IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පාතාලයට ගිනි අවි සපයන සුරූපිණිය

 කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ආසන්නයේදී හයිබි්‍රඞ් වර්ගයේ කාර් එකකින් පැමිණි සන්නද්ධ කල්ලියක් විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් කෝටිපති ව්‍යාපාරිකයකුගේ දිවි ගැලවී තිබුණේ අනූ නවයෙනි.


කෝටිපති ව්‍යාපාරිකයා ජීවිතය බේරාගත්තත් ඔහු සමග සිටි ඥාති පුත්‍රයාට ජීවිතයෙන් සමුදීමට සිදුවූයේ වෙඩි ප්‍රහාරයේ ගොදුරක් බවට ඔහු පත්වූ නිසාය. 
මේ වෙඩි තැබීම සිදුවූයේ මීට මාස හයකට පමණ කලින්ය. 

09-P-2-BA
කෝටිපති ව්‍යාපාරිකයාගේ අතට පමණක් වෙඩි වැදී තිබූ නිසා ඔහුට රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය. 


වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගිය සාහසිකයින් සොයා පරීක්‍ෂණ ආරම්භ කළත් ඔවුන් ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නම් ලැබුණේ නැත. 
“හයිබි්‍රඞ් වාහනයකින් තුන්දෙනෙක් වෙපන් වගයකුත් අරගෙන යනවා. ඉක්මනට ආවොත් කට්ටියම කොටුකරගන්න පුළුවනි.”


කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියකුට ලැබුණු ඔත්තුවකින් කියැවිණි. 


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම කිරිබත්ගොඩ නගරය බලා පසුගිය 30 වැනිදා පිටත්ව ගියේ අපරාධ කල්ලිය ගිනි අවිත් සමගම කොටුකර ගැනීමටය. 


අපරාධ කල්ලිය ගමන් කරන හයිබි්‍රඞ් කාර් එකේ අංකය පවා ඔත්තුකරු කියා තිබූ නිසා පහසුවෙන්ම කාර් එක හඳුනාගෙන එහි සිටි තිදෙනා ද සමගම කොටුකර ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. 


කාර් එක සෝදිසිකර බැලීමේදී එහි සඟවා තිබූ ටී. 56 ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසින් තුනක් සහ උණ්ඩ 120 ක පමණ තොගයක්ද සොයා ගැනීමට පොලිසියට හැකිවිය. 


පොලිස් කණ්ඩායම අල්ලාගත් ඒ තුන් දෙනාම කැටිව ඊළඟට ගියේ ජාඇල නගරය බලාය. 


එහි ගියේ තවත් වැටලීමක් කිරීම සඳහාය. 


වැටලීම සිදුකිරීමට මග පාදා ගත්තේ අල්ලාගත් තිදෙනා පොලිසියට හෙළිකළ තොරතුරකිනි. 


“අක්කේ අපි ජාඇල ටවුන් එකට ඇවිත් ඉන්නේ. ඔයා බඩුත් අරන් ඉක්මනට එන්න.”


කිරිබත්ගොඩ නගරයේදී අල්ලාගත් තිදෙනා හෝ එක් අයෙක් කාන්තාවකට ඔහු අතේ තිබූ ජංගම දුරකථනයෙන් කතා කර පැවසුවේ පොලිසියෙන් කෙරුණු ඉල්ලීමකට අවනත වෙමිනි. 


දුරකතන ඇමතුම ලබාදී වැඩි වේලාවක් යන්නට මත්තෙන් හැඩකාර ලලනාවක් කුලී ගමන් යන ත්‍රිරෝද රථයකින් පැමිණ එයින් බැස ආවේ ලොකු බෑගයක්ද රැගෙනය. 


පොලිසිය වහා ක්‍රියාත්මක වී ඒ හැඩකාර ලස්සන කාන්තාව අල්ලා ගැනීමට උත්සාහ කරනාවත් එක්කම ඇය එයට විරෝධය පා ඇතැයි කියති. 


“මේ මොකද වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට වැරදීමක් වෙලා. ඇයි මේ මාව අල්ලා ගත්තේ” යැයි රූබර ලලනාව පවසා ඇතැයි කියන්නේ නුරුස්සනා ගතියෙනි. 


ඇයගේ ලස්සන දෑස් නලියමින් තිබී ඇත්තේ ඇතිවූ කෝපය නිසාය. 


“මිස්ගේ බෑග් එකේ වෙපන් එකක් තියෙනවා කියලා දැන ගන්නට ලැබුණා. මිස්ගේ බෑග් එක චෙක් කරන්න ඕනෑ” යැයි කියා කිව්වේ වැටලීම සිදුකිරීමට ආ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් කාන්තාවකි. 


“මේ මොන මළ කෝලමක්ද? මගේ බෑග් එකේ කොහෙන්ද වෙපන්” යැයි කියා කාන්තාව කීවාය. 


“කමක් නැහැ මිස්. අපි බෑග් එක කෝකටත් චෙක් කරලා බලමු. වෙපන් නැත්නම් මිස්ට යන්න පුළුවනි.”


පොලිස් නිලධාරියෙක් එසේ කියා ඇය රැගෙන ආ බෑග් එක සෝදිසි කර බලා ඇත. 


ටී. 56 ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසින් තුනක් සහ උණ්ඩ 120 පමණ තොගයක් ඇය රැගෙන ආ බෑගය තුළ තිබී පොලිසිය සොයා ගත්තේය. 


ගිනි අවිය හා උණ්ඩ තොගය සොයා ගැනීමත් සමගම ඇයගේ කටේ එතෙක් වේලා තිබූ සැර ගතිය පහව ගොස් ඇත. 


ඇය කිසිවක් කර කියා ගත නොහැකිව සිටියාය. 


උගුලකට අසුවූ මුවැත්තියක් සේ සුකුමාල ලලනාව බියෙන් ගැහෙන්නට පටන් ගත් බව පොලිස් නිලධාරීන්ට පෙනී ගියේය. 


“අනේ සර් මම මේ බෑග් එකේ වෙපන් එකක් තියනවා කියා දන්නේ නැහැ. මම මේ කියන්නේ ඇත්තමයි. මගේ යහළුවෙක් මේ බෑග් එක මට දවසක් ගෙදරට ඇවිත් ගෙනත් දුන්නා. කෝල් කරලා මගේ නම කියලා කතා කළාම බෑග් එක ඒ කතා කරන කෙනාට ජාඇල ටවුන් එකට ගිහින් දෙන්න කියා. බෑග් එකේ මොනවාද තියෙන්නේ කියා චෙක් කරලා බැලුවේ නැහැ. මගේ හොඳම යහළුවෙක් ගෙනත් දුන්න නිසා මම බෑග් එක චෙක් කරන්න ගියේ නැහැ. මම එයාව විශ්වාස කළා.”


ඇය පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියේ බොහොම භය පක්‍ෂපාතීවය. එයට එහා දෙයක් කියන්නට ඇයට ඉතිරිව තිබුණේ ද නැත. 


ටී 56 අවියක්, උණ්ඩ 120 ක් හා මැගසින් තුනක්ද සමග පොලිසියට කොටුවී තිබුණේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන රූපලාවණ්‍ය ශිල්පිනියකි. 


ඇයගේ සැමියා වසර 20 ක පමණ කාලයක් තිස්සේ සිට ඉතාලියේ රැකියාවක නිරතව සිටින අතර මේ වනවිට ඔහු ඇයගෙන් වෙන්ව සිටී. 


සැමියා සෑම මසකම රුපියල් 20,000 ක පමණ මුදලක් ඇයට නඩත්තු වශයෙන් ගෙවන බවත් පොලිසියට දැන ගැනීමට ලැබිණි. 


ඇය දෙදරු මවක් වූවාය. 


කිරිබත්ගොඩ ටවුන් එකේදී ගිනි අවියක් සමග පොලිසිය අල්ලාගෙන තිබුණේද පාතාල කල්ලියක සාමාජිකයින් තිදෙනෙකි. 


රූපලාවණ්‍ය ශිල්පිනිය කී කතාව නම් පිළිගන්නට පොලිසිය කිසිසේත් සූදානම් වූයේ නැත. 


පාතාල ලෝකය සමග මේ රූපලාවණ්‍ය ශිල්පිනිය තිබූ සම්බන්ධය ගැන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. 


රූපලාවණ්‍ය ශිල්පිනිය පාතාලයට ගිනි අවි කුලියට සැපයීමේ ජාවාරමක නිරතව සිටින්නියක්ද යන්න ගැන සොයා ගැනීමටද පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි. 


පාතාලයින් තිදෙනා හයිබි්‍රඞ් කාර් එකකින් ගමන් කරමින් සිට ඇත්තේ ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටින කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට බව ඔවුන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී කරුණු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවිය. 


ආඬිඅම්බලම ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මීට මාස හයකට පමණ පෙර කෝටිපතියකුට වෙඩි තබා තුවාල සිදුකර ඔහුගේ ඥාති පුතෙකු ඝාතනය කර පළාගොස් තිබුණේද මේ පාතාලයින් තිදෙනා බව පොලිසිය හෙළිකර ගත්තේ ඔවුන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය. 


පාතාලයින් තිදෙනාගේ ඉලක්කය වී තිබුණේ කෝටිපති ව්‍යාපාරිකයාය. ඔවුන්ගේ ඉලක්කය වැරදී ගොස් අන්තිමේදී මැරුම්කා තිබුණේ ඔහුගේ ඥාති පුත්‍රයාය. 


“එදා අපේ ඉලක්කය වැරදුණු නිසා මේ අක්කාට කතා කර තවත් වෙපන් එකක් ගෙන්වා ගන්න තීරණය කළා. වෙපන් දෙකකින්ම මේ වතාවේ වෙඩි තියලා කෝටිපතියා ඉවරයක් කරලා දාන්න හිතාගෙනයි හිටියේ” යැයි පාතාලයින් තිදෙනා පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇති බව කියති. 


අත්අඩංගුවට ගත් පාතාලයින් තිදෙනා අතරේ සිටි එක් පාතාලයෙක් කොල්ලකෑම්, මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිට අධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටි අයෙකි. 


මීට වසර හයකට පමණ ඉහතදී ගම්පහ මූලස්ථාන පොලිසිය මේ පාතාලයා අල්ලාගෙන ඔහුගෙන් ප්‍රශ්න කර ටී 56 ස්වයංක්‍රීය ගිනි අවි 11 ක්ම සොයා ගෙන තිබිණි. 


රූපලාවණ්‍ය ශිල්පිනිය ඇසුරු කර ඇත්තේ මෙවැනි දරුණු පාතාල කල්ලියක් සමගය. 


කෝටිපතියා මරා දමන්න කොන්ත්‍රාත්තුව රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින පාතාල නායකයකුගෙන් මොවුන්ට ලැබී ඇත. 


පාතාල නායකයාට මේ ඝාතන කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ ද ඔහුත් සමග බන්ධනාගාරගතව සිටින දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගෙනි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳ සමග කෝටිපති ව්‍යාපාරිකයා අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවට සැකකර ඔහු ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ පාතාල නායකයාටය. 


ඒ වෙනුවෙන් ගෙවන ගාස්තුව ලක්‍ෂ 20 ක් බව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැවසීම නිසා පාතාල නායකයාද දෙවරක් නොසිතා වැඬේ බාරගෙන ඇත. 


කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත් පාතාල නායකයා එය ක්‍රියාත්මක කිරීමට පවරා ඇත්තේ ඔහුගේ ගෝලයින් තිදෙනාටය. 
පාතාල නායකයා මේ වැඬේ සගයන්ට පවරා ඇත්තේ ඔහු සගවාගෙන සිටින ජංගම දුරකථනයකින් කතාකිරීමෙනි. 


බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කීම මත ඔහුගේ හිතවතෙකු බව කියන අයෙකු පාතාලයින් තිදෙනාට ලක්‍ෂ දෙකක මුදලක් ලබා දී ඇත. 
හයිබි්‍රඞ් කාර් එකක් කුලී පදනම මත පාතාලයින් තිදෙනා ලබාගෙන ඇත්තේ ඒ මුදලින් කොටසක් යෙදවීමෙනි. 


මේ තොරතුරු සියල්ල හෙළිවී ඇත්තේ අල්ලාගත් පාතාලයින් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය. 


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට කල්තියා ඔත්තුව නොලැබෙන්නට පාතාලයින්ගේ වෙඩි ප්‍රහාරයට මේ වතාවේ කෝටිපති ව්‍යාපාරිකයා ගොදුරු වී මිය පරලොව යන්ට සමහරවිට ඉඩ තිබිණි. 


පොලිසියට කොටුවූ පාතාලයින් තිදෙනාගේ තවත් සගයින් කිහිප දෙනෙකු අත ටී 56 අවි තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන නිසා ඒ සම්බන්ධයෙන්ද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි. 


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය පසුගිය මාස කිහිපය තුළ විවිධ වර්ගවලට අයත් ගිනි අවි 26 ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකැරවන් පිරිසක් ද සමගය. 


අල්ලාගත් අය අතර දරුණු පාතාලයෝ හා කොල්ලකරුවෝ ද සිටිති. 


ගිනි ඇවි සමග මේ සැකකරුවන් අල්ලාගෙන ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වීමෙනි. 


පාතාලයින් තිදෙනා පමණක් නොව සුරූපී රූපලාවණ්‍ය ශිල්පිනියද පසුවන්නේ රිමාන්ඞ් බන්ධනාගාරගතවය. 


අපරාධයක් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවක් සිදු කිරීමට වරක් නොව දෙතුන් වරක්ම සිතා බැලිය යුතු වන්නේ සෑම අපරාධයකම කෙළවර දඬුවමක් තිබෙන නිසාය 


ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරුන් වන ජගත් ෆොන්සේකා සහ ජගත් නිශාන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.එන්.ඕ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂකවරුන් වන වික්‍රමසිංහ, බණ්ඩාර, පොලිස් සැරයන් දාස්ගුප්ත සහ කොස්තාපල් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යති. 

m



අදහස් (0)

පාතාලයට ගිනි අවි සපයන සුරූපිණිය

ෂෙනිත් Tuesday, 12 July 2016 02:14 PM

වැරදි කළොත් කවදා හරි පටිසන් දේවි (බ)

:       0       0

ඉමේෂ් Wednesday, 20 July 2016 03:56 AM

කවදද ඉතින් ඇප අරන් එන්නේ? අායෙත් පරණ වැඩේ පටන් ගන්න? (නි)

:       0       0

ලක්මාල් Friday, 15 July 2016 10:13 AM

ලංකාවේ නීතිය කොතරම් හිදැස් ඇත්තද යන්නේ මේ ලිපියෙන් පේනවා මීට පෙරත් දරුණු ගනයේ අපරාද කර අපරාද කරුවන්මයි නැවත නිදහස් වී මෙවන් අපරාද කරන්නේ. නීතිය දැඩි කරන්න. (ර)

:       0       0

යසපාල Tuesday, 12 July 2016 06:35 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

පී.එම.මොහෙමෙඩ් සාබීර්. Sunday, 17 July 2016 02:01 AM

පොලිස් නිලදාරීන්ගේ මෙම ඉක්මන් ක්‍රීයාකාරකම් ගෙන අපි කවුරුත් ආඩම්බරවියයුතුය. (අ)

:       0       0

අසෝකා Sunday, 17 July 2016 05:23 PM

පොලිසියේ අයගේ මේ දේවල් ගැන අපි සතුටු වුණත් නීතියත් හරියටම ඉෂ්ට වුණොත් අපිට මුළු හිතින්ම සතුටු වෙන්න පුළුවන්. (නි)

:       0       0

රංග පෙරේරා Tuesday, 12 July 2016 11:41 AM

සුබ පතනවා පොලිස් නිලධාරීවරුන්ට (බ)

:       0       0

ජයසිරි Tuesday, 12 July 2016 11:47 AM

අක්කේ අපි ජාඇල ටවුන් එකට ඇවිත් ඉන්නේ. ඔයා බඩුත් අරන් ඉක්මනට එන්න මේ කාටත් කරපු විදියට ඔප්පුවනවා නේද එයා දැනගෙන මේක කරන බව. (බ)

:       0       0

අජිත් Tuesday, 12 July 2016 01:18 PM

අවි ගත්තෝ අවියෙන්ම නසී.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 164 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 119 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 120 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 226 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 326 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1009 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 755 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 358 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site