IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාරාදීසයේ ක්ෂේම භූමිය නත්තලට එළිය වෙයි

ලෝකයේ බොහෝ අග නගරයන්හි අලංකාර හා සුප‍්‍රසිද්ධ චතුරශ‍්‍ර, මාවත් හා විශේෂි ස්ථාන බොහෝ විට දැක ගැනිමට ලැබේ. ඒ අතරින් එක්සත් ජනපදයේ ටවුන් චතුරශ‍්‍රය, ලන්ඩන් හී පිකඩලි චතුරශ‍්‍රය, ජර්මනියේ බර්ලින් නුවර කුර්ෆුර්ස්ටෙන්දා මේ මාවත, ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර ලා ග්‍රෙන්වියා මාවත ආදී ස්ථාන ප‍්‍රසිද්ධ ය.

එවැනි ලෝක ප‍්‍රසිද්ධ මාවතක් ප‍්‍රංශයේ අග නුවර පැරීසියේ ද පිහිටා ඇත. එය නමින් ෂොම් සිඑලිෂේ මාවත යනුවෙන් හැදින්වේ. ප්ලූ බෙල් ඇවනිව් දුමෝන්ඩ් ලෙස හැම විට ප‍්‍රංශ භාෂාවෙන් කියැවේ. එහි සිංහල තේරුම ආසන්න ලෙසම ලෝකයේ ලස්සන මාවත යන්නයි.

පැය 24 පුරා  මහජනයා ගෙන් පිරී ඉතිරී පවතින මෙම මාවත දෙපස ලෝකයේ සුප‍්‍රසිද්ධ සුවඳ විලවුන් සාප්පු, මොටර් රථ ප‍්‍රදර්ශණාගාර, ගුවන් සමාගම්, ලිඩෝ සිනමා ශාලාව, පැලැනට් හොලිවුඩ් ආපන ශාලාව, සුප‍්‍රසිද්ධ බැංකු, දියමන්ති වෙළඳසල්, ස්වර්ණාභරණ අලෙවිසල් ආදියෙන් සමන්විතවේ.

ඊට අමතරව ලෝක ධන කුවේරයන්ට අයත් හෝටල්, කැසිනෝ, අති සුඛෝපභෝගී වෙළඳසල් හා වෙනත් බොහෝ දේ වලින් පරිපූර්ණය. මෙම මාවත දෙපස ඇති ගොඩනැගිල්ලක වර්ග අඩියක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ හතකට අඩුවෙන් නැත.

සුප‍්‍රසිද්ධ චතුරශ‍්‍ර දෙකක් යා කරන  මීටර 1910 ක් දිග මීටර 70ක් පළල ඇති මෙම මාවතේ දිනකට හැත්තෑදහසක් පමණ වාහන එහාට මෙහාට ධාවනය වේ. මාවත දෙපස සම්පූර්ණ දිග ප‍්‍රමාණයම ඉතාමත් අලංකාර හරිත වර්ණ තුරු ලතාවෝ මාවත දෙපස සිහිල් සිනිඳු සිලි සිලියේ එහෙට මෙහෙට වැනෙන අතු රිකිලි වලින් බරව මඟ දෙපස යන එන මගීන්ට හිසට සෙවණ සලසයි.

ජූලි 14 වැනි දා ට යෙදී ඇති ප‍්‍රංශ ජාතික දිනය, මැයි 08 වැනි දා ට ඇති දෙවැනි ලෝක යුද ජයග‍්‍රහණයෙන් පසු සිදුවු සමගියේ ස්මරණය, නොවැම්බර් 11 වැනි දා යුද විරුවන් සැමරීම, ප‍්‍රංශයට තෝරා ගන්නා ජනාධිපතිගේ ප‍්‍රථම මහජන පිළිගැනීම, ලෝක පූජිත ප‍්‍රංශ බයිසිකල් සවාරියේ අවසාන වට දහය ධාවනය වීම, වර්ෂ 1998 දී ලෝක පාපන්දු ශූරතාවය හිමිකර ගත් ප‍්‍රංශ කණ්ඩායම තම කුසලානය සමඟ මහජනයාට ප‍්‍රදර්ශනය කිරීම ආදි හා වෙනත් නොයෙක් දේ මෙම මාවතේ සිදුවේ.

දෙසැම්බර් 31 වැනි දා මෙම මාවත තනිකරම හිස් ගොඩකි. සෑම දෙසැම්බර් මසකම ආරම්භ වෙන නත්තල් උත්සව සඳහා ජනවාරි මුල් සතිය දක්වා මඟ දෙපස ඇති සියලූම ගස් සේද වර්ණයේ විදුලි බුබුලූ වලින් සැරසී ඇති සැටි දැකීමත් එක්තරා වාසනාවකි. එම විදුලි පහන් දැල්වීම උත්සවශ‍්‍රීයෙන් පැරිස් නගර සභාව මූලිකත්වයෙන් සිදුවන අතර නළු නිලියන්, ගායක ගායිකාවෝ, මෝස්තර නිරූපිකාවන් මෙහි ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගීවේ.

මෙවර එම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ප‍්‍රථම වතාවට ක‍්‍රීඩකයෙක් වූ ලෝක ජුඩෝ ශූරයා වන ප‍්‍රංශ ජාතික ටෙඞී රෙනේ විසින් විවෘත කරන ලදී. වර්තමානය වන විට අඩු ශක්තියක් දහනය වන විදුලි පහන් මේ සඳහා භාවිතා කරන අතර එවැනි විදුලි බුබුලූ ලක්ෂ අටක් මෙවර යොදා ගෙන ඇත.

මේ සියලූ දෙයින් මෙම මාවත ප‍්‍රංශ ජාතිකයන්ගේ මෙන්ම විදෙස් සංචාරකයන්ගේ ද උපරිම සතුට බෙදා හදා ගන්නා විශේෂ මාවතක් ලෙස හැඳින්වුවද වරදක් නොවේ.

මෙම මාවතේ ආරම්භක හා අවසාන ස්ථාන ෆලස් චාර්ල්ස් ඩිගෝල් එතුවාල් චතුරශ‍්‍රය හා ෆලස් කොන්කෝඞ් චතුරශ‍්‍රය ලෙස හැදින්වේ. කොන්කෝඞ් චතුරශ‍්‍රය ප‍්‍රංශ ඉතිහාසයේ සංකේතාත්මක පියසටහන් සනිටුහන් කළ පෞරාණික අමරණීය ස්ථානයකි. මෙම චතුරශ‍්‍ර‍්‍රය මධ්‍යයේ අති විශාල ඉතිහාසාත්මක වටිනාකමකින් යුත් කුළුනක් සවිකර ඇත. ලේ ඹබෙලිස්ක් ලෙස ප‍්‍රංශ බසින් හැදින්වේ. මෙම කුළුනේ වයස අවුරුදු 3350ක් පමණවේ.

ක‍්‍රිස්තුස් වහන්සේගේ උපතට අවුරුදු 1300 කට ප‍්‍රථම පැරණි ඊජිප්තුවේ සිටි දෙවැනි රම්ශේස් පාරාවෝ බිසවගේ එකල රාජ්‍යයේ හැඩ ගැසීම ගැන සම්පූර්ණ විස්තරයක් පැරණි ඊජිප්තු අක්ෂරවූ ඊඒරෝගිලිප් වචන යොදා ගනිමින් මෙම කුළුනේ සටහන් තබා ඇත. ඊජිප්තුවේ මෙම අක්ෂර වලින් පිරි ශිලා ලිපි බොහෝමයක් කියවා තේරුම් කර ගැනීමට 1822 දී එම රට ගැන ඉතිහාසඥයකු හා පුරා විද්‍යාඥයෙකු වන ප‍්‍රංශ ජාතික ජෝන් ප‍්‍රංශුවා චම්පොලිඔන් සහයවී ඇත. එයට කරන ප‍්‍රතිඋපකාරයක් ලෙස ඊජිප්තු රජය මෙම කුළුන 1836 දී ප‍්‍රංශ රජයට තෑගි කර ඇත.

අද මෙම චතුරශ‍්‍රය වර්ණවත් කරනුයේ එම ඵෙතිහාසික කුළුනයි. මෙම කුළුන මීටර් 22.86 උස ටොන් 227ක් බරය. කුළුන මුදුනේ මීටර 3.5ක් උසැති රනින් ආලේප කළ වැස්මක් සවිකර ඇත.

මාවතේ අනෙක් කෙළවර ඩිගෝල් චතුරශ‍්‍රයද ඒ හා සමානම ඉතිහාස කතාවකට සමානුපාතිකවේ. එය ෆලස් චාර්ල්ස් ඩිගොල් චතුරශ‍්‍රය ලෙස හැඳින්වේ. දැවැන්ත මාවත් 12 කින් විසිරී පැතිර ඇති මෙම චතුරශ‍්‍රය මධ්‍යයේ ද වටිනා කුළුනක් ඉදිකර ඇත්තේය. එය ආර්ක් ඩෙ ටි‍්‍රඔම්ප් යනුවෙන් නම් කර ඇත.

ප‍්‍රංශ යුධ විරුවන් සිහිවීම වෙනුවෙන් පලමුවන නැපෝලියන් අධිරාජ්‍යා විසින් 1806 දී ආරම්භ කල මෙම කුළුන පළමුවන ලූවී පිලිෆ් රජතුමා විසින් 1836 දී අවසන් කොට විවෘත කරන ලදී. මෙම චතුරශ‍්‍ර දෙක යාකරන සරල රේඛාව ෂොම් සෙඑලිෂේ මාවත වේ.

මෙම යෙදුමේද වටිනා අරුතක් සමඟ ආගමික අරුතක සටහනක් ඇත. ප‍්‍රංශ භාෂාවෙන් ෂොම් යන්නෙහි තේරුම සිංහලෙන් ඉතා ආසන්නම ලෙස ගත හොත් ක්‍ෂේම භූමිය යන්නයි. ක්‍ෂේම භූමියක් යනු කිම ? සියලූම දෙයින් ස්වයං පෝෂිත රන්වන් කරලින් බරවූ දස අත හරිත වර්ණයෙන් දීප්තිමත් වූ සියලූ බවභෝග වලින් සම්පූර්ණ සරු සාරවත් වූ කෙත් යායකි. එලිෂේ යනු ඈත අතීතයේ ග‍්‍රීක ශිෂ්ටාචාරයට අනුව හා ග‍්‍රීකයෝ අදහන ලද ආගම්වලට අනුව යහපත් ඇත්තෝ මරණින් පසු පරාදීසයට යන බව පිළිගනිති.

අපේ බුදු දහමට අනුව දිව්‍ය ලෝකයයි. පරාදීසයන් ද වර්ගීකරණයට ලක් කර ඇත. ඒ අනුව පරාදීසයේ හොඳම හා උතුම්ම තැනට කියනුයේ එලිෂේ ලෙසය. අපේ ක‍්‍රමයට තව්තිසා දිව්‍ය ලෝකයයි. මේ අනුව මෙම මාවත පරාදීසයේ ක්‍ෂේම භූමිය යන්න අරුත් ගන්වයි. තව්තිසාවේ ක්‍ෂේම භූමිය යැයි සිතුවාටද වරදක් නැත.  පැරීසියේ පිහිටි පරාදීසයේ ක්‍ෂේම භූමිය පසුගියදා නත්තල සඳහා අලෝකමත්  කළේය.

________-_________ _____-______--____-_______-__ ___-____-____-______-_____-______--____-_______-____ 04 05 06 Avenue-des-champs-Elysees

 

 



අදහස් (0)

පාරාදීසයේ ක්ෂේම භූමිය නත්තලට එළිය වෙයි

අසෝක දහනායක Tuesday, 29 November 2016 01:45 AM

අපි ඉතින් ප්‍රංශයේ ඇවිල්ලා ඔය පාරවල් වල ඇවිද්දට ඕවා දන්නේ නැහැනේ. ඒ ගැන විස්තරයක් ලිව්වට ඔබතුමාට තුති! හරි වටිනවා (නි)

:       0       0

මනෝරි ග්‍රීසිය Monday, 28 November 2016 10:47 AM

සුනිල්ට ස්තුතියි හොඳ ලස්සන කතාවක් . (ම)

:       0       0

සමරසිංහ Monday, 28 November 2016 12:07 PM

පාරාදීසය කොහොමද ? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site