(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
තමන්ට ලැබෙන වරප‍්‍රසාද ප‍්‍රතික්ෂේප කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ජීවත් වන රටවලූත් ලෝකයේ නැතුවා නොවේ. එම රටවල් බෙහෝමයක් ධනවත් රටවල්ය. අන්ත දුප්පත් රටවල මන්ත‍්‍රීවරුන් තමන්ට හිමි වරප‍්‍රසාද කලින් කලට දෙගුණයෙන් තුන් ගුණයෙන් වැඩි කර ගන්නා විට ධනවත් රටවල මන්ත‍්‍රීවරු තිබෙන වරප‍්‍රසාදත් එපා කියති.
විශේෂයෙන් දකුණු ආසියානු හා අපි‍්‍රකානු රටවල මන්ත‍්‍රීවරුන් තම වරප‍්‍රසාද ගොඩ වැඩි කරගන්නා විට යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල මන්ත‍්‍රීවරු තියෙන වරප‍්‍රසාදත් අඩු කරති.
ඒ සඳහා ආසන්නම උදාහරණය ලැබෙන්නේ ප‍්‍රංශයෙනි. ප‍්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ එක් පොරොන්දුවක් පසුගිය ජුලි 28 වැනි දා පාර්ලිමේන්තුවේ වැඩි ජන්ද 372 කින් සම්මත කර ගැනීමට සමත් විය.
එනම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ඇමතිවරුන් ,හා සෙනට් සභිකයින්, නගරාධිපතිවරුන් යන අයට තම පවුලේ සමාජිකයින්, ඥාතීන් ,හිත මිතුරන් තමා යටතේ සේවයට බඳවා ගැනීමට අවසර දී තිබූ අණ පනත් අහෝසි කිරීමය. මේ අනුව මින් පසු ඔවුන්ගේ පවුලේ හෝ වෙනත් කිසිම ඥාතියකුට ඔවුන් යටතේ සේවය කිරීමට තිබු අවස්ථාව සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
මෙම තහනම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය ද වැඩි ඡන්දයෙන් ප‍්‍රංශ පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මින් පෙර ප‍්‍රංශ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෝ ඇමතිවරයකුට තම පවුලේ සමාජිකයින් (බිරිඳ,සැමියා,දරුවන්,ඥාතීන්) 5 දෙනෙකු තමන් යටතේ සේවයට බඳවා ගැනීමට නීතිමය හැකියාවක් තිබිණි.
සෙනෙට් සභිකයකුට එය තිදෙනකු දක්වා සීමා කර තිබිණි. එම නීතිමය වරප‍්‍රසාදයට ආවරණය වෙමින් බොහෝ මන්ත‍්‍රීවරු ඇමතිවරු තම පවුලේ සාමාජිකයන් සේවයට බඳවා ගත්හ.
ප‍්‍රංශ නීතියට අනුව ඕනෑම කෙනකු සේවය කළයුතු උපරිම කාල සීමාවක් තිබේ. එය සතියකට පැය 35කි. ඔවුන්ද එම නීතියට යටත්වේ. එබැවින් ඔවුන්ටද වැටුප් පතක් මාසිකව නිකුත්වේ. ඔවුන්ගේ වැටුප් ගෙවනු ලබන්නේ පාර්ලිමේන්තුව විසිනි.
නව ව්‍යවස්ථා සංශෝධනයෙන් එය සපුරා තහනම් කරන ලදී. ඊට අමතරව වෙනත් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක තනතුරක් දැරීම හෝ එහි කොටස් කරුවකු වීම, උපදේශකයකු ලෙස සේවය කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
ඒ සමගම මන්ත‍්‍රීවරයකුට හා සෙනෙට් සභිකයකුට හිමි මාසික ප‍්‍රතිපාදනවල අයවැය සම්පූර්ණයෙන්ම විනිවිද විය යුතුය. උදාහරණයක් ලෙස ආපන ශාලාවකින් මිලයට ලබා ගන්නා ආහාර වේලක ලදු පත පවා ඉදිරිපත් කළ යුතුය. එම මුදල් එකම බැංකුවක තැන්පත් කළයුතු අතර අවශ්‍ය ඕනෑම වේලාවක එම ගිණුම් පරික්ෂාවට භාජනය කළ හැකි ක‍්‍රමවේදයක්ද සකසා තිබේ.ඒ අනුව මන්ත‍්‍රීවරයකුට හා සෙනෙට් සභිකයකුට මාසික ප‍්‍රතිපාදන ලෙස පිළිවෙලින් යුරෝ 5373ක් (රුපියල් 965 000ක්) හා යුරෝ 6110ක් ( රුපියල් 1 099 000ක්) ලෙස ලැබේ. ඉහත නීති මාලාවන් උල්ලංඝනය කරන අයකු වසර තුනක අවම සිර දඬුවමකට හා යුරෝ 45000ක ( රුපියල් අසූ එක් ලක්ෂයක් ) දඩයකට යටත් වන්නේය.
මෙම වරප‍්‍රසාද අවභාවිතා කර ඇති බවට ප‍්‍රථම හෙළිදරව්ව කරලියට පැමිණියේ පසුගිය ජනාධිපතිවරණය ආරම්භයේදීය. හිටපු අගමැතිවරයකු එහි ප‍්‍රථම ගොදුර විය.
වරප‍්‍රසාද අයුතු ලෙස භාවිතා කළ බවට චෝදනා ලත් හිටපු අගමැති හා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ප‍්‍රංශුවා පියොන් මහතාට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
සහාකාර ලේකම්වරියක ලෙස තම බිරිඳ සේවයට අනුයුක්ත කර වැටුප් ලබා ඇතත් කිසි දිනක එවැනි රාජකාරියක් නොකර වැටුප් ලබා ගෙන ඇති බවට සාක්ෂි සමගම ප‍්‍රංශයේ පළවන”කැනා ඔන්චෙනේ” සතියේ බදාදා දිනයේ පළවන පුවත්පත හෙළිදරව් කළේය.
ඒ සමගම තම දරුවන් දෙදෙනකුද සේවයට බඳවා වැටුප් ලබා ගෙන ඇතත් කරනු ලැබූ සේවයක් නොමැති බව සවිස්තරාත්මකව ඉහත පුවත්පත පෙන්වා දුන්නේය. ‘කැනා ඔන්චෙනේ ‘ යනු අගමැතිවරුන්, ඇමතිවරුන්, මන්ත‍්‍රීවරුන් ගෙදර යවන පුවත් පතකි. ඉහත සිදුවීම ඔහුගේ ජනාධිපති වීමේ සිහිනයද බොඳ කළේය.
පසුගිය රජයේ අවසාන කාර්තුවේ අභ්‍යන්තර ආරක්ෂක ඇමති, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක බෘනෝ ලේ රූ මහතා ඇමති තනතුර බාර ගෙන මාස හතරකින් ඉල්ලා අස්වී ගෙදර යෑමට සිදු වූයේද එවැනිම සිදුවීමක් ඉහත පුවත් පත විසින්ම කළ හෙළිදරව්වකිනි. බෘනෝ මහතාගේ දියණියක් බෙල්ජියම් සමාගමක පුහුණු පාඨමාලාවක් හදාරන අතරතුර ඔහු යටතේ සේවය කළ බවටත් වැටුප් ලබා ගෙන ඇති බවටත් එල්ලවූ චෝදනාව විය.
ඒ සමඟම නව ලිබරල් පක්ෂයේ උප සභාපති හිටපු යුරෝපා කටයුතු ඇමති මෙරියෙල් ඩෙ සාර්නේස් මහත්මියට යුරෝපා පාර්ලිමේන්තුවේ සේවය කළ සමයේ ලේකම්වරුන් දෙදෙනකු සේවය කරන බව පෙන්වා වැටුප් ලබා ගෙන ඇති බවට චෝදනාවක් එල්ලවිය.ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර ඒ හේතුවෙන් ඇයට ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමට ද සිදු විය. එම සිදුවීමත් සමඟම එම පක්ෂයේ සභාපති හිටපු අධිකරණ ඇමති ප‍්‍රංශුවා බයරූ මහතාද ඉල්ලා අස් වූයේය.
ඔහුට කිසිම දූෂණ චෝදනාවක් තිබුණේ නැත.එනමුදු තම පක්ෂයේ උප සභාපතිට එරෙහි මුල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණයක් සිදුවන බැවින් ඇමති තනතුර දැරීම සුදුසු නැත යනුවෙන් ප‍්‍රකාශ කරමින් ඔහු ඉල්ලා අස් විය. මෙම සිද්ධීන් ප‍්‍රංශ ජනතාව කුළ කලකිරීමක් ඇති කිරීමට ද හේතු විය.ඉහත සියලූ දෙනාටම මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා ගොනු කර ඇති අතර මෙම සිදුවීම් අද අධිකරණය ඉදිරියේ දිග හැරෙමින් පවතී.
මින් ඇතැම් සිදුවීම් ඉහත ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රබල ලෙස බල පෑවේය. ඉහත සංශෝධන හේතුවෙන් අති විශාල මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ඉතුරු වන බව ජනාධිපතිවරයා පසුගියදා පෙන්වා දුන්නේය.ප‍්‍රංශයේ ජනගහනය ආසන්න ලෙස කෝටි 67කි. එම පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 577කි.
ඔවුන් අතර කාන්තාවෝ 224 දෙනෙක් . ඉංජිනේරුවෝ 124 දෙනෙක් . ගුරුවරු 61 දෙනෙක් , රාජ්‍ය සේවකයෝ 59 දෙනෙක් , සමාගම්කරුවෝ 47 දෙනෙක් , විශ‍්‍රාමිකයෝ 41 දෙනෙක් , සෞඛ්‍ය අංශයෙන් 33 දෙනෙක් , නීතිඥයෝ 28 දෙනෙක් සිටිති.
එමෙන්ම ගොවියෝ 14 දෙනෙක් , රාජ්‍ය සිවිල් නිලධාරීන් 7 දෙනෙක් , මාධ්‍යවේදීහු 7 දෙනෙක් , විනිසුරුවරු 3 දෙනෙක් ,නොතාරිස්වරු 3 දෙනෙක් , අධිකරණ නිලධාරීහු 6 දෙනෙක් හා එක් ශිෂ්‍යයෙක් එම පාර්ලිමේන්තු සංයුතියට ඇතුළත්ය.
ඇමතිවරුන් 22කි. තමන්ට හිමි වරප‍්‍රසාද ප‍්‍රතික්ෂේප කළේ මෙම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ය. ශ්‍රී ලාංකික අපට එය ඇදැහිය නොහැකිය. එසේ නමුදු එලෙස රටට ආදරය කරන මන්ත‍්‍රීවරුන්ද ලෝකයේ සිටිති. එවැන්නන් අපේ පාර්ලිමේන්තුවේ නොසිටීම අප ජනතාවගේ කරුමයක් නොවන්නේද ?.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රංස රටේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ,
අප මවුබිමේ නම් ඔය කියන ආයතනයේ වැඩිපුරම සිටින්නේ හොර තක්කඩි රැලකි. රටට හෙන හත වැදුනත් කම් නැත අප සිටියොත් ඇති යන නිවට ආකල්පය පෙරමුනුගෙන ක්‍රියාකරන මෙවැනි නිහිනයන් වැඩිපුරම ලංකාවේම සිටීම අබාග්ගයකි.කෙසේවෙතත් මෙම " හැතිකරය " අනේ අපට කිසිම වරප්‍රසාදයක් එපා කියන්නේ කවදද ?? එදාට ඉර නැගෙනහිරෙන් පායා පැය 3,4 කටපසු උතුරෙන් හෝ දකුණෙන් බැසයනු නියත වශයෙන්ම සිදුවෙනු ඇත.
1948 ඉඳන් ලංකාව තාම දියුණු වෙමින් පවතින රටක් වෙලා සහ කෝටි ප්‍රකෝටි ගානක් ලෝකේ වටේටම ණයවෙලා තියෙන්නේ එදා ඉඳන් බිහිවූ දේශපාලුවන් නිසා මිසක් වෙන කවුරුවත් නිසා නෙමෙයි. දේශපාලුවෝ ටික පාට පක්ෂ බේද නැතුව තමන්ගෙන් තම මවුබිමට වෙන්නෝන වගකීම කෙසේවෙතත්, කොයි පැත්තෙන්ද ගාන කඩාගන්නේ කියලයි නිතරම හිතන්නේ වැඩ කරන්නේ. රටේ නුපන් දරුවා පවා ලෝකෙට ණයයි. එත්, මේ අය වැඩ කරන්නේ තමන්ගේ උපරිම සුඛ විහරණය වෙනුවෙන්. තමන් විතරක් නෙමෙයි.., තම පවුලේ උදවිය, ගෝල බාලයෝ, ඥාතීන්, මිතුරන් වගේ හැමෝම රජසැප විඳින්නේ රටේ සම්පත් මේ අයටම ලියලා දීල වගෙයි. ලංකා ඉතිහාසයේම එකම එක දේශපාලුවෙක්වත් ඉන්නවද ඉහත කී වැරදි නොකරපු..? හෝ වැරදිවලට අනුබල නොදීපු..? එනිසා.., රට රටවල්වල වෙන ආදර්ශමත් දේවල් කියා කියා හුල්ලනවා ඇරෙන්න අපට වෙන විකල්පයක් නැහැ.
ඉතාම වටිනා සටහනක්.
බ්‍රිතාන්‍ය අපේ රටට නිදහස් සම්පුර්ණ නිදහස නොදී අඩුම තරමේ වර්ෂ 2000 වෙනකම් වත් අපිව පාලනය කලානම් අපිත් අර හොන්ග්කොන්ග් දේශය, සිංගප්පුරුව, දකුණු කොරියාවේ තරම්වත් දියුණුවක් ලබල , අපේ පක්ෂ විපක්ෂ දේශපාලකයෝ වැඩි හරියක් කරන්නේ හොරකම් , කියන්නේ ගල්පැලෙන බොරු , මෙහෙම ගියොත් අපි තව අවුරුදු කිහිපයකින් අපේ රටේ නම ඉදිරියෙන් ඇති " දියණු වෙමින් පවතින රටක්" යන යන ලේබලය ගැලවී , අර සෝමාලියාව මෙන් "අසාර්ථක අනුන්ගේ ආධාර මත යැපෙන රටක්" යන ලේබලය ලියවෙනු ඇත
මා ජීවත්වන ජර්මනිය සහ ඒ අවට රටවල් බොහොමයක් විශේෂයෙන් බටහිර යුරෝපය මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍ර වාදී ලක්ෂණ රැක ගැනීම පිලිබඳ සාම්ප්‍රදායක් රැකගෙන තිබෙනවා. නිෂ්පාදන ක්‍රියා වලිය හා ජාත්‍යන්තර වෙළඳ පොළ ප්‍රසාරණය කර ගැනීම තුලින් දේශීය දළ ජාතික ආදායම මෙන්ම ඒක පුද්ගල ආදායමද වර්ධනය කර ගෙන තිබෙනවා. එය එසේ කර ගැනීමට හැකිව ඇත්තේ රටට ආදරය කරන මිනිසුන් තමා වෙනුවෙන් නොව රට වෙනුවෙන් දේශපාලනයට පිවිස තිබීමයි. පුද්ගල හැසිරීමේ ගුණාත්මක බව රටේ නිෂ්පාදන වල ගුණාත්මක භාවයට පෙරළා ගැනීම තුලින් ඔවුන් දිනපතාම තම තමන්ගේ රටවල් දියුණුවේ හිනි පෙත්ත කරා ගෙන යමින් ඉන්නවා. මුස්ලිම් අන්තවාදීන්ගේ හිංසාවෙන් බේරීම සඳහා එම රටවලින් පලා ආ සරණාගතයින් මිලියනයක ආසන්න ප්‍රමාණයක් තනිවම බාර ගැනීමෙන් ජර්මනිය මානුෂික පැත්තෙන් විශාල ආදර්ශයක් පෙන්වා දී තිබෙනවා.
ප්රංශයේ ජනගහනය ආසන්න ලෙස කෝටි 67ක් නොව මිලියන 67ක් ලෙස නිවැරදි විය යුතුයි.
ප්රංශයේ මන්තිරිවරු 577 දෙනාගෙන් 474 දෙනෙක්ම තම වරප්‍රසාද අහිමිකරගන්න කැමති වෙලා.. ලංකාවේ මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන්න එක ජනපති කෙනෙක් , එක අගමැති කෙනෙක් , එක ඇමති කෙනෙක් , එක මන්ත්‍රි කෙනෙක් මේ ලෝකේ තියෙන තාක් කල් බිහිවෙන්නේ නැහැ
මේක නම් මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්... විමල් , මහින්ද, රනිල්, රවී, රාජිතලා මේ වගේ දේවල් කරාවිද නේද? ඒ මිනිස්සු කොච්චර පිරිසිදු චරිතද? කොටින්ම කියනවා නම් අපේ රටේ වැඩිපුරම වැරදි කරන්නේ පලි ගන්නේ එෆ්සීඅයිඩී එක... අපේ දේශපාලකයන් නියම ලිච්ඡවි පාලනයක් කරන උදවිය... ඔවුන්ට කිසිම දෙයක් එදා තිබුණෙත් නැහැ. අපේ පාලකයෝ ටික නම් චිරාත් කාලයක් කිසිම අපල උපද්‍රවයක් නැතුව සියලු දෙවියන් රැකදේවා.
ලංකාවේ මොන පක්ෂේ වුණත් දේශපාලකයන් එක පැලැන්තියක් , බොරුවට අපට පෙනෙන්න පාර්ලිමේන්තුවේදී ගහ ගත්තට ,මේගොල්ල එකට කන බොන එකට මගුල් ගෙවල් වල යන පුද්ගලයන් , ඔක්කොම එක්ක එකතුවෙලා කරන්නේ රටේ සාරය උර බොන එක , මේ හොරු මේ රට පාලනය නොකර එංගලන්තෙන් අපිට නිදහස් නොදී රට පාලනය කලානම් අපි ගොඩක් දියුණුවෙලා
ප්‍රංශයේ ඇතුළු යුරෝපයේ ඉන්න මිනිස්සු ඡන්දය දීලා පාර්ලිමේන්තුවට පත්කරලා යවන්නේ උගත්, බුද්ධිමත් අවංක මිනිස්සු , මෙම රටවල මන්ත්‍රී වරුන්ගෙන් 70 % විතර පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙනවා. ප්‍රංශ ජනාධිපතිටත් උපාධියක් තිබෙනවා. ජර්මනියේ චාන්සලර් වරියටත් රසායන විද්‍යා ආචර්ය උපාධියක් තිබෙනවා. ලංකාවේ වෙන්නේ මේකේ අනිත් පැත්තයි. ලංකාවේ පාර්ලිමේන්තුවේ 70% විතර අපොස සාමාන්‍ය පෙළවත් අසමත්, මෙහෙ මිනිස්සු ඡන්දේ ගහන්නේ උගත්කමක් නැති, මැරකම් හොරකම් කරන බොරු කාරයන්ට, එහෙම කළාම රට දිනෙන්දින අගාධයට යන එක පුදුමයක් නොවේ. මිරිස් හිටෙව්වොත් අස්වැන්නට මිරිස් ලැබේ. තල හිටෙව්වොත් අස්වැන්නට තල ලැබේ.