IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නුවරඑළිය නගරයේදී ඇල්ලූ පොලිස් කත පොලිසියේදී පිරිමියෙක් වෙලා

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියාගේ උකුසු ඇස නිසා පොලිසියට කොටුවෙයි. චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍යයක පොලිස් කාන්තාවක් විදිහට රඟපෑමට අවස්ථාවක් ලබාගන්න පුහුණුවීමක් කළා. සැකකරු පවසයි.

12_NIM_P_7
රාජ්‍ය බුද්ධි අංශයේ නුවරඑළිය ඒකකයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් නුවරඑළිය නගරයේ තිබෙන සැලුන් එකකට ගියේ කොණ්ඩය කපාගෙන ඒමටය. 


ආ කාරිය ඉටුකරගෙන සැලුන් එකෙන් එළියට බසිද්දීම රාජ්‍ය බුද්ධි අංශයේ කොස්තාපල්වරයාගේ නෙත එක්වරම ඇදී ගොස් තිබෙන්නේ ඒ අසල කඩයකට පැමිණ චුයින්ගම් එකක් මිලදීගෙන කටේ දමාගත් පොලිස් කාන්තාවක් වෙතය.


පොලිස් කොස්තාපල්වරිය සිය නිල ඇඳුමේ උඩුකය කොටසේ ඉහළින්ම තිබෙන බොත්තම දමාගෙන නොමැති බව බුද්ධි අංශයේ කොස්තාපල්වරයාගේ නෙත ගැටී තිබෙන්නේ අහම්බයෙන් වාගේය.


-නංගී ඔයාගේ යුනිෆෝම් එකේ උඩ බොත්තම දාගෙන නැහැ” යැයි පොලිස් කොස්තාපල්වරයා පොලිස් කොස්තාපල්වරියට පවසා ඇත්තේ පොලිස් කොස්තාපල්වරියකට එහෙම සිටීම නොගැළපෙන නිසාය.


එය පෙන්වාදීම ගැන පොලිස් කාන්තාව පොලිස් කොස්තාපල්වරයාට ස්තූතිය පුදකිරීමටද අමතක නොකළාය.


බුද්ධි අංශ  නිලධාරියෙකුට තිබිය යුතුම උකුසු ඇස, තීක්ෂණ බුද්ධියද රාජ්‍ය බුද්ධි අංශයේ මේ පොලිස් කොස්තාපල්වරයාටද නොවඩුව තිබිණි.


කාන්තා පොලිස් කොස්තාපල්වරිය ගැන ඇතිවූ කිසියම් සැකයක් මත බුද්ධි අංශයේ කොස්තාපල්වරයා ඇයගේ හිසේ සිට පාදාන්තය දක්වා බලා ඇති බව කියති.


පාද දෙක පිරිමියෙකුගේ කකුල්වලට සමාන බවක් බුද්ධි අංශ නිලධාරියාට පෙනී ගිය නිසා ඔහු තුළ ඇතිවූ සැකය දෙගුණ තෙගුණවී ගොස් ඇත.


පොලිස් නිල ඇඳුමෙන් සැරසී පොලිස් කැප් එකක්ද පැලඳ සිටි කාන්තා කොස්තාපල්වරිය තමා මගහැර යාමට උත්සාහ කරන බවත් යම් තැතිගැන්මකට ලක්ව සිටින බවත් පළපුරුදු බුද්ධි අංශ නිලධාරියකු වූ ඔහුට තේරුම් ගැනීමට එතරම් වේලාවක් ගතවී නොමැත.


කොණ්ඩය බැඳ තිබුණේ කාන්තා පොලිස් නිලධාරිනියක් කොණ්ඩය බඳින ආකාරයට නොවීමද බුද්ධි අංශ නිලධාරියාගේ සැකය වැඩිවීමට තවත් එක් ප්‍රබල හේතුවක්වී තිබිණි.


“-ඔයා කොයි පොලිසියේ ද නංගි වැඩකරන්නේ?” යැයි කියා රාජ්‍ය බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල්වරයා තමාට මුහුණ නොදී මගහැර යාමට උත්සාහ කරන පොලිස් කොස්තාපල්වරියගෙන් විමසා සිටියේය.


“අයියේ මම වැඩකරන්නේ ඇල්ල පොලිසියේ. මම මේ වැඩට යන්න යන ගමන්.”


පොලිස් කොස්තාපල්වරිය පිළිතුරු දුන්නාය. 


ඒ පිළිතුරෙන් පමණක් සෑහීමකට පත් නොවූ කොස්තාපල්වරයා කවුද නංගි ඇල්ල පොලිසියේ ඉන්න ඕ.අයි.සී. මහත්තයා කියා විමසා ඇත.


ඇල්ල පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාගේ නම ඇය කියා ඇත.


ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී. කරුණාරත්න මහතාය.


එහෙත් පොලිස් කාන්තාව කිව්වෙ වෙනත් කෙනෙකුගේ නමකි.


රාජ්‍ය බුද්ධි අංශයේ කොස්තාපල්වරයාට ඇතිව තිබූ සැකය වඩාත් තහවුරුවී ඇත්තේ ඇයගේ මේ පිළිතුරත් සමගය.


ඇල්ල ඕ.අයි.සී. මහත්තයාගේ නම කියූ ඇය කොස්තාපල්වරයා මගහැර සෙනග අතරේ සැඟවී යද්දී බුද්ධි අංශ නිලධාරියාද ඒ මොහොතේම ඔහුගේ ජංගම දුරකථනයෙන් තම ඒකකයේ ප්‍රධානියාට කතා කර මේ සැකකටයුතු පොලිස් කාන්තාව ගැන පවසා ඇත.


 නුවරඑළිය මූලස්ථාන පොලිස් නිලධාරිනියන් ඇතුළු පොලිස් කණ්ඩායමක් සමග රාජ්‍ය බුද්ධි අංශයේ නුවරඑලිය ඒකකයේ ස්ථානාධිපතිවරයාද කඩිනමින් නගරයට ගියේ මේ සැකකටයුතු පොලිස් කත ගැන සොයා බැලීමටය.


ඒ වන විටත් ඇයට නොදැනෙනසේ රාජ්‍ය බුද්ධි අංශයේ කොස්තාපල්වරයා පසුපස යමින් සිටියේය.


සැකකටයුතු පොලිස් කාන්තාව අල්ලාගෙන නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ආවේ ඇයගේ අනන්‍යතාව හෙළිකර ගැනීමටය.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පරස්පර විරෝධී කතා කියන නිසා ඇය පරීක්ෂාකර බැලීමට පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට බාරදී ඇත.


පොලිස් නිලධාරිනියන් දෙදෙනා පොලිසියට අල්ලාගෙන ආ පොලිස් නිලධාරිනියව පරීක්ෂා කර බැලීමේදී ඔවුන්ගේ ඇස් උඩ ගොස් ඇතැයි කියන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවූ නිසාය.


-සර් මෙයා කාන්තාවක් නෙමේ. පිරිමි කෙනෙක්.” යැයි කියා පොලිස් නිලධාරිනියන් දෙදෙනා කියද්දී එහි සිටි පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන්ද අන්දමන්දවී ගොස් ඇති බව කියමින් ඔවුන්ටද මෙය අදහාගත නොහැකි වූ කතාවක් වූ නිසා යැයි දැනගැනීමට ඇත. 


කතාව සම්පූර්ණයෙන්ම ඇත්තය. පොලිස් නිල ඇඳුමින් සැරසී සිටියදී අල්ලාගෙන ආ කාන්තාව සැබැවින්ම පිරිමියෙකි.


පොලිසියට ඇතිවූ ඊළඟ ප්‍රශ්නයවී තිබුණේ පිරිමියෙක් මේ විදියට පොලිස් නිලධාරිනියකගේ නිල ඇඳුමින් සැරසී සිටියේ ඇයිද යන්න කියන එක ගැනය.
“මම චිත්‍රපටි හා ටෙලිනාට්‍යවල රඟපෑමට හරිම ආශාවකින් ඉන්න කෙනෙක්.” පොලිස් කාන්තා චරිතයක් රඟපාන්න තමා ලොකු ආශාවක් මට ඇතිවී තිබෙන්නේ. ඒ හින්දා මම කාන්තා පොලිස් චරිතයක් රඟපාන්න පුරුදු වෙන්නයි මේ විදියට පොලිස් නිලධාරිනියක් විදියට පෙනී සිටින්නේ. මම සෑහෙන කාලයක ඉඳලා මේ විදිහට පොලිස් කාන්තා නිල ඇඳුමකින් සැරසී රඟපෑමට පුහුණු වෙනවා. ඒත් මට තවම ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. අවස්ථාවක් ලැබෙනතෙක් මම පොලිස් කාන්තාවක් විදියට රඟපෑමට දිගටම පුහුණු වෙනවා.”


පොලිස් කාන්තාවක් ලෙස පෙනී සිටි පිරිමි පුද්ගලයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එසේ පවසා තිබෙන බව දැන ගැනීමට තිබේ.


සැකකාර පුද්ගලයා පොලිසියට කී කතාව පිළිගැනීමට අපහසු නිසා ඔහු ඇත්තෙන්ම පොලිස් කාන්තාවක් ලෙස වෙස්වළාගෙන සිටියේ කුමන හේතුවක් මතද යන්න ගැන තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.


අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබෙන බව කියන්නේ කාන්තා පොලිස් නිල ඇඳුම සහ පොලිස් තොප්පිය කොළඹ ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයක රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු තමාට ලබාදුන්නා යැයි කියාය.


මේ සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි දමිළ ජාතික අවිවාහක තරුණයෙකි.


සැකකරුගේ ඥාති කාන්තාවක් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය.


පොලිස් කණ්ඩායමක් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයට ගොස් සැකකරුගේ ඒ ඥාති කාන්තාවද හමුවී ප්‍රශ්න කර ඇත.


“පුතා සමහර දවසට පොලිස් ඇඳුමකින් සැරසිලා ගෙදරින් යනවා. තවත් සමහර දවස්වලට සාමාන්‍ය ඇඳුමකින් සැරසිලා යනවා.”


පොලිසිය ප්‍රශ්න කිරීමේදී සැකකාර තරුණයාගේ ඥාතිවරිය පොලිසියට පවසා තිබෙන බව පැවසේ.


නුවරඑළිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. විමලදාස මහතාගේ විශේෂ උපදෙස් මත නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

m



අදහස් (0)

නුවරඑළිය නගරයේදී ඇල්ලූ පොලිස් කත පොලිසියේදී පිරිමියෙක් වෙලා

ටෙෂාන් Wednesday, 23 November 2016 07:20 PM

අබුද්දස්ස කාලේ!

:       0       0

සොපි Friday, 18 November 2016 03:39 AM

මේ අපුරු "ඩබල් ඇක්ටින්" ගැන හොඳට හොයාබලන්න වෙයි (නි)

:       0       0

ධම්ම Sunday, 20 November 2016 10:26 AM

කාන්තාවන්ගේ කමිසයේ උඩ බොත්තම සහ පාද දෙස විමසිල්ලෙන් බැලීම බොහෝ පිරිමින් කරන දෙයකි. ඒකට බුද්ධි අංශයේ වැඩකරන්නම ඕන නැහැ. ඒවායේ වෙනස දැක්කට පස්සේ තමයි මේ මහතාගේ බුද්ධිඅංශය වැඩකරන්න අරන් තියෙන්නේ. (හේ)

:       0       0

බුද්ධික Friday, 18 November 2016 04:13 PM

මට හිතෙන විදියට රූපවතී බුද්ධි අංශ සේවයට හොඳ කෙනෙක් වගේ (නි)

:       0       0

රූපවතී Wednesday, 16 November 2016 11:35 AM

පොලිස් නිලධාරියාගේ ඒ බුද්ධිමත් දැක්ම නිසා ..මට පෙනෙන ආකාරයට ..මහා විනාශයක් වැළකුණා ..? කෙනෙකුගේ ජීවිතයක් හෝ ජීවිත ගණනාවක් බේරුනා වියහැකියි ..?..ඔත්තු බැලුවාද කෙනෙක් පසු පස හඹා ගියාද විය හැකියි ..? (බ)

:       0       0

රොෂේන් Sunday, 20 November 2016 01:06 PM

මාර කතාව.(හේ)

:       0       0

සෙනරත් Wednesday, 16 November 2016 03:32 AM

නියම කතාව (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site