දළුකාන හා පොල්ලෙබැද්දේ ආදී වාසී පවුල් 60කට වැඩි ප්‍රමාණයක් වෙසෙති.
දළුකාන නායක ඌරුවරිගේ හඳුනා (84) පොල්ලෙබැද්දේ නායක තලා බණ්ඩාරලාගේ ගෝබා (86) ආදී වාසීන්ට නායකත්වය දෙති.
මෙම ආදි වාසීහු උපතේ සිට මරණය දක්වා නෑ යකුන්ගෙන් සිදුවන අපල උපද්‍රව වෙනුවෙන් කිරිකොරහ නටති. කොළ අතු එල්ලාගෙන පොරව කරේ තියාගෙන වංගෙඩිය මත කිරි බඳුනක් තබා මෙම යාගය ඉමහත් ගෞරවයෙන් සිදුකරති.
ප්‍රාථමික ඇදහිලිවලට නැඹුරු වී සිටියත් පොල්ලෙබැද්දේ හා දළුකානේ ආදීවාසීන් ජංගම දුරකථන හා වෛවර්ණ ඇඳුම් පැළඳුම් භාවිතය ආදියට පුරුදුවී සිටිති.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd