(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
“මම දරු ප්‍රසූතියටරැගෙන යාමට පෙර සැමියා රෝහලට ඇවිත් මගේ සුව දුක් සොයා බැලුවා. දහවල් දරුවාගේ මුහුණ බලන්න එනවා කියලයි ඔහු පිටත් වුණේ.
මම නිවුන් දරුවන් ප්‍රසූතකර මගේ රත්තරං මහත්තයා එනකම් මග බලාගෙනහිටියා. එහෙත් පොරොන්දු වු පරිදි ඔහු මාව බලන්න ආවේ නැහැ. මම ඔහුගේ දුරකතනයට ඇමතුම් ගත්තත් ප්‍රතිචාරදැක්වූයේ පැහැ. පසුව දැනගන්න ලැබුණා මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක සිදුවු මංකොල්ලයෙදී කොල්ලකරුවන් තැබු වෙඩි පහරක් මගේ මහත්තයාටත් වැදිලා රෝහලට ඇතුලත් කර සිටිනවා කියලා.”
යයි මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණී පාතාල කල්ලි සාමාජිකයින් හා පොලීසියඅතර ඇතිවු වෙඩි හුවමාරුවේදී කොල්ලකරුවන් තැබූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබු මාතර කඹුරුපිටිය මාර්ගයේ පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයාගේ බිරිඳ වන එච්.බී.නිරෝෂා දමයන්ති (31) මහත්මිය පැවසුවාය.
එම සිද්ධියේදී මුහුණට වෙඩි වෑදීමෙන් බරපතල තුවාල ලැබු තෙලිජ්ජවිල, දම්පැල්ල, බෝකටුගහහේනේ පදිංචි ඉන්දික ලසන්ත මානගේ (40) මහතා මේ වන විට ගාල්ල කරාපිටියමහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
ඉකුත් 22 වැනි දින සිදු වු මෙම සිද්ධියෙන් පසු මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයවෙත ඇතුලත්කර සිටි ඔහු පෙරේදා (26) වැඩිදුර ප්‍රතිකාරසඳහා කරාපිටිය මහ රෝහලට මාරු කර යවා තිබුණි.
ඒ මහතා සිද්ධියෙන් තුවාල ලබා මාතර මහරෝහල වෙත ඇතුලත්කරන විට ඔහුගේ බිරිද නිවුන් දරුවන් ප්‍රසූතකිරීම විශේෂ සිද්ධියක් විය.
ඊට අමතරව ඔහුට තවත් පුතුන් දෙදෙනෙකු සිටී. වැඩිමහල් පුතු වන ලසිරු මිනුසර (07) පරදුව ආදර්ශ කනිෂ්ඨවිද්‍යාලයේ 02 වැනි ශ්‍රේණියේඉගෙනුම ලබයි. දෙවැනි පුතු අනුගස රික්ෂාන් (04) තෙලිජ්ජවිල හසර පෙර පාසලේ ඉගෙනුම ලබයි. දියණියක අපේක්ෂාවෙන් සිටියත් ඉන්දික මහතාගේ බිරිඳට මෙවරද ලැබී ඇත්තේ නිවුන් පුතුන් දෙදෙනෙකි.
ඒ අනුව සිව් දරු පියෙකු වු ඉන්දික මහතාගේ බිරිඳ මේ වන විට ඉතා අසරණ තත්වයට පත්ව සිටී. පුද්ගලික බසයේ වැඩ කරමින් එහි ආදායම අනුව දිනකට රුපියල් 1000 ක් හෝ 1200 ක් වැනි වැටුපක් ලැබු ඉන්දික එම මුදලින් දරු පවුලක්ම නඩත්තු කල අයෙකි.
තම බිරිදට තව සුලු වේලාවකින්දරුවකු ලැබීමටසිටින බව දැන ගෙනත් උදෑසන 5.00 ට මාතර රෝහලට ගොස් ඇය බලා නැවත ඔහු රැකියාවට ගියේ එම ආර්ථික අපහසුතා පියවා ගැනීම සදහාය.
මේ වන විට සතියක කාලයක් ගතවී ඇති අතර ඉන්දික තවම රෝහලේය. ඔහුගේ බෙහෙත් වියදම් හා තුන් වේලටම බැලීමට යාමට ගමන් ගාස්තු හා සාත්තුවට ලඟ සිටින අයගේ වියදම්ද දැරීමට සිදුව ඇත්තේ ඔවුන්ටය.
මාතර කද්දුව හරහා කඹුරුපිටියබසයේ හිමිකරු තම සේවකයා වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් එම අවස්ථාවේදීම ලබා දී තිබුණි. ඊට අමතරව ඊයේ (27) එම නිවසට ගිය මාතර විස්සේ කඩේ අධිපති සුගත් නිලන්ත මහතාද ඔවුන්ගේ දුක වේදනාව සැලකිල්ලට ගෙන රුපියල් 10,000 ක මුදලක් හා නිවුන්දරුවන්ට අවශ්‍ය ළදරු උපකරණ මෙන්ම වියලි ආහාර ද්‍රව්‍යද පරිත්‍යාගකරන ලදි.
රජයෙන් හෝ පොලිස්දෙපාර්තමේන්තුවෙන් මේ දක්වා ඔවුන්ට කිසිදු මුදලක් ලැබී නොමැත. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසූ විට කියා සිටියේ ඔවුන් වෙනුවෙන්ද සාධාරණයක්ඉදිරියේදී ඉටු කරන බවයි.
තමන්ට අත්ව ඇති ඉරණම පිලිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූදමයන්ති මහත්මිය මෙසේද කීවාය.
“මම රෝහලෙන් පිටත් වන අවස්ථාවේදී සැමියා බලන්න දැඩි සත්කාර ඒකකය වෙත ගියා. එතකොට තමයි දැනගත්තේ ඔහුට ගොඩාක් තුවාල වෙලා තියෙන බව. ඒ වන තෙක් රෝහල් කාර්ය මණ්ඩලය හා මගේ ඥාතීන් එය වසන් කළා. මොකද මම කම්පනයට ලක්වෙලා දරු දෙදෙනාට කිරි නැතිවෙයි කියලා.
මම සැමියාට නිවුන් පුතුන් පෙන්නුවා. ඔහු යන්තම් එය තේරුම් ගත්තා. වචනයක්වත් කතා කලේ නැහැ.
ගෙදර ආවම ලොකු දරුවන් දෙන්නා අහනවා තාත්තා කොහෙද කියලා. මම හරි අසරණයි. මට කියන්න දෙයක් නැති වෙලා. හැම වෙලේම ඔවුන් අප්පච්චිව බලන්න ඕන කියනවා. සැමියා කවද ගෙදර එයිද කොපමණ කාලයක් ගෙදර ඉන්න වෙයිද කියන්න බැහැ.
මම උසස් පෙල සමත් වෙලා ඉන්නේ. උපකාරක පන්ති යන කාලේ තමයි සැමියා දැන හඳුනාගෙන ඔහු සමග විවාහ වුනේ. සැමියාට ලොකු කාලයක් ගෙදරට වෙලා ඉන්න වෙන නිසා මට රැකියාවක්වත්සොයා ගන්න සිදු වෙනවා. රජයෙන් ඒ සදහා උදවුවක් ලැබෙනව නම් ලොකු පිනක්.
ඒ වගේම මේ පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න. මගේ මහත්තයා මේකට සම්බන්ධ වු කෙනෙක් නොවෙයි. බසයේ රැකියාව කරද්දියි වෙඩි වැදිලා තියෙන්නේ. අද අපි සියලු දෙනාම අසරණ වෙලා.”
පාතාලය පොලිස් සැරයන් වරයකුගේ දිවි උදුරා ගෙන දරු දෙදෙනෙකුගෙන් යුත් පවුලක් අසරණ කළා සේම තවත් දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක්ද කබලෙන් ළිපට ඇද දමා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව ඔබගේ සැමියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. එමෙන්ම අප ඔබතුමියට අපගේ බලවත් කණගාටුව ද ප්‍රකාශ කරන්නෙමු. ඔබතුමියට ලැබුණු වාසනාවන්ත නිවුන් දරු සම්පත, දරුපවුල රැක බලා ගැනුමට ඔබ දෙපලට සියලු සම්පත් ලැබෙවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි. මෙවන් අන්තරාකාරී ගැටළුවකදී සාමාන්‍ය ජනතාවට ඇතිවන හානිය වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉතාම ඉක්මනින් කළයුතු බව අදාළ බලධාරින්ගේ අප ඉල්ලා සිටින්නෙමු.
මේ දෙපලට උදව් කරන්න කැමති කෙනෙකුට උදව් කරන්න හැකිවනු පිණිස , මොවුන්ගේ නම් සහ ගිණුම් අංක පලකරන මෙන් ඉල්ලා සිටිමි.
කුරිරු ත්‍රස්තවාදයට නොදෙවැනි කුරිරු පාතාලය නැතිකරදමන්න දේශපාලකයන් උත්සහ නොගන්නේ ඒ අය පාතාලයෙන් යැපෙන නිසාත් ඔවුන් එකේ හවුල් කරුවනුත් නිසාද ? ඇමතිවරුන්ගේ කතාවෙන්ම ඒක තේරෙනවනේ.
බඩු මිල බදු බර අඩුකරන්නම බැරිනම් අඩුම ගානේ එදාවේල කරන මිනිහට මැරුම් නොකා ගෙදර යන්න හදලා දෙන්න.
ත්‍රස්තවාදය තිබුනේ සීමාමායිම් තුළ... එහෙත් පාතාලයට තැනක් නොතැනක් නැහැ. රටේ පාලකයාගේ ඉඳලා අන්ත හිඟන්නාට යනකන් පාතාලය වැපිරිලා තියෙන්නේ. මේක නවත්තන්න හරි අමාරුයි. මේක ලෝකේ කොහෙත් තියෙනවා. පොඩි හෝ උත්සාහයක් දරනවා නම් එ්ක පටන් ගන්න ඕනේ රටේ දේශපාලකයන්ගෙන්....
කුරිරු ත්‍රස්තවාදයට නොදෙවැනි කුරිරු පාතාලය නැතිකරදමන්න දේශපාලකයන් උත්සහ නොගන්නේ ඒ අය පාතාලයෙන් යැපෙන නිසාත් ඔවුන් එකේ හවුල් කරුවනුත් නිසාද ? ඇමතිවරුන්ගේ කතාවෙන්ම ඒක තේරෙනවනේ
රෝහලින් ටිකට් කපන්න කලින් සැත්කමකුත් කරලම යවන්න.
මම පෞදගලික බස් රියදුරන්ට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඒගොල්ලෝ හප්පලා මරපු දරුපවුල් කීයක් මේ විදියට අනාත වෙන්න ඇද්ද? මට එක රියදුරෙක් පුදුම කතාවක් කිව්වා .. ඒ තමයි මිනිහෙක් හැපිලා තුවාල වෙලා බේරුනොත් විනාසයි...නඩු යන්න වෙනවා. ඒ නිසා හැප්පුනොත් මැරෙන්නම හප්පන්න ඕන කියල.