියේ ඉගිල්ලිලා යන්න දීල තියන වාහන මුන් කොහොමද 'නිඝ්ට් ච්ලුබ් වලට අරන් යන්නේ ..ඉස්සෙල්ලම අන්න ඒ වාහනේ අයිතිකාරයාව අර්රෙස්ට් කරන්න ඕනේ..
අනතුරක් නොදැන පලායාම යටතේ අනිත් වාහනේ අයට නඩු දාන්න බැරිද?
" එහෙත් ඩිෆෙන්ඩර් රථයේත් ප්‍රාඩෝ රථයේත් ගමන් කළ සල්ලිකාර පුතුන්ට එබඳු මානුෂීය හැඟීම් තිබී නැත." මොකද මුන්ගේ තත්තල සල්ලි හම්බ කරලා තියෙන්නේ මහජන මුදල් කොල්ල කාලා නිසා. ඔය ඩිෆෙන්ඩර් සෝදිසි කරලා බලන්න ගොඩක් ඒවා හොර ලියාපදිංචි ඒවා
කෝ වාහනය හිමිකරුට විරුද්ධව ගත ක්‍රියා මාර්ගය ? ඔවුන්ට විරුද්ධව ගන්න විනය ක්‍රියා පටිපාටිය මොකක්ද ? නීතිය මෙසේ අවභාවිත වෙනවා නම් හැම කෙනාම තමුන්ට රිසි සේ ජීවත් විය හැකිය.
රටේනිතිය අනුවම මේ බේබද්දන්ට නීතිය අනුව කටයුත˛කරන්න බයද... ඔය ඇමතිලා මන්තිරිලගේ පුත්තු කියන එවුන්ට තියෙන්නේ පුදුම උණක්... ඔක්කොම මිණී මරාගෙන කන නිට්ටෑවෝ වාහන පදවන එවුන්ට.., නීතිය අනුව දඞුවම් මේ අසමජ්ජාති හැත්තට ලබා දෙන්නම ඕනි... දැන් අපි බලා සිටිමු අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා... හෙට දවසේ මෙවැනිම වූ තවත් මිනිස් බිල්ලකට, ගොදුරකට පාදඩ දේශපාලනයට ඉඩක් නොතබා ඡන්දයකින් හෝ මල මිනියකට ලැබෙනා අවැඩදායක උසස්වීමක නිල නාමයකින් සටන හමාර නොකරමු. එමනිසා මින් මතු මේ පාදඩ රටේ, පාදඩ දේශපාලනයට තිත තැබිය යුතු කාලය උදාවී ඇති බව සමස්ත රටේ ජනතාව අවබෝධ කොට ගත යුතුයි. ඉදිරි තීරණාත්මක මැතිවරණයේදී සියල්ලෝම ඒ සඳහා සූදානම් වෙත්වා. සමස්ත පොලිස් ප්‍රජාවත්... සියළුම ආරක්ෂක අංශත්.... රටෙ මුලු මහත් ජනතාව හා ඒකරාශීව මේ රට නංවමු. දේශපාලන සංස්කෘතියක් බිහි කරලීම සඳහා අත්වැල් බැඳගත යුතුයි..
ඉහත "සපුමල් " නමින් ලියා ඇත්තේ මෙහි නිතර ලියන සපුමල් වෙන්න නම් බැහැ.