ලක් ජන හදවත් ගීතයෙන් මුසපත් කළ අමරණීය හඬක හිමිකාරිණිය වූ මහාචාර්ය අමරා රණතුංගයන් ඊයේ (15) අභාවප‍්‍රාප්ත වූවාය.
ශ‍්‍රී ලංකාවේ පළමු සංගීත මහාචාර්යවරිය වූ අමරා රණතුංග මහත්මිය මියයන විට 79 හැවිරිදි වියේ පසුවිය.
දෝන අමරා කස්තුරිආරච්චි නමින් 1939 වසරේ අගෝස්තු මස 22 වන දින හංවැල්ලේ දී උපත ලැබූ ඇගේ පියා දොන් වියෝලිස් කස්තුරිආරච්චි මහතාය. ඔහු හංවැල්ල ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා යි.
දෝන ඇල්පිනෝනා මීගහපොල මහත්මිය ඇයගේ මවයි. ඔවුන්ගේ පවුල සංගීතලෝලී පවුලක් වූ අතර එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැන්නා වූයේ අමරා කස්තුරිආරච්චි දියණියයි.
ඇයට රජයේ සංගීත විද්‍යාලයේ ආරම්භක සිසුවියක් ලෙසින් විශේෂයෙන්, අවුරුදු 12 තරම් කුඩා වයසකදී එහි බාහිර සිසුවියක ලෙස ඊට සහභාගි වීමට ඇයට අවස්ථාව උදාවී ඇත්තේ ද එවක පටන් ඇය සතුවූ සුවිශේෂී සංගීත කුසලතාව හේතුවෙනි.
ඉන් පසුව ඇය ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයට ඇතුළත් වී වැඩිදුර සංගීතය හදාරා ඇත.
කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරියක්, මහාචාර්යවරියක් ලෙස කටයුතු කළ ඈ ගුරුවරියක ද වූවාය.
.
අමරා රණතුංග මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථිර ආචාර්යවරියක් ලෙස එක් වූයේ 1964දීය. කලක් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රීය සංගීතය පිළිබඳ ආචාර්යවරියක ලෙස ද කටයුතු කළ ඇය එහි සිටිමින් ලංකාවේ ජන ගී, ශාන්තිකර්ම පිළිබඳව බටහිර ජාතිකයින් දැනුවත් කළාය.
ශ‍්‍රී ලංකාවට පැමිණි පසු ඇය යළිත් කැලණි විශ්ව විද්‍යාලයේ අංශ ප‍්‍රධානි තනතුරක්ද ලබමින් ලංකාවේ මුල්ම මහාචාර්යවරිය ලෙස පත්වීමක් ලැබුවාය. ඒ 1995දීය. කාන්තාවකට මහාචාර්ය තනතුරක් ලැබීමට හැකියාවක් නැති බවට සරසවි ක්ෂේත්‍රයේ ගොඩනැගී තිබූ ආකල්ප තමා කඩා බිඳ දැමූ බව එවක ඇය ප‍්‍රකාශ කළාය.
ඇය සමඟ සරසවියේ ස්ථිර පත්වීම් ලද අය අතර පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන් හා ශාන්ති ගීතදේවද වූහ. කැලණිය විශ්වවිද්‍යාලයට ගායන අංශයක් ආරම්භ වූයේද මහාචාර්ය අමරා රණතුංගයන්ගේ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
දයාරත්න - අමරා යුවළ සංගීත ක්ෂේත‍්‍රයට පිවිසියේ ගුවන්විදුලියේ ළමා පිටියෙනි. එවක අමරා කස්තුරිආරච්චි වූ ඈ ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය දයාරත්න රණතුංග සමඟ මීට පස් වසකට ඉහතදී විවාහ වූ ඉන් අනතුරුව අමරා රණතුංග වූවාය. ඇය තිදරු මවකි.
අමරා - දයාරත්න යුවළ එක්ව ගැයූ ගීත මෙන්ම ඔවුන් කේවල වශයෙන් ගායනා කළ ගීත කිහිපයක්ම ජනප‍්‍රියත්වයට පත්ව තිබේ.
‘සපුමල් සුවඳක් සේ’ , ‘සැළලිහිණියෝ නුඹ දන්නෙ නෑ’, ‘එක කිරුළක්’, ‘මහ රෑ යාමේ’, ‘රාධා ක‍්‍රිෂ්ණා’, ‘ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ’, සඳක් සදිසි ළඳක් නොවෙ ද ලැසි ගමනින් එන’, ‘පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා’, ‘පේ‍්‍රම කතාවක චරිත දෙකක් අපි’ ආදී ගීත ඒ අතර වේ.
දයාරත්න අමරා යුවළගේ පුතුන් දෙදෙනා පුලස්ත ඉන්දික, නන්දිත සාරද සහ දියණිය කුමුද්මතී දීපශිකාද, ලේලිය සධානා රණතුංගද සංගීතයට නැඹුරුවූවෝය.
ඒ සියල්ලෝ සංගීත විශාරදවරු වෙති. ඔවුන්ගේ මුණුබුරන් දෙදෙනා වනඔසද චමිත් සහ සහිෂ අරුන් ද ගී ගයති.මහාචාර්ය අමරා රණතුංග ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කර ඇති මෙහෙවර අනුපමේය වේ.
‘මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන
පාර අසාගෙන
ආවෙමි අඳුරෙම ඔබව සොයා....’ කියන්නට ඇය යළිත් නොපැමිණෙනු ඇත.
‘දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා’ කියන්නට දයාරත්න රණතුංගයන්ට සිටි ආදරවන්තිය අද ඔහු තනිකර යන්නට ගොසිනි.
‘ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා....
කියන්නට තවත් භවයකදී ඔහුට ඇය හමුවනු ඇත. ඒ භවයේදීත් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් මෙන්ම ලෝක සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් විසල් මෙහෙවරක් කරන්නට ඔවුන්ට හැකිවේවා යන්න අපේ පැතුමයි.
අභාවප‍්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ‍්‍රහස්පතින්දා (18) සිදු කිරීමට නියමිතය.
මහාචාර්ය අමරා රණතුංගයනි,
ඔබට සුබ ගමන් !
සටහන - ඩයනා උදයංගනී
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිහඬ වූ අමරණීය හඬ
jayath Tuesday, 16 October 2018 08:15 AM
සත්‍ය වශයෙන්ම යුගයක අවසානය . දැන් එෆ් එම් චැනල් වල මරලතෝනි දෙන පරපුටුවන් අතර අමරා අමරණීයයි . ඒ ශෝකී ගීතරාවය සදහටම නිහඬ උනත් ඔබ මේ රටට කල සේවය අමරණීයයි . ඒ වගේම දයාරත්න රණතුංග මහතාටත් දීගායු පතනවා !
Kumari Tuesday, 16 October 2018 12:16 PM
ඔබට නිවන් සුව
sopi Tuesday, 16 October 2018 01:57 PM
මෙතරම් සංගීත ඥානයක් හිමිව තිබු ඔබතුමියට නිසි ඇගයීමක් අප සමාජය ලබා දුන්නාද? පතමි මොක් සුව .... !! හද පිරි සොවින් ......
ධම්ම Tuesday, 16 October 2018 02:14 PM
ඔබට නිවන් සැප ලැබේවා ගුරුතුමියනි!
විශුමික විදුහල්පති. තලමිපිටිරෙ රතනසාර හීමි කුරුණෑගල 0778313013 Tuesday, 16 October 2018 09:52 PM
ඉන්දී යා වෙ බරණැස හින්දු යුනිවසිටියෙ ඉගෙනුමට දීපශිකා ඉගෙනුම ලබද්දී සමීපව හදුනාගත් ආදරණීය ගායිකා මෑණියනි ඔබට නිවන් සුව.
thissa Wednesday, 17 October 2018 05:25 AM
ලක්මවගේ පිනට පහල උණු දියණියනි සසර ගමන ඔබේ මෙවන් දුකක් නොවේවා !!!
damayanthi peiris Wednesday, 17 October 2018 07:03 AM
නිවන් සුව පතමි.
janatha anura Thursday, 18 October 2018 09:36 AM
ඒ ශෝකී ගීතරාවය සදහටම නිහඬ උනත් ඔබ මේ රටට කල සේවය අමරණීයයි. ඒ වගේම දයාරත්න රණතුංග මහතාටත් දීගායු පතනවා!
chathura Friday, 19 October 2018 07:39 AM
නිවන් සුව...!